Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තරගාවලි හතරක් සමඟින් කාර්යබහුල වූ ලෝක ක්‍රිකට් පිටිය

තරග 3කින් සමන්විත පාකිස්තාන – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය සහ තරග 3කින් සමන්විත  එංගලන්ත-කොදෙව් ටෙස්ට් තරගාවලිය මේ දිනවල ක්‍රියාත්මක යි. ඒ වාගේම දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ තරග 2ක් පසුගිය සතියේ දී නිමාවට පත්වුණා.  එම තරගාවලිවලට අමතර ව නවසීලන්තයේ දී පැවැත්වෙන කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පිළිබඳත් මේ දිනවල බොහෝ දෙනෙක් කතා බහ කරනවා. 

එම තරගවල වැඩිදුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු විශේෂ පුවත් පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.  

ටෙස්ට් ක්‍රිකට් පිටියේ උණුසුම 

2021-2023 ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් පසුගිය සතියේ දී නිමාව දුටුවා. ඒ අතුරින් කාගේත් අවධානය දිනා ගත්තේ ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර කරච්චි හි දී පැවති ටෙස්ට් තරගය යි. එම තරගයේ දී පන්දුවට මුලින් ම පහරදුන් ඕස්ට්‍රේලියාව පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 556ක් ලබා ගත්තා. එයට පිළිතුරු වශයෙන් පාකිස්තාන කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 148ක් පමණ යි. 

ඕස්ට්‍රේලියා පළමු ඉනිමේ දී ලකුණු 160ක් ලබාගත් උස්මන් කවාජා – gettyimages.com

 

සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියාව කඩුලු 2ක් දැවී ලකුණු 97ක් ලබා සිටිය දී ඉනිම අත්හිටුවා ලකුණු 506ක දැවැන්ත ඉලක්කයක්  පාකිස්තානයට ලබා දුන්නා. එම ඉලක්කය හඹා යාම සඳහා ඔවුන්ට පන්දුවාර 172ක් ලැබුණා. තණතීරුව පන්දු යවන්නන්ට වාසිදායක තත්ත්වයක ඒ වන විට පැවතුණු නිසා ඕස්ට්‍රේලියාවට පහසු ජයක් හිමිවනු ඇති බවට බොහෝ දෙනෙක් අනාවැකි පළ කළා.

එම අනාවැකි සියල්ල බොරු කළ බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන් ශතක ලබා ගනිමින් සිය කණ්ඩායම පරාජයෙන් බේරා ගත්තා. එහි දී පාකිස්තාන නායක බාබර් අසාම් ලකුණු 196ක් ලබා ගනිමින් ක්‍රීඩා කළ නායකත්වයේ ඉනිම කාගේත් කතාබහට ලක් වුණා. පහතින් දක්වා තිබෙන්නේ තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

ලකුණු 196ක් ලබා ගත් බාබර් අසාම් – gettyimages.com

 

කෙටි ලකුණු පුවරුව 

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම- 556/9, (කවාජා- 160, කේරි- 93, ස්මිත්- 72, ලයන්- 38, අෂ්‍රෆ්- 55/2)

පාකිස්තාන පළමු ඉනිම- 148/10, (අසාම්- 36, ස්ටාක්- 29/3, ස්වෙප්සන්- 32/2, ලයන්- 13/1)

ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම- 97/2, (කවාජා- 44*, ලබුෂේන්- 44, අෆ්රීඩි- 21/1, හසන්- 23/1)

පාකිස්තාන දෙවන ඉනිම- 443/7, (අසාම්- 196, රිස්වාන්- 104*, ෂෆීක්- 96, ලයන්- 112/4)

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුණා 

තරගයේ වීරයා- බාබර් අසාම් 

තරගය අවසන් වීමෙන් පසුව – gettyimages.com

 

එංගලන්ත-බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය බ්‍රිජ්ටවුන් හි දී පසුගිය ඉරිදා නිමාව දුටුවා. කණ්ඩායම් දෙකේ ම පිතිකරුවන්ගේ දස්කම් ඉස්මතු වුණු එම තරගය අවසන් වුණේ ජය පරාජයෙන් තොරව යි.

එහි දී ජෝ රූට්, ක්‍රේග් බ්‍රැත්වේට්, බෙන් ස්ටෝක්ස් සහ ජර්මේන් බ්ලැක්වුඩ් යන පිතිකරුවන් ශතක ලබා කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණා. පහත දක්වා තිබෙන්නේ තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

4) එංගලන්තය වෙනුවෙන් ලකුණු 153ක් ලබාගත් නායක ජෝ රූට් (gettyimages.com) 

 

කෙටි ලකුණු පුවරුව 

එංගලන්ත පළමු ඉනිම- 507/9, (රූට්- 153, ස්ටෝක්ස්- 120, ලෝරන්ස්- 91, පර්මෝල්- 126/3)

කොදෙව් පළමු ඉනිම- 411/10, (බ්‍රැත්වේට්- 160, බ්ලැක්වුඩ්- 102, ලීච්- 118/3, මහමුඩ්- 58/2)

එංගලන්ත දෙවන ඉනිම- 185/6, (ලෝරන්ස්- 41, ක්‍රෝලි- 40, පර්මෝල්- 29/2, සීල්ස්- 34/2)

කොදෙව් දෙවන ඉනිම- 135/5, (බ්‍රැත්වේට්- 56*, ජෝෂුවා- 30*, ලීච්- 36/3, මහමුඩ්- 21/2)

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුණා 

තරගයේ වීරයා- ක්‍රේග් බ්‍රැත්වේට් 

බ්‍රැත්වේට් සිය ශතකය සම්පූර්ණ කළ අවස්ථාව – gettyimages.com

 

බංග්ලාදේශයට ඓතිහාසික එක්දින තරග ජයග්‍රහණයක් 

තරග 3කින් සමන්විත බංග්ලාදේශ-දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය සෙන්චූරියන් හි දී පසුගිය සිකුරාදා ආරම්භ වුණා. තරගාවලියේ පළමු තරග දෙක නිමාවට පත්වන විට කණ්ඩායම් දෙක ම ජයග්‍රහණ 1 බැගින් ලබා ගෙන තිබුණා.

එහි දී පළමු එක්දින තරගය ලකුණු 38 කින් ජයග්‍රහණය කළ බංග්ලාදේශය දකුණු අප්‍රිකානු බිමේ දී මුල් ම වරට එක්දින තරග ජයග්‍රහණයක් ලබා ගැනීම අමතක නොවන සිදුවීමක් වුණා. එම තරගවල කෙටි ලකුණු පුවරුව පහතින් දක්වා තිබෙනවා.

පළමු එක්දින තරගයේ දී අගනා ලකුණු 77ක් ලබාගත් ශකීබ් – gettyimages.com

 

පළමු එක්දින තරගය- බංග්ලාදේශයට ලකුණු 38ක ජයක් 

බංග්ලාදේශය- 314/7 (50), (ශකීබ්- 77, යසීර්- 50, ලිටන්- 50, මහරාජ්- 56/2, යැන්සන්- 57/2)

දකුණු අප්‍රිකාව- 276/10, (48.5), (ඩූසන්- 86, මිලර්- 79, මිරාස්- 61/4, ටස්කින්- 36/3, ෂොරිෆුල්- 47/2)

තරගයේ වීරයා- ශකීබ් අල් හසන් 

පන්දුවෙන් දස්කම් දැක්වූ මෙහෙදි හසන් මිරාස් (gettyimages.com) 

 

දෙවන එක්දින තරගය- දකුණු අප්‍රිකාවට කඩුලු 7ක ජයක් 

බංග්ලාදේශය- 194/9 (50), (අෆීෆ්- 72, මිරාස්- 38, රබාඩා- 39/5, ඩූසන්- 3/1, පානෙල්- 6/1)

දකුණු අප්‍රිකාව- 193/3, (37.2), (කොක්- 62,  වෙරෙයින්- 58*, බවුමා- 37,  අෆීෆ්- 15/1)

තරගයේ වීරයා- කගීසෝ රබාඩා 

දක්ෂ පන්දු යැවීමක නිරත වුණු කගිසෝ රබාඩා – gettyimages.com

 

කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි අපරාජිතයෝ

2022 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නවසීලන්තයේ දී පසුගිය මාර්තු 4 වැනි දින ආරම්භ වුණා.  එම තරගාවලියේ තරග 8ක් පසුගිය සතියේ දී නිමාවට පත්වුණා. එහි දී ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණ 2ක් ලබා ගනිමින් සිය අපරාජිත බව තවදුරටත් රැකගැනීමට  සමත් වුණා. ඕස්ට්‍රේලියාව සහභාගි වුණු තරග 5 ම ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව සිටිනවා.

දකුණු අප්‍රිකාව ඔවුන් ක්‍රීඩා කළ තරග 4 ම ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවෙනවා. පහතින් දක්වා තිබෙන්නේ ගෙවුණු සතියේ  පැවති කාන්තා එක්දින ලෝක කුසලාන තරගවල ප්‍රතිඵල යි. 

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවති තරගයේ අවස්ථාවක් – gettyimages.com

 

1) 12 වන තරගය- බංග්ලාදේශය සහ පාකිස්තානය- බංග්ලාදේශයට ලකුණු 9ක ජයක් 

බංග්ලාදේශය- 234/7 (50)

පාකිස්තානය- 225/9 (50)

තරගයේ වීරයා- ෆාහිමා කටූන්- බංග්ලාදේශය (ලකුණු 38, කඩුලු- 3)

2) 13 වන තරගය- එංගලන්තය සහ දකුණු අප්‍රිකාව- දකුණු අප්‍රිකාවට කඩුලු 3ක ජයක් 

එංගලන්තය- 235/9 (50)

දකුණු අප්‍රිකාව- 236/7 (49.2)

තරගයේ වීරයා- මැරිසේන් කැප්- දකුණු අප්‍රිකාව (ලකුණු-32, පන්දු- 42 සහ ලකුණු- 45, කඩුලු-5)

තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ මැරිසේන් කැප් (gettyimages.com) 

 

3) 14 වන තරගය- ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව්- ඕස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක් 

කොදෙව්- 131/10 (45.5)

ඕස්ට්‍රේලියාව- 132/3 (30.2)

තරගයේ වීරයා- එලිස් පෙරී- ඕස්ට්‍රේලියාව (ලකුණු 22, කඩුලු- 3)

4) 15 වන තරගය- ඉන්දියාව සහ එංගලන්තය- එංගලන්තයට කඩුලු 4ක ජයක් 

ඉන්දියාව- 134/10 (36.2)

එංගලන්තය- 136/6 (31.2)

තරගයේ වීරයා- චාලි ඩීන්- එංගලන්තය (ලකුණු-23, කඩුලු- 4)

දක්ෂ පන්දු යැවීමක නිරත වුණු චාලි ඩීන් (gettyimages.com) 

 

5) 16 වන තරගය- නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව- දකුණු අප්‍රිකාවට කඩුලු 2ක ජයක් 

නවසීලන්තය- 228/10 (47.5) 

දකුණු අප්‍රිකාව- 229/8 (49.3)

තරගයේ වීරයා- මැරිසේන් කැප්- දකුණු අප්‍රිකාව (ලකුණු-34*, පන්දු- 35 සහ ලකුණු- 44, කඩුලු-2)

6) 17 වන තරගය- බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව්- කොදෙව්වන්ට ලකුණු 4ක ජයක් 

කොදෙව්- 140/9 (50)

බංග්ලාදේශය- 136/10 (49.3)

තරගයේ වීරයා- හේලි මැතිව්ස්- බටහිර ඉන්දීය කොදෙව් (ලකුණු-15, කඩුලු- 4)

හේලි මැතිව්ස් – gettyimages.com

 

7) 18 වන තරගය- ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව- ඕස්ට්‍රේලියාවට කඩුලු 6ක ජයක් 

ඉන්දියාව- 277/7 (50)

ඕස්ට්‍රේලියාව- 280/4 (49.3)

තරගයේ වීරයා- මෙග් ලැනින්ග්- ඕස්ට්‍රේලියාව (ලකුණු- 97, පන්දු- 107)

8) 19 වන තරගය- එංගලන්තය සහ නවසීලන්තය- එංගලන්තයට කඩුලු 1ක ජයක් 

නවසීලන්තය- 203/10 (48.5)

එංගලන්තය- 204/9 (47.2)

තරගයේ වීරයා- නැතලි සීවර්- එංගලන්තය (ලකුණු- 61, පන්දු- 107)

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ නැතලි සීවර් – gettyimages.com

 

ශ්‍රී ලංකාවේ ආසියානු කුසලාන හොකී සිහිනය බොඳ වෙයි 

2022 ආසියානු කුසලාන පිරිමි හොකී තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය  ඉන්දුනිසියාවේ ජකාර්තා නුවර දී පසුගිය ඉරිදා නිමාවට පත්වුණා. එම තරගාවලියට ශ්‍රී ලංකාව, ඕමානය, බංග්ලාදේශය, කසකස්තානය, උස්බෙකිස්තානය, තායිලන්තය, ඉන්දුනීසියාව, ඉරානය, සිංගප්පූරුව යන රටවල් සහභාගි වුණා.

එම තරගාවලියේ පළමු වටයේ තරගවල දී A කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම උස්බෙකිස්තානය හමුවේ ගෝල 5-0ක්, තායිලන්තය හමුවේ ගෝල 6-2ක්, කසකස්තානය හමුවේ ගෝල 4-0ක් ලෙසින් ජයග්‍රහණ ලබාගෙන සිය කාණ්ඩයේ පෙරමුණ ගත්තා.

ශ්‍රී ලංකා පිරිමි හොකී කණ්ඩායම (thesundayreader.lk)

පසුව පැවති අවසන් පූර්ව වටයේ දී ශ්‍රී ලංකාව සහ ඕමානය තරග වැදුණා. එම තරගයෙන් ශ්‍රී ලංකාවට ගෝල 2-1 පරාජයක් උරුම වුණා. ඒ අයුරින් ලබා ගත් පරාජයත් සමඟින් ශ්‍රී ලංකාවට 2022 ආසියානු පිරිමි හොකී තරගාවලියට පිවිසීමේ වරම අහිමි වුණා. එම තරගයෙන් අනතුරුව කසකස්තානය සමඟ තෙවන ස්ථානය සඳහා පැවති තරගය ගෝල 4-3ක් ලෙසින් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගත්තා.

සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ දී පිළිවෙළින් ශූරතාව සහ අනුශූරතාව දිනා ගත් බංග්ලාදේශය සහ ඕමානය එළඹෙන මැයි මාසයේ දී ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන පිරිමි හොකී තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත්තා. 

ජයග්‍රාහී බංග්ලාදේශ හොකී කණ්ඩායම – daily-sun.com

 

කවරයේ ඡායාරූපය- එංගලන්ත-කොදෙව් දෙවන ටෙස්ට් තරගයේ අවස්ථාවක් - gettyimages.com 

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

asianhockey.org

Related Articles