Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේ දී හමුවන පිරිමි ළමුන් වර්ග 10ක්

පිරිමි ළමුන් යනු අමුතු ජාතියකි – තමන් ‘වැඩුණු මිනිසුන්’ ලෙස හඳුන්වා ගැනීමට ඔවුන්ගෙන් බොහොමයක් කැමති නමුත් සත්‍ය වශයෙන්ම හදවතින් ඔවුන් සියල්ලම තවමත් ළමුන් ය, එය එතරම් හොඳ දෙයක් යැයි කිව නොහැක .

සැ.යු. – මෙතැන ගැහැණු පිරිමි යුද්ධයක් ඇති කිරීම අපගේ අරමුණ නොවේ. මෙම ව්‍යායාමය හුදෙක් ශාස්ත්‍රීය පරමාර්ථයකින් යුතුව කෙරෙන්නක් බවත් මුලු මහත් පිරමි සංහතියට කරන අපහාසයක් නොවන ලෙසත් කරුණාවෙන් සළකන ලෙස අපි ඔබෙන් යටහත් පහත්ව ඉල්ලා සිටිමු. නිකං ජොලියට වගේ පිරිමි ළමුන් වර්ග කීයක් අපට නම් කළ හැකි දැයි කියල බලන්න කරපු සොයා බැලීමක් සහ ඒ ආශ්‍රිතව අපි හදපු ලිස්ට් එකක්  පමණි.

සහතික වශයෙන්ම මෙහි අඩු ලුහුඩුකම් තියෙනවා, ශ්‍රී ලාංකීය පිරිමි පාර්ශවය මෙම වර්ග වලින් ‘එකකට’ පමණක් අයත් වේ යැයි කීමට අපට කිසිදු  අයිතියක් නැත. එසේම, මේ චර්යා රටා ශ්‍රී ලාංකීය පුරුෂයාට පමණක්ම සුවිශේෂී වන බවක් ද අපිට පැවසිය නොහැක. අපේ අදහස පරිදි සියුම් සංස්කෘතික වෙනස් කම් හේතුවෙන් මේ පුරුෂයා ඔවුන් අයත් වර්ගයේ අනෙක් අය අතර අනන්‍ය වී අැති බවයි.

සැබැවින්ම  අවධානය යොමු කළ යුතු පිරිමින් වර්ග කිහිපයක් අපි මෙහි දක්වා ඇත්තෙමු. සරල ලෙස පෙනුණ ද මෙහි නොසලකා හැරිය නොහැකි යථාර්ථයන් කිහිපයක් අඩංගු වන බව කිව යුතුය.

‘රත්තරන්’ පුතා

සියළු මවු වරුන්ගේ සිහින පුත්‍රයා!

සියළු මවු වරුන්ගේ සිහින පුත්‍රයා!

කොණ්ඩය මැදින් පීරා ඇති මොහු මුහුණට වඩා විශාල උපැස් යුවලක් පැළඳ සිටින අතර ගෙල වැසෙන සේ බොත්තම් දැමූ කමිස පමණක් අඳියි. මේ වර්ගයට අයත් වන්නේ සියලුම ආකාරයේ අධ්‍යාපනික ජයග්‍රහණ තිළිණ සහ සම්මාන නිවසට රැගෙන එන  තම මවුවරුන්ගේ “රත්තරන් පුතාලා”යි. සමාජයීය වශයෙන් මොවුන් බොහෝවිට ලැජ්ජාශීලි පුද්ගලයන් වන අතර කාන්තා පාර්ශවය  වෙතට එතරම් නිරාවරණය වී නැත.

අපි කියන්නෑ මේවා වැරදියි කියල. අැත්තටම අපි ඊ ළඟට කතා කරන පිරමි වර්ග දිහා බලන කොට මේ අය දාහකින් හොයා ගන්න බැරි සම්පතක්. හැබැයි ඉත්න් පොඩ්ඩක් පොලිෂ් වෙලා අාව නම් තමයි වඩාත් හොඳ.

ආ නංගි වර්ගය

මේ ජාතිය නං අපේ රට් වැහි වැහැලා. බස් නැවතුමේ, සාප්පු වල, මුහුදු වෙරළේ, උත්සව සාද වල පමණක් නොව පාර දිගට ද දැක ගත හැකියි. පෑඩ් දැමූ බ්‍රා එකක් හරහා වුවද

විනිවිද යා හැකි එක්ස් කිරණ වන් බැල්මක් ඇති බවක් පෙනෙන අතර මුහුණේ කාමුක හෝ අමන බවක් ඇත. මේ වර්ගය, කරදරකාර මදුරුවන් වැනිය, වද දෙන්නේ රැකගෙන සිටය. හන්දියේ කඩයට යන අතරතුර දී පවා මෙවැන්නෙකු ගෙන් ‘ආ නංගි..’ කියා හෝ යම් අපහාසාත්මක මත පල කිරීමකට භාජනය වන තුරු ද ඔබවත් නොදනී. බොරු චණ්ඩි කම්. කාමුකත්වය සහ සෑහෙන තරම් ලිංගික අසහනයෙන් පිරි මොවුන්ව ගණන් නොගෙන සිටීමට පුළුවනි. මදුරුවෙක් තළා දැමනවා මෙන් සැරෙන් යමක් පවසා භය කර එළවා දැමීමට හැකියාව තිබේ. මොවුන්ගේ චණ්ඩි කම ‘ඔයා මාර ලස්සනයිනේ’ හෝ ‘මාත් එක්ක යාලු වෙනවා ද’ යැයි ඇසීමකට වඩා එහා නොයන අතර බොහෝ විට මොවුහු, තමන්ගේ විකෘති කාමාශාවන්ට භාජනය වූ  වස්තුව අනෙක් පැත්තට එකට එක කිව හැකි ලෙයින් මසින් තැනුණු මනුස්සයෙකු බව දුටු විටම දුර්මුඛ වෙති. කෙසේ වුවද, ඔබේ අවාසනාවට ‘ආ නංගි’ කියන පුද්ගලයා සැබවින්ම හුදෙක් ‘ආ නංගි’ වර්ගයේ නොවීමට ද ඉඩ ඇත.

සයිකෝ ඩයල් එක

‘ආ නංගි’ වර්ගය මේ ජාතියට සාපේක්ෂව අති සෞම්‍ය ය. අප අනුමාන කරන පරිදි, පුරුෂ මදයෙන් සහ අයහපත් හැදියාවකින් පිරුණු මොවුහු ඔබේ ගෙදර දොරකඩ දක්වාම ඔබ පසුපස ඒමට කිසිදු පැකිලීමක් නොදක්වති. පයින් බැරි නම් නා නා වර්ගයේ රථ වාහන, එනම් පාපැදි, යතුරුපැදි, BMW වලින් පවා මේ ආකාරයේ අය පැමිණීමට ඉඩ ඇත- ඔවුන්ගේ මානසික තත්වය මාක්ස්වාදී රෝග ලක්ෂණ පෙන්වයි. මේ පුද්ගලයන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ක්ලාස් එකක් නැති පිරිසකි. මොවුන්  ස්ත්‍රී පක්ෂයට බඩ දැඟලීම් ඇති කරවන අතර, කුඩයක්, ඩියෝඩ්රන්ට් හෝ පේපර් ස්ප්‍රේ එකක් වැනි ආයුධයක් ලෙස භාවිතා කළ හැකි කුමක් හෝ දෙයක් ළඟ තබාගැනීමට හේතු සපයා දෙයි. කිසිම ආකාරයේ සීමාවක් නොමැති මොවුන් අපගේ අවංක අදහස අනුව අනාගත මානසික රෝගීන් ය.

කොල්ලන් ගේ කොල්ලා

කොල්ලන් රැල නොමැතිව ඔහු දැක ගත නොහැක

කොල්ලන් රැල නොමැතිව ඔහු දැක ගත නොහැක.

මේ කොල්ලා ඇත්තටම ස්වීට් අයෙකි, එහෙත් එලිපහලියට ගෙන ඒමට පොඩ්ඩක් අසීරුය. තනිවම සිටියි. මොහු නිරතුරුවම තම හැඩිදැඩි මිතුරන්ගෙන් (ඔවුන් ද බොහෝවිට කෙට්ටු කොල්ලන් රැලකි) වැසී යන අතර දක්නට ලැබෙන්නේ ඔවුන්ගේ සමාගමයෙහි ම පමණි. කොල්ල රැල නොමැතිව ඔහු දැක ගත නොහැක – මොහු සමඟ තනි වීමට වෙලාවක් වෙන් කර ගැනීමට ගිය ද මුළු මිතුරුකැළ ම මොහු පසුපස එනු ඇත. තම මචන් ලා ගැන සෑහෙන හැඟීමකින් පසුවන ඔහු පුරුද්දට ඔබට ද මචන් කියා ඇමතීමට ඉඩ තිබේ. මේ වර්ගයේ එතරම් ලොකු අවුලක් නැත, කෙසේ වුවත් තම මචන්ලාගේ කවයට පරිබාහිරව රැකී සිටීමට ඔහුට නොහැකි වීම නම් ගැටලුකාරී විය හැකියි…

‘මචං මම සෑ…හෙන්න බොනවා’ වර්ගය

නෑ නෑ මට වෙරි නෑ..රෑතිස්සේ නැගිටගෙන ඉඳල බීලම පොඩ්ඩක් මහන්සියි.

නෑ නෑ මට වෙරි නෑ..රෑතිස්සේ නැගිටගෙන ඉඳල බීලම පොඩ්ඩක් මහන්සියි.

මේ වර්ගය විශ්වාස කරන පරිදි තමන් පිරිමියෙකු බව පෙන්වීමට ඇති හොඳම ක්‍රමය තමන් විවිධ දින වල විවිධ අයුරින් මත්පැන් පානය කළ අයුරු උස හඬින් පම්පෝරි ගැසීමයි. මේ වර්ගයේ අය සමඟ ඇතිවන සංවාදයක බොහෝ විට එක රැයක් ඇතුලත කබරයා දැමූ වාර ගණන පිළිබඳ පිළිකුල් සහගත විස්තර අඩංගු වේ. තම ප්‍රකාශ සනාථ කරන ආකාරයේ තඩි බඩ ගෙඩියක්ද මොහු සතුයි. ඔවුන්ගේ ජිවන අරමුණු වන්නේ අක්මාව දිය කර ගැනීමත් ඉක්මනින් පරලොව යාමත් අයහපත් සෞඛ්‍ය තත්වයක් ඇති කර ගැනීමත් ය. ඔවුන්ගේ ජිවිත වල රිද්මය බයිලා වන අතර කෙතරම් බීගෙන සිටියත් ඔවුන්ගේ සිරුරු සෑම විටම නටා ගත් ගමන් ය. මුලින් මුලින් මොවුන් අතොරක් නැති පුරසාරම් සහ වමනය දැමීම් කතා සමඟ වුවත් සමාජයීය (නමුත් මත්පැන් පානය ගැන සඳහන් නොකරයි), මුඛරී, සහ විනෝද කාමී පුද්ගලයන් බවක් පෙනෙයි. කෙසේ නමුත් ඔවුන් සමග සුරා වීදුරුවක් ලඟට කිට්ටු වූ විට උත්සව සහ මත්පැන් යන මාතෘකාවට ප්‍රවේශ වුව ද වහාම ප්‍රදේශයෙන් ඉවත් වී යාම නුවණට හුරු වේ.

ඉස්කෝලේ යාමට ඕනෑකමක් නැති වර්ගය

මේ වර්ගය කරන වැඩ තොගය සහ සම්බන්ධ වී සිටින ප්‍රොජෙක්ට් ප්‍රමාණය සැලකූ විට Flash පවා ඉතා හෙමින් වැඩ කරන බව අපට සිතෙයි. ජනහිතකාමී ව්‍යාපාර වල සිට ජාතික උරුමයන් රැක ගැනීමේ වැඩසටහන් දක්වා මොහු කරන වැඩ නිසා මොවුන් ගිය ආත්මයේ පත්තෑයන් විය යුතුය, එක කකුලකින් එක බැගින් වැඩ සියයක් කවර් කර ගන්නේ එලෙස විය යුතුයි. ඔබ වාසානාවන්ත නම් ඔබට ඔවුන්ගේ ප්‍රමුඛ තැනක් හිමි වන්නේ නම්, ඔබව ද ඔවුන්ගේ ඒ ඉමහත් ආශ්චර්යමත් ජනක ජිවිතයට ඈදා ගනු ඇත. ඔවුන් කරන දහසකුත් එකක් දේ මතකයේ තබා ගැනීමට ලේකම් කෙනෙකු ගැනීමටත් අමතක කරන්නට එපා. මෙවැන්නෙක් සමඟ සංවාදයක් සාමාන්‍යයෙන් මේ වාගේ ය.

ඔහු: දන්නව ද, අර මම කියපු ප්‍රොජෙක්ට් එක…

ඔබ: *ඔහුගේ ‘ප්‍රොජෙක්ට්ස්’ සියල්ලේ වගතුග ලියූ සටහන් පොත සැණෙකින් පරික්ෂා කර බලමින්*: ආ.. මේ මේ, අර දාගැබ් රැක ගමු ප්‍රොජෙක්ට් එක නේද ඔයා කියන්නේ?

ඔහු: නෑ නෑ එක නෙමෙයි. මම කියන්නේ අරක..

ඔබ: *තවමත් බලමින්*:  ‘දුෂණ පිටුදකිමු’ කියන එකද?

ඔහු: නෑ අනේ. එකත් නෙමෙයි.. අර අනිත් එක….

කෙළවරක් නැත. මොළය පිස්සු වැටී යනු ඇත.

බෑ කියලා බෑ බෑ බෑ

මොවුන් මහත් ඇට්ටරය, සුව කළ නොහැකි රෝගයකින් පෙලෙයි. ඔහුට අනුව පළාතටම සිටින කඩවසම් ම සහ සිත් වසඟ කරවන සුළුම පුද්ගලයා ඔහු ය. මේ වගේ කෙනෙක්ට බෑ කියන්නේ කවුද?  සමහර විට ඇය විහිළු කරනවා විය හැකියි. කොහොමද ඇය අකමැති වෙන්නේ! තම ජිවිතයටම එක වරක් ඇය දැක තිබුණද ඇය ඔහු වන් අයෙකු සිටින බව වත්, අවසාන මොහොත තෙක්, නොදන්නවා වුවද, ඔහු විශ්වාස කරන පරිදි ඔහු ඇයට ආදරය කරන අතර ඇයද පෙරළා ඔහුට ආදරය කරයි. ඉන්පසු එම ගැහැණු දරුවාට ඔහුව අප්‍රිය වන තෙක්ම ඔහු ඇයට කරදර හිරිහැර කිරීමට පටන් ගනී. සමහර විට ඈ විසින් ඔහු හට අවස්ථාවක් ලබා දීමට ඉඩක් තිබූවද පමණට වඩා උද්යෝගිමත් වී ඔහු ම එය කා ගනියි.

කූල් කොල්ලා

කොහොමද නිකං කූල් එක?

කොහොමද නිකං කූල් එක?

පෙනෙන අයුරින් මෙවැනි කට්ටියක් ද සිටිති. හොඳින් පොත පත කියවා රට තොට ගැන අවධානයෙන් සිටින නමුත් මොවුන්ගේ ආශ්‍රය එතරම් කම්මැලිද නැත. හොඳ හොඳ තොරතුරු, දේශපාලනික විහිළු කතා කීමේ සමත් මොවුන් නිර්මාණශීලි ය, ඔහු එක්කෝ වැඩකට නැති ඉවත දමන දෙයක් භාවිතා කර ඔබට රෝස මලක් තනා දෙනු ඇත, නැත්නම් මහාචාර්ය නමක් හෝ පී එච් ඩී තීසිස් එකකින් ලෝකය බේරා ගැනීමට උත්සාහ කරනු ඇත. මේ වර්ගයේ තිබෙන එකම ගැටලුව මොවුන් අතිශය දුර්ලභ වීම හෝ දැනටමත් කාට හරි අයත් ව තිබීම හෝ සමලිංගික හෝ මනංකල්පිත වීමත් ය.

ස්ත්‍රී විරෝධියා

අවාසනාවකට මෙන්, මේ වර්ගය ට හඬක් නැගීමට සමාජ මාධ්‍ය ඉඩකඩ සපයා දෙයි. මේ වර්ගයේ අය තමන් ස්ත්‍රී වර්ගයාට වඩා අති ශ්‍රේෂ්ඨ බව ද, ගැහැණු කෙනෙක් පවසන හෝ කරන ඕනෑම දෙයක්, විශේෂයෙන්ම ඇය ඔහුට එරෙහි වී යන්නේ නම්, සාමාන්‍යයෙන් වැරදි බවද විශ්වාස කරයි. ඔවුන්ගේ කාන්තාවන්ට ඇති අකමැත්ත සහ කාන්තාවකගේ අවශ්‍යතාවය පරස්පර විරෝධී බැවින් නිතර අප්‍රසන්න ප්‍රතිපල ගෙන එයි, විශේෂයෙන්ම මෙය සිදුවන්නේ කාන්තාවක් කෙසේ විය යුතු ද යන්න පිළිබද ඔහුගේ විකෘති සංකල්පයට එකඟ නොවී කාන්තාව ද හඬක් නගන විටය. වාරියපොළ සිදුවීම සහ ඇති වූ අප්‍රසන්න සිදුවීම් දාමය මීට කදිම නිදසුනකි. මේ වර්ගයේ විවිධ විවිධ අනුකොටස් තිබේ. ඔබට හොඳක් වනවාට කැමති අවිඥානික ස්ත්‍රී විරෝධීන් ද සිටියි,ඔවුන් ද මෙවන් නීරස, එනමුත් සිත් තැවුලට තුඩු දෙන, අදහස් පළකරනු ඇත. එසේම විහිලුවට ද ඇත්තට ද යන්න හරියට කිව නොහැකි කතා පවන ‘මම නිකම් විහිලුවට කිව්වේ’වර්ගයේ අයද, වළලු කර ලඟට අඳින සායවල් ‘කොට’ වැඩි බව සිතන ‘පටු විදියට නොසිතන’ වර්ගයේ අයද සිටිති. ඔව්, මෙවැනි පුද්ගලයන් ඇත්තටම සිටිති.

කවුද බොලේ මෙයා

ඇත්තටම, මොකාද මේ? මොහු කොහෙන් පැමිණියේද කුමක් කරන්නේ ද යන්න කිසිවෙක් නොදනිති. ඔහු කොයි වේලේත් දර්ශන පථයේ සිටින අතර,  නිශ්ශබ්දව, පැත්තකට වී සිටිමින් ඩියුලක්ස් වල වෙළඳ නියෝජිතයෙකු වීමට තරම් සුදුසු පරිදි පසුබිමට මිශ්‍ර වී නොපෙනී සිටිමට සමත් ඔබේ අවධානයට වැඩිය යොමු නොවන අයෙකි. ඔහු ඕනෑම අයෙකු, එනම් ඔබට හමු වී ඇති හොඳම පුද්ගලයා හෝ අසහනකාරිම පුද්ගලයා, විය හැකියි. සෑම උත්සව ප්‍රිය සම්භාෂණයක දීම ඔබට මොහු මුණ ගැසුනද ‘කවුද බොලේ මෙයා’ වර්ගයේ කෙනෙක් ගැන දැන හඳුනා ගැනීමට විද්‍යාත්මක ක්‍රමයක් නොමැත. ඔබ ඔහුගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක 253 වතාවක් හොරෙන් පිරික්සා බැලුව ද ඔහු ගුප්ත තේරුම් ගැනීමට අපහසු අයෙක් බව හැඟෙනු ඇත. ඔබට මූලික තොරතුරු කිහිපයක් නම් දැනගත හැකියි, එනම් ඔහු කියවන පොත් ගැන (Foucault ගේ Madness and Civilization), ඔහු සවන් දෙන සංගීතඥයන් (Philip Glass) සහ ඔහු උපුටා දක්වන පුද්ගලයන් (Slavoy Zizek) ඔබට දැනගත හැක. කෙසේ වුවද එවන් හරයක් නොමැති තොරතුරු රැසක් අතර ඔහුගේ ප්‍රියතම ළමා ලේඛකයා, ඔහුගේ මුල් ආදරය, පාසලේ ප්‍රථම දිනය කෙසේ ගත වුවාද යන්න වැනි දේ ඔබ කිසි දා දැන නොගනු ඇත. බොහෝ විට ඔහු ශ්‍රී ලාංකික ස්ත්‍රී වර්ගයාගේ අවධානය වෙනතකට යැවීමේ පරමාර්ථයෙන් GoSL විසින් නිර්මාණය කරන ලද සයිබෝර්ග් කෙනෙක් විය හැක. ඔවුන්ගේ මේ පැවැත්ම අන් අයුරකින් පැහැදිලි කල නොහැක.

ඔවුන්ට අපි ආදරය කළ ද වෛර කළද කිසි දා ඔවුන්ගෙන් අපට ගැළවීමක් නම් නොමැති බව කිව යුතුය. අපිට දිනපතාම මින් වර්ග කිහිපයක් හෝ හමු වෙයි. සමහරක් අපගේ ඇඟ හිරිවට්ටා දමන අතර සමහරුන් ඉහත සඳහන් කර ඇති වර්ග දෙක තුනක අච්චාරුවකි, සැමවිටම ප්‍රතිපලයද නරක නැත. මේ සියල්ලන්ටම විකාර ගති සහ අමුතු අමුතු ගති පැවතුම් තිබුණද පුරුෂ වර්ගයා කෙරෙහි විශ්වාසය වඩවන ආකාරයේ හොඳ කොල්ලන් ලංකාවේ සිටිනවානේ? නේද?

Related Articles