Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අල වගේද මඤ්ඤොක්කා

ඒ කාලේ අපේ මුතුන් මිත්තෝ හේනේ, කුඹුරේ වැඩ කරලා ඒ වෙලාවෙම උගුල්ලපු මයියොයොක්කා අලයක් තම්බලා, කොච්චි සම්බෝලයක් කාලා එහෙම තමයි බඩ කට පුරවගත්තේ. තුන්වෙනි ලෝකයේ මඤ්ඤොක්කා අලේට විශාල වැදගත්කමක් හිමිවෙනවා. නිසරු පසේ සරුවට වැඩෙන මයියොක්කා , නියඟයට පවා ඔරොත්තු දෙන ශාකයක්. ලෝකයේ මිලියන 500කට අධික ජන සංඛ්‍යාවක් ඒගොල්ලන්ගේ දෛනික කාබෝහයිඩ්‍රේට් අවශ්‍යතා සපුරා ගන්නේ මයියොක්කා කාලා. බොහෝ අප්‍රිකානු රටවල් වල මයියොක්කා සැලකෙන්නේ සාගත කාලයේ භාවිතා කල හැකි ආහාර සංචිතයක් ලෙසයි.

බිල් ගේට්ස් ගේ බ්ලොග් අඩවියේ 2014 ඔක්තෝම්බර් 22 ලියන ලද ලිපියක ඔහු ලෝකයේ වඩාත්ම ප්‍රයෝජනවත් ශාකය ලෙස කසාවා හෙවත් මඤ්ඤොක්කා හඳුන්වා තිබෙනවා. ලෝක දරිද්‍රතාවයට විසඳුමක් ලෙස මඤ්ඤොක්කා වල ඇති වටිනාකම ඔහු තව දුරටත් සඳහන් කර තිබෙනවා.

වෙළඳ පොලේ “කසාවා චිප්ස්” ලෙස බැදපු මඤ්ඤොක්කා පෙති ඇසුරුම් කර තිබෙනවා ඔබ දැක ඇති. කසාවා, මැනියොක් හා ටැපියෝකා ලෙස විවිධ රටවල හඳුන්වන මඤ්ඤොක්කා දකුණු අමෙරිකාවේ බ්‍රසීලයේ උපත ලැබූ ශාඛයක් වන්නට ඇතැයි අනුමාන කෙරෙනවා. සමහර විට ලංකාවට මඤ්ඤොක්කා හඳුන්වා දෙන්නට ඇත්තේ පෘතුගීසි වෙළෙඳන් විසින්. අද දේශීය ආහාර වේලේ ප්‍රධාන ස්ථානයක් උසුලන මඤ්ඤොක්කා නානා ප්‍රකාර අයුරින් ආහාරයට ගැනෙනවා. සාමාන්‍යයෙන් ගෘහණියන් ඔවුන්ගේ රිසිය පරිදි විවිධ වට්ටෝරුවලට මඤ්ඤොක්කා පිළියෙල කර ගන්නවා. බැදල, තම්බලා, තෙම්පරාදු කරලා එහෙමත් නැත්නම් දවල් බත් එකට මිටි කිරි වලින් හදපු හොඳ මයියොක්ක ව්‍යාජනයක් එහෙම නොවරදවාම එකතු කර ගන්නට ඔවුන් අමතක කරන්නේ නැහැ.

පහත දැක්වෙන්නේ ඔබගේ පරිභෝජනය සඳහා එලෙස එක් එක් ක්‍රමවලට මයියොක්කා සකස් කර ගත හැකි ආකාර කිහිපයකි.

උදේට ලුණු මිරිස් හා කොච්චි සම්බෝල සමඟ තම්බපු මඤ්ඤොක්කා

ලුණු මිරිස් හා කොච්චි සම්බෝල සමඟ තම්බපු මඤ්ඤොක්කා

ලුණු මිරිස් හා කොච්චි සම්බෝල සමඟ තම්බපු මඤ්ඤොක්කා

පිෂ්ටයෙන් අණූන, ජල ප්‍රමාණය අධික අල වර්ගයකි, මඤ්ඤොක්කා. මෙහි කැල්සියම්, සෝඩියම් හා විටමින් වැනි පෝෂ්‍ය පදාර්ථ ද බහුලව අඩංගු වේ. කටට සැර කොච්චි සම්බෝලයක් හෝ කට්ට සම්බලයක් සමඟ හොඳින් තම්බපු මඤ්ඤොක්කා ශක්තිජනක උදෑසන ආහාරයක් ලෙස ප්‍රසිද්ධයි. අධික රුධිර පීඩනයට,දියවැඩියාවට, හිසරදයට, ශරීරයේ වේදනාවට,අක්මා රෝගවලට මෙන්ම කුඩා දරුවන්ට ඇතිවන මල පිටවීමේ රෝගයට මඤ්ඤොක්කා බෙහෙවින් ගුණදායක වේ. උෂ්ණ ආහාරයක් වන මඤ්ඤොක්කා පිළිබඳ විවිධ ජනමත සමාජයේ ගොඩ නැගී තිබෙනවා. “කවදාවත්, මයියොක්කා කාලා ඉඟුරු ප්ලේන්ටියක් නම් බොන්න එපා” , “අව පැහැ ගත්ත පරණ මඤ්ඤොක්කා වල සයනයිට් විස තියෙනවා, පරිස්සමෙන්” යනාදි කියමන් අපේ අම්මලා නිතරම වාගේ පවසනව. ඇත්තටම මෙහි ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක සත්‍යයක් තිබෙනවා. මඤ්ඤොක්කා අලේ තම්බනකොට ඒවායේ විෂ වායු වාෂ්ප එක්ක පිටවන සේ පියන ඇරල තම්බන්න ඕනේ. තැලුණු, නිල් පැහැ වුණු අල ඉවත් කරන්න. මැද නාරටිය ඉවත් කර තම්බා ගන්න. නැත්නම් මඤ්ඤොක්කා පහසුවෙන් ඔබට අගුණ විය හැකියි.

අනං මනං කන්න කැමති ඔබට බැදපු මිරිස්, ලුණු දාපු මඤ්ඤොකා පෙති

බැදපු මිරිස්, ලුණු දාපු මඤ්ඤොකා පෙති

බැදපු මිරිස්, ලුණු දාපු මඤ්ඤොකා පෙති

අද සමහර අවන්හල් වල බර්ගර් වේලක් එක්ක ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වෙනුවට ලබා දෙන්නේ බැදපු මඤ්ඤොක්කා පෙතියි. අර්තාපල් වලට වඩා කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් ඇති මඤ්ඤොක්කා දේශීය පාරිභෝකියක්යින්ට වඩාත් ලාභදායි අල වර්ගයක් වනවා. කිලෝ එකක් රුපියල් හැටකට වගේ ඔබට මිලදී ගත හැකියි. ඇසුරුම් කල, කල් තබා ගත හැකි මඤ්ඤොක්කා පෙති වගේම වඩේ කඩල විකුණන කරත්තවලත් ඔබට සවස් යාමේදි බෙදා හදා ගෙන කන්න බැදපු මඤ්ඤොක්කා පෙති ලබා ගත හැකියි. හැබැයි අලුත් අලයක් හම්බවුණු  වෙලාවක ඔබට නිවසේදි පවා මෙය සිහින් කැබලි වලට කපා, මදක් අව්වේ වෙලා ගත් පසු බැද ගන්නට පුළුවන්. පදමට, ලුණු හා මිරිස් ස්වල්පයක් ඉස ආහාරයට ගන්න.

මිටි කිරෙන් හදපු රසම රස මඤ්ඤොක්කා වෑංජනය

මඤ්ඤොක්කා වෑංජනය

මඤ්ඤොක්කා වෑංජනය

දවල් බත් එකට, කට්ට කරවල හොද්දක් හරි හාල් මැස්සෝ බැදුමක් එක්ක, කිරට හදපු මයියොක්කා කරියක් නියමෙට යනවා. තව මැල්ලුමක් තිබ්බොත් බත් පතම සම්පූර්ණයි. අබ, වියලි මිරිස්, කරපිංචා වැනි කුළු බඩු එක්කරගත් මඤ්ඤොක්කා වෑංජනය මුළුතැන් ගේ පුරාවටම සුවඳක් එක් කරනවා. දන්සැල් බත් මුළේ, ගොඩක් වෙලාවට කිරි අල හරි මයියොක්කා කරිය හරි අපිට නොවරදවාම දකින්නට ලැබෙනවා.

මඤ්ඤොක්කා දළු මැල්ලුම

මඤ්ඤොක්කා මැල්ලුම

මඤ්ඤොක්කා මැල්ලුම

පිළිකා මඬින පෝෂණ නිධානයක් ලෙස මෙය වැදගත්මක් උසුලයි. සිහින්ව ලියා ගත් ලා දළු, අබ, කහ කුඩු සහ මිරිස්කුඩු, රතුළූණු හා සුදුළූණු සමඟ තෙම්පරාදු කරගන්න. ගා ගත් පොල් ටික එම තෙම්පරාදු මිශ්‍රණයට එකතු කර කලවම් කර මලවා ගන්න. මීට ලුණු සහ දෙහි පදමට දමා මේසයට පිළිගන්වන්න.

කට ගැස්මට මඤ්ඤොක්කා තෙම්පරාදුව

මඤ්ඤොක්කා තෙම්පරාදුව

මඤ්ඤොක්කා තෙම්පරාදුව

බොහෝ දෙනෙකු ප්‍රිය කරන මඤ්ඤොක්කා තෙම්පරාදුව, දිව පිනවන කටගැස්මකි. බයිට් එකකට, රාත්‍රී සාදයකට වඩාත් සුදුසුය. යහමින් අබ, වියලි මිරිස් කරල් හා කරපිංචා දමා, මද තෙලේ තෙම්පරාදු කරගත් මයියොක්කා බැදුම ලොකු කුඩා කාටත් රස විඳිය හැකි අතුරු කෑමකි. පොඩි බඩගින්නට හා කටගැස්මට කදිමය.

Related Articles