Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්ධන පෝලිම වෙනුවට බයිසිකලය තෝරා ගත් විද්වත්තු

අධික ඉන්ධන මිල ගණන් වගේම ඉන්ධන හිඟය නිසා බොහෝ දෙනාට සිදුව ඇත්තේ මෝටර් රථ නිවසේම ගාල්කර තැබීමටයි.  වෘත්තියවේදින් පිරිසක් බයිසිකලය පාවිච්චිය පටන් අරන් බවත් පසුගිය දිනවල අහන්නට ලැබුණා. ඒ අතර පසුගිය දිනවල බයිසිකල් මිල පැවති මිලට වඩා කිහිප ගුණයක්  ඉහළ ගිහින් බවත් වාර්තා වුණා.   

මෙසේ බයිසිකලයට මාරු වුණු වෘත්තියවේදින් වන විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, වෛද්‍යවරු, නීතිඥයන්  ආදී  උගතුන් ගැන සොයා බලමු.

 දුප්පත් අයගේ බයිසිකලේ – cnbc.com

බයිසිකලේ ඇඟට ගුණයි

අතීතයේ බයිසිකලය සැලකුණේ දුප්පතාගේ වාහනය ලෙස යි. අදත් සිටිසර පැතිවල ස්වයං රැකියාවල නියුතු විශාල පිරිසක් බඩු ප්‍රවාහනයට යොදා ගන්නේ බයිසිකලය යි. පසුගිය 2022 ජනවාරි මාසයේ දී   බයිසිකල් පැදීමේ හොඳ පුරුද්ද ගැන පරිසර අමාත්‍ය මහින්ද අමරවීර කැබිනට් පත්‍රිකාවක් ද සකස් කළ බව අපට අහන්නට ලැබුණා.  පරිසර අමාත්‍යවරයා එම පත්‍රිකාවෙන් යෝජනා කර තිබුණේ පාපැදි සඳහා සෑම මාර්ගයක ම මංතීරුවක් වෙන් කිරීමටත්, පාපැදියෙන් වැඩට එන සේවකයන් සඳහා කිසියම් ප්‍රවර්ධන ප්‍රතිලාභයක් ලබාදීමටත්.  අධික වාහන තදබදයට එය පිළියමක් බවත් බෝ නොවන රෝග රැසක් පාලනයටත් එය හේතුවක් බවද පරිසර අමාත්‍යවරයා පෙන්වා දී තිබුණා.

කෙසේ නමුත් මෑතක් වනතුරුත් රජයේ පාර්ශ්වයෙන් ඒ ගැන යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බවක් දැනගැනීමට ලැබුණේ නැහැ.  කාලයක් මුළුල්ලේ මෙරට නෙදර්ලන්ත තානාපතිනිය Joanne Doornewaard කොළඹ නගරයේ වාහන තදබදය අවම කිරීමට බයිසිකල් ධාවනය ප්‍රවර්ධනය කරමින් සිටින තැනැත්තියක්.  2019  ජූලි 14 වැනි දා කොළඹ මහ නගර සභාව සහ නෙදර්ලන්ත තානාපති කාර්යාලය එක්ව කොළඹ නගරයේ මාර්ග කිහිපයක් මෝටර් රථ සහිත දිනයක් බවට පත් කර පාපැදිවලට වෙන්කර තිබුණා.

 ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනිය –  gossiplankanews.com

කෙසේ වුවත් මේ පාපැදි පැදීමේ වැඩසටහන්වලට ලංකාවේ එතරම් ආකර්ශනයක් හිමිවුණේ නැහැ. නමුත් ලොව දියුණු රටවල් රාශියක දේශපාලන බලවතුන් පවා බයිසිකල් පැදීමේ පුරුද්දට එළඹ තිබෙනවා.

 

නෙදර්ලන්තය, චීනය, ජර්මනිය, අයර්ලන්තය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ඇතුළු ලෝකයේ දියුණු රටවල පාපැදි ගමනාගමනය ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා. ලෝකයේ වැඩි ම පාපැදිකරුවන් සහිත රට  නෙදර්ලන්තය යි. එරට ජනගහනයෙන් 99.1කට පාපැදි තියෙනවා. නෙදර්ලන්තයේ ජනගහනය මිලියන 17 යි. බයිසිකල් මිලියන 23 ක් රටේ තියෙනවා. නෙදර්ලන්තයේ අග්‍රාමාත්‍ය මාර්ක් රට් ද බයිසිකලය ප්‍රිය කරන පුද්ගලයෙක්.

 පාපැදි අලුත්වැඩියා කරන විංකලයක් – Globalpressjournal.com

සුව දිවියට පාපැදිය

 වයස අවුරුදු 40 ඉක්මවන බොහෝ දෙනකු කිසියම් හෝ බෝ නොවන රෝගයකට සායන වෙත යොමුවීමේ, ප්‍රතිකාර ලැබීමේ අවාසනාවන්ත තත්ත්වයක් මෙරට දැකගත හැකි යි. තරබාරු බව, දියවැඩියාව, හෘදයාබාධ ආදිය අද සුලබ වෙලා.  මෙම රෝගවලට බහුල හේතුවක් වන්නේ   ප්‍රමාණවත් ව්‍යායාම් නොකිරීම යි. මෙවැනි අයට බයිසිකල් පැදීම ඉතා යෝග්‍ය වෙනවා.  වෛද්‍යවරුන් වරින් වර බයිසිකල් ධාවනය දිරිගැන්වීමට උත්සාහ කළේ ද බයිසිකල් ධාවනය නිසා ලැබෙන සෞඛ්‍ය වාසිත් සැලකිල්ලට ගනිමින්.

‘සුව දිවියට පාපැදිය’ නම් සංවිධානයේ අරමුණත් බයිසිකල් පැදිමේ පුරුද්ද වර්ධනය කිරීමයි. ඒ සංවිධානය තුළ වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, බැංකු කළමනාකරුවෝ ආදී විවිධ වෘත්තිකයන් සිටිනවා. ඔවුන් බයිසිකලෙන් සේවයට එන්න  පටන් ගත්තේ ඉන්ධන අවුල නිසා නොවෙ යි. ශරීරය නිරෝගී කර ගැනීම සඳහා යි. හැබැයි දැන් ඒ පුරුද්ද ඔවුන්ගේ ජීවිතයට විශාල වාසියක් වෙලා.  

ඒ සියලුදෙනා රාජකාරි ස්ථානයට එන්නේ යන්නේ පාපැදිවලින්.  එක් මහාචාර්වරයෙක් කළුතර දුම්රියපළට බයිසිකලෙන් ඇවිත් එතන බයිසිකලය නවත්තා  දුම්රියෙන් කොළඹට ඇවිත් එතැන පාර්ක් කරලා තියෙන බයිසිකලෙන් විශ්වවිද්‍යාලයට යනවා.  සුව දිවියට පාපැදිය සංවිධානයේ සාමාජිකයන් තමන්ගේ කාර්යාලවල වොෂ්රූම්වල, ඇඳුම් මාරු කරගන්න පහසුකම් සකස් කරගෙන තිබෙන බවත් පැවසෙනවා. මේ නිසා බයිසිකලය පැදගෙන එන ඇඳුම් මාරුකර කාර්යාල ඇඳුම් ඇඳගැනීමට ඔවුන්ට හැකියාව ලැබී තිබෙනවා.

වසර 03ක් වැනි ආසන්න කාලයක් තුළ රුපියල් 117ට තිබූ පෙට්‍රල් මිල රුපියල් 420 දක්වා ඉහළ ගොස් අවසන්. ත්‍රීරෝද රථයක ආරම්භක ගාස්තුව රුපියල් 50 සිට  රුපියල් 100ක් දක්වා වැඩිවෙලා. රුපියල් 09ක අවම බස් ගාස්තුව රුපියල් 32  දක්වා ඉහළ ගොසින්. පොදු ප්‍රවාහනයේ වියදම මෙසේ දිනෙන් දින ඉහළ යන බැවින් කෙටි ගමනට හොඳ ම විකල්පය බයිසිකල බවට පත්ව තිබෙනවා.

 වෛද්‍ය දර්ශන රාජකාරියට යන ගමං-  darshshana premarathna facebook page

 බයිසිකල් පදින දොස්තරලා

ඉන්ධන නොමැති ව ගම්පහ රෝහල් කාර්යය මණ්ඩලය දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවත් ඇතැම් වෛද්‍යවරුන් යතුරුපැදි හා පාපැදිවලින් සේවයට වාර්තා කර ඇතැයි ද ගම්පහ රෝහලේ ප්‍රකාශකයෙක් පසුගිය දා මාධ්‍යවලට ප්‍රකාශ කර තිබුණා. ඉන්ධන පිරවුම්හල් වලට යන රජයේ සේවකයන්ට ඉන්ධන ලබා ගැනීමේ අවස්ථාව නොසැලසෙන බවත් මේ හේතුව නිසා දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීන් පවා පාපැදි භාවිත කරමින් සේවයට යන බවත් ඔහු සඳහන් කර සිටියා.

ගම්පහ පමණක් නොව මේ දිනවල දිවයිනේ තවත් රෝහල් රාශියක දොස්තර මහත්වරුන්ට පාපැදි භාවිත කිරීමට සිදු වෙලා.

 වෛද්‍ය කනගරත්නම් –  kanagarathnam kandeepan facebbook page

 

පාපැදියෙන් වැඩට යන වෛද්‍ය දර්ශන ප්‍රේමරත්න තම ෆේස්බුක් ගිණුමෙහි  ග පළකර තිබූ පෝස්ටුවක සඳහන් වූයේ රටක් විදියට මේක අපට අසීරු අවස්ථාවක් නිසා මේ වෙලාවෙ පයින් යන්න පුළුවන් අය පයින් යා යුතු බවත්, බයිසිකලෙන් යන්න පුළුවන් අය බයිසිකලෙන් යා යුතු බවත්. දුෂ්කරතා මධ්‍යයේ වුව ද මේ අවස්ථාවේ රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ඔහු දෙහිවල සිට කොළඹ ජාතික රෝහලට පාපැදියෙන් පැමිණීමට තීරණය කළ බව සඳහන් කරනවා.  වසර ගණනාවක් තිස්සේ ප්‍රජා අක්ෂි වෛද්‍ය අසේල අබේධීර මහතා රාජකාරියට යන්නේ පාපැදියෙන්.

ශල්‍ය වෛද්‍ය කන්දීපන් කනගරත්නම් කල්මුණේ රෝහලේ සේවය කරනවා. ඔහු ෆේස්බුක් ගිණුමෙහි ඡායාරෑප සමග පළකර තිබූ පෝස්ටුවක සඳහන් වූයේ ඔහු සිය රාජකාරිය සඳහා අක්කරෙයිපත්තුවේ සිට කල්මුණේ දක්වා කිලෝමීටර් 43ක් පැය 1යි මිනිත්තු 30ක වේලාවකින් පාපැදියෙන් ගමන් කරන බව යි.

ජයවර්ධනපුර සරසවියේ මහාචාර්ය මෙත්තිකා විතානගේ – facebook.com/meththika.vithanage

බයිසිකල් පදින සරසවි ආචාර්යවරු

පේරාදෙණිය විශ්විද්‍යාලයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති පසුගියදා සඳහන් කර තිබුණේ ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස පාගමනින් කිලෝ මීටර් තුනහමාරක් ගෙවා විශ්වවිද්‍යාලයට පැමිණෙන බව යි. ඊට අමතරව බසියිකලය පාවිච්චියට මෑතක දී පුරුදු වුණු විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ගැන ද අපට අසන්නට ලැබුණා. පුරුද්දක් ලෙස යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරුන් අතරින් සමහරු පාපැදියෙන් සේවයට යන බව අපට අහන්න ලැබුණේ බොහෝ කලකට පෙර යි.

පාපැදියෙන් සේවයට යන යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සාමිනාදන් විමල් – www.facebook.com/saminadan.wimal 

 

මෑතක දී පාපැදියට හුරුවුණු එක් මහාචාර්යවරියක් නම් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ යි. කාර් එක වෙනුවට පාපැදියෙන් විශ්වවිද්‍යාලයට යාමට තීරණය කළේ ඉන්ධන හල්වල පෝලිමේ  වටිනා කාලය අපතේ යාම වලක්වා ගැනීමට යි. උඩහමුල්ලේ පිහිටි නිවසේ සිට දිනකට කිලෝ මීටර් දෙහමහාරක් පමණ ඇය ගංගොඩවිල නුගේගොඩ පිහිටි විශ්වවිද්‍යාලයට බයිසිකල් පැදීම කරනවා. මෙත්තිකා විතානගේ පසුගියදා ලොව ඉහළ ම විද්‍යාඥයන්ගේ ලැයිස්තුවට ද ඇතුළත් වුණා.

“මං බයිසිකල් භාවිතයට යොමුවෙන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. මට පර්යේෂකයෙක් විදිහට සිසුන් එක්ක ගොඩක් කාලය ගත කරන්න අවශ්‍ය වෙනවා. ඒත් පසුගිය දවස්වල ළමයින්ට වෙන් කළ යුතු වෙලාව මට ගත කරන්න වුණා පෝලිම්වල. දවස් කිහිපයක් ම පැය අට ගාණේ පෝලිම්වල ඉන්න සිද්ධ වුණා. මේක කාලය නාස්ති කිරීමක්. ඒ නිසා දැන් සති කීපයකට පෙර බයිසිකලයෙන් විශ්වවිද්‍යාලයට යන්න පටන් ගත්තා. මං ඩෙන්මාර්ක්වල ආචාර්ය උපාධිය කරන කාලෙ දිනපතා ම විශ්වවිද්‍යාලයට කිලෝ මීටර් 15ක් පමණ ගියේ බයිසිකලයෙන්.‘‘ ඇය පවසනවා.

 කැලණීය සරසවියේ ආචාර්ය ගයන්ත – deshaya.lk

 

 කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය එන්.ඩී.ජී. ගයන්ත ද  විශ්වවිද්‍යාලයට යාමට බයිසිකලය භාවිතයට හුරු වී සිටිනවා.  ඉන්ධන පෝලිම්වල දවස තිස්සේ ඉන්නවාට වඩා  පාපැදි භාවිතය ධාවකයන්ගේ කායික හා මානසික සෞඛ්‍ය හොඳින් පවත්වාගෙන යාමට රුකුලක් වන බව ආචාර්ය ගයන්ත සඳහන් කරනවා.

පාපැදියෙන් යන ඇඹිලිපිටියේ නීතිඥ පුංචිහේවා

 

පවතින ඉන්ධන මිල ඉහළ යාම හමුවේ සිය නීතීඥ ගාස්තුව වැඩි නොකර එලෙස ම පවත්වාගෙන යාමේ විසඳුමක් ලෙසත් ප්‍රවාහන ගැටලුවට විසඳුමක් ලෙසත්  නීතීඥ මහතෙක් පාපැදියෙන් උසාවියට එන පුවතක් ඇඹිලිපිටියෙන් පසුගිය දිනවල අසන්නට ලැබුණා.

ඔහු   නීතිඥ විජිත ජී. පුංචිහේවා යි. වයස අවුරුදු 64ක් වන එක්දරු පියෙක් වන පුංචිහේවා ඇඹිලිපිටිය අධිකරණයේ නීතිඥ සේවයේ නිරත වන්නේ අවුරුදු 30ක සිට යි.  

 නීතිඥ පුංචිහේවා බයිසිකලයෙන් උසාවි රාජකාරියට යමින්-  deshaya.lkn

ගෙවුණු මාසෙට විතරක් ඉන්ධන මිල කී වතාවක් වැඩි වුණාද බලන්න. මං වෙනදා උසාවි ආවේ මගේ මෝටර් රථයෙන්. මං ජීවත් වෙන්නේ උසාවි එන මිනිස්සු මට දෙන නීතිඥ ගාස්තුවෙන්. එතකොට වෙනදා පෙට්‍රල් ලීටරයක් ගහපු ගණනට මට දැන් පෙට්‍රල් ලීටරයක් ගහන්න පුළුවන්ද? බෑ. එතකොට ඉන්ධන මිල ඉහළ යාමත් බඩු මිල ඉහළ යාමත් එක්ක ඒ වැඩිවෙන ගාස්තුව මං වැඩිකරන්න ඕනේ මගේ සේවාදායකයාගෙනුයි. උසාවියට එන්නේ ගොඩක් අසරණ මිනිස්සු. මේ වෙලාවේ ඒ මිනිස්සුත් ඉන්නේ ඉතා අසරණ තත්ත්වයේ. 

කවරයේ ඡායාරූපය - බයිසිකල් පදින විදේශිකයන් පිරිසක් සහ මහාචාර්ය මෙත්තිකා විතානගේ, වෛද්‍ය කනගරත්නම්, වෛද්‍ය දර්ශන/ නීතිඥ පුංචිහේවා - redspokes.com /proasia2022.org/ kanagarathnam kandeepan facebbook page/ darshshana premarathna facebook page/ deshaya.lk

මූලාශ්‍ර:

Deshaya.lk

silumina.lk

Related Articles