Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ග්‍රීසිය සහ පළමු ලෝක යුද්ධය​

ග්‍රීසිය පළමු ලෝක යුද්ධයට සම්බන්ධ වීම සිදුවුණේ තරමක් සංකීර්ණ වූ ක්‍රියාවලියක් හරහා යි. මෙය එක් අතකින් රාජාණ්ඩුව ඇතුළු පැරණි සම්ප්‍රදායයන් ගරු කරන්නන් සහ ලිබරල්වාදී නව සම්ප්‍රදායයන් ගරු කරන්නන් අතර ගැටුමක් ලෙස ද, අනෙක් අතට මධ්‍ය බලවතුන් සහ මිත්‍ර පාක්ෂිකයන් යන දෙපාර්ශවයට සහාය පළ කරන්නන් අතර ගැටුමක් ලෙස ද ගොඩනැගුණා.

article

කොරෝනා නිසා ලොව පුරා ISPලා දැවැන්ත අභියෝගයක

COVID-19 වසංගතයට එරෙහිව නිවසේ සිට සටන් වදින ජනතාව තමන්ගේ එදිනෙදා කටයුතු සඳහාත්, විනෝදය උදෙසාත් අන්තර්ජාලය අධික ලෙස භාවිතා කරන්නට පටන්ගෙන තිබේ. මෙතෙක් කල් WiFi සබඳතා හරහා සිදුවුනු කටයුතු ද දැන් ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල මොබයිල් ඩේටා හරහා සිදුවෙමින් පවතී. බොහෝ රටවල් මේ ක්ෂණික භාවිත ඉහළ යාමෙන් පීඩා විඳිමින් සිටියි.

article

ක්වන්ටම් අන්තර්ජාලය වෙත දොරගුළු හැරේ

එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවේ ආර්ගොන් ජාතික රසායනාගාරය සහ චිකාගෝ විශ්වවිද්‍යාලය, කවන්ටම් සහසම්බන්ධතාවය (entanglement) භාවිතයෙන් කි.මී. 83.7 ක් දුරින් පිහිටි ක්වන්ටම්-පුඩු ජාලයක් සකසන්නට සමත් වුණා.

article

1818 වෙල්ලස්ස කැරැල්ලේ අවසානය

ඉංග්‍රීසීන් උඩරට ගිවිසුම කඩකිරීම නිසා ආරම්භ වුණු වෙල්ලස්ස කැරැල්ලට මොණරවිල කැප්පෙටිපොළ එකතු වීමෙන් පසුව, එය පැතිරී ගිය ආකාරය පිළිබඳව අපි පසුගිය ලිපිවලින් කතා කළා. එලෙස වේගයෙන් පැතිරී ගිය කැරැල්ල හමුවේ ඉංග්‍රීසීන් අඩපණ වී සිටි අවස්ථාවක, උඩරට රදලයන් අතර තිබුණු අසමගිය මහා විනාශයකට පාර කැපුවා. එදා සමහර උඩරට රදලයන්ගෙන් ලැබුණු සහායෙන් ප්‍රාණවත් වුණු ඉංග්‍රීසීන් කැරැල්ල සාර්ථකව මර්දනය කළේ අභීත සිංහල විරුවන් රැසක් රටට අහිමි කරමින්.

article

ලෝක ශූර ඕස්ට්‍රේලියානුවන් ලකුණු 93කට දැවීගිය ටෙස්ට් තරගය

2003 එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේ දී ඉන්දියාව හමුවේ ලකුණු 125ක දැවැන්ත ජයක් ලබාගත් ඕස්ට්‍රේලියානුවන්, පිට පිටම දෙවන වරටත් ලෝක ක්‍රිකට් කිරුළ දිනාගනු ලැබුවා. එලෙස ලබාගත් ජයග්‍රහණයෙන් වසර 1½කට පමණ පසුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉන්දියාවේ සංචාරය කළේ තරග 4කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සහභාගි වීම සඳහා යි. එම තරගාවලියේ මුල් තරග 3 අවසන් වන විට ඕස්ට්‍රේලියානුවන්ට තරගාවලියේ ජයග්‍රහණය හිමිව තිබුණු නිසා, වන්කඩේ පිටියේ පැවති අවසන් ටෙස්ට් තරගය සඳහා ඉන්දියානුවන් අවතීර්ණ වුණේ මව්බිමේ දී සිය ගෞරවය බේරාගැනීමේ අරමුණෙන්. එවැනි වටපිටාවක ආරම්භ වුණු ටෙස්ට් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දියානු කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබාගත්තේ ලකුණු 104ක් පමණ යි. නමුත්, ඉන් නොසැලුණු ඉන්දියානුවන් අවසන් මොහොත වන තුරුම දියත් කළ සටන නිසා ලකුණු 13ක තියුණු ජයක් හිමිකර ගත්තේ උද්වේගකර ටෙස්ට් තරගයක් නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබාදෙමින්.

article

යුරෝපයේ අන්තර්ජාලයටත් COVID-19 බලපෑම් – YouTube, Netflix Slow වෙයි

කොරෝනාවෛරසයේ පැතිරයාම හේතුවෙන් පෙර නොවූ විරූ ප්‍රමාණයකින් වීඩියෝ නැරඹුම් ඉහළ යාමෙන් අන්තර්ජාලය බිඳවැටීම වැළැක්වීම සඳහා, Netflix සහ YouTube සේවාවන් අවම වශයෙන් අප්‍රේල් මාසය තුළ යුරෝපයේ Streaming Quality එක අඩු කිරීමට තීරණය කර තිබේ.

article

2020 එළිදකින සුපිරි පරිගණක ක්‍රීඩා

2020 වසර ලාංකිකයන් ඇතුළුව මුළුමහත් ලෝකයාටම එතරම් සුභ වසරක් නම් නොවන බව වසර ආරම්භයේ දී ම අපට දැකගන්න ලැබුණා. බොහෝ දෙනෙක් මේ වසර උදා නොවූවා නම්යැ යි සිතන මට්ටමට, මේ වසරේ සියලු ක්ෂේත්‍රයන් වෙත විශාල ගැටළු පැමිණියා. මේ වෙද්දී ලෝකයම කොරෝනා රෝග බියෙන් ඇළලී තිබෙන කාලයක, කවරදාකටත් වඩා පරිගණක ක්‍රීඩාවල වටිනාකම ලෝකය වෙත දැනෙමින් පවතිනවා. ස්වයං නිරෝධායනය වෙමින් නිවාස තුළට වී කාලය ගෙවන්නට සිදුව තිබෙන නිසා අනෙක් දිනවලට පරිගණක ක්‍රීඩා සඳහා එතරම් පෙළඹෙන්නේ නැති පුද්ගලයන් පවා ඒ වෙත යොමු වෙමින් සිටිනවා. කොහොම වුණත්, සියල්ලන්ටම මදි නොකියා ක්‍රීඩා කරන්නට හැකි තරමේ විවිධත්වයන්ගෙන් යුතු පරිගණක ක්‍රීඩාවන් රැසක් වසරේ පළමු කාර්තුව නිම වෙන්නත් පෙර නිකුත් වී අවසාන යි. මේ ලිපිය හරහා අපේ බලාපොරොත්තුව එවැනි ක්‍රීඩා කිහිපයක් පිළිබඳව ඔබට විස්තර ගෙන ඒමට යි.

article

1818 වෙල්ලස්ස කැරැල්ල පැතිරී ගිය ආකාරය

මෙම ලිපිය තුළින් ඉදිරිපත් කරන්නේ මොණරවිල කැප්පෙටිපොළ සිංහලයන්ට එකතුවීමත් සමගින් 1818 වෙල්ලස්ස කැරැල්ල පැතිරී ගිය ආකාරය පිළිබඳව යි.

article

COVID-19ට එරෙහිව සටන් වදින නවීන තාක්ෂණය

2019 වසරේ දෙසැම්බර් 12 වන දා සිට චීනයේ, වුහාන් නගරය මුල් කරගෙන පැතිරීම ආරම්භ වූයේයැ යි සැලකෙන කොරෝනා (COVID-19) වෛරසය පිළිබඳව අපි පෙර ලිපි ගණනාවකින් ඔබව දැනුවත් කර ඔබට මතක ඇති. මේ වෙද්දීත් ලෝකයේ ක්ෂේත්‍ර ගණනාවකට දැඩි බලපෑම් එල්ල කරන්නට මේ වෛරසයට හැකි වුණා. තාක්ෂණික ලෝකය වෙතත් මේ වෛරසයේ බලපෑම ඉතා තදින් දැනුණා. “තාක්ෂණික ලෝකයට වැළඳුණ කොරෝනා වෛරසය” නම් ලිපිය ඔස්සේ ලෝකය පුරා අතිශය ප්‍රචලිත සහ සුප්‍රකට සමාගම් / සන්නාමයන් වෙත දැඩි පාඩු සිදුකළ ආකාරය ගැන විග්‍රහ කෙරුණා. ඊට අමතරව මේ වසර පුරා පැවැත්වීමට නියමිතව තිබූ Google I/O, F8, Mobile World Congress වැනි සමුළු නවතා දමන්නට සිදුවීම ගැනත් එහි දී කතාබහ කෙරුණා.

article

Fake Newsවලට සමාගම් හරස් වෙයි!

ලොව භීතියෙන් අවුලන්න සමත් වූ කොරෝනාවෛරසයය ගැන සත්‍ය තොරතුරු සේ ම, අසත්‍ය පුවත් ද ඉතා ඉක්මනින් සමාජගත වෙනවා. මෙය නවතන්න Facebook, Google සහ Microsoft සමාගම් නව සේවාවන් හඳුන්වා දුන්නා.

video

ඉන්දියාවේ උසේන් බෝල්ට්- සිරිනිවාස් ගවුඩා

ඔලිම්පික් කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් හට සමාන කළ හැකි ධාවකයෙකු අසල්වැසි ඉන්දියාවෙන් බිහි වී ඇති බවට ජාත්‍යන්තර පුවත් වාර්තා කර තිබෙනවා. ඒ කර්ණාටක ප්‍රාන්තයේ මී ගව ධාවකයෙක්. ඔහු, 28 හැවිරිදි වියේ පසුවන සිරිනිවාස් ගවුඩා යි.

article

ඉන්ෆ්ලුවෙන්සා වසංගතයට ගොදුරු වූ සෝවියට් රාජ්‍ය නායකයා

මේ දිනවල නව කොරෝනාවෛරසය හෙවත් කෝවිඩ්-19 වසංගතයක් ලෙස පැතිර ගොස් ඇති පසුබිමක, අතීතයේ ලොව පැතිර ගිය වසංගත පිළිබඳ ද ඇතැම් අය උනන්දුවක් දක්වන්න පටන්ගෙන තිබෙනවා.

article

End of Articles

No More Articles to Load