Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Spam ඊමේල් සහ අැමතුම් වලට රිප්ලයි කරන බොට්වරු

අන්තර්ජාලය පුරා ඇති ඊමේල් ලිපින සොයාගෙන ඒවාට දහස් ගණනින් විවිධ ව්‍යාපාරික මෙන්ම රැවටීම් හරහා මුදල් ගරා ගැනීමේ email එවීම මේ වනවිට ඉතාම සාමාන්‍යකරණයට ලක් වූ දෙයක් බවට පත්ව තිබෙනවා. email ස්වයංක්‍රීයවම ස්පෑම් ෆෝල්ඩරය වෙත ගමන් කළත් සෘජුවම අපව සම්බන්ධ කර ගෙන ඒවාට හසු කර ගැනීම සඳහා ඔවුන් විවිධ උපක්‍රම යොදා ගන්නවා. ශ්‍රී ලංකාව තුළද මේ වනවිට email marketing ප්‍රචලිත වී ඇති අතර ලංකාවේ පිළිගත් ප්‍රධාන සමාගම් පවා ඉතා විශාල වශයෙන් ඊට යොමුව ඇති වී ඇති බව දවසකට පැමිණෙන email ගණනින්ම තහවුරු වෙනවා. අපේ රටේ ඊ-මේල්වල ඍජුව අප අපවම ඉලක්ක කරගෙන සත්‍ය පුද්ගලයෙකු විසින්ම කරනු ලබන සංවාදයන් වැඩිපුර දකින්නට ලැබෙන්නේ නැහැ. ඒවායේ බොහෝ විට පැමිණෙන්නේ කිසියම් වෙළෙඳ දැන්වීමක අඩංගු ඡායාරූපයක් හෝ වෙබ් අඩවියකට ලින්ක් එකක් පමණයි.

අන්තර්ජාල ජාවාරම්

technofaq.org

ලෝකය පුරා ඉතා පුළුල් වශයෙන් විවිධ පුද්ගලයන්ට ප්‍රතිචාර දැක්වීමට සිතෙන ආකාරයට සංවාදශීලීව භාණ්ඩ විකිණීම සහ රවටා ගැනීම හරහා මුදල් ලබා ගැනීමේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක වෙනවා. මෙයට වඩාත් ප්‍රසිද්ධ උදාහරණයක් ගෙන විවිධ භාණ්ඩ මිලදී ගැනීම් සඳහා නයිජීරියානු පුද්ගලයන් ලෙස පෙනී සිටින අය අපගේ භාණ්ඩ එරටට එවන ලෙසත්, ඉන් පසු ගෙවීම් කරන බවත් රැවටීම් මුලාවීම් වලට හසුකර ගැනීමට උත්සාහ දරනවා. එසේම අනාථ වූ දරුවන් සතුව ඉතා විශාල ලෙස මුදල් සහිත බැංකු ගිණුම් තිබෙන බවත් ඒවා කළමනාකරණය කිරීමට ඔවුන්ට නොතේරෙන නිසා ඔබගේ ගිණුමකට ඒවා ලබාගන්නා ලෙස කියා ඒ සදහා මුද්දර ගාස්තු අයකර ගැනීමෙන් මුවාවෙන් මුදල් ගැරීමේ වංචාවන් ද අන්තර්ජාලය තුල දක්නට ලැබෙනවා.

එම කටයුතු සිදු කරන අයගේ තත්ත්වය නිසා සහ අපේ අයගේ නොදැනුවත්කම නිසා මේ ආකාරයේ වංචාවන්ට ඉතා විශාල වශයෙන් හසුවී තිබෙන අතර තමන්ගේ මුදල් ගියේ කොහාටද කියලා වත් හොයා ගන්න බැරි වන්නටම නැති භංගස්ථාන වී තිබෙනවා. රාජ්‍යයට ඇති ලැජ්ජාව නිසා බොහෝ දෙනෙක් මේ බව හෙළි නොකරන නිසා ඒවායේ ඇති අවදානම පිළිබඳව සමාජ කරන ප්‍රමාණයද ඉතා අවමයි.

2005 වර්ෂය අවසානයේදී අන්තර්ජාල වෙබ් අඩවි මත; ඔබ අන්තර්ජාලයට පිවිසි 99,999 පුද්ගලයා ය, ඒ සඳහා අගයක් ලබා ගැනීම සඳහා ඔවුන් කියන මුදලක් සහ ඊ-මේල් ලිපිනය ලබා දෙන ලෙස දන්වමින් දෑස් නිලංකාර කරවන වෙළඳ දැන්වීම් පළ වුණා. ඒ වගේම American green card දිනාගැනීමට ව්‍යාජ ලොතරැයි දිනුම් ඇදීම් පවත්වා ඊට අදාළ ගාස්තු සහ ලියකියවිලි සඳහා අය කිරීම් වශයෙන් පෙන්වමින් මුදල් මංකොල්ල කෑමේ ජාවාරම් තිබුණා. එසේම ජයග්‍රහකයා ගෙන් තියෙන්නේ ඊ-මේල් ලිපිනයන් ද ලබා ගනිමින් ඔවුන්වත් මෙම දැලට කොටුකර ගන්නට ඔවුන් සූක්ෂමව කටයුතු කළා. වැඩේ දැනගෙන මුදල් වියදම් නොකළත් email ගිණුමට දහස් ගණනින් email පිරී ඉතිරී යමින් ලබා දීමට ඔවුන් කටයුතු කළා. එනම් මෙම ඊමේල් ව්‍යාපාරයේ තවත් එක් අංගයක් නම් එක් රැස් කරගන්නා ලද ඊමේල් තෙවන පාර්ශවයන්ට වැඩි මුදලකට අලෙවි කිරීමයි. මේ නිසා ඔබ එක් වෙබ් අඩවියක ඔබේ email ලිපිනය ලබා දීමෙන් අනතුරුව ඔවුන් ඔබේ විස්තර විකිණීම හරහා වෙනත් දහස් ගණනක වෙබ් අඩවි වල ඊමේල් වලින් ද ඔබේ ඊමේල් ගිණුම පිරීයාමේ අවදානමක් තිබෙනවා.

විෂෙන් විෂ නැසීම

මේ ගැටළුවට විසඳුමක් වශයෙන් අපේ කාලය නාස්ති කරන තවත් සේවාවක් ඊට එරෙහිව යොදා ගැනීම සඳහා නවසීලන්තයේ අන්තර්ජාල ආරක්ෂක ආයතනයක් පියවර ගෙන තිබෙනවා.

අද කාලයේ ඉතා ප්‍රචලිත සේවාවක් වන චැට් බොට්ස්, කෘත්‍රිම බුද්ධිය දියුණුවත් සමඟ ඉතා ශීඝ්‍රයෙන් පැතිරී ගියා. මේ නිසා තමන්ගේ පාළුව කාන්සිය මකා ගැනීමට එවන් ආකාරයේ සේවාවන් භාවිතා කරන අය මෙන්ම ඒවාට ඇබ්බැහි වීමෙන් තමන්ගේ කාලය ද නාස්ති කර ගන්නා පිරිසක් බිහිවුණා. ඉතින් ඒ වෙනුවට අපගේ කාලය නාස්ති කරන email spamකරුවන්ගේ විකාර email සමඟ මෙම චැට් බොට්ලා සම්බන්ධ කරවීම හරහා ඔවුන්වම නොමඟ යැවීමේ ක්‍රියාදාමයක් සැකසිය හැකි බව Netsafe ආයතනය තීරණය කළා. ඒ අනුව, ස්පෑම් වලට ස්වයංක්‍රීයවම පිළිතුරු යවන Re:scam බොට් එක බිහිවුණා.

මෙය හරහා ලිපි එවන්නාගේ අභිමතාර්ථයන් හඳුනා ගනිමින් කෘත්‍රිම බුද්ධියේ සහායෙන් සත්‍ය පුද්ගලයෙක් ආකාරයට ම ඔවුන්ට ප්‍රති පිළිතුරු ලබාදීම සිදු කරන අතර ස්පෑම් කරන්නාව ම විඩාවට ලක් කිරීම හරහා එම අයුතු ඊමේල් නවතාලීම මෙය හරහා සිදුකර ගන්නට පුළුවන්. ඒ සඳහා කළ යුත්තේ ඔබට පැමිණි ස්පෑම් ඊමේල් [email protected] යන ඊමේල් ලිපිනයට forward කිරීම යි. ඉතුරු ටික රි:ස්කෑම් බොට් බලාගනීවි. එසේම මෙම කතාබහ අතර වාරයේ එය සිදුවූ ආකාරය පිළිබඳව පිටපතක් ඔබට ද ලැබෙන නිසා එය කියවීමෙන් විනෝදයක් ලබන්නට ද පුළුවන්.

දුරකථන ඇමතුම් සඳහාත් ස්වයංක්‍රීය පිළිතුරු

මෙම අන්තර්ජාලය වංචා ප්‍රතිවිරෝධී සේවය බිහිවීමටත් පෙර දුරකතනය හරහා ලැබෙන වෙළෙඳ භාණ්ඩ විකිණීම්, ඡන්ද ප්‍රචාරණ කටයුතු සහ විවිධ ආධාර ඉල්ලීමේ ඇමතුම්වලට පිළිතුරු දෙන Lenny නැමැති සේවාවක් බිහි වී තිබුණා.

cdn.wccftech.com

 

මෙහිදී කළ යුතුව තිබුණේ ඔබට ලැබෙන ඇමතුම කරදරකාරී ඇමතුමක් ලෙස වැටහුණු විට එය conference call හෙවත් ඔබටත් ඇසෙන ආකාරයට එය බොට් සහ අමතන්නා අතර සබඳතාවය ඇති කිරීම, ඇමතුම සෘජුවම යොමු කිරීම (call transfer), අදාල අංකය නැවතුම ලැබෙන විට ස්වයංක්‍රීයවම එය යොමු කිරීම (call forwarding) යන ආකාරයන්ගෙන් ඇමතුම ඔබෙන් වෙන් කිරීමයි. මෙම සේවාව සතුව වෙළඳ ප්‍රචාරණ දුරකථන ඇමතුමක මූලික ස්වභාවය: ආමන්ත්‍රණය, ඇමතුම ලබා ගන්නා හඳුන්වා දීම, ඔවුන් නියෝජනය කරන ආයතනය පිළිබඳව විස්තර පැවසීම, ආගිය තොරතුරු කතා කිරීම, ඇමතුම ලබා ගැනීමට හේතුව පැවසීම සහ ලබන්නාගේ විස්තර රැස්කරගෙන යන ක්‍රියා පිලිවෙල හඳුනාගෙන ඊට අදාළ ආකාරයට පටිගත කිරීම් රඳවා තිබුණා.

ඇමතුම ලැබීමෙන් අනතුරුව අමතන්නා විසින් නිශ්ශබ්දව සිටිනවා නම් “හෙලෝ.. හෙලෝ” වශයෙන් ඔවුන් පිළිතුරු දෙනු කඩින් කඩ පවසන ආකාරයට, ඇමතුම ලබා දෙන්නා තමාගේ වාරය අවසන් කොට තත්පර 1.55ක් ගතවීම හරහා තමන්ගේ වාරය බව දැන ගැනීමට සමත් වන ආකාරයට මෙය පරිගණකගත කොට තිබුණා. කෘත්‍රිම බුද්ධිය අහලකින්වත් ගෑවී නැති එය කෙතරම් සාර්ථක ද යත්, මෙහි ඉහළ ඇති ශබ්ද පටයේ දැන්වීම ගෙන එන කාන්තාවට වැඩේ එපා වෙනවා.

මේ ආකාරයට කරදරකාරී ඇමතුම් ස්වයංක්‍රීයව නවතාලීමට ක්‍රමවේද සකස් කිරීම හරහා බලෙන් භාණ්ඩ අලෙවි කිරීම වෙනුවට අවශ්‍යතාව ඇති අය වෙනුවෙන් නිර්මාණශීලීව භාණ්ඩ අලෙවි කිරීමට යොමුවක් ද ඇතිවෙනවා.

මූලාශ්‍ර : netsafe.org.nz, blog.acolyer.org

කවරයේ ජායාරූපය: cbsistatic.com

Related Articles