Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2019 ඇපල් සමාගමට නපුරු වේවි ද?

පසුගිය 2018 වසර සහ මේ ගෙවෙන 2019 වසරේ මුල් භාගය ලෝකයේ ප්‍රසිද්ධ සහ ජනප්‍රිය සමාගම් ගණනාවකට එතරම් සුභදායි වුණේ නම් නැහැ. facebook සමාගමේ ඇති වූ විශාල ගැටළු පිළිබඳ ව පෙර ලිපියකින් අපි සඳහන් කළා. ඒ සමාගම් අතරට දැන් ඇපල් සමාගමත් එකතු වෙලා. මේ වෙද්දී ඇපල් සමාගම බරපතල ලෙස ගැටළු කිහිපයකට ම මුහුණ දුන්නා. ඒ වගේ ම ඇපල් උපාංග සම්බන්ධවත් සිදුවීම් කිහිපයක් ම සිදුවුණා.මේ වන විට ඇපල් සමාගම මුහුණපා ඇති ගැටලුකාරී වාතාවරණයන් පිළිබඳව යි මේ ලිපිය හරහා විස්තර වෙන්නේ.

ඇපල් සමාගම ගැටළුකාරී තත්ත්වයන් රාශියකට මුහුණපා අවසන්- inc.com

පසුගිය වසරේ Qualcomm සමාගම, ඇපල් සමාගමට විරුද්ධ ව නඩු පවරනු ලැබුණා. එයට හේතුව ලෙසින් ඔවුන් දක්වනු ලැබුවේ Qualcomm සමාගම සතු patent බලපත්‍රයන් තුනක කරුණු උල්ලංඝනය කිරීම බව යි. මේ හේතුව නිසා චීන රජය තාවකාලික ව iPhone 6S, iPhone 6S Plus, iPhone 7, iPhone 7 Plus, iPhone 8, iPhone 8 Plus, සහ iPhone X යන දුරකථන අලෙවිය තහනම් කෙරුණා. කෙසේනමුත්, දිගින් දිගටම ඉහත ජංගම දුරකථන අලෙවිය නවතා දමන්න ඇපල් සමාගම කටයුතු කළේ නැහැ. ඔවුන් සඳහන් කළේ ඉහත ගැටළුකාරී වාතාවරණයන් වලංගු වෙන්නේ පැරණි iOS සංස්කරණයන් ස්ථාපනය කර ඇති දුරකථන සඳහා පමණක් බවත්, ඔවුන්ගේ නවතම සංස්කරණය හරහා ගැටළුව විසඳා ඇති බව යි. කෙසේනමුත්, මේ ගැටළුව සහ නඩු මෙතැනින් නැවතුණේ නම් නැහැ.

නඩු ගණනාවක් උසාවි කිහිපයක ම විභාග කෙරෙමින් පවතිනවා- pinterest.com

මේ සමාගම් දෙක අතර නඩු ගණනාවක් උසාවි කිහිපයක ම විභාග කෙරෙමින් පවතිනවා. මේ සිදුවීම් ජාලයේ ම තවත් සිදුවීමක් ලෙස iphoe 7 සහ 8 දුරකථන විකිණීම සහ ගෙන්වීම ජර්මනියේත් තහනම් වුණා. මේ වාරණය නිසාවෙන් ඔවුන් ඔවුන්ගේ ජර්මානු වෙබ් අඩවියෙන් ඉහත දුරකථන දෙක ඉවත් කරගෙන ඇත. ඒ සමග ම මේ වන විට වෙළඳපොළ පවතින නිල apple storeවලට අමතර ව තෙවන පාර්ශවීය අලෙවිකරුවන් 4000කට අධික පිරිසක් වෙතත් යවා ඇති දුරකථන ආපසු ගෙන්වා ගැනීමට ඇපල් සමාගම වෙත නියෝග කෙරුණත්, එය සිදුවෙන බවක් පෙනෙන්නට තිබුණේ නැහැ.

පසුගිය වසර අවසානයේ ඇපල් සමාගම ඉතා විශාල තීරණයක් ගනු ලැබුණා. ඒ ඉන්දියාව් high-end ඇපල් දුරකථන නිෂ්පාදනය කරන්න. 2017 වසරේ සිට ඇපල් සමාගම ඉන්දියාවේ නිෂ්පාදනය කළේ iphone se වැනි මිලෙන් අඩු දුරකථන පමණයි. 2019 වසරේ සිට මේ කටයුත්ත සිදුකිරීමට සමාගම තීරණය කර තිබෙනවා. මේ සඳහා Foxconn සමාගමෙන් සහාය ලබා ගන්නත් ඔවුන් සුදානම්. iPhone X, XS, සහ XR යන දුරකථන මෙසේ නිෂ්පාදනය සඳහා යි ඇපල් සමාගම සුදානම් වෙන්නේ. මේ තීරණයට හේතුව වී ඇත්තේ, ඉන්දියාව තුළට ගෙන්වන දුරකථන අමතර උපාංග වෙනුවෙන් ඔවුන් අය කරන බදු මුදල ඉතා ම අවම වීම යි. කෙසේවෙතත්, මේ හරහා ඔවුන්ට අඩු වියදමකින් නිෂ්පාදනය කර ගැනීමට හැකි වීම නිසා මේ දුරකථනවල මිලත් යම් තරමකින් හෝ පහළ බසි වීයැ යි ඇපල් දුරකථනවලට ආදර කරන පිරිසගේ මතය. කෙසේනමුත්, තවත් පිරිසකට අනුව ඉන්දියාවේ නිෂ්පාදන තත්ත්වයන්  පිළිබඳ ව ඇති යම්කිසි ආකාරයක කළු පැල්ලම් ඇපල් සමාගමටත් බලපානු ඇති බව යි.

සමාගම් ප්‍රධානි Tim Cook- cnbc.com

කෙසේවෙතත්, Qualcomm සමාගම හා Huawei සමාගම සම්බන්ධයෙන් පැවති ගැටළුකාරී තත්ත්වයන් නිසාවෙන් වගේ ම, අලුතින් නිකුත් කළ iPhone XS, XS Max, හා XR දුරකථන වෙත ඉල්ලුම අඩුවීම් වැනි හේතු නිසාවෙන් ඔවුන්ගේ වෙළඳ කටයුතු වෙත පැහැදිලි බලපෑම් එල්ල වී තිබෙනවා. ආයෝජකයින් වෙත ලිපියක් ඉදිරිපත් කරමින් සමාගම් ප්‍රධානි Tim Cook සඳහන් කරන්නේ ඉහත සිදුවීම් නිසාවෙන් ඇමරිකානු ඩොලර් බිලියන ගණනක පාඩුවක් ඔවුන් වෙත සිදුවිය හැකි බව යි. චීනයේ වෙළඳ හැකියාව අහිමි වීම සහ ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම අනෙක් රටවලට අහිත කර ලෙස බලපෑම් ද මෙයට හේතු සාධක වන්නට ඇති බව යි මතය. iphone වෙළඳාම තරමක් අඩු වුණත්, අනෙක් ඇපල් නිෂ්පාදනයන්ගේ විකිණුම් වේගය ඉහළ ගොස් ඇති බවත් ඔහු සඳහන් කරනවා. පසුගිය වසරේ cbc ආයතය සිදුකළ වාර්තාමය වැඩසටහනත් සමහර විට මෙයට හේතු වන්නට ඇති.

ඇපල් නිෂ්පාදනයන් නිසාවෙන් සිදුවුණු තවත් සිදුවීමක් වසර මුල දී ම වර්තා වුණා. Huawei සමාගම නව වසරට සුබ පැතීමට එක් කර තිබුණු twitter පණිවිඩය iphone එකක් හරහා පළවීම නිසා එය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වුණා. මෙයට සම්බන්ධ සේවකයින්ගේ වැටුප් කප්පාදු කර ඔවුන් වසරක් අවසාන වන තෙක් තොරතුරුවලින් පහත දැමීමටත් Huawei සමාගම කටයුතු කර තිබුණා.

බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වුණ twitter පණිවිඩය

කවරය: compote.slate.com

මූලාශ්‍රයයන්:

inc.com

pinterest.com

Cnbc.com

youtube.com  

Theverge.com

Techcrunch.com

Apple.com

Engadget.com

Softpedia.com

9to5mac.com

Related Articles