Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝකප්‍රකට වෙබ් සෙවුම් යන්ත්‍ර 6ක්

අන්තර්ජාලය තුළ ඇති වෙබ් පිටු සහ වෙබ් අඩවි සංඛ්‍යාව ඉතා ම විශාල යි. අපට අවශ්‍ය වෙබ් අඩවි මතක තබා ගැනීමට ගියහොත් හෝ සටහන් කර/ save කර තබාගැනීම අපහසු කාර්යයක්. වෙබ් සෙවුම් යන්ත්‍ර අපට සහාය දක්වන්නෙ මේ කටයුත්ත ඉතාම පහසුවෙන් කර ගැනීම සඳහා යි. වෙබ් සෙවුම් යන්ත්‍රයක් විදිහට අප හඳුන්වන්නේ විශ්ව විසිරි වියමන (WWW- world wide web) තුළ ඇති දත්ත සෙවීමට නිපදවන ලද මෘදුකාංග පද්ධතියක්. අපට අවශ්‍ය ඕනෑම දෙයක්, අපට ඒ මතෘකාවට අදාළ වෙබ් පිටු විශාල සංඛ්‍යාවක්, ඉතාම ඉක්මනින් පරිශීලක අවශ්‍යතාව සහ ජනප්‍රියත්වය මත අපේ ඉදිරියේ පෙළගස්වන්න මේ සෙවුම් යන්ත්‍ර වෙබ් අඩවිවලට හැකියාව තියෙනවා. දෛනික අන්තර්ජාලයට එකතු වන වෙබ් අඩවි සංඛ්‍යාව අතිවිශාල යි. මේ වෙබ් අඩවි තම දත්ත සමුදාය තුළ ගබඩා කර ගැනීම මේ සෙවුම් යන්ත්‍ර මඟින් සිදුකරනවා. Spider, Web crawler, Bot, Web robot, Octoaparse වැනි නම්වලින් හඳුන්වන විශේෂ මෘදුකාංග භාවිතයෙන් සෙවුම් යන්ත්‍ර මේ කාර්යය සිදුකරනවා. විවිධ සාධක සලකා බලමින් ප්‍රමුඛතා අනුව වෙබ් අඩවි ලැයිස්තුගත කිරිම සිදුකරන්නේ ඉතාම සංකීර්ණ ඇල්ගොරිතම (algorithm) භාවිතය මඟිනුයි. search engine result page එකෙහි web අඩවියකට හිමි ස්ථානය තීරණය කරන්නේ මේ විශේෂ ඇල්ගොරිතමය මඟිනුයි. මේ ලිපිය හරහා ඔබට විස්තර ගෙන එන්නේ එවැනි වෙබ් සෙවුම් යන්ත්‍ර කිහිපයක් පිළිබඳව යි.

මේ සෙවුම් යන්ත්‍ර මඟින් බොහෝ විට ඔවුන් ඒ තැපැල් (email) පහසුකමත් ඔවුන්ගේ සේවාවක් ලෙස ලබා දෙනවා.

Google

ලෝකයේ වැඩිම දෙනෙක් භාවිතා කරන google සෙවුම් යන්ත්‍රය- wikimedia.org

1996 ජනවාරි මාසයේ දී ලැරී පේජ් (Larry Page) සහ සර්ජි බ්‍රින් (Sergey Brin) විසින් තම පශ්චාත් උපාධි පර්යේෂණ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ සමාගමක් වන ගූග්ල් සමාගම අද වන විට ලෝකයේ ජනප්‍රියම සමාගමක් වන අතර, google සෙවුම් යන්ත්‍රය අද වන විට ලෝකයේ වැඩිම දෙනෙක් භාවිතා කරන සෙවුම් යන්ත්‍රයබවට පත් වී ඇත. දිනකට බිලියනයකට වඩා සෙවුම් ප්‍රමාණයක් සිදුවන මේ සෙවුම් යන්ත්‍රය, සිංහල භාෂාව හා තවත් භාෂා 149කට සහාය දක්වයි. www.alexa.com අඩවියේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව පළමු ස්ථානය හිමි කරගෙන සිටින වෙබ් අඩවිය බවට පත් වෙන්නටත් google.com වෙබ් අඩවියට හැකියාව ලැබී තිබෙනවා. මසකට මෙහි පරිශීලකයින් සංඛ්‍යාව බිලියන 4.5කට අධික සංඛ්‍යාවකි.

Bing

microsoft සමාගමේ නිල වෙබ් සෙවුම් යන්ත්‍රය bing- 9to5google.com

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කළ microsoft සමාගමේ නිල වෙබ් සෙවුම් යන්ත්‍රය www.bing.com වන අතර, මෙය භාෂා 40කට සහාය දක්වයි. alexa ශ්‍රේණිගත කිරීම් අනුව 44 වන ස්ථානයේ පසුවන මෙම සෙවුම් යන්ත්‍රය 2009 වසරේ ආරම්භ වූවකි. windows නිල වෙබ් පිරික්සුම (official web browser) microsoft edge මෘදුකාංගය සමග පෙරනිමි වෙබ් සෙවුම් යන්ත්‍රය ලෙස පැමිණේ. මුලදී පැවති MSN Search, Windows Live Search, සහ Live Search සියල්ලන්ගේ ම දියුණු සංස්කරණයක් ලෙස මේ වෙබ් සෙවුම් යන්ත්‍රය හැඳින්වේ.

Yahoo

ප්‍රවෘත්ති ඇතුළු බොහෝ දේ දර්ශනය වන වෙබ් අඩවියක් වන yahoo

වෙබ් සෙවුම් අඩවියට පිවිසුණ ගමන් ප්‍රවෘත්ති ඇතුළු බොහෝ දේ දර්ශනය වන වෙබ් අඩවියක් වන yahoo වෙබ් අඩවිය, 1995 දී ආරම්භ වුණ වෙබ් අඩවියක්. අද වන විටත් ලෝකයේ වැඩි ම විද්‍යුත් ලිපින සඛ්‍යාවකට සහාය දක්වන එක් සමාගමක් ලෙස www.yahoo.com (යාහූ) හදුන්වන්න පුළුවන්. alexa ශ්‍රේණිගත කිරීම්වල 6 වෙනි ස්ථානයට පත් ව සිටින yahoo web අඩවිය, bing වෙබ් අඩවිය භාෂා 40කට සහාය දක්වනවා.

Ask.com

මිනිසුන්ගේ එදිනෙදා ගැටළු සඳහා විසඳුම් සෙවීම මුලික කර ඇරඹි Ask සෙවුම් යන්ත්‍රය

1996 වසරේ දී ඇරඹි මෙම වෙබ් අඩවිය පිරිසිදු අතුරු මුහුණතක් සහිත සෙවුම් යන්ත්‍රයක් ලෙස ප්‍රසිද්ධියක් උසුළ යි. මුලින් Ask Jeeves ලෙස ඇරඹි මෙම වෙබ් සෙවුම් යන්ත්‍රය, ලොව ජනප්‍රියම සෙවුම් යන්ත්‍ර අතර රැඳී ඉන්නවා. Alexa ශ්‍රේණිගත කිරීම්වල 129 වන ස්ථානයේ රැඳී ඉන්න මේ වෙබ් අඩවිය සහාය දක්වන්නේ ඉංග්‍රීසි භාෂාවට පමණයි. නමුත් මෙම සෙවුම් යන්ත්‍රය යම් යම් මෘදුකාංග සමග පරිශිලකයාගේ කැමැත්ත රහිතව මෙවලම් තීරුවක් ලෙස (tool bar) වෙබ් පිරික්සුම සඳහා බලෙන් එකතු වීම නිසා අනිෂ්ට මෘදුකාංගයක් ලෙස මෙය හංවඩු ගැසීමක් සිදුවුණා. මෙහි ආරම්භක අරමුණ බවට පත් වුයේ මිනිසුන්ගේ එදිනෙදා ගැටළු සඳහා විසඳුම් සෙවීම යි.

DuckDuckGo

සෙවුම්කරුවන්ගේ පෞද්ගලිකත්වය සුරක්ෂිත කිරීම අරමුණු කරගත් DuckDuckGo

2008 වසරේ ඇරඹි තවත් ජනප්‍රිය සෙවුම් යන්ත්‍රයක් ලෙස DuckDuckGo සෙවුම් යන්ත්‍රය හඳුන්වන්න පුළුවන්. සෙවුම්කරුවන්ගේ පෞද්ගලිකත්වය සුරක්ෂිත කිරීම ප්‍රධාන අරමුණ බව සපථ කරමින් මෙම වෙබ් අඩවි සෙවුම් යන්ත්‍රය ආරම්භ වී තිබෙනවා. භාෂා ගණනාවකට සහාය දක්වන සෙවුම් යන්ත්‍රයක් වන මෙය, බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය වන්නේ කිසිඳු ආකාරයකට පරිශීලකයන් වර්ග කිරීමකින් තොරව (not profiling)  සියලුම පරිශීලකයන් සෙවුම් පදයන් සඳහා එකම සෙවුම් ප්‍රතිඵල පෙන්වීම නිසා යි. 2018 වසරේ පමණක් දිනපතා සෘජු සෙවීම්වල සාමාන්‍ය 29,661,659 ලෙස වාර්තා වී තිබුණා.

Wiki.com

දැනුම සොයන්නන් අතර ජනප්‍රිය Wiki.com සෙවුම් යන්ත්‍රය

අන්තර්ජාලය හරහා දැනුම සොයන්නන් අතර ජනප්‍රිය වෙබ් සෙවුම් යන්ත්‍රයක් ලෙස http://www.wiki.com/ හැඳින්විය හැකියි. විකිපීඩියාව වැනි වෙබ් අඩවිවල තොරතුරු අගය කරන සහ භාවිතා කරන අය සඳහා මේ වෙබ් සෙවුම් යන්ත්‍රය වඩාත් පහසුවක් සපයනවා. google සෙවුම් යන්ත්‍රයෙන් බල ගැන්වෙන සෙවුම් යන්ත්රයකි මේ. සිංහල ඇතුළු භාෂා ගණනාවකට මෙම සෙවුම් යන්ත්‍රය ද සහාය දක්වනවා.

කවරයේ පින්තූරය: hackernoon.com

මූලාශ්‍රයයන්:

wikipedia.org

Searchenginejournal.com

reliablesoft.net

Wikimedia.org

9to5google.com

Related Articles