Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Metaverse සමඟින් ගොඩ නැගෙන Facebook අනාගතය

Mark Zuckerberg තාක්ෂණික ලෝකයේ සහ සමාජ ජලාවල නවමු පරිච්චේදයක් පසුගිය දිනෙක ආරම්භය සනිටුහන් කළා. ඒ නිල වශයෙන් Metaverse එක සහ තමාත් ඇතුළු සමාගමේ නව දැක්ම පිළිබඳ ව හෙළි දරව්කරමින්. ඔහු ගොඩ නඟන අපුර්ව මෙටා විශ්වය පිළිබඳ ව හෙළිදරව් කිරීමට සමගාමී ව Facebook,Inc ලෙසින් පැවති ප්‍රධාන සමාගමේ නාමයත් Meta Platforms, Inc.ලෙසින් වෙනස් කරන්නට කටයුතු කළා.

මෙම නම් මාරු වීමෙන් ඔබත් මාත් භාවිත කරන පෙර Facebook.Inc ආයතනය  සතු ව පැවති WhatsApp,Instagram, Messenger හෝ Facebook වැනි කිසිම සේවාවකට හානියක් හෝ වෙනත් බලපෑමක් කිසිම ආකාරයකට සිදු වෙන්නේ නම් නැහැ. ඔබට මෙය තරමක් නුහුරු වෙන්නේ මෙලෙසින් නම මාරු වෙන ප්‍රධාන සමාගම ඔබට වඩාත් සමීප නිසාම පමණ යි. නැති නම් මෙලෙස විවිධ සේවා ගණනාවක් එකට එක වූ පසු ආයතනික ලෝකයේ වෙනම මවු සමාගම් නාමයක් පිහිටුවා ගැනීම අතිශය සාමාන්‍ය දෙයක්.  

මොකද්ද මේ Metaverse එක කියන්නේ?

Meta කියලා කියන්නේ සරල ව අපි දකින අත් විඳින මානයට ඔබ්බෙන් එහෙම නැතිනම් Beyond කියන තේරුම යි. අපි දැනට භාවිත කරන කුමන සමාජ ජාලා යෙදුමක වුණත් අපේ අත්දැකීම ද්විමාන යි. මෙය වෙනස් කරමින් Ar (Augmented reality) සහ Vr (Virtual reality) කියන තාක්ෂණ දෙකේම එකතුවෙන් බිහිවෙන අපුර්ව දරුවා තමයි Metaverse එක බවට පත්වෙන්නේ. ලෝකයේ විශ්ව ගම්මානයේ අත්දැකීම වඩාත් හොඳින් පරිශීලකයන්ට ලබා ගැනීමට අවස්ථාවක් Metaverse හරහා නුදුරේදී ම විවර වේවි. 

හිතන්න ඔබට හැකියාව තිබුණොත් ගෙදර ම ඉඳගෙන ඔබේ රූපයට සමාන රූපයක් සහිත Virtual Character එකක් එක්ක ලෝකය ගවේෂණය කරන්න කොහොමට තියේවිද ඒ අත්දැකීම? ඉදිරියේදී එවැනි දේවල් ඉතාම සාමාන්‍ය  දෙවල් වේවි. ඔබ Ready Player One චිත්‍රපටය හෝ Sword Art Online වැනි Anime බලලා තියෙනවා නම්  මේ අත්දැකීම ගැන ඔබට හොඳ අවබෝධයක්  අනිවාර්යෙන්ම ඇති. 

Ready Player One චිත්‍රපටය  – Amazon.com

 

හැබැයි Ready Player One / Sword Art Onlineවල වගේ Vr headset එකක් දාගෙන Games ගහන එකට වඩා Metaverse කියන්නේ විශාල සංකල්පයක්. මේ හරහා ඉදිරියේ දී අනන්ත අප්‍රමාණ අවස්ථා බිහිවේවි, නව තාක්ෂණයන්ට නව සංකල්ප විශාල ප්‍රමාණයකට මග පෑදේවි. මේ සමඟ බිහි වෙන්නේ නව විශ්වයක් කියලා මා මුලින් ම හැඳින්වූවේ ඒක යි. 

මීට ටික දිනකට පෙර   Ray-Ban සමාගම එක්ක එකතු වෙලා  Ray-Ban Stories නම් නව කණ්ණාඩි පෙළක් හඳුන්වා දෙන්න Meta Platforms, Inc.සමාගම කටයුතු කළා ඔබට මතක ඇති. එයත් මේ විශ්වය සමගින් එන නව අංගෝපාංගවල මුල් අදියරේ උපාංගයක්. දැනට වෙළඳපොලේ දකින්න ලැබෙන විශාල Vr headset වෙනුවට ඉදිරියේදී දිනපතා පළඳින්න පුළුවන් මට්ටමේ Vr Glasses නිර්මාණය වේවි. ඒවගේ ම මෙලෙස මේ නව නිවේදනය සිදු කරන දවසේ ම Meta Platforms සමාගම වෙතින් ඉදිරියේ දී එළිදක්වන්න තිබෙන smartwatch එකක් පිළිබඳවත් තොරතුරු අන්තර්ජාලය වෙත leak වුණා. මෙය එළඹෙන 2022 වසරේදී එළිදැක්වීමට නියමිත බව තමයි දැනගන්නට ලැබෙන්නේ.

 අන්තර්ජාලයට ලීක් වුණ smartwatch එක – bloomberg.com

ඔබට මතක නම් Virtual Reality Workspace සංකල්පය මීට ටික කලකයට පෙරත් Meta සමාගම හඳුන්වා දුන්නා? එය ඉදිරියේදී බිහි වෙන Metaverse එකේ මූලික පාදමක් බව අපිට දැන් හිතාගන්න පුළුවන්. වසංගත තත්වය තාක්ෂණික ලෝකයට විශාල බලපෑම් එල්ල කළා හොඳ සහ නරක දේ ආකාරයට ම.  තාක්ෂණයට බයෙන් සිටි බොහෝ දෙනකුට වසංගත සමය නිසාවෙන් ලෝකයේ කොටසක් ව සිටින්නට තාක්ෂණය  භාවිතයට බලකෙරුණා. දුරස්ථ ව වැඩ කරන්න තිබෙන හැකියාව පිළිබඳ ව අද වෙද්දී ලෝකය අනාවරණය කරගෙන අවසන්.  සැබෑ ලෝකයේ සේ ම වටපිටා ව ඔබට සකස් කර ගන්නට ඔබට හැකි වේවි. දැනට පවතින Facebook Groupsවලට සමානව ම වෙන වෙන ම Rooms මෙහි දැකගන්නට ලැබේවි. ඔබේ ඉදිරිපිට virtually  මැවෙන 3D උපාංග සහ characters එක්ක අන්තර්ක්‍රියා දක්වන්නත් ඔබට පුළුවන් වේවි. ඉදිරියේදී ඔබට නිවසේ සිට ම Metaverse එකේ Virtual Reality Workspace එකක ඔබේ රැකියාවේ යෙදෙන්නත්  ඉඩ ලැබේවි. 

Metaverse එකේ තවත් අරමුණක් වෙන්නේ ලෝකය තවත් සමීප කරන එක. ඔබට වෙනත් රටකට ගිහින් එහි ඉන්න පුද්ගලයන් සමඟ මුහුණට මුහුණ කතාබහ කරමින් අත්දැකීම් බෙදා ගන්නවා වැනි අත්දැකීමක් මේ ඔස්සේ ඔබට ලබාගන්න පුළුවන් ඉතා පහසුවෙන්. ඔබේ Virtual Character වෙනත් room එකක් වෙත ගෙනයාම පමණයි ඔබට කරන්න තිබෙන්නේ. 

පෞද්ගලිකත්ව අවදානම?

ඔබට මතක ඇති පෙර ලිපියකින් අපි Facebook සමාගම යටතේ පවතින Instagram සේවාව තරුණියන්ට අහිතකර ලෙස බලපාන ආකාරය ඔබට ගෙන ආවා. The Wall Street Journal සිදු කළ අනාවරණවලින් හෙළිදරව් වුණේ මේ අනිසි බලපෑම් පිළිබඳව සමාගම දැන සිටින බව යි. ඒ අනාවරණයන්ට අනුව අප නොදැනුවත්ව ම Facebook සමාගමේ පරීක්ෂණාගාර මීයන් බවට පත් ව තිබෙන ආකාරය අප ඔබට සිංහලෙන් පැහැදිලි කළා.

Facebook සමාගමේ හිටපු Data Scientist කෙනකු වන Frances Haugen මේ කරුණු තහවුරු කරන්නට සහ සමාගමට විරුද්ධව සාක්ෂි ඉදිරිපත් කරන්නට ජනමාධ්‍ය සහ අමෙරීකානු සෙනෙට් සභාව ඉදිරියට පැමිණියා. AP International News Agency මගින් පවත් වූ 60 Minutes නම් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක දී යි මේ පිළිබඳ ව Frances Haugen මුලින් ම කරුණු අනාවරණය කළේ.

මෑත කාලයේ සිදු වූ හෙළිදරව් කිහිපයක් වගේ ම හදිසි Facebook බිඳ වැටීමත් විශාල වශයෙන් සමාගමට පාඩු සිදු කළා. මේ නව  Metaverse  එක සඟග පරිශීලක පෞද්ගලිකත්වය වෙත වැඩි අවධානයක් යොමු කරන බව Mark Zuckerberg සඳහන් කළා. 

සබැඳි තවත් ලිපි පහතින් කියවන්න.

ලොක්ඩවුන් කාලේ Virtual ලෝකයක office එකක්! 

Ray-Ban Stories නවත ම Facebook Smart Glass පෙරළිය

Facebook හදිසි බිඳවැටීම පිටුපස කුමන්ත්‍රණයක්? 

තරුණියන්ට Instagram අහිතකරද?

කවරයේ ඡායාරූපය- theverge.com  

මූලාශ්‍ර:

Theverge.com 

Bloomberg.com 

Nytimes.com 

Forbes.com 

Gizmodo.com 

Theverge.com 

About.fb.com 

Cbsnews.com 

Related Articles