Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Pixel 6 සහ Pixel 6 Pro පෙරළිකාර ජංගම දුරකථන

Google Pixel කියන්නේ ජංගම දුරකථන ලෝකයේ විශාල පෙරළි කරපු දුරකථන මාදිලියක්. Google සතු ව පවතින අපුර්ව Image Processing තාක්ෂණය නිසා ම Pixel  දුරකථන Google Camera සමඟින් Mobile camera  නව මානයකට රැගෙන ගියා. තරගකාරී  සමාගම්වලටත් තම කැමරා සහ Image Processing  පිළිබඳ ව වෙනස් ම ආකාරයකින් හිතන්නට සහ තාක්ෂණය වැඩිදියුණු කරවන්නට Google Pixel උපාංගය මුල් කාලයේ හේතුවක් බවට පත්වුණා.

පසු කාලයේ විවිධාකාර Designing ගැටලු සහ සන්නාමය වටා එක්ව සිටින රසිකයන් සහ පරිශීලකයන් ගේ අදහස්වලට කන් නොදීම සහ ඔවුන්ගේ අදහස් හඳුනා නොගැනීම වැනි හේතු නිසා Pixel දුරකථන පෙළ යම් පසුබෑමකට ලක් වුණා. ඒ සියලු ගැටලු බාධක පසු කරමින්  Google සමාගම පසුගිය දිනෙක ඔවුන්ගේ නවත ම Flagship දුරකථනය Pixel 6 Pro සහ Pixel 6 – 5G දුරකථන හඳුන්වා දුන්නා. 

Google Tensor chip එක 

හැම වසරකදී ම වගේ මේ වතාවෙත් Pixel 6 Pro සහ Pixel 6 දුරකථන ගැන තොරතුරු නිල වශයෙන් නිවේදනය කරන්නට කලින් අන්තර්ජාලය වෙත පැතිරුණා.  පෙර වසරවලට වඩා මේ වතාවේ දී නම් මේ Pixel  දුරකථන ගැන විශාල උද්දීපනයක් ඇති වුණා. එයට විශේෂ හේතුව බවට පත්වුණේ Google Tensor chip එක යි.

පෙර වතාවලදී Google සමාගම ඔවුන්ගේ දුරකථනවලට භාවිත කළේ ලෝකයේ සුප්‍රකට chips නිර්මාණකරුවකු වන Qualcomm සමාගමේ Snapdragon chip set පෙළ යි. කොහොම නමුත් මේ වතාවේ තම Pixel  දුරකථන පෙළ වෙත Google Tensor chip නම් ඔවුන්ගේ ම චිපයක් හඳුන්වා දෙන්නට Google කටයුතු කළා. මේ දුරකථන බල ගැන්වෙන Tensor Chipsවල Benchmark පිළිබඳ දැනගන්නට අපට උපාංගය නිල වශයෙන් වෙළඳපොළට නිකුත් වෙනතෙක් බලා සිටීමට සිදුවේවි. 

Pixel 6 දුරකථනය  

Pixel 6 දුරකථනයේ ආරම්භක මිල $699 ක්. 100% ම recycled aluminumවලින් තමයි Pixel 6 දුරකථනය නිර්මාණය කරලා තියෙන්නේ. 90Hz refresh rate එකක් සහිත 6.4-inch display එකක් මේ දුරකථනය සතු ව තිබෙනවා.

ඒ වගේම Google Pixel 5 දුරකථනය සමඟ පැමිණි Qualcomm Snapdragon 765G චිපයට වඩා 80% වේගයෙන් වැඩි බවත් Google සමාගම පවසනවා. මෙහි තිරයට Gorilla Glass 6 භාවිත කර තිබෙනවා. 8GB Ram එකක් සහිත මේ දුරකථනය 128GB හෝ 256GB Storage සමගින් ඔබට මිල දී  ගන්නට හැකි වේවි.

Pixel 6 Pro දුරකථනය 

Pixel 6 Pro දුරකථනයේ ආරම්භක මිල $899 ක මුදලකට තමයි නියම වෙන්නේ. 120Hz refresh rate එකක් සහිත 6.71-inch display එකක් මේ උපාංගය සතු ව තිබෙනවා.

Gorilla Glass Victus නම් දැනට තිබෙන ශක්තිමත් ම Gorilla Glass මේ දුරකථනය සතු ව පවතිනවා.  Pixel 6 Pro දුරකතනය, 12 GB රැම් එකක් සහිත ව 128GB, 256GB හෝ 512GB Storage සහිත ව මිලට ගන්න ඔබට පුළුවන් වෙනවා.

Pixel 6 Pro සහ Pixel 6 දුරකථන – Google.com

 

වැඩි දියණු වූ කැමරා පහසුකම් 

Google සමාගම මේ වසරේ දී තම Pixel දුරකථන වෙත වැඩි කැමරා ප්‍රමාණයක් සහ වැඩි priority එකක් ලබා දී තිබෙනවා. Pixel 6 දුරකතනය වෙත කැමරා 3 සහ Pixel 6 Pro දුරකතනය වෙත කැමරා 4 ක් මේ වසරේ දී ලබා දී තිබෙනවා. මේ දුරකථන දෙකේ ම ප්‍රධාන කැමරා sensor එක මෙගා පික්සල් 50ක් වන අතර ම, මෙගා පික්සල් 12 ක Ultrawide Sensor එකකුත් එයට ඇතුළත් වෙනවා.

Pixel 6 Pro දුරකතනයට පමණක් 4X Zoom Lens එකක් ඇතුළත් වෙනවා. මේ උපාංග වෙත Punch Hole Design එක සහිත ව තමයි Front Camera එක යොදා තිබෙන්නේ.  Pixel 6 දුරකතනය මෙගා පික්සල් 8 ක කැමරාවක් සහ Pixel 6 Pro දුරකතනය සඳහා මෙගා පික්සල් 11.1 f/2.2 ක කැමරාවක් සහිත යි. 

ඊට අමතර ව තම සුපුරුදු හැකියා පෙන්වන්නට Google සමාගම මේ වතාවේ ඔවුන්ගේ නව කැමරා තාක්ෂණය සමගින් කටයුතු කර තිබෙනවා. අලුතෙන් එක් වන Face Unblur, Magic Eraser, Motion mode වගේ ම Night Sight, Portrait mode වැනි සුපුරුදු පහසුකම් පවා වඩා වැඩි දියුණු කරන්නට සමාගම කටයුතු කර තිබෙනවා. 

Face Unblur – මේ පහසුකම හරහා ඔබ ඡායාරූප ගන්නාවිට blur වීම යථා තත්ත්වයට පත් කිරීමට අවස්ථාව ලබා දෙනවා. 

Magic Eraser – ඔබ ගත් ඡායාරූපයක පසුබිමේ ඇති අනවශ්‍ය දේ ඉතා පහසුවෙන් වෙනත් app එකක් භාවිත නොකර ඉවත් කරන හැකියාවත් මෙය සතු යි. 

Motion mode – මේ සමඟ ඔබට Action Pan සහ Long Exposure යන mode දෙකක් ලැබෙන අතර මේ මගින් ප්‍රධාන වශයෙන් ම චලනය වන වස්තුවක ඡායාරූප ඉතා අපුර්ව ආකාරයට ග්‍රහණය කර ගැනීමේ හැකියාව පරිශීලකයන් වෙත හිමි වෙනවා. 

Google සමාගමේ නවත ම මෙහෙයුම් පද්ධතිය- blog.google

Android 12

Android 12 කියන්නේ Google සමාගමේ නවත ම මෙහෙයුම් පද්ධති සංස්කරණය යි. නවතම UI Design එකක් සමඟින් එන මේ මෙහෙයුම් පද්ධතිය Material You යන තේමාව පදනම් කරගෙනයි නිර්මාණය ව තිබෙන්නේ. සාමාන්‍යයෙන්  මෙය මුලින් ම ලැබෙන්නේ Pixel දුරකථන සඳහා වුවත් මේ වතාවේ දී  AOSP වෙත මුලින් ම Android 12 නිකුත් කිරීම විශේෂත්වයක්. කොහොම නමුත් මේ මෙහෙයුම් පද්ධතියේ නව පෙනුමට සහ අලුතෙන් ලබාදෙන පහසුකම්වලට දැනටමත් රසිකයන් යහපත් ප්‍රතිචාර දක්වමින් ඉන්නවා. 

කවරයේ ඡායාරූපය- Pixel 6 Pro සහ Pixel 6 දුරකථන - www.wb7themes.com 

මූලාශ්‍ර:

material.io 

techshorts.lk

tomsguide.com 

computerworld.com

cnet.com

engadget.com 

9to5google.com

theverge.com  

Related Articles