Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මොබයිල් ලොව වෙනස් කරවන අලුත්ම Qualcomm Snapdragon 845 ප්‍රොසෙසරය

ඩෙස්ක්ටොප්/ලැප්ටොප් පරිගණකවලට ඉන්ටෙල් වගේ, ක්වල්කොම් සමාගම මොබයිල් ප්‍රොසෙසර සඳහා නම දිනූ ආයතනයක්. මෙම ප්‍රොසෙසරවල ඇති විශේෂත්වය නම්, සම්පූර්ණ පද්ධතියම තනි චිප් එකක් මත පැවතීමයි. මෙය SoC (System on Chip) ලෙස හඳුන්වනවා. මෙම ආකාරයේ පද්ධති ජංගම දුරකතන සඳහා වඩාත් ප්‍රචලිත වූයේ එහි අඩු බල භාවිතයකින් ඉහළ ක්‍රියාකාරීත්වයක් ලබාදීමයි. ක්වල්කොම් සමාගමේ 835 ප්‍රොසෙසර සැම්සන්ග් S8 දුරකතනයේ ඇමරිකාවට සහ චීනයට සකසන ලද මාදිලියේ ද අඩංගු කරන ලද අතර, පසුගියදා ක්වල්කොම් සමාගම තම නවතර ප්‍රොසෙසරය වන ස්නැප්ඩ්‍රැගන් 845 හඳුන්වා දුන්නා.

වේගවත්; නමුත් ප්‍රොසෙසර වේගයම නොවෙයි

businessinsider.com

‘අලුත් ප්‍රොසෙසරයක් ආවා’ කියලා කියද්දී අනිවාර්යයෙන්ම එහි වේගය වැඩි බව අපි දන්නවානේ. නමුත් Qualcomm ආයතනය මූලික CPU වේගයට වඩා අවධානය යොමු කර තිබෙන්නේ Snapdragon සතු GPU, AI වැනි අනෙකුත් විශේෂාංග ගැනයි. ඒ අනුව මෙහි අඩංගු කර ඇති Adreno 630 ග්‍රැෆික් චිප් එක 30%ක් වේගවත් සහ කාර්යක්ෂමයි. ඒ වගේම මෙයට පෙර ප්‍රොසෙසරයට වඩා තුන් ගුණයක වේගයකින් කෘත්‍රීම බුද්ධිමය (AI) අභ්‍යාසයන්හි නිරතවීමෙහි හැකියාව තිබෙනවා.

CPU එක කොහෙත්ම නවීකරණය නොකළ බව ඉන් කියැවෙන්නේ නැහැ. මෙහි ඇති Kryo 385හි ක්‍රියාකාරිත්වය 25%කින් ඔප් නංවා ඇති අතර බැටරි භාවිතය ද 15%කින් අවකුරු කොට තිබෙනවා. මේ නිසා මෙය යොදන ලද උපාංගවල අඩු බැටරි බල භාවිතයක් අපිට අත්විඳීමට, හෝ නිෂ්පාදකයන්ට එහි clock speed එක වැඩි කොට බැටරි ඉතිරිය වෙනුවට වැඩි හැකියාවන් ප්‍රමාණයක් අඩංගු කරන්නට අවස්ථාව ලැබෙනවා.

ඒ අනුව මෙයට මූලික ප්‍රොසෙසර වේගයෙන් Appleහි A11 Bionic ප්‍රොසෙසරය අභිබවන්නට නොහැකි වූවත් ජංගම උපාංගයකට හුදෙක් ප්‍රොසෙසර වේගයට වඩා අවශ්‍ය වන වෙනත් පහසුකම් රැසක් තිබෙනවා.

වීඩියෝ සඳහා වැඩි සවිබලයක්

Snapdragon 845 සමඟ Ultra HD Premium සළරූ හැකියාවන් ලැබෙනවා (aolcdn.com)

Snapdragon 845 සතු ඉහළ සළරූ සහාය නිසා දෘඪාංග-ත්වරිත (hardware-accelerated) හැකියාවන් Ultra HD Premium capture හෙවත් 4K HDR වීඩියෝ 60 fps වලින් රූගත කිරීමට හැකි වෙනවා. ඒ කියන්නේ දැන් ඉතා සෙමින් ධාවනය වන වීඩියෝ 4K වලින් ගන්නට පුළුවන්. 720p වීඩියෝවක් නම් 480fps හෙවත් ඉතාමත් ඉහළ ගුණාත්මක බවකින් යුත් slow motion වීඩියෝ ලබාගන්නට පුළුවන්. එසේම මෙය සමඟ හොඳ කැමරාවක් යෙදුවහොත් 16MP හරහා 60 fps ලබා දෙන්නට තරම් සවිබලයක් එය සතුයි. අඳුරු ස්ථානවල ගන්නා ලද ඡායාරූපවල තිත් සහිත බව අඩු කිරීම සඳහා මෙහි නව ඇල්ගොරිතම අඩංගු කර ඇති නිසා, සෙවනැලි බහුල ස්ථාන වැනි අඩු ආලෝක තත්ත්වයන් යටතේ පවා ඉතා හොඳ ඡායාරූප ප්‍රතිදානයක් ලබාදෙන්නට ඊට හැකියාව තිබෙනවා.

මේ වන විට බොහෝ දුරකතනවල ඉදිරිපස කැමරාවෙන් ගනු ලබන ඡායාරූපවල ගුණාත්මක භාවය වැඩි කිරීම සඳහා කැමරා එකකට වඩා වැඩි ප්‍රමාණයක් භාවිත කරනු දකින්නට ලැබුණත්, මෙම ප්‍රොසෙසරයට තනි කැමරාවකින් වුවත් එම කොටස සිදුකර දෙන්නට හැකියි. Cinemagraphs හෙවත් ඡායාරූප සහ වීඩියෝ එකතු කොට සකසන ලද, ඡායාරූපයේ එක් කොටසක් පමණක් වීඩියෝ එකක් සේ චලනය වන ආකාරයේ ඒවාට ද දෘඪාංගමය සහාය ලබා දෙන්නට මෙම නව ප්‍රොසෙසරයට හැකියි.

VR Headsetවලටත් උචිතයි

digitaltrends.com

දුරකතනයක් ඇතුලත් නොකොට ස්වාධීනව ධාවනය වන VR හිස් පළඳනා වල භාවිත වන්නේ ද මෙම ජංගම ප්‍රොසෙසර යි. ඒවාට ද සහාය විය හැකි ආකාරයට සම්පූර්ණ කාමරයක් දෘඪාංගයෙන් ම සකසා දිය හැකි ආකාරයේ විශේෂාංගයක් මෙම ප්‍රොසෙසරයට අඩංගු කර ඇති නිසා, හුදෙක් කුඩා ප්‍රදේශයකට සීමා වෙමින් මවන ලද VR දසුන් දැන් හාඩ්වෙයා සහාය ද ඇතිව වඩාත් හොඳ මට්මටකට ගෙන ඒමේ හැකියාව තිබෙනවා. එසේම ඇස් සහ දෑත් චලන හඳුනාගැනීමේ හැකියාවෙන් සවිබල ගන්වා ඇති නිසා චලනවලට ක්‍රියාවන් (උදාහරණයක් ලෙස ඔබ වමේ සිට දකුණට අත හැසිරවූ විට ගේම් එකේ දොරක් හැරෙන ආකාරයේ) සහ දෑසේ චලන හඳුනාගෙන ඔබ බලන ප්‍රදේශය වඩාත් හොඳින් ග්‍රැෆික් render කිරීම සිදුකිරීමට මින් නිෂ්පාදකයන්ට අවස්ථාව සලසා දෙනවා.

රැහැන් රහිත උපාංගවලට සහාය

speedtest.net.in

නව ප්‍රොසෙසරයට 20%ක වැඩි LTE වේගයක්, එනම්, 1.2 GBps වේගයක් එය සතු X20 modem එක හරහා ලබාදෙන නිසා හොඳ කනෙක්ශන් එකක් තිබෙනවා නම් 3GB චිත්‍රපටයක් විනාඩි 3කටත් අඩු කාලයකින් බාගත කරගත හැකියි.

මෙම දත්ත සංසරණ හැකියාවන් ඔප් නැංවීමෙන් Bluetooth headphones වලට වැඩි සවිබලයක් ලැබෙනවා. දැනට රැහැන් රහිත බ්ලූටූත් earbud ක්‍රියාත්මක වන්නේ එකකින් ශබ්දය ග්‍රහණය කරගෙන, එය process කර අනෙකට යැවීමෙනුයි. මෙහිදී වැඩි බැටරි බලයක් නිරපරාදේ වැය වන අතර දැන් මෙම ප්‍රොසෙසරය භාවිතයෙන් Bluetooth 5 headphones වලට එකිනෙකට ස්වාධීනව ශබ්ද සංසරණය කරමින් වාදනය කළ හැකිවන නිසා 50%ක පමණ බැටරි ඉතිරියක් අනාගත බ්ලූටූත් උපාංගවලට ලබාදීමට හැකියාව ලැබෙනවා.

ආරක්ෂාව වඩාත් තර කෙරේ

smartphonelab.it

අලුතින්ම එක්කරන ලද SPU (Secure Processing Unit) එක නිසා ජෛවමිතික හඳුනාගැනීම්, එනම් ඇඟිලි සලකුණු, මුහුණු සලකුණු ආදී සංවේදක හරහා ඇති කරනු ලබන ආරක්ෂණයන් වඩාත් ඉහළ ආරක්ෂණ තලයකට ගෙන එමින් අනවසර පිවිසුම් වළක්වා ලන්නට දෘඪාංග මට්ටමින් ම හැකියාව ලබා දෙනවා. ප්‍රොසෙසරය තුළම අඩංගු කරන ලද මෙම විශේෂ මයික්‍රොප්‍රොසෙසරය සතුව වෙනම මතකයක්, අහඹු සංඛ්‍යා ජනකයක් සහ cryptographic ඩිකෝඩරයක් අඩංගු කර ඇත්තේ බලය අතින් ද ස්වාධීන කරවමින්.

ඒ අනුව, ඔබේ දුරකතනයේ අනිකුත් කොටස් මෘදුකාංග හෝ දෘඪාංගමය මට්ටමින් වුවත් හැක් කළත් මේ කොටසට පිවීසීම නම් එතරම් ලෙහෙසි වන්නේ නැහැ. ඉතින් නිෂ්පාදකයන්ට මෙම නව විශේෂාංගය තම උපාංගවල ආරක්ෂණ තත්ත්ව වැඩි කරලන්නට සහ වෙළඳපොළට උපාංග ඉදිරිපත් කිරීමේදී උජාරුව කියන්නට නව අවස්ථාවක් උදා කර දෙනවා.

ඉතින් මේ තරම් නවතම හැකියාවන්ගෙන යුත් ‘මොළය’ක් 2018 වර්ෂයේ පැමිණෙන උපාංගවලට අඩංගු වෙනවා කියන්නේ තව තවත් දෑස් අදහාගත නොහැකි සුබ සිහින අපට දකින්නට ලැබෙන බවට පෙර නිමිති කීමක්. ඔබ හිතන්නේ මේවා භාවිත කරලා මොනවගේ උපාංග කරළියට පැමිණේවිද?

කවරයේ ඡායාරූපය: phonetian.com

Related Articles