Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

“Resolution” සහ ටීවී තිරවල ඒවා භාවිතා වන අයුරු

TV එකක් ගන්න ගියාම නානාප්‍රකාර අකුරු ඉලක්කම් අනුව ඒවායේ තිරය සඳහා හඳුන්වාදීම් සිදුකර තිබෙනවා. 4K, UHD ආදී වශයෙන් මේ දකින්න ලැබෙන ඒවායෙන් හොඳම එක කුමක්ද සහ එය අප වියදම් කරන මුදලට වටිනවා ද යන්න තීරණය කරගන්නට නම් අනිවාර්යයෙන්ම මේ ගැන දැනගෙන ඉන්න එක වටිනවා.

මොකක්ද 4K කියන්නේ? ඒක Ultra HD වලට වඩා වැඩියි ද? එතකොට Blu-ray කියන්නේ 1K ද? එහෙම නම්, 4K කියන්නේ 1080p ට වඩා 4ගුණයක් වැඩි බව නම් 4K කියන්නේ 4320p ද? මේ සේරටම උත්තර සොයා බලන්නයි මේ ලැහැස්තිය.

Resolution කියන්නේ මොකක්ද?

wikimedia.org

තිර විභේදනය, එහෙමත් නැත්නම්, Resolution කියලා කියන්නේ තිරයක තිබෙන රූප මවන පික්සල් සංඛ්‍යාව යි. තනි පික්සලයක්, එහෙමත් නැත්නම් තිරයේ මැවුණු ඡායාරූපයක මූලික අංශුව කියලා කියන්නේ තිරයේ තිබෙන ඉතාම කුඩා තිතක්. දැනට දකින්න ලැබෙන නිෂ්පාදනවල මූලික වශයෙන් මිලියනයක පමණ (720p රූපවාහිනීවල) සිට මිලියන අටක් (4K Ultra HD TV සඳහා) දක්වා තිත් අඩංගු වෙනවා. අතේ තියෙන දුරකථනයේ තිරයට වතුර බින්දුවක් වැටුණාම පාට පාට තිත් විදියට පෙනෙන්නේ මේ පික්සල තමයි. එහෙමත් නැත්නම් පරිගණක හෝ ටීවී තිරය සක්‍රීයව තිබිය දී උත්තල කාචයකින් බැලුවාමත් පික්සල ඉතා පහසුවෙන්ම දැක ගන්නට පුළුවන්.

වෙළඳපොළේ දකින්නට ලැබෙන බොහෝ රූපවාහිනී වල “පික්සල මිලියන අටක්” හෙවත් 4K Ultra HD ලෙස වෙළඳ ප්‍රචාරණය කරද්දී එකවර සිතට දැනෙන හැඟීම හොඳ එකක් වූවත්, හැමවිටම UHD කී පමණින්ම තිරය 1080p රූපවාහිනියකට වඩා හොඳ එකක් වන්නේ නැහැ. බොහෝ අවස්ථාවල දී එය හොඳ තත්ත්වයේ වුණත් එසේ නොවන අවස්ථා ද නැතුවා නොවේ. මන්ද, තිර විභේදනය යනු තිරයේ ගුණාත්මක බව කියන දර්ශකය නොවෙයි.

අපි දැන් ඒවා එකින් එක ගැන බලමු.

4K හෙවත් UHD

richersounds.com

අද කාලයේ රූපවාහිනිවල වැඩිපුරම දකින්නට ලැබෙන UHD තිර විභේදනය 4K, Ultra HD, Ultra High Definition යන නම් වලින් හඳුන්වනවා. Ultra HD Blu-ray ලෙස ද ඇති මෙය YouTubeහි 4K quality එක සහ Netflix ආදියේ භාවිත වන අතර, අංක අනුව එය තිරස් 3840 x සිරස් 2160 තිර විභේදනයක් වනවා. නමුත් සිනමා තිර, හෝ ප්‍රොජෙක්ටර්වල 4K කියන්නේ වෙනම කතාවක්.

ඇත්තෙන්ම 4K ලෙස හඳුන්වන්නේ තිරස්ව පික්සල 4096ක් පමණයි. ඩිජිටල් සිනමාව හරහා කරළියට ආ මේ ප්‍රමාණයේ දී විවිධ සිරස් ප්‍රමාණයන්ගෙන් යුත් චිත්‍රපට සැකසෙන නිසා නිශ්චිත සිරස් උසස් ‘සිනමා 4K‘ සඳහා නැහැ. ඒ අනුව ටීවී වල ඇති තිරස් පික්සල 3840, 4Kම නොවෙයි. නමුත් වහරෙහි පහසුවට 2160p හෝ Ultra HD ලෙස කියනවාට වඩා 4K ලෙස හැඳින්වීම පහසුයි. ගූග්ල් සර්ච්වල පවා බොහෝ දෙනෙක් 4K යන වචනයට ප්‍රිය කරන බවයි පෙනී යන්නේ.

අනාගතයේ දී පැමිණීමට නියමිත, දැනට පර්යේෂණ මට්ටමේ පමණක් දකින්නට ඇති 8K උපාංග යනු මෙහි දෙගුණයක (7680 x 4320) ඒවා වන අතර තවමත් ඒ ප්‍රමාණයට ඩිජිටල් සිනමාව ද පා තබා නැහැ.

2K

tqn.com

4K වලට කලින් වඩාත්ම ප්‍රසිද්ධව තිබූ මේ තිර විභේදනය 2K ලෙස සඳහන් කොට තිබෙනු ඔබ දකින්නටවත් නැතුව ඇති. සිනමාවල බෙහෙවින් භාවිතවූ මෙය මූලික ආකාරය (master format) ලෙස හැඳින්වුණා. ඩිජිටල් සිනමා ප්‍රොජෙක්ටර් යොදා ගත් මේ තිර විභේදනය පික්සල 2048ක තිරස් අගයකින් යුතු වුණා.

නමුත් 4K කරළියට පැමිණීමත් සමග මෙය 1080p මෙන්ම කතා බහෙන් අඩුව ගිය අතර තාක්ෂණිකව නිරවද්‍ය නොවුණත්, එකල බ්ලූ රේ, 1080p, HDTV ආදී නම් වලින් 2K රූපවාහිනී අලෙවි කරනු ලැබුවා.

1080p හෙවත් Full HD

samsung.com

සිනමා තාක්ෂණයේ දී තිරස් අත තිර විභේදනය සැලකිල්ලට ගැණුනත්, මුල් කාලීන පසුපස ඉතා දිගුව තිබූ කැතෝඩ කිරණ නල සහිත රූපවාහිනීවල තිර විභේදනය සැලකුවේ සිරස් අතටයි. ඒ අනුව 1080p කියන්නේ සිරස් තිර විභේදනයක්. HDTV සියල්ලෙහිම ආසන්න වශයෙන් දර්ශන අනුපාතය (aspect ratio) 1.78:1 (16×9 හෙවත් widescreen) වූ අතර තිරස් අතට පික්සල් 1920ක් (1920 x 1080) වූවා.

ඒ කියන්නේ 1080p කියන්නේ 1K නෙවෙයි. UHD TV වලට 4K වෙන්න පුළුවන් වුණා නම්, 1080p කියන්නේ 2K. හැබැයි කවුරුවත් එහෙම පාවිච්චි කරන්නේ නැහැ. 1080p, FHD හෝ Full HD ලෙස තමයි මේ තිර විභේදනය දකින්න ලැබෙන්නේ. 1080i ලෙස හැඳින්වෙන්නේත් මෙයම වන අතර බොහෝ රූපවාහිනී නාලිකා සහ වැඩසටහන් මේ ප්‍රමාණයෙන් තවමත් නිකුත් කෙරෙනවා. 720p කියන්නේ ආසන්න වශයෙන් මෙහි අර්ධ ප්‍රමාණය යි.

පසුවදන

wikimedia.org

ඔබේ දැනට තිබෙන රූපවාහිනිය බොහෝ විට HD, 720p හෝ බොහෝ විට 1080p වෙන්න ඇති. නව 4K Ultra HD TVවල නම් 1080p වගේ හතර ගුණයක පික්සල ඝනත්වයක් තිබෙනවා. නමුත් තිරයක ගුණාත්මක භාවය මෙය හරහා ම තීරණය නොවන අතර ඊට brightness, contrast, වර්ණ තීව්‍රතාවන්, LCD/LED/OLED ආදී සැකැස්ම බෙහෙවින් බලපානවා. මේ නිසා ඔබේ ඊළඟ ටීවී එක ගන්න කලින් මේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න අමතක කරන්න එපා.

කවරයේ ඡායාරූපය: audioholics.com

Related Articles