වැස්ස ඉල්ලලා බෝධි පුජා තියපු කාලේ නම් දැන් ඉවරයි වගේ, ගතවෙච්ච දින කිහිපය තුල එකදිගට නොනැවතීම පැය 36 වැහැපු වැස්සට යටවුණේ පාරවල් විතරක්ම නෙමෙයි, සමහර පැතිවල ගෙවල්ද යටවෙලා- මේක කොච්චර දරුණුවට වැස්සද කියනවනම් වැස්ස ඉල්ලගෙන හිටපු මිනිස්සුම දැන් ආපහු අව්ව එනකන් බලාගෙන ඉන්නවා.
මතකද මිට කාලෙකට පෙර උතුරු නැගෙනහිර සහ උතුරු මැද ප්‍රදේශවල ගොවි මහතුන් දෙවියන්ගෙන් වැස්ස ඉල්ලුවා, ඒගොල්ලන්ගේ කුඹුරු වලට වතුර ගේන වැව් සහ වාරිමාර්ග අව්වට වේලිලා ගිහින් තිබුනා, එදා වේලිලා ගිහින් තිබ්බ රටේ තියෙන ලොකුම ගංගා, එකියන්නේ මහවැලි ගඟ, කැළණි ගඟ සහ කළු ගඟත් අද උපරිමයටම පිරිලා ඉතිරිලා යන්න ඔන්න මෙන්න. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) කියන විදියට නම් මේ හින්දා සමහර ප්‍රදේශවල හිටපු මිනිස්සුන්ට ගෙවල් අතහැරලා යන්න වෙලා තියෙන්නේ.
වස්සාන කාලය ලංවෙන මැයි මාසය තුල ලංකාව ආශ්‍රිතයෙන් දකින්න ලබෙන කාලගුණික විපර්යාස සහ කුනාටු හරහා දැඩි වැසි සහිත තත්වයක් දකින්න පුලුවන් වෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන හැටියට බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇතිවෙච්ච අව පීඩන තත්වයක් හින්ද තමයි මේ වැස්ස ඇවිල්ල තියෙන්නේ- මේ කියන පීඩන තත්වය දැන් හෙමිහිට ලංකාවෙන් පිටතට යනවා. ඒ උනාට තව දවස් කීපයක් යනකන් වැස්සත් සමග තද සුළං තත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.
ඇත්තටම මොකද්ද මේකට හේතුව?
Roar වෙත කතාකල කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිලධාරියෙක් කියපු හැටියට බෙංගාල බොක්කෙන් ලංකාවේ ගිනිකොනදිග ප්‍රදේශයට වන්නට ඇතිවෙලා තියෙන අවපීඩන තත්වයක් හින්ද තමයි මඩකලපුව පැත්තෙන් මේක පටන් අරන් තියෙන්නේ. මේකෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ වැස්ස අඩුවෙන බවයි, ඒ උනාට තව දවස් කීපයකටම වැස්ස නම් තියෙයි.
කොළඹ ඇතුළු ලංකාවේ බොහෝ ප්‍රදේශ වලින් වාර්තා වෙච්ච ක්ෂණික ජල ගැලීම් ගැන ඔබත් අහන්න ඇති- සමහර ප්‍රදේශ වලට අඟල් 10ක, එහෙම නැත්නම් මිලි මීටර් 250 පමණ අධික වර්ෂාපතනයක් ලැබිලා තියෙනවා.
මේ අතරේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ නරකම කාලය දැන් ඉවරයි කියල, ඒ කියන්නේ පහුගිය ඉරිදා සඳුදා දවස් දෙක වගේ ඉස්සරහට නම් එලව එලව වහින්නේ නැති වෙයි කියල. හැබැයි ඉතින් හිතේ තියාගන්න මේක අනුමානයක් විතරයි කියල- ඉස්සරහට කොහොම වෙයිද කියල කවුද දන්නේ?
ඉන්දියාවේ එක කාලගුණ මාධ්‍ය ආයතනයකින් කියන හැටියට නම් ‘ලංකාවත් මන්නාර් කලපුවත් ඉහල තියෙන අව පීඩන තත්වය ඊළඟ පැය 48 තුල තවදුරටත් වර්ධනයවී විනාශකාරී කාලගුණ තත්වයක් අතිවෙන බවයි.
විනාශකාරී කාලගුණය
ඊයේ උදෑසන අපි ජාතික කළමනාකරණ මධ්‍යස්ථානයට කතාකලාම දැනගත්තේ මේ වෙනකොටත් මේ කාලගුණය සහ ඒ ආශ්රිත බලපෑම් නිසා අඩුමතරමින් අට දෙනෙක්ගේ ජීවිත අහිමි වී අති බවයි – මේ අතරට මාස දහයක ළදරුවෙකුත් ඇතුලත්. මීට අමතරව දාහකට වැඩි ප්‍රමානයකට ගෙවල් අතහැර යන්න වෙල තියෙනව.
රටපුරා ඇති ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන වලට අනුව මේ වෙනකොට පවුල් 4,000 පමණ මේ කාලගුණයෙන් පීඩාවට ලක්වී ඇති අතර කෙටිකාලින නවාතැන් පහසුකම් සඳහා දැනටමත් ස්ථාන 10ක් ස්ටාපනය කර ඇත. මේවෙනකොට අවතැන්වෙච්ච පුද්ගලයින් 2,000 කට පමණ තාවකාලික නවාතැන් පහසුකම් සපයන්නට රටපුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලින් සමත්වී තිබෙනවා.
පොලිසි සහ හමුදා උදවු
හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයන්ත ජයවීර මහතා අපිට කිව්වේ මේවෙනකොට රටපුරා විවිධ හදිසි සේවා සඳහා හමුදා නිලධාරීන් සිය ගණනක් යොදා ඇති බවයි. පානදුර ප්‍රදේශයේ ඇතිවෙච්ච සයික්ලෝන් කුනාටු තත්වයෙන් පස්සේ ඒ ප්‍රදේශයටම විතරක් නිලධාරින් 165 පමණ යොදවලා තියෙනවා.
ඔහු තවදුරටත් ප්‍රකාශ කලේ රටපුරා ඇතිවෙලා තියෙන නාය යාම්, ගංවතුර සහ වෙනත් ආපධා පාලනය සඳහා තවත් හමුදා නිලධාරින් යොදවා ඇති බවයි. “නාවුක හමුදා නිලධාරින් 30කුත්, යුධ හමුදා නිලධාරීන් 25කුත් යොදවලා තියෙනවා පාර්ලිමේන්තුව සහ දියවන්නා ඔය ආශ්‍රිතව ඉහල යමින් තියෙන ජල මට්ටම පාලනය කිරීම සඳහා, ඒවගේම නාවික හමුදාවෙන් බෝට්ටු කණ්ඩායමක් යොදලා තියෙනවා වැල්ලම්පිටිය, මල්වාන, බණ්ඩාරගම සහ රාජගිරිය රෝයල් පාර්ක් ප්‍රදේශවලට”
“තව බෝට්ටු කණ්ඩායම් දෙකක් යවල තියෙනවා අවිස්සාවේල්ල පැත්තටත්, මේගොල්ලන්ට ඕනෑම අවස්ථාවකට මුහුණදීමට විශේෂ පුහුණුවීම් දීල තියෙන්නේ.”
නායයාම් එක්ක වාර්තා වෙච්චි පුද්ගලයින් අතුරුදන්විමක් ගැන විමර්ශනය කරන්නට විශේෂ බේරාගැනීමේ කණ්ඩායම් දෙහිඕවිට පැත්තට ගිහින් තියෙන්නෙත් හිරවෙච්ච මහා මාර්ග, කඩාගෙන වැටිච්ච ලයිට් කණු, පෙරලිච්ච ගල් ගොඩවල් වගේ දේවල් ගොඩක් අතරින්.
ඊයේ හවස වනවිට තත්වය ගැන බ්‍රිගේඩියර් කිව්වේ මෙහෙමයි, “අපි යනකොට ප්‍රදේශවාසීන් එක සිරුරක් සොයාගෙන, ඊටපස්සේ අපිට පුළුවන් උනා තවත් සිරුරක් සොයාගන්න, දැන් මෙහෙයුම් අරඹලා තියෙන්නේ ඉතිරි සිරුර සොයාගන්න.”
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ASP රුවන් ගුනසේකර මහතා අපිට පැවසුවේ රටපුරා සියලු පොලිස් නිලධාරීන්ට මේ කාලගුණය නිසා ඇතිවිය හැකි ආපදා තත්ත්ව සහ ඒවාට මුහුණදෙන ආකාරයන් ගැන දැනුම්දී ඇති බව.
පාසල් වැසීම්
මිට සති දෙකකට විතර උඩ ඔබට මතක ඇති අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිර්දේශ කළා උතුරු මැද පළාත් වල පාසල් වසන්නට කියල- ඒ දරාගන්න බැරි රස්නේ හින්ද. හැබැයි ඊයේ නම් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ආපහු මේ තීරණය ගැන සලකන්න ගත්තේ උහුලගන්න බැරි වැස්ස හින්ද.
අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් ඊයේ පැවසුවේ පාසල් වහනවද නැද්ද කියන තීරණේ ගන්න එක ඒ ඒ පළාත් වල අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට පවරලා තියෙන බවයි.
මේ තීරණ ගන්නකොට ළමුන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව ගැන මුලින්ම හිතන්න කියල උපදෙස් දීලයි තියෙන්නේ.
අවදානම් සහිතයි
වැස්ස එක්ක අත්වැල් බැඳගෙන එන අනිත් දේ තමයි අකුණු- කාලගුණ දෙපාර්තමේන්තුව මේ ගැන විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා ඔවුන් පළකරපු මේ අනතුරු හැඟවීමත් එක්ක.
ඉතින් අකුණු කුනාටුවකදී මතක තියාගන්න අවශ්‍ය කරුණු කිහිපයක් තියෙනවා- ඕනේ නැති විදුලි උපාංග ඔක්කොම ගලවලා දාන්න, අනෙක ඔය ෆෝන් එහෙම නම් පාවිච්චි කරන්න යන්න එපා. හැකි හැම වෙලාවකම ගෙදර හරි ගොඩනැගිල්ලක් ඇතුලෙම හරි ඉන්නත් බලන්න.
කවරයේ පින්තුරය: skymetweather.com