කිසියම් සේවාවක් සඳහා පිවිසීමට මුරපදයක් භාවිත වූ යුගය අවසන් කරමින් ඇඟිලි සලකුණු තාක්ෂණය පැමිණි අතර ඉන්පසුව ඇසේ තාරා මණ්ඩලය පරිලෝකනය කරන තාක්ෂණයත්, මේ වනවිට සම්පූර්ණ මුහුණ හඳුනා ගැනීම හරහා අනන්‍යතාවය තහවුරු කරන ඉහළ තාක්ෂණයකුත් පසුගිය දිනවල එළිදක්වන ලද දුරකථන හරහා අපිට දකින්නට ලැබුණා. කාර්යබහුල භාවය සහ දැනට ඇති සේවාවන්ගේ සංකීර්ණභාවය වැඩිවීමත් සමඟ දිගු මුරපදයක් ටයිප් කිරීම බොහෝ දෙනකුට කරදරයක් බවට පත්ව තිබෙනවා. එසේම පරිගණක හැකර් කරුවන් ගේ පහරදීම දිනෙන් දින වැඩිවන නිසා වඩාත් ඵලදායි න්යතාවය තහවුරු කිරීමේ ක්‍රමවේදයක් භෞතික උපාංගවලට මෙන්ම අන්තර්ජාලය තුළ ඇති සේවාවන් සඳහා ද ඉතා විශාල අවශ්‍යතාවයක් බවට පත්ව තිබෙනවා.
මුරපද මතක තබා ගැනීමේ LastPass වැනි සේවාවන් බොහොමයක් මේ වන විට බිහි වී තිබුණත් උපරිම පරිශීලක අත්දැකීමක් ලබාදීමේ දී තිරය මත කිසිදු විධානයකින් තොරව සේවාව තුළට අනන්‍යතාවය තහවුරු කර පිවිසීමට ඉඩ ලබාදීමට නම් මුරපදයකට එහා ගිය තාක්ෂණයක් නිතැතින්ම අවශ්‍ය වෙනවා.
Face recognition තාක්ෂණය සාර්ථකද?
සැම්සන්ග් සමාගමේ නවතම දුරකථනය වන Galaxy S8 සතුව මෙම තාක්ෂණය අන්තර්ගත වී තිබූ අතර එය එතරම් විශ්වාසදායී බවක් හඳුන්වා දීමේ උත්සවයේ තබා තිබුණු උපාංගවල නම් දකින්නට තිබුණේ නැහැ. නිව්යෝක් නගරය ලෙස තබා තිබූ මූලික අවදියේ මෘදුකාංග සහිත උපාංග භාවිත කළ එක් අයෙක් තමන්ගේ අනෙකුත් දුරකථනය හරහා සෙල්ෆි ඡායාරූපයක් ගෙන එය සැම්සන්ග් ගැලැක්සි S8 දුරකතනය මත තැබූ විට කිසිදු පැකිලීමකින් තොරව එහි අගුලු හැරෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබුණා. එම උපාංගවල තිබුණේ මූලික අවධියේ, ආරක්ෂාව දැඩි නොකළ තත්ත්වයේ ඒවා ලෙස සලකා එම අවස්ථාවේදී එවැන්නක් සිදුවීම බරපතළ කරුණක් ලෙස සැලකීමට අපට හැකියාවක් නැහැ. විශේෂයෙන් එතැන් පටන් ලෝකයේම අවධානය ඒ වෙත යොමුව තිබෙන නිසා සැම්සන්ග් ඉංජිනේරුවන් ඒ පිළිබඳව වඩාත් අවධානය යොමුකරනු ඇතැයි ලෝකයා බලාපොරොත්තු වෙනවා.
ලොව බොහෝ දියුණු රටවල අපරාධකරුවන් හඳුනා ගැනීම සඳහාද මෙම තාක්ෂණය බහුලව යොදා ගැනෙන අතර සීසීටීවී කැමරා දර්ශන වැනි සාක්ෂිවලින් අපරාධකරුවන්ගේ අනන්‍යතාවය තහවුරු කරගැනීම මේ වන විටත් සිදු කරනවා. විශේෂයෙන් FBI ආයතනය මේ වෙනුවෙන් විශේෂ මෘදුකාංග ද නිපදවා තිබෙන අතර අපරාධ විමර්ශනය සඳහා ඒවා උපයෝගී කරගන්නවා. ජාතික ආරක්ෂාව වැනි මාතෘකාවකදී මුහුණු සලකුණු කියන්නේ ඉතාම සංවේදී සහ ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව ප්‍රතිඵල ලැබිය යුතු කාරණාවක්. එනමුත් වාණිජ සමාගම් බොහොමයක් මේ වනවිට තමන්ගේ ‘සෙල්ලම් බඩු’ වැනි නිෂ්පාදන හරහා මුහුණු සලකුණු ආරක්ෂාව ලබා දෙන්නට කටයුතු කරනවා.
FBI එකටත් වඩා Facebook ඉදිරියෙන්
FST Biometrics ආයතනයේ ප්‍රධාන තාක්ෂණික නිලධාරීවරයා පවසන්නේ “සත්‍ය මුහුණු සලකුණු හඳුනාගැනීම කියන්නේ ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්. වාණිජ සමාගම් මුහුණු සලකුණු හඳුනා ගැනීමේ පහසුකම් ලබා දෙනවා කියන්නේ අමූලික බොරුවක්. මොකද පරිගණකයක් සහ මනුෂ්‍ය මොළය කියන්නේ හාත්පසින්ම හැකියාවන් අතින් දුරස් දේවල් දෙකක්” කියායි.
IEEE Computer Vision සමුළුවේදී ෆේස්බුක් සමාගමේ DeepFace පද්ධතියට දෙන ලද ඡායාරූප දෙකක සිටින පුද්ගලයන් 97%ක නිරවද්‍යතාවයකින් යුතුව හඳුනාගන්නට හැකියාව තිබුණා. FBI එකටත් වඩා ඉහළ නිරවද්‍යභාවයක් ෆේස්බුක් එකට ලැබීම එක අතකට පුදුමයට කරුණක් නොවෙයි. FBI සතුව ඡායාරූප මිලියන 50ක පමණ දත්ත ගබඩාවක් තිබුණත් ෆේස්බුක් සතුව බිලියන 250කටත් වැඩි ඡායාරූප ගබඩාවක් තිබෙනවා. එසේම ඔවුන්ගේ පැත්තෙන් කිසිම මහන්සියකුත් නැතිව දිනෙන් දින එම ප්‍රමාණය ඉහළ යනවා. මේ නිසා ෆේස්බුක් ඉංජිනේරුවන්ට ඒ අතරින් හොඳ ඡායාරූප සොයාගන්නට මෙන් ම අත්හදා බලන්නට ඉතා විශාල ප්‍රමාණයක දත්ත මූලාශ්‍ර ලැබෙනවා. වැඩිය ඕනෑ නෑ, අපි යාළුවොත් එක්ක ඡායාරූපයක් අප්ලෝඩ් කරලා පබ්ලිෂ් කරන්නටත් කලින්ම ෆේස්බුක් එක එහි සිටින අයව ස්වයංක්‍රීයවම ටැග් කරලා දීලා හමාරයි. ෆේස්බුක් එකේ තිබෙන ඡායාරූපවල ALT ටැග් එකේත් එම ඡායාරූපවල අඩංගු දේවල් තිබෙන ආකාරය දැකගන්නට පුළුවන්.
ෆේස්බුක් වෙත පිවිසෙන්න පාස්වර්ඩ් අවශ්‍ය නැතිවේවි
ඔබ නිතර ෆේස්බුක් පාවිච්චි කරන උපාංගයෙන් හදිසියේම ලොග් අවුට් වුණොත් ආයෙත් ලොග් වෙන්න එක්කෝ SMS එකක් (Two step authentication ක්‍රියාත්මක කර තිබෙනවා නම්) ඕනෑ වෙනවා. එහෙමත් නැත්නම් ඔවුන් එවන ඊමේල් එකක ලින්ක් එක ක්ලික් කරන්න වෙනවා. ඔබට SMS එකක් ලබාගන්න බැරි අවස්ථාවක; ඒ කියන්නේ එක්කෝ සිම්පත නැති වෙලා හෝ එම දුරකථන අංකය තවදුරටත් භාවිත නොකරන අවස්ථාවක් මෙන් ම අපේ අයට ගොඩක්ම තිබෙන ප්රශ්නය වන ඊමේල් එකේ පාස්වර්ඩ් එක අමතක වීම නිසා ආයෙත් ෆේස්බුක් යන එක ටික දවසක් යනකම්ම හීනයක් වෙන්න ඉඩ තිබෙනවා.
මේ ගැන ෆේස්බුක් සමාගම TechCrunch එකට කියලා තිබුණේ මෙහෙමයි:
“ලොග් වෙන්නට බැරි ගිණුමකට ඉතා පහසුවෙන් මඟ සලසා දෙන්නට අපි අලුත් ක්‍රමවේදයක් අත්හදා බලනවා. හැබැයි මේ ක්‍රමවේදය භාවිත කරන්න පුළුවන් වෙන්නේ ඔබ දැනටමත් ෆේස්බුක් ලොග් වෙන්නට පාවිච්චි කරපු උපාංගයකින්ම විතරයි. දැනට තිබෙන SMS හරහා අනන්‍යතාව තහවුරු කිරීමේ ක්රමවේදයත් සමඟම තවත් විකල්පයක් විධියටයි අපි මෙය අඩංගු කරන්නට බලාපොරොත්තු වෙන්නේ”
ෆේස්බුක් සමාගම මෙම තාක්ෂණය හැකර්වරුන්ට මැදිහත් විය නොහැකි ආකාරයේ ආරක්ෂණයකින් සමන්විත බව වැඩිදුරටත් සපථ කරන අතර මෙය වැඩිදියුණු කරමින් මුල් පිටුවට ද අනාගතයේදී පාස්වර්ඩ් වෙනුවට මුහුණු සලකුණු භාවිතය පැමිණෙන්නට පුළුවන්. දුරකථන භාවිතය දැනටමත් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින යුගයක සහ අඳුරේදීත් හොඳ ඡායාරූප ගත හැකි ආකාරයේ ඉහළ ගුණාත්මක බවකින් යුතු හැකියාවන් ඒවාට ලැබෙද්දී මෙවන් ක්‍රමවේදයකට යාම කිසිසේත් අගතියක් වන්නේ නැහැ. කොහොම නමුත්, S8 වැනි දුරකථන පවා හුදෙක් මුහුණු සලකුණු අගුළට ම සීමා වන්නේ නැහැ. එය දෙවැනි ආරක්ෂක මට්ටමක් ලෙස ඇසේ තාරා මණ්ඩල පරිලෝකනය, ඇඟිලි සලකුණු, PIN සහ පාස්වර්ඩ් භාවිතයට ද ඉඩ සලසා තිබෙනවා.
ඉතින් අදවන විට මෙම ජෛව-මිතික තාක්ෂණය අපරාධ විමර්ශන කටයුතුවලටම පමණක් සීමා නොවී එදිනෙදා අපි භාවිත කරන උපකරණවලටත් ළඟා වෙමින් සාමාන්‍ය දෙයක් බවට පත් වීම අනාගතයට සුබ මං ලකුණු කියන්නක්. කොහොමටත් අපිට අපේ දුරකථනයේ අගුළු හැර ගන්නට FBI එක අපරාධකරුවෙක් හොයාගන්නවා තරම්ම සංකීර්ණ ක්‍රම අවශ්‍ය වන්නේ නැහැ. අනෙක, ෆේස්බුක් සතු සුවිසල් දත්ත ගබඩාව හරහා නිපැයෙන මෙම නිෂ්පාදනය ඇතැම් විට SDK/API ආදිය හරහා වෙනත් යෙදුම්වල භාවිත කරන්නට හැකි ආකාරයෙන් ද ඔවුන් ලබාදෙනු නිසැකයි. ඇතැම්විට එය මුදලට වෙන්නටත් පුළුවන්. මොකද, දැනටම බ්ලොග් සහ අන්තර්ජාල වෙළඳපොළත් අතික්‍රමණයට ෆේස්බුක් පෙළඹී තිබෙන එකේ ඕක අස්සේ පොලීසියකුත් නොහදා ඉන්න එකක් නැහැ.
කවරයේ ඡායාරූපය: techcrunch.com