Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

කොරෝනා වැළඳුණු මවකට, තම දරුවාට මව්කිරි දෙනු හැකි ද?

ලෝක සෞඛ්‍ය සංවිධානය මාර්තු 14 වන දා කොවිඩ්-19 සායනික කළමනාකරණ උපදෙස් මාලාව සංශෝධනය කළා. මෙතෙක් එහි අඩංගු නොවූ මාතෘ සංරක්ෂණ උපදෙස් දැන් එහි අඩංගු යි. ඒ අනුව, කොරෝනා වැළඳුණු මවකට, තම දරුවාට මව්කිරි දීම කළ හැකි ය. එම විස්තර පහත පරිදි වේ;

පළමු කිරි එරීමෙන් පසු ලබාගත් මව්කිරි නියැඳි සියල්ලකම කොරෝනා වයිරසය අඩංගු වී නැත. මේ අනුව, උපදෙස් මාලාවේ සඳහන් පරිදි කොවිඩ්-19 රෝගයෙන් පෙළෙන මව්වරුන්ගේ අලුත උපන් දරුවන්ට අසාදන නිවාරණ හා පාලන ක්‍රම භාවිතා කරමින්, සම්මත ළදරු පෝෂණ උපදේශක මාලාවන්ට අනුකූලව පෝෂණය ලබා දිය යුතු ය. මේ අනුව මව්කිරි දීම උපතෙන් පැයක් ඇතුළත ආරම්භ කළ යුතු ය. එබැවින් රෝගය තිබෙන බවට සැක කරන හෝ තහවුරු කරන ලද මවකට සිය ළදරුවාට මව්කිරි ලබාදිය හැකි ය. එහි දී සියලු සැක සහිත හා තහවුරු වූ කොරෝනා රෝගීන් මෙන් මව්කිරි ලබාදීමේ දී හෝ, හමට හම ස්පර්ශය දරුවාට ලබාදීමේ දී හෝ කැන්ගරු සත්කාරය ලබාදීමේ දී රෝග ලක්ෂණ සහිත මව, මුව වැස්මක් (මාස්ක්) පැළඳ ගත යුතු අතර දරුවා ඇල්ලීමට පෙර හා පසු අත සබන් ගා සෝදා ගත යුතු ය. රෝගී මව ගැටුණු පෘෂ්ට පිරිසිදු කර ජීවානුහරණය කළ යුතු වේ.

යම් ආකාරයකට මවගේ දැඩි රෝගී තත්ත්වය නිසා හෝ සංකූලතා නිසා කෙළින්ම මව්කිරි ලබාදිය නොහැකි නම්, මව්කිරි පියයුරු මිරිකා ලබාගෙන දරුවාට ලබාදිය යුතු ය. එලෙස දොවා ගත් කිරි දරුවාට පෙවීමේ දී මව අසාදන නිවාරණ හා පාලන ක්‍රම භාවිතා කළ යුතු ය.

ඒ මව හෝ දරුවා සැක සහිත, විය හැකි හෝ තහවුරු වූ කොවිඩ්-19 රෝගියෙකු වුව ද, මව හා ළදරුවාට එකට සිටින්නට ඉඩ සැලසිය යුතු අතර සමට සම ස්පර්ශය, කැන්ගරු මව් සංරක්ෂණය හා එකට සිටිමින් විශේෂයෙන් උපතෙන් පසු වහාම මව්කිරි දීම ආරම්භ කරද්දී දිවා කල හා රාත්‍රියේ එකම කාමරයක සිටින්නට ඉඩ සැලසිය යුතු ය.

විශේෂඥ වෛද්‍ය පුෂ්ප රන්ජන් විජේසිංහ

Related Articles