Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

සනීපාරක්ෂාවේ පණිවිඩය සමග ලෝක වැසිකිළි දිනය සැමරේ

කොවිඩ්-19 පැතිරයාමත් සමග සනීපාරක්ෂාව යනු ජීවිතය රැක ගැනීමට තරම් වැදගත් දෙයක් බව පසක් වී තිබෙනවා. අපේ රටේ බොහෝ පොදු වැසිකිළි, කැසිකිළිවල ගුණාත්මකභාවය අඩු මට්ටමක පවතින බව හැම කෙනෙක්ම දන්නා කරුණක්. බස් නැවතුම්පොළවල, සිද්ධස්ථානවල පවතින දුගඳ පිරි වැසිකිළි එයට උදාහරණ සපයනවා. ඉතින් එවන් පසුබිමක් තුළ රෝහල්වල පවතින වැසිකිළි පද්ධති, වන්දනා ගමන්, විනෝද චාරිකා වැනි දුර ගමන් යන ජනතාවට භාවිතා කරන්නට සිදුවන ‍පොදු වැසිකිළි ආදියේ පිරිසිදු බව, සනීපාරක්ෂාව පවත්වා ගැනීම වැදගත් කාරණයක්ව තිබෙනවා. 

එක්සත් ජාතීන්ගේ සංවිධානය ලොව පුරා ජනතාව මුහුණ දෙන මෙම සනීපාරක්ෂක ගැටළු සමාජ ගත කරමින් ඒ සම්බන්ධව ජනතාව දැනුම්වත් කිරීමට ‘ලෝක වැසිකිළි දිනය’ ලෙස නොවැම්බර් මස 19 වැනිදා නම් කර තිබෙනවා. නිසි සනීපාරක්ෂාවක් නොමැති බිලියන 4.2ක ජනතාවකට එහි වැදගත්කම පෙන්වා දීම සඳහාත්, 2030 දී සාක්ෂාත් කර ගැනීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කවලින් 6 වැන්න වන ‘ජල සහ සනීපාරක්ෂක පහසුකම් වලින් පිරි ලොවක්’ යන්න සපුරාලීමට මං පෙත් පාදා ගැනීම සඳහාත් මේ දිනය වෙන්වෙනවා.

2020 ලෝක වැසිකිළි දිනය වෙනුවෙන් හාර්පික් ‘සුව ජන මෙහෙයුම’ ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතිය අනුරාධපුර මූලික රෝහල, මහනුවර ආයුර්වේද රෝහල, සහ සූරියවැව රෝහල පාදක කරගෙන සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා. එහි මූලික පියවරක් ලෙස පසුගියදා සූරියවැව මහ රෝහලේ සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කෙරුණා.

කොවිඩ්-19 පැතිරයාමත් සමග ලංකාව මුහුණ දී සිටින තත්ත්වය, සහ රෝහල්වල අවශ්‍යතාවය තේරුම් ගත් හාර්පික් සන්නාමය ඒ අනුව මේ වසරේ රෝහල්වල සනීපාරක්ෂක පහසුකම් ඉහළ නැංවීම තම අරමුණ කරගෙන තිබෙනවා.

සූරියවැව රෝහලේ නව වැසිකිළි පද්ධතිය

සනීපාරක්ෂාවෙන් ඔබ්බට යමින් සමස්ත රෝහලේම අඩුපාඩු සියල්ල නවීකරණය කර දීමට හාර්පික් කටයුතු කර තිබුණා. දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ඩබ්. එච්. මහින්දරත්න මහතා පවසන්නේ “දිනකට දහස් සංඛ්‍යාත පිරිසක් පරිහරණය කරන සූරියවැව රෝහලේ සනීපාරක්ෂක පහසුකම් නැවත නංවාලීම සැබැවින්ම අපට අභියෝගයක්ව තිබුණා. විශේෂයෙන්ම දුෂ්කර පළාතක් වන සූරියවැව වැනි ප්‍රදේශයක ට හාර්පික් තම අරමුදල් නොපැකිළව යොදවමින් මේ සත්කාර්යය ඉටු කිරීම ඉතා ප්‍රශංසනීයයි,” කියායි.

සූරියවැව රෝහලේ නව වැසිකිළි පද්ධතිය

වාර්ෂිකව ලෝක වැසිකිළි දිනය වෙනුවෙන් පමණක් නොව වසර පුරාම ක්‍රියාත්මක වන මෙම ‘සුව ජන මෙහෙයුම’ ශ්‍රී පාදයේ මකර තොරණ අසල වැසිකිළි පද්ධතිය, ගඟුලතැන්න ප්‍රද‍ේශයේ වැසිකිළි පද්ධතිය නවීකරණය කරමින් වාර්ෂිකව සිරිපා වාරය පවතින සම්පූර්ණ කාල සීමාව පුරාවටම සනීපාරක්ෂක පහසුකම්වල නඩත්තුව දරමින් ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීමට කැපවී සිටිනවා.

පෙර ශ්‍රී පාදයේ මකර තොරණ අසල වැසිකිළි පද්ධතිය තිබූ ආකාරය
 නවීකරණය කළ ශ්‍රී පාදයේ මකර තොරණ අසල වැසිකිළි පද්ධතිය

එපමණක් ද නොව, පෞද්ගලික සනීපාරක්ෂක පහසුකම් ඉදිකර ගැනීමට පවා අපහසු තත්ත්වයක පසුවන අම්පාර දමන ප්‍රදේශයේ සහ කතරගම ප්‍රදේශයේ සියලු ග්‍රාම නිලධාරී කොට්ඨාශවලට අයත් අඩු ආදායම් ලාභී පවුල් 72කට අධික ප්‍රමාණයකට සනීපාරක්ෂක පහසුකම් සැපයීමට හාර්පික් සුවජන මෙහෙයුම කරයුතු කර තිබීම විශේෂත්වයක් ලෙස දක්වන්න පුළුවන්.

සනීපාරක්ෂාව සම්බන්ධ ගැටළුවලට තිරසාර විසඳුම් ලබා දීමට නම් යහ පුරුදු සමාජගත කිරීම වැදගත් බව හඳුනාගත් හාර්පික් ‘සුව ජන මෙහෙයුම’ පාසල් පද්ධතිය වෙත සනීපාරක්ෂාවේ පණිවිඩය ගෙන යන්නට කටයුතු කර තිබෙනවා. ‘සුවජන මෙහෙයුම ඔබේ පාසලට’ යන නමින් ක්‍රියාත්මක වන මේ ව්‍යාපෘතිය තෝරාගත් පාසල්වල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කරමින් එම දරුවන්ගේ ආකල්ප සංවර්ධනයත් ඉලක්ක කරගෙන තිබෙනවා. එය දැනටමත් බස්නාහිර පළාතේ පාසල් ගණනාවක අති සාර්ථකව ක්‍රියාත්මක වී තිබෙනවා.

Related Articles