“රාමඩියේ යක්ෂයා” හෙවත් ඇමරිකානු සීල් බලකායේ ස්නයිපර් වෙඩික්කරු ක්‍රිෂ් කයිල් පිළිබඳව බොහෝ විට ඔබ අසා ඇති. ත්රස්තවාදීන් 255ක් පමණ පරලොව යැවූ ඔහුගේ ඇෆ්ගනිස්තාන් හා ඉරාක වික්රමාන්තය පිළිබඳව “ඇමරිකන් ස්නයිපර්” නම් ලොව පුරා ජනප්‍රිය වූ චිත්‍රපටය සමහරවිට ඔබ නරඹා ඇති. ඔහුගේ විශිෂ්ඨම ස්නයිපර් ප්‍රහාරය ලෙස සැලකෙන්නේ යාර 2100 දුරින් රොකට් ලෝන්චරයක් සහිතව පැමිනි ඉරාක සටන්කාමියකුගේ හිසටම එල්ල කරන ලද වෙඩිල්ලයි.
එසේ නැතිනම් “ධවල මරණය” ලෙස රතු හමුදාව විසින් දෙවන ලෝක යුද්ධ සමයේදී හැදින්වූ ආක්රමණික රුසියානු සෙබලුන් 542 ක් මරා දැමු පින්ලන්ත හමුදාවේ සීමෝ හේහා (Simo Hayha) නම් ලොව ප්‍රසිද්ධ ඉලක්ක වෙඩික්කරුවා පිළිබඳව ඔබ අසා තිබෙන්නට පුළුවන්. දකුණු කම්මුලට වැදුණු වෙඩි පහරක් හේතුවෙන් මුහුණ විරූපී වී ගිය ඔහුගේ ජීවිතය ආශ්රයෙන් නිර්මාණය කළ චිත්‍රපට බොහොමයක් තිබෙනවා.
නමුත් අද ලිපිය ලියවෙන්නේ එම ස්නයිපර්වරුන් පිළිබඳවත්, ඔවුන්ගේ වික්‍රමයන් පිලිබඳවත් නම් නෙවෙයි. LTTE ත්රස්තවාදීන්ගෙන් අපේ රට බෙරා ගැනීමේ අවසාන මෙහෙයුමේදී තම ස්නයිපරයෙන් ත්රස්තයන් 217ක් පමණ මරු තුරුළට යැවූ ශ්‍රී ලාංකික ස්නයිපර්වරයෙක් පිළිබඳවයි. ඒ ඔබ අප හොදින් අසා තිබෙන නීරෝ.
නීරෝ පිලිබදව මීට වඩා දේවල් ඔබ දන්නවනම් comment එකකින් ඒ බව කියා යන්නත් අමතක කරන්න එපා.
වික්‍රමසිංහ හිටිහාමිලාගේ රංජිත් ප්‍රේමසිරි
ජයසූරිය හා ඇන්ගස් රීටා යන මවු පියන්ට දාව පුත්තලම දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශයක් වන පල්ලම මඩලානහි උපත ලබන රංජිත්ට සොයුරු සොයුරියන් හය දෙනෙකුගෙන් යුත් පවුලක් හිමි වෙනවා. මූලික අධ්‍යාපනය ආනමඩුව මඩලාන විද්‍යාලයෙන් ලබා ගන්නා රංජිත් එය අවසන් කර රැකියා දෙකක නිරත වන අතර එම රැකියා දෙකෙන්ම ඉවත් වී 22 වන වියේදී තම දෙමව්පියන්ගේ ආශීර්වාද මැද ශ්‍රී ලංකා යුධ හමුදා ස්වේච්ජා බලසේනාවට එකතු වීමට තීරණය කරනවා.
දියතලාව යුධ හමුදා පුහුණු පාසලට
LTTE ත්‍රස්ත ගැටුම් ඉතා උග්‍ර කාල සීමාවක් වූ 1991 වසරේ පෙබරවාරි මස 12 වෙනිදා දියතලාව යුධ හමුදා පුහුණු පාසලට ඇතුලත් වන රංජිත් සාර්ථකව මූලික යුධ පාඨමාලාව හැදෑරීමෙන් අනතුරුව ගජබා රෙජිමේන්තුවේ 5වන බල ඇණියට අනියුක්ත කරනු ලබනවා.
යුධ බිමේදී දැක්වූ දස්කම් හේතුවෙන් රංජිත්ට විවිධ පාඨමාලා රැසක් සම්පූර්ණ කිරීමට හැකියාව ලැබෙන අතර යුධ බිමේ සියළු සුදුසුකම් සපුරා තිබුණු බැවින් රංජිත් දියතලාව “ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලට” ඇතුලත්ව පාඨමාලා අංක 8 සාර්ථකව හදාරා 2000 වසරේදී සැඟවුණු වෙඩික්කරුවෙකු හෙවත් ස්නයිපර් සෙබළෙක් ලෙස සටන් බිමට එකතු වන්නේ නීරෝ යන අන්වර්ථ නාමයෙන්. ප්‍රගුණ වෙඩික්කරු පුහුණුව සාර්ථකව අවසන් කර නික්මෙන සෑම සොල්දාදුවෙක්ම ඉන් පසුව හදුන්වන්නේ ඔහුට ආවේනික වූ කෙටි සංඥා නාමයකින්.
තම වෘත්තියට අදාල විශේෂ බලකායේ ට්‍රැෆලින්, ප්‍රගුණ වෙඩික්කරු උපදේශක, මූලික පැරශුට්, ඒකක වෙඩික්කරුවන් පුහුණු කරවිමේ පාඨමාලාව හා මූලික පිස්තෝල පාඨමාලාවද වරින් වර සාර්ථකව හදාරා නිම කරන්නට නීරෝ මේ අතරේ කටයුතු කරනවා.
වන්නි මෙහෙයුමට
වන්නි මෙහෙයුම ආරම්භ වීමත් සමඟම ප්‍රගුණ වෙඩික්කරුවන්ගේ බළකායේ දක්ෂතා ක්‍රමයෙන් කරළියට එනවා. අවසන් LTTE යුද්ධය හෙවත් හතරවන ඊලාම් යුද්ධයේදි කොටි ත්රස්තයන් 2000කට අධික පිරිසක් මෙම සැඟවුනු ස්නයිපර් උණ්ඩයට ගොදුරු කර ගැනීමට ස්නයිපර් සොල්දාදුවන්ට හැකියාව ලැබෙනවා. නීරෝ, කැමා, ලාරා, මරර්, පිග්මි හා සූන් යන නම් වලින් මේ විශිෂ්ට ස්නයිපර් කරුවන් ලංකාව පුරා ප්‍රසිද්ධ වන්නට පටන් ගත්තා. ප්රභාකරන්ගේ හොදම ස්නයිපර් වෙඩික්කරුවන් සදහටම නිහඩ කරන්නට මේ පිරිසට හැකියාව ලැබුණා.
පුහුණුව ලැබූ අතලොස්සක් ඉලක්ක වෙඩික්කරුවන් අතරින් ඉලක්ක වෙඩික්කරුවන් පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් සංජය වනසිංහ යටතේ සටන් බිමේ සිටි දක්ෂම ස්නයිපර්කරු ලෙස නීරෝට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. වන්නි මානුෂික මෙහෙයුමට අවතීර්ණ වන විට වසර 9ක ස්නයිපර් සෙබළෙක් ලෙසද වසර 18ක් යුධ හමුදා සෙබළෙක් ලෙසත් අත්දැකීම් විශාල ප්‍රමාණයක් ලබාගෙන අවසන්.
මඩු, මන්නාරම, කිලිනොච්චි, පරන්තන්, පූනරින්, පුදුකුඩිරිප්පු, අලිමංකඩ හා මුලතිව් ප්‍රදේශයන්හි ක්‍රියාන්විතයන් වලදී සැඟවුණු වෙඩික්කරුවෙක් ලෙස පාබල සේනාංක වලට ඉදිරියට ගමන් කිරීමේදී ඇති වන බාධක සියල්ල තම උපරිම උත්සාහයෙන් ඉවත් කරන නීරෝ ශ්‍රී ලංකා යුධ හමුදාවේ ස්නයිපර් සෙබළෙක් ලබා ගත් ඉහළම ත්‍රස්ත ඉලක්ක ගණන වන ත්‍රස්ත ඉලක්ක 217ක් ලබා ගන්නට සමත් වෙනවා.
නීරෝගේ දක්ෂතා
ඉතා දුර ඉලක්ක ලබා ගැනීම අතරින් ඉදිරියෙන්ම සිටි නීරෝ ඉදිරි ආරක්ෂක වළල්ල දෙසට වේගයෙන් පැමිණෙමින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සුදානම් වූ කළු කොටි සාමාජිකයන් දෙදෙනෙක් සිටි ට්‍රැක්ටරයකට දුර ඈතදීම ස්නයිපර් ප්‍රහාර එල්ල කර එම උත්සාහය ව්‍යර්ථ කර දමනවා.
මෙම සාර්ථක ප්‍රහාරයත් සමඟයි නීරෝ යුධ පිටියෙන් එළියේ ජනතාව අතර ජනප්‍රිය ස්නයිපර් සෙබළෙක් බවට පත් වන්නේ.
කිලිනොච්චි පරන්තන් හා පූනරින් ක්‍රියාන්විත වලදීත් පාබල හමුදාවට අනගි සහයක් ලබා දෙමින් LTTE ත්රස්තයන්ගේ ස්නයිපර් වරුන්ව විනාශ කරන්නට නීරෝට හැකි වෙනවා.
වරෙක පුදුකුඩුඉරිප්පුව මුදා ගැනීමේ සටනේදී ගසක් උඩ සිට අවට ප්‍රදේශ නිරීක්ෂණය කරන නීරෝට දිස්වෙන්නේ බැකෝ යන්ත්‍ර දෙකක් මගින් පස් බැම්මක් ඉදිකරමින් සිටින LTTE සාමාජිකයන් පිරිසක්. ඔහු එම අවස්ථාවේ කාලතුවක්කු ආධාරද ඇතිව බැකෝ යන්ත්‍ර දෙකත් ඒවා මෙහෙය වූ ත්රස්තයන් කණ්ඩායමත් සම්පුර්ණයෙන් විනාශ කර දමන්නට සමත් වෙනවා.
අවාසනාවකට 2009 වසරේ LTTE සංවිධානයේ මෝටාර් ප්‍රහාරයටකට ලක් වෙන නීරෝ ඉන් තුවාල ලබනවා.
පුදුමාතලන් සටන
මෝටාර් ප්‍රහාරයේ තුවාල හරි හැටි සුව වී නොතිබුනත් ඔහු නැවතත් යුධ පිටියට යන්නේ එම වසරේ අප්‍රේල් මාසයේ 21 වනදායි. සේනාවිධායක් කර්නල් වනසිංහ නීරෝට තවදුරටත් විවේක ගන්නා ලෙස පැවසුවත් “අන්තිම සටනේ කොඩිය දානකොට මමත් එහේ ඉන්න ඕනෑ “ යැයි නීරෝ පැවසු බව සදහන්.
පුදුමාතලන්හි පළමු පස් බැම්ම අසළ සැඟවී යුද්ධයේ අවසන් මොහොතේ සාමාන්‍ය ජනතාව සේ යුධ හමුදාවට ප්‍රහාර එල්ල කිරීමට පැමිණෙන ත්රස්තයන් දුර සිට හදුනාගෙන විනාශ කිරීමේ රාජකාරිය භාරව තිබුනේ නීරෝටයි. තම වගකීම නියමාකාරයෙන් ඉටු කරමින් සිටි නීරෝ අප්‍රේල් 28 වනදා උදෑසන 6:30ට පමණ LTTE ස්නයිපර් සාමාජිකයකුගේ දුර දක්නයකට අසු වෙනවා. ඉන් මොහොතකට පසු ත්‍රස්තයාගේ ස්නයිපර් උණ්ඩයකට හසුවන නීරෝ පුදුමාතලන් පස් බැම්ම බදාගෙන සදහටම නිහඩ වෙනවා.
රට වෙනුවෙන් නිහඩ අභීත මෙහෙවරක් ඉටු කළ නීරෝ හෙවත් ක්‍රෝපල් රංජිත් සඳහා වීරවික්රම විභූෂණ, රණවික්‍රම හා රණශුර පදක්කම් සඳහා නිර්දේශ වෙනවා. තවද පූර්ණ භූමි, උතුරැ නැගෙනහිර සංග්‍රාමික, රිවිරැස, දේශ පුත්‍ර සම්මානයෙන්ද පිදුම් ලබනවා.
එවන් විරුවන් තම දිවිය පුදා රැක දුන් දේශයක අද ශ්‍රී ලාංකිකයන් ලෙස ඔබ, අප නිදහසේ ජිවත් වෙනවා.
මුලාශ්‍ර- Sunday times, දිනමිණ හා රිවිර පුවත්පත්
කවරයේ පින්තුරය: Newsweek