Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දියාවේ ප්‍රථම ජනපති රාජේන්ද්‍ර ප්‍රසාද්

ඉන්දියාව යනු ලෝකයේ දෙවැනියට වැඩිම ජනගහනයකින් යුත් රාජ්‍යයයි. එවැනි රාජ්‍යයක ජනපතිවරයෙකුට හිමි වන වගකීම් ප්‍රමාණය ඉතා ඉහළ බව අමුතුවෙන් කිව යුතු නැත. ඉන්දියාවේ රාජ්‍ය පාලනය කළ විවිධ ජනපතිවරු රට වෙනුවෙන් විශාල සේවාවන් සිදු කර ඇත.

1884 වසරේ දෙසැම්බර් මස 3 වන දින උපත ලද රාජේන්ද්‍ර ප්‍රසාද් මහතා යනු ඉන්දියානු ජනරජයේ ප්‍රථම ජනපතිවරයායි. ඉන්දියානු දේශපාලනඥයෙක්, නීතිඥයෙක්, හා මාධ්‍යවේදියෙකු වශයෙන් ද මෙතුමා කටයුතු කර ඇත. මහත්මා ගාන්ධිතුමාගේ සහෘදයෙක්ද වන රාජේන්ද්‍ර ප්‍රසාද් මහතා තම මවුබිමේ නිදහස දිනා ගැනීම උදෙසා ජවහල්ලාල් නේරුතුමාත් එක්ව සටන් කළ පුද්ගලයෙක් විය. එවන් ශ්‍රේෂ්ඨ නායකයකු වන රාජේන්ද්‍ර ප්‍රසාද් මහතා පිළිබඳ තොරතුරු ඔබට ගෙන ඒමට මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වේ.

ළමා කාලය

thefamouspeople.com

රාජේන්ද්‍ර ප්‍රසාද් මහතා ඉන්දියාවේ Siwan දිස්ත්‍රික්කයේ Ziradei නමැති ගම්මානයේ පවුලක උපත ලැබීය. මොහුගේ පියා මහදෙව් සහායි නැමැත්තෙක් වූ අතර මව වූයේ කම්ලේෂ්වරී දේවි ය. වයස අවුරුදු පහේ සිට කුඩා රාජෙන්ද්‍රන්ව maulvi නමැති ගුරුවරයාගේ භාරයට පත් කරන ලදි. ඒ පර්සියන්, හින්දි යන භාෂා ඉගෙන ගැනීමට හා ගණිතය ඉගෙන ගැනීමටයි. පසුව රාජේන්ද්‍රව chhapra zilla පාසලට අධ්‍යාපනය සඳහා යවන ලදි. මෙයින් පසු ඔහු තමාගේ වැඩිමල් සහෝදරයා සමඟ R.K Ghosh’s විද්‍යාපීඨයට ඇතුළත් විය. පාසල් සමයේ සිට ඉතා කීර්තිමත් දක්ෂ සිසුවකු වූ රාජේන්ද්‍ර ප්‍රසාද් කල්කටා විශ්වවිද්‍යාලය ඇතුළත් වීම වෙනුවෙන් පැවති විභාගයෙන් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට සමත් වූයේ ය. මෙහිදී මසකට රුපියල් 30 ක ශිෂ්‍යත්වයක් මොහුට හිමි විය.

1902 වසරේදී presidency විද්‍යාලයට සම්බන්ධ වූ රාජේන්ද්‍ර ප්‍රසාද් මුලින්ම හැදෑරීමට තෝරා ගන්නා ලද්දේ විද්‍යා විෂය මාලාවයි. ඔහුගේ ගුරුවරුන් අතරට J.C Bose හා Prafulla Chandra ද ඇතුළත් විය. කාලයත් සමඟ විද්‍යා විෂයන් තමාට නොගැලපෙන බව තේරුම් ගත් මොහු කලා විෂයන් වෙත මාරු විය. පාසල් කාලය තුළ රාජේන්ද්‍ර තම සොහොයුරා සමඟ Eden නැමති හින්දු නේවාසිකාගාරයේ නැවතී සිටියේ ය. ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිය 1907 වසරේදී calcutta විශ්වවිද්‍යාලයෙන් ලබා ගත් රාජේන්ද්‍ර 1915 වසරේදී නීතිය පිළිබඳ ඉහළ උපාධිය රන් සම්මානයක් සමඟින් සමත් විය. මොහු නීතිය පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ගන්නා ලද්දේ Allahabad විශ්වවිද්‍යාලයෙනි. ඒ 1937 වසරේදීය.

ගුරුවරයෙකු ලෙස ජීවිතය

culturalindia.net

රාජේන්ද්‍ර ප්‍රසාද් මහතා ගුරුවරයෙකු ලෙස අධ්‍යාපන ආයතන ගණනාවක සේවය කළේය. ආර්ථික විද්‍යාව පිළිබඳ තමාගේ ඉහළ උපාධිය නිම කිරීමෙන් පසු බිහාර් ප්‍රදේශයේ තිබූ Langet Sing විද්‍යාලයේ ඉංග්‍රීසි පිළිබඳ මහාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ අතර පසුකාලයේ දී එම අධ්‍යාපන ආයතනයේම විදුහල්පති බවට පත් වීමට ඔහුට හැකි විය. කෙසේ හෝ තමාගේ නීතිය පිළිබඳ අධ්‍යාපනය කරගෙන යෑම සඳහා Langet Sing විද්‍යාලයෙන් ඉවත් වීමට ඔහුට සිදු විය. තමාගේ නීති අධ්‍යාපනය කරගෙන යන අතරතුරදී මොහු calcutta city විශ්වවිද්‍යාලයේ  ආර්ථික විද්‍යාව පිළිබඳ ගුරුවරයෙකු ලෙසද කටයුතු කළේය.

ගාන්ධි සමඟ පැවති සම්බන්ධතාවය

culturalindia.net

1917 වසරේදී ගාන්ධිතුමා Bihar ප්‍රදේශයේ සිටින කුලී ගොවීන්ට උපකාර කිරීමට එම ප්‍රදේශයට පැමිණීම රාජේන්ද්‍ර ප්‍රසාද් මහතාට ඉතා සතුටුදායක කරුණක් විය. හැකි ඉක්මනින් ගාන්ධි තුමාගේ මෙම ක්‍රියාව හා සම්බන්ධ වූ රාජේන්ද්‍ර මහතා ජීවිත කාලයටම ගාන්ධි තුමාගේ අනුගාමිකයෙකු බවට පත් විය. පසුව ගාන්ධි තුමාගේ නායකත්වය මත ඉන්දියානු ජාතික සභාවට සම්බන්ධ වූ මොහු එය පැවැත්වූ විවිධ ව්‍යාපාර සඳහා 1919 වසරේ සිට 1921 වසර තෙක් සහභාගී විය. නීතිය පිළිබඳව තමන් සතු වූ හසල දැනුම නිසාම බිහාර් වල පැවති ජාතික විද්‍යාලයේ විදුහල්පති වරයා වීමට රාජේන්ද්‍ර මහතාට හැකි විය. මොහු කොන්ග්‍රසයේ සිටින කාලයේදී ගාන්ධි තුමාගේ ජාතිය ගොඩ නැංවීමේ ව්‍යාපාරයට සහයෝගය දුන් පිරිසගේ කතා නායකයා බවට පත් වී සිටින ලදී. මෙම ව්‍යාපාරය මගින් තමාට අවශ්‍ය රෙදි තමාටම නිර්මාණය කර ගැනීම සඳහා මිනිසුන් දිරිමත් කළේය.

1930 වසරේදී ප්‍රසාද් මහතා හා vallabhbhai patel මහතා සමඟ එක්ව “gandhian old guard” වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. 1934 වසරේදී කොන්ග්‍රසයේ සභාපති වරයා ලෙස කටයුතු කළ මොහු ගාන්ධි තුමාගේ ඉල්ලීම මත 1939 වසරේදී  නැවත සභාපති තනතුරට පත් විය. මීට අමතරව කොන්ග්‍රසයේ පාර්ලිමේන්තු මණ්ඩලයේද කටයුතු කළ ප්‍රසාද් මහතා 1936-1937 වසරේ ඡන්ද ව්‍යාපාරය සඳහාද මග පෙන්වන්නකු ලෙස කටයුතු කර ඇත. ප්‍රසාද් මහතා තම ස්වයං චරිතාපදානය රචනා කරන ලද්දේ හින්දි භාෂාවෙනි.

දේශපාලන ජීවිතය

mid-day.com

ආහාර හා කෘෂිකර්මාන්තය පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමෙන් පසු  මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේ මණ්ඩලයේ සභාපති වරයා ලෙස කටයුතු කරමින් ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමට සඳහා උපකාරී විය. පසුව ඉන්දියාවේ තාවකාලික ජනපති ලෙස තේරී පත් වූ මොහු 1952 වසරේදී ඉන්දියාවේ පළමුවැනි ජනපති ලෙස තේරී පත් විය. අවුරුදු පහක ධුර කාලයෙන් පසු ඔහු ජනපති ධූරයට නැවත තේරී පත් වූයේ තම රට වෙනුවෙන් කළ අගනා සේවය නිසාවෙනි.

පුද්ගලික ජීවිතය හා පිදුම් ලබා ඇති සම්මාන

රාජේන්ද්‍ර ප්‍රසාද් මහතා එකල පැවති ක්‍රමය අනුව අවුරුදු 12 වන විටම rajavanshi devi සමඟ විවාහ දිවියට එළඹුණේ ය. ඔවුන්ට mrityunjaya prasad නම් වූ පුතෙකු ලැබුණි. ප්‍රසාද් මහතා ඉන්දියානු ජාතික සංගමය වෙනුවෙන් සිදු කළ සේවාව හා ඉන්දියාවේ ජනපති ලෙස සිදු කළ සේවාවන් වෙනුවෙන් ඉන්දියානු පුරවැසියෙකුට ලබා දෙන ඉහළම සම්මානය වන “භාරත රත්න” සම්මානයෙන් ද පිදුම් ලබා තිබේ.

රාජේන්ද්‍ර ප්‍රසාද් මහතා යනු ඕනෑම රාජ්‍ය නායකයෙකුට ආදර්ශයක් වන අපූර්ව නායකයෙකි.

කවරයේ පින්තුරය : commons.wikimedia.org

Related Articles