Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපති වූ ලාංකිකයා- සර් ස්ටැන්ලි කොරෙයා

එක්සත් ජාතීන්ගේ සංවිධානය 1945 වසරේ ඔක්තෝම්බර් 24 වන දා ආරම්භ වෙනවා. මේ සඳහා මූලිකත්වය ගන්නේ එවකට එක්සත් ජනපද ජනාධිපති ෆ්‍රැන්ක්ලින් රූස්වෙල්ට්, බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් හා සෝවියට් නායක ජෝසප් ස්ටාලින් යන නායකයන් තිදෙනා යි. රටවල් අතර අන්‍යෝන්‍ය සහයෝගය වර්ධනය කිරීමත්, නැවත විනාශකාරී ලෝක යුද්ධයක් ඇති නොවන්නට වග බලා ගැනීමත් මෙහි මූලික අරමුණ වෙනවා.

1955 දෙසැම්බර් 14 වැනි දින තවත් රටවල් 9ක් සමග ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගන්නවා. ඒ සමයේ ලංකාවේ සිටි අගමැතිවරයා වන්නේ සර් ජෝන් කොතලාවල යි.  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රථම ලංකා නිත්‍ය නියෝජිතයා වන්නේ (Permanent Representative to United Nations) සර් සෙනරත් ගුණවර්ධන යි. ඔහු ඊට ප්‍රථම ඇමෙරිකා එක්සත් ජනපදයේ ලංකා තානාපතිවරයා වශයෙන් කටයුතු කරනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ප්‍රබලම අනුබද්ධ ආයතනය ලෙස හැසිරෙන්නේ එහි ආරක්ෂක මණ්ඩලය යි. ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් ගණන 15ක් වන අතර, ඉන් පස් දෙනෙක් නිත්‍ය සාමාජිකයන් වෙනවා. ඒ ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය, චීනය හා රුසියාව යි. තාවකාලික සාමාජික රටවල් 10ක් එකවර පත් වෙන අතර එම රටවල සාමාජික කාලය වසර දෙකක් වෙනවා. ලෝකයේ ත්‍රස්තවාදය එමෙන්ම, සාමාජික රටවල් අතර හටගන්නා දේශපාලනික අර්බුද හා සාමාජික රටවල් අභ්‍යන්තරයේ ඇති වන අර්බුද නිරාකරණය සඳහාත් එක්සත් ජාතින් වෙනුවෙන් සහභාගී වන ප්‍රධාන ඒකකය වන්නේ ආරක්ෂක මණ්ඩලය යි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය (staticflick)

මේ වන තුරු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ එක් වරක් පමණයි. ඒ, 1960 වසරේ මැයි මාසයේ දී යි. සභාපතිවරයා බවට පත් වන්නේ ලංකාවේ සර් ජෝර්ජ්  ක්ලෝඩ් ස්ටැන්ලි කොරෙයා යි (Sir George Claude Stanley Corea). ස්ටැන්ලි කොරෙයා යනු ලංකාවෙන් බිහි වූ විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් මෙන්ම ප්‍රසිද්ධ දේශපාලඥයෙකු ද වෙනවා.

සර් ජෝර්ජ් ක්ලෝඩ් ස්ටැන්ලි කොරෙයා

සර් ජෝර්ජ් ක්ලෝඩ් ස්ටැන්ලි කොරෙයා ආරක්ෂක මණ්ඩලයේ (Gatty)

හලාවත සුප්‍රසිද්ධ කොරෙයා පවුලේ 1894 වසරේ දී ස්ටැන්ලි කොරෙයා උපත ලබනවා. 1931 වසරේ දී ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ ගෙන ආ රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා ස්ටැන්ලි කොරෙයා තේරී පත් වෙනවා. ඔහු 1933 වසරේ දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අතර 1936 වසරේ දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කම්කරු, කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමතිවරයා ලෙස කටයුතු කරනවා. 1946 වසර වන තුරු ඔහු එම ඇමැතිධුරයේ කටයුතු කරනවා.

රාජ්‍ය තාන්ත්‍රික සේවයට 

ආරක්ෂක මණ්ඩල රැස්වීමක දී (Gatty)

1946 වසරේ දී ස්ටැන්ලි කොරෙයාව බ්‍රිතාන්‍යයේ ලංකා නියෝජිතයා ලෙස පත් වෙනවා. වසර දෙකක් බ්‍රිතාන්‍යයේ එම තනතුරේ වැඩ කරන ඔහු, 1948 වසරේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ පළමු ලාංකික තානාපතිවරයා ලෙස පත් වෙනවා. 1954 වසර දක්වා ඇමෙරිකාවේ තානාපතිවරයා ලෙස කටයුතු කරන ඔහු, 1954 වසර අවසානයේ දී බ්‍රිතාන්‍යයේ ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත්වීම් ලබනවා. ඒ, 1957 වසර දක්වා යි. 1958 වසරේ දී එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලාංකික නිත්‍ය නියෝජිතයා ලෙස ස්ටැන්ලි කොරෙයා පත් වෙනවා. 1960 වසරේ දී ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අභ්‍යන්තර ආයතනයක් වන ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකත්වය ලබා ගන්නවා. ඒ, ලංකාව ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකත්වය ලබාගත් පළමු හා එකම අවස්ථාව යි. වසර දෙකක කාලයක් සඳහා අදාළ සාමාජික රටවල් 15 අතර සභාපතිත්වය තට්ටු මාරු ක්‍රමයට ලැබෙනවා. එහි දී ලංකාවට ද 1960 වසරේ මැයි මාසයේ සභාපතිත්වය හිමි වෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සභාපති බවට පත් වන්නේ ද ස්ටැන්ලි කොරෙයා යි. 

ස්ටැන්ලි කොරෙයා (Gatty)

ඒ සමයේ ඇමෙරිකාව හා සෝවියට් දේශය අතර සීතල යුද්ධය දරුණු ආකාරයෙන් පැවති අතර 1960 වසරේ මැයි 1 වන දා එනම්, ඔහු ආරක්ෂක මණ්ඩලයේ සභාපති වූ දිනයේ ම පාකිස්ථානයේ පෙෂාවර්හි ඇමෙරිකානු ගුවන් හමුදා කඳවුරේ සිට සෝවියට් දේශය හරහා ඔත්තු බලමින් හා බුද්ධි තොරතුරු රැස් කරමින් නොර්වේ පිහිටි ඇමෙරිකානු ගුවන් කඳවුරක් වෙත යෑම සඳහා ගිය U-2 ගුවන් යානාවක් සෝවියට් දේශයෙන් බිම හෙළනවා. එහි ගුවන් නියමුවා අත්අඩංගුවට ගැනීමට ද සෝවියට් දේශය කටයුතු කරනවා.

U-2 ගුවන් යානාවක් සෝවියට් දේශයෙන් බිම හෙළීම (Gatty) 

මේ සිදුවීම සම්බන්ධයෙන් එවකට ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයා ආරක්ෂක මණ්ඩල සභාපතිවරයාගෙන් විමසා සිටිනවා. ජාත්‍යන්තර නීතිය අනුව යම් රටකට අයත් ගුවන් සීමාව උල්ලංඝණය කිරීම වරදක් බව ස්ටැන්ලි කොරෙයා විසින් පෙන්වා දෙනවා. 

මූලාශ්‍රයයන්: 

Britannica.com

Un.org

Related Articles