Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2018 නොබෙල් සාම ත්‍යාගය දිනාගත් සටන්කාමී කාන්තාර කුසුම – නාදියා

2018 වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමි වන්නේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි නාදියා මුරාද්ට හා කොංගෝවේ ප්‍රසව සහ නාරි වෛද්‍යවරයෙකු වන ඩෙනිස් මුක්වීජ්ට යි.

මේ අතරින් නාදියා මුරාද් යනු වයස අවුරුදු 24ක තරුණියක්. ඇය කලක් ISIS ත්‍රස්තයන්ගේ ග්‍රහණයේ සිටි අතර ත්‍රස්ත ග්‍රහණයෙන් මිදී ආ පසු ISIS ත්‍රස්ත පීඩාවන්ගෙන් තම ජනතාව මුදා ගැනීම සඳහා නොබියව කටයුතු කරනවා. ත්‍රස්ත සංවිධාන විසින් සිදුකරන කාන්තා හිංසනයට විරුද්ධව නැගී සිටිනවා. 2018 වසරේ දී ඇයට නොබෙල් සාම ත්‍යාගය හිමි වන්නේ එම ක්‍රියාවන් හේතුවෙන්.

තරුණ නාදියා මුරාද් ගේ සටන්කාමී ජීවන චරිතය පිළිබඳව යි අද ලිපියෙන් ඔබට ගෙන ඒමට අපි අදහස් කරන්නේ.

ISIS ත්‍රස්තයන් විසින් පැහැරගෙන යාම

Glamour Videos

1993 වසරේ දී උතුරු ඉරකයේ සින්ජා දිස්ත්‍රික්කයේ කෝජෝ නගරයේ යසීදී නම් ජන වර්ගයට අයත් පවුලක නාදියා මුරාද් උපත ලබනවා.  මින්පසු උදාවන්නේ ඉරාකය තුළ ISIS ත්‍රස්ත ක්‍රියාකාරම් ඉහළ යෑම සීග්‍රයෙන් සිදුවෙමින් පැවති සමයක්. ISIS සටන්කාමීන් යසීදී ජන වර්ගය මේ ලෝකයෙන් තුරන් කළ යුතුයැ යි සිතා ජන සංහාර විශාල ප්‍රමාණයක් සිදු කරනවා.

ඒ ඔවුන් ත්‍රස්තයන් අදහන ඉස්ලාම් ධර්මය වැළද ගැනීමට ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනු යි.

වයස අවුරුදු 19 වන විට ඇය සිටි ප්‍රදේශයට කඩා වදින ISIS සටන්කාමීන් ගම්මානයේ සිටි ජනතාවගෙන් 600ක් පමණ සමූලඝාතනය කරනවා. ඒ 2014 වර්ෂයේ යි.

ඝාතනය වූ පිරිස අතරට නාදියා ගේ සහෝදරයන් 6 දෙනා හා තවත් ඥාති සහෝදරන් විශාල ප්‍රමාණයක් අයත් වෙනවා. ගම්මානයේ යසීදී කාන්තාවන් ලිංගික වහලියන් ලෙස අත්අඩංගුවට ගෙන ISIS පාලන ප්‍රදේශවලට රැගෙන යාමට ත්‍රස්තයන් විසින් කටයුතු කරනවා. ඒ 2014 වසරේ සැප්තැම්බර් 15 වන දා යි. මෙලෙස 2014 වසර වන විට ත්‍රස්තයන් විසින් පැහැරගෙන ගිය ඉරාකයේ යසීදී කාන්තාවන් ප්‍රමාණය 6700ක ට අධික යි.

අමානුෂික ලිංගික අඩත්තේට්ටම් හා විකුණා දැමීම්

Time

2014 වසරේ සැප්තැම්බර් මාසයේ දී ඇයව ISIS බල ප්‍රදේශයන්ගේ අගනුවර ලෙස ත්‍රස්තයන් විසින් හැදින්වූ මෝසුල් වෙත රැගෙන යන අතර, එහි දී ඇයව නොයෙක්වර අමානුෂික ලිංගික අඩත්තෙට්ටම්වලට ලක් වෙනවා.

ඇයගේ සිරුරේ නොයෙකුත් ස්ථාන සිගරට් දැල්ලෙන් පුළුස්සා දැමීමට ත්‍රස්තයන් විසින් කටයුතු කරනවා. නොයෙක්වර ඉස්ලාම් ධර්මය වැළදගන්නා ලෙස තර්ජනය කර ඇති අතර එය ප්‍රතික්ෂේප කිරීමෙන් අමානුෂික වධ බන්ධන වලට තමන් ලක් වූ බව ඇය පසුව ප්‍රකාශ කරනවා.

මෙසේ මාස තුනක පමණ කාලයක් ත්‍රස්තයන්ගේ අමානුෂික ක්‍රියා මැද සිර කර තබන ඇය ව ලිංගික වහලියක් ලෙස අවස්ථා කිහිපයක දී ම විකුණා දැමීමට ත්‍රස්ත නායකයන් විසින් කටයුතු කරනවා.

ඒ කාලයේ දිගින් දිගටම තමන්ට ලිංගික අඩත්තෙට්ටම් සිදුකළ බවත්, කාලයත් සමග එය දෛනික දින චර්යාවේ කොටසක් වූ බවත් ඇය පසුව සදහන් කරනවා. මේ අපායෙන් ගැලවී පැන ඒමට වරෙක උත්සාහ කරන නමුත් ඇයගේ පළමු උත්සාහය අසාර්ථක වෙනවා.

පැන ඒම හා ත්‍රස්තයන් ට එරෙහිව සටන් කිරීම

Kenya Broadcasting Corporation

2014 වසරේ නොවැම්බර් මාසයේ දී මෝසුල් නගරයේ සිර කර තබා සිටින විට එක් අවස්ථාවක දී ඉන් පැනගන්නට ඇය සමත් වෙනවා. ඉතා හොර රහසේ ත්‍රස්ත බල ප්‍රදේශ පසු කරන ඇය උතුරු ඉරාකයේ ඩුයුහොක් හි පිහිටි සරණාගත කඳවුරකට ඒමට සමත් වෙනවා.

2015 වසරේ පෙබරවාරි මාසයේ දී පළමුවරට ඇය පුවත්පතකට නොබියව මේ සියල්ල හෙළි කරන අතර, මේ හේතුවෙන් ඇය ලෝකය පුරා ප්‍රසිද්ධ වන්නේ ත්‍රස්තයන් විසින් පැහැරගෙන ගිය කාන්තාවන් වෙනුවෙන් නොබියව නැගී සිටින්නියක් ලෙස යි.

මුදාගත් කාන්තාවන් විශාල ප්‍රමාණයක් සමඟ ජර්මනියේ සරණාගත රැකවරණය ලැබීම සඳහා 2015 වසරේ දී ඇයට හැකියාව ලැබෙනවා.

කාන්තා හිංසනයට එරෙහිව

Evening Standard

මේ වන විට ISIS සංවිධානය විසින් බලහත්කාරයෙන් රඳවා සිටින කාන්තාවන් වෙනුවෙන් ඇය මහත් හඬක් නගනවා.

මේ වන විට නාදියා එක්සත් ජාතීන්ගේ විශේෂ තානාපතිවරියක ලෙස කටයුතු කරනවා. මිනිස් ජාවාරමෙන් ගැලවුන පුද්ගලයන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය නම් කළ ප්‍රථම විශේෂ තානාපතිනිය වීමට 2016 වසර අග දී ඇයට හැකියාව ලැබෙනවා.

2016 වසරේ දී ඇය ව නොබෙල් සාම ත්‍යාගය සඳහා නිර්දේශ වෙනවා. එම වසරේම මානව හිමිකම් සුරැකීමේ සඳහා දිවි පරදුවට තබා කටයුතු කරන්නන් වෙනුවෙන් යුරෝපා සංගමය ලබා දෙන “Vaclav Havel” සම්මානය නාදියා ට හිමි වෙනවා.

2016 වසරේ “මානව හිමිකම් හා සිතීමේ නිදහස වෙනුවෙන්” යුරෝපා පාර්ලිමේන්තුව ලබා දෙන “Sakharov’” සම්මානය ඇයට හිමි වෙනවා.

ඉරාකය විසින් මේ වන විට ISIS බලය බොහෝ දුරට බිඳ දමා ඇති බැවින් ජාත්‍යන්තර අධිකරණය වෙත ඉදිරිපත්කර ඇති ISIS නඩු විභාග කිරීමේ අවස්ථා සඳහා සහභාගී වීමට පවා ඇය සුදුසුකම් ලබා තිබෙනවා.

2018 වසරේ නොබෙල් ත්‍යාගය හිමි වීම

basnews.com

මේ වසරේ සාමය සඳහා වූ නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට නාදියා මුරාද් ට හැකියාව ලැබෙනවා. ඒ ත්‍රස්තවාදය හේතුවෙන් ලිංගික හිංසනයට ලක්වෙන කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙනු යි. සාම ත්‍යාගය ලැබූ පළමු ඉරාන ජාතිකයා වන්නේ ද ඇය යි.

මේ වන විට ඉරාකයේ ISIS  සංවිධානය බොහෝ දුරට පරාජය කිරීමට සමත් වී ඇති බැවින් වරෙක තම මවු රට බලා ඒමට ද ඇය කටයුතු කරනවා.

2017 වසරේ ඇය මුහුණ දුන් අමිහිරි මතකන් පිළිබඳව කෘතියක් “My Fight Against the Islamic State” නමින් ලියා පළ කරනවා.

“ත්‍රස්තයන් විසින් මාව ලිංගික ශ්‍රමිකයෙක් බවට පත් කළා. ඒ කතාව අද මම ලෝකයටම කියනවා. ඒක තමයි මට ඇති හොඳම ආයුධය”, නාදියා මුරාද් එලෙස ප්‍රකාශ කරනවා.

කවරයේ පින්තූරය – The Lily

මූලාශ්‍රයයන් –

independent.co.uk

theguardian.com

bbc.com

Related Articles