Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වාතයේ ගුණාත්මක භාවය සෞඛ්‍ය සම්පන්න නොවන්නේ ඇයි?

අප සිතුවාටත් වඩා වේගයෙන් අප දිවි ගෙවන පරිසරයේ වාතයේ ගුණාත්මක භාවය අඩු වෙමික් පවතියි.

දෙසැම්බර් මස මුල දී ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල සෞඛ්‍ය සම්පන්න නොවන වායු තත්ත්ව මට්ටම් නිරීක්ෂණය වූ අතර, එමඟින් රටේ ප්‍රධාන නගර කිහිපයක් ජාත්‍යන්තර වායු තත්ත්ව දර්ශකයේ (AQI) 150-200 කාණ්ඩයට ඇතුළත් විය.

දුමාරය නගරය පුරා පැතිර ගියේ ය; බොහෝ අය මුලින් ම සිතුවේ එය මීදුම බව යි, එය ළඟ එන සීතල කාලගුණය නිසා ඇති වූවක් බව ඇතැම් අය අදහස් දැක්වූහ. උදාසන එළැඹෙන වන විට ශ්‍රී ලංකාවේ වාතයේ ගුණාත්මක භාවය සෞඛ්‍ය සම්පන්න නොවන බවට ප්‍රවෘත්ති පැතිරීම ඇරඹී තිබිණි. 2020 දී ද එයම සිදු වූ බව බොහෝ දෙනකුට අමතක ව ගිය කරුණක් විය.

“වායු තත්ත්ව දර්ශකය 150 ක් පමණ වන විට, ඔබට මීදුම දැකීමට නොහැකි වනු ඇතැයි” Verite Research හි පර්යේෂණ සහකාර අශානි බස්නායක Roar වෙත පැවසීය. 

“එය 180ට ළඟා වූ විට, ඔබ මීදුම දකින විට, මිනිසුන් එයට ප්‍රතිචාර දක්වන්නේ එවිට යි. නමුත් ස්ථාවර වායු තත්ත්‍වය හේතුවෙන් මෙම මාස හතර තුළ ඔබ දැනටමත් 50% කට වඩා නරක වාතය ආශ්වාස කර තිබෙනවා.  ඒ නොවැම්බර් මැද සිට පෙබරවාරි අවසානය දක්වා යි. ඒ COVID අගුලු දැමීමේ මාස යි. ඒත් එය බොහෝ දෙනෙක් දැන සිටියේ නෑ. ඔබ එළිමහන් ක්‍රියාකාරකම්වලට සහභාගී වීමට පෙර සංවේදක (වායු තත්ත්ව දර්ශක) පරීක්ෂා කිරීම වැදගත් වන්නේ එනිසා යි.”

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) වායු තත්ත්ව ඒකකය ප්‍රකාශ කළේ ද්‍රව බිංදු සහ දූවිලි, පස්, ලෝහ සහ අතිශය කුඩා අංශු මිශ්‍රණයක් වන සියුම් අංශු මට්ටම ඉහළ යාම සෞඛ්‍යයට අහිතකර වාතයේ ඉහළ යාමට හේතු වී ඇති බව ය. මෙම කාලය තුළ එහි නරක ම තත්ත්වය කෑගල්ල, බදුල්ල සහ කොළඹ නිරීක්ෂණය විය.

මෙම සංසිද්ධිය සඳහා බහුවිධ සාධක දායක වී ඇත: බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇති වූ ඉතා ප්‍රබල අවපාතයක් (පසුව, එය මැන්ඩූස් සුළි කුණාටුව දක්වා සංක්‍රමණය විය) එය දකුණු ආසියාව හරහා, විශේෂයෙන් ඉන්දියාව හරහා සියලුම දූෂිත වාතය ඇදගෙන ගියේ ය. දෙවනුව, එළඹෙන ඊසාන දිග මෝසම ‘ස්ථායී’ වායු තත්ත්‍වයක් ගෙන එයි, එය සුළං දූවිලි අංශු අතුගා නොදමනු ඇත, ඒවා චලනය නොවී වායුගෝලයේ පවතී. කෙසේ වෙතත්, මෝසම් වර්ෂාව තවමත් පැමිණ නොමැති බැවින්, වායු දූෂණයේ නරක ම තත්වය ජනවාරි වන විට පැමිණීමට ඉඩ ඇත.

මෙම සංසිද්ධිය අපෙන් ප්‍රශ්නයක් අසයි: එහි බලපෑම් නතර කිරීමට අප දරන වෑයම ප්‍රමාණවත් ද? අප එයට සූදානම්ද?

https://twitter.com/i/status/1607756060445507585

කවරයේ ඡායාරූපය: ISHARA S. KODIKARA/AFP via Getty Images
සජීවීකරණය: Roar Media/Supun Sandakelum & Isuru Chaminda

Related Articles