Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

 ගෙවුණු සතිය ලෝවටා

ගෙවුණු සතියේ ලෝවටා වාර්තා වූ සිදුවීම් තිහිපයකි මේ.

ගුවන් තාක්ෂණය රුසියාවට ලබා දීමේ චෝදනාවට අමෙරිකානුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

එක්සත් ජනපද නීති රීති උල්ලංඝණය කරමින් ගුවන් සේවා ආශ්‍රිත තාක්‍ෂණය රුසියාවට ලබා දීම සම්බන්ධයෙන් අමෙරිකානුවන් දෙදෙනෙක් කැන්සාස් නගරයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

අමෙරිකාවෙන් යුක්රේනයට ඩොලර් මිලියන 400 ක නව යුද ආධාර

යුක්රේනයට ඩොලර් මිලියන 400 ක නව යුදමය ආධාර ලබා දීමට සාකච්ඡා කරන බව එක්සත් ජනපදය ප්‍රකාශ කරයි. බක්මුට් නගරයේ සටන් තරමින් සිටින යුක්‍රේන හමුදාවලට රුසියානු ප්‍රහාරකයන් මැඬපැවැත්වීමේ උපකාරයක් ලෙස මෙම යුදමය ආධාර සැපයේ.

මිනිස් මොළයට චිපයක් බද්ධ කිරීම අත් හදා බැලීමට එලන් මස්ක්ට අනුමැතිය නෑ

Elon Muskගේ වෛද්‍ය උපාංග සමාගම වන Neuralink මඟින් අංශභාගය සහ අන්ධභාවය වැනි සුව කළ නොහැකි තත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා සිදු කිරීමට අවසර ඉල්ලා ඇති මිනිස් මොළයට චිපයක් බද්ධ කිරීමේ අත්හදා බැලීම් සඳහා අනුමැතිය ලබා නොදීමට එක්සත් ජනපද බලධාරීන් තීරණය කර ඇත.

සිරදඬුවම් විඳිමින් සිටි මැලේසියානු හිටපු අගමැති නජීබ් නිදොස් කොට නිදහස්

1MDB රාජ්‍ය අරමුදලින් ඩොලර් බිලියන ගණනක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් වසර 12 ක සිරදඬුවමක් විඳිමින් සිටින මැලේසියානු හිටපු අගමැති නජීබ් රසාක් පසුගිය දා පැවැති නඩු විභාගයක දී නිදොස් කොට නිදහස් කර ඇතැයි වාර්තා වේ.

හොංකොං ඉදිකිරීම් වැඩ බිමේ ගින්නට හේතුව සොයා පරීක්ෂණ

හොංකොංහි සාප්පු සංකීර්ණ පිහිටා ඇතිTsim Sha Tsui දිස්ත්‍රික්කයේ ඉදිකිරීම් ස්ථානයක ඇති වූ විශාල ගින්නට හේතුව හොංකොං බලධාරීන් විමර්ශනය කරමින් සිටියි. එම වැඩබිම අවට ගොඩනැඟිලිවල සිටි පුද්ගලයන් 170 දෙනකු ඒවායින් ඉවත් කිරීමට ද කටයුතු යොදා ඇත.

චීන නායක ෂී ජින් පිංගේ අනවසර චරිතාපදානය පළ කළ ප්‍රකාශකයා දසවසරකට පසු බන්ධනාගාරයෙන් නිදහස්

චීන නායක ෂී ජින් පිංගේ චරිතාපදානයක් අනවසරයෙන් නිකුත් කිරීමට සූදානම් වෙමින් සිටියදී අත්අඩංගුවට ගත් හොංකොං හි ප්‍රකාශක 83 හැවිරිදි යාඕ වෙන්ටියන් දකුණු චීන බන්ධනාගාරයක වසර 10 ක සිරදඬුවමක් විඳීමෙන් පසු නිදහස් කර තිබේ.

උතුරු කොරියාවේ තර්ජන නොතකා අමෙරිකාව සමඟ දකුණු කොරියා යුද අභ්‍යාස ඉදිරියට

උතුරු කොරියාවේ තර්ජන නොතකා මේ මස අගදී මහා පරිමාණ වාර්ෂික යුද අභ්‍යාසයක් සමඟ ඉදිරියට යන බව දකුණු කොරියා සහ එක්සත් ජනපද හමුදා නිලධාරීහු ප්‍රකාශ කරති.

Related Articles