පියයුරු පිළිකාව කාන්තාවන්ට වැළඳෙන රෝග අතුරින් මාරාන්තික රෝගයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. පියයුරු පිළිකා මාරයා විසින් බිළිගත් කාන්තා ජීවිත මෙතෙකැයි අපට ගිණිය හැකි නොවේ. ශී‍්‍ර ලංකාවේ ද අවාසනාවන්ත ලෙස පියයුරු පිළිකාවලට ගොදුරු වූ කතුන් බොහොමයක් සිටින නමුත් එදා මෙදා තුර පියයුරු පිළිකා වැළඳීමේ සැලකිය යුතු තරමේ වර්ධනයක් සිදු වී නොතිබීම සතුටට කරුණකි. එමෙන්ම අද වන විට පියයුරු පිළිකාව මර්දනය කිරීමට සොයාගෙන තිබෙන ඖෂධ ඇතුළු ප‍්‍රතිකාර ක‍්‍රම හේතුවෙන් පියයුරු පිළිකාවට එදා දක්වපු භීතිය අද දැක්විය යුතු නැත. පියයුරු පිළිකාවේ ව්‍යාප්තිය මෙන්ම වර්තමාන තත්ත්වය පිළිබඳ අවබෝධයක් ලබා ගනු පිණිස මෙම ලිපිය ඉදිරිපත් කරමු.
මාරාන්තික පියයුරු පිළිකාව
ශරීරයේ සෛල කි‍්‍රයාකාරීත්වය පාලනය කරන ජානවල විකෘතිතාවක් ඇති වීම නිසා එම සෛල පාලනයකින් තොරව වර්ධනය වීම පිළිකාවක් ලෙස හඳුනාගත හැකිය. කාන්තාවන්ට ආවේණික හෝමෝනයක් වන ඊස්ට‍්‍රජන් හෝමෝනය පියයුරු පිළිකා කෙරෙහි බලපාන බැවින් මෙය වැළඳීමේ 99% ක ප‍්‍රවණතාවයක් ඇත්තේ කාන්තාවන්ටය. පුරුෂයින්ට ද පියයුරු පිළිකා වැළඳෙන අතර එය 1% ක අගයක් ගනී.
පියයුරු පිළිකා සම්බන්ධ අවබෝධය වැඩි වීමත් සමඟ එය මුල් අවධි වල දී ම හඳුනා ගැනීමට කරනු ලබන පර්යේෂණ හේතුවෙන් හඳුනා ගනු ලබන රෝගීන් ප‍්‍රමාණය වැඩි වී ඇත. එසේ වුව ද ලෝකයේ ප‍්‍රතිකාර ක‍්‍රමවල ඇති ශීඝ‍්‍ර වර්ධනයත් සමඟ පියයුරු පිළිකා හේතු කොට මිය යන ප‍්‍රමාණය අඩු වෙමින් පවතී.
ශී‍්‍ර ලංකාවේ පියයුරු පිළිකාවේ වත්මන් ප‍්‍රවණතාවය
ශී‍්‍ර ලංකාව ගතහොත් පියයුරු පිළිකාවල වර්ධනයක් පසුගිය වසරවල දී පෙන්නුම් කළ ද මෙම වසරේදී එම අගයෙහි වර්ධනයක් සිදු වී නොමැත. පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය මහේන්ද්ර පෙරේරා මහතා සඳහන් කළේ ශී‍්‍ර ලංකාවේ පියයුරු පිළිකා වර්ධනය වීමේ ලොකු ප‍්‍රවණතාවක් නොමැති බවයි.
‘‘අපේ රටේ පියයුරු පිළිකා වැඩිවීමේ ලොකු ප‍්‍රවණතාවක් නැහැ. කලින් වගේම ලංකාවේ කාන්තා පිළිකා වලින් වලින් 22% ක් පියයුරු පිළිකා.’’
පියයුරු පිළිකා සඳහා ප‍්‍රධාන වශයෙන්ම බලපානු ලබන්නේ ජානමය හේතූන් ය. නමුත් තවත් හේතු කිහිපයක්ද පියයුරු පිළිකාවලට බලපාන්නට ඉඩ තිබේ.
‘‘විශේෂයෙන්ම ජානමය ප‍්‍රශ්න තිබෙන අයට පටක වල වෙනස්වීම් ඇති වෙලා පියයුරු පිළිකා හැදෙනවා. නමුත් අපි දන්නවා එක්තරා කාණ්ඩයකට පමණක් පියයුරු පිළිකා හැදෙන්න වැඩි ප‍්‍රවණතාවයක් තියෙනවා. විශේෂයෙන්ම පවුලේ පිළිකා තිබුණා නම් ඒ වගේම හෝමෝන ප‍්‍රතිකාර සිදු කරන අයට වගේම අධික තරබාරු කමත් පිළිකා රෝගය ඇති වීමේ එක් හේතුවක් වෙනවා. ඒ වගේම දරුවන් නොලැබුණු කාන්තාවන්ට වගේම කලින් වැඩිවියට පත්වුණු කාන්තාවන්ටත් ඒ පියයුරු පිළිකා හැදෙන්නේ අවදානමක් තියනවා කියලා අපි දන්නවා. නමුත් එය පිළිකා හැදෙන්න හේතුවක් නෙවෙයි.’’
නවීන ප‍්‍රතිකාර ක‍්‍රම
පිළිකා සම්බන්ධයෙන් ශල්‍යකර්ම හැරෙන්නට අසන්නට ලැබෙන්නේ කිමෝතෙරපි ප‍්‍රතිකාර ක‍්‍රමයයි. නමුත් වර්තමානයේ දී ජානමය විකෘතිතා ඇති ස්ථාන හඳුනාගෙන ඒවාට ඍජුව ප‍්‍රතිකාර කළ හැකි ක‍්‍රම සොයාගෙන තිබෙන බවද විශේෂඥ වෛද්‍ය මහේන්ද්ර පෙරේරා පෙන්වා දුන්නේය. මෙය දැනට ලංකාවේ ද සිදු කෙරෙන ප‍්‍රතිකාර ක‍්‍රමයකි. එහෙත් එම ප‍්‍රතිකාර ක‍්‍රමය ඉතාම මිල අධිකය.
‘‘මූලික වශයෙන්ම පියයුරු පිළිකා වලට තියෙන්නෙ ශල්‍යකර්මයක් කිරීමයි. කලින් තිබුණෙ ඖෂධ ප‍්‍රතිකාර සහ විකිරණ ප‍්‍රතිකාර පමණයි. අදාළ ජානමය විකෘතිය හොයාගෙන ගිහිල්ලා ඊට ප‍්‍රහාර යෙදිය හැකි අන්දමේ ඖෂධ වර්ග නිෂ්පාදනය කර තිබෙනවා. දැන් අලූතෙන්ම තියෙනවා Targeted Therapy කියලා එවැනි ප‍්‍රතිකාර ක‍්‍රමයක්. එය එක්තරා ඖෂධ වර්ගයක්. නමුත් කිමෝ තෙරපි ප‍්‍රතිකාර ක‍්‍රමයක් නෙවෙයි.
වසර ගණනාවක් තුළ එම රෝගියාට පියයුරු පිළිකාවක් නැවත ඇති වීමට හෝ ඇඟ පුරා විහිදීමට තිබෙන අවදානම හොයාගන්න පුළුවන්. එම අවදානම අනුව බොහෝ වෙලාවට ඒ සඳහා අවශ්‍ය බෙහෙත් හොයාගන්නත් පුළුවන්. විසි දෙනෙක් ගත්තොත් ඒ විසි දෙනාගෙම පියයුරු පිළිකා වෙනස්. අවධි වශයෙන් ගත්තත් ජානමය හේතූන් මත ඒ පියයුරු පිළිකා වර්ග වෙනස්. ඒ සඳහා වෙනස් අන්දමින් ප‍්‍ර‍්‍රතිකාර කිරීමේ හැකියාවක් මෙච්චර කාලයක් අපිට තිබුණෙ නැහැ. ඉස්සර කාලේ පියයුරු පිළිකා රෝගය සෑදී ඇති සාධක මත සාක්‍ෂි සහ විශ්ලේෂණ පදනම් කරගෙනයි පියයුරු පිිළිකා සඳහ්ා ප‍්‍රතිකාර කළේ. මේ ලෝකෙ සියලූ පිළිකාවන්ට ප‍්‍රතිකාර කෙරෙන විශ්ලේෂණ ආදිය පදනම් කරගෙන තමයි ප‍්‍රතිකාර කළේ. දැන් පිළිකා රෝගීන් සම්බන්ධව ජානමය විශ්ලේෂණ මත ඔවුන්ට ගැළපෙන ඖෂධය කුමක්ද කියලා හොයා ගන්න ක‍්‍රමය දැන් තියෙනවා. ඒක තමයි පියයුරු පිළිකාවට අලූතින්ම එකතු වෙච්ච දේ. දැනට එම ප‍්‍රතිකාර ක‍්‍රමය ලංකාවෙත් කෙරෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදයෙත් කරනවා. එංගලන්තයේ මෙය සිදු වෙන්නෙ අඩුවෙන්. එම පරීක්ෂණ ඉතාම මිල අධිකයි.’’
පියයුරු පිළිකා සඳහා මහරගම පිළිකා රෝහලේ ප‍්‍රතිකාර කරනවා. Targeted Therapy ප‍්‍රතිකාර ක‍්‍රමය මහරගම රෝහලේ සීමිත වශයෙන් සිදු වුණත් බොහෝ වෙලාවට එය පිටින් තමයි කරගන්න වෙන්නෙ. ඊට අමතරව කොළඹ තියෙන ප‍්‍රධාන පෞද්ගලික රෝහල් වල එම ප‍්‍රතිකාරය සිදු කරයි.
‘‘පියයුරු පිළිකා රසායනාගාර පරීක්ෂණයක් ලක්ෂ එකහමාරක් දෙකක් පමණ වෙනවා. මූල්‍යමය අපහසුතා තියෙන අයට ජනාධිපති අරමුදලෙන් ප‍්‍රතිකාර සහ පරීක්‍ෂණවලට මුදල් ලබා ගන්න පුළුවන් කියලාඅපි දැනුවත් කරනවා. බොහොමයක් ලෙඞ්ඩුන්ට මිල අධික ප‍්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ. මූලික දේවල් හැම එකක් වගේම රජයේ රෝහල් වලත් පෞද්ගලික රෝහල් වලත් තියෙනවා.’’
පියයුරු පිළිකාවේ ව්‍යාප්තිය
බටහිර රටවල කාන්තාවන් දොළොස් දෙනකුගෙන් එක් අයෙකුට පියයුරු පිළිකාව වැළඳීමේ ප‍්‍රවණතාවක් ඇති බවට සමීක්ෂණ මගින් තහවුරු කරගෙන ඇත. ශී‍්‍ර ලංකාවේ කාන්තා පිළිකා රෝගීන්ගෙන් 22%ක් පියයුරු පිළිකා රෝගීන් වේ. 2009 දී එය තිබුණේ 18%ක අගයකය. ශ‍්‍රී ලංකාවේ ජීවිත කාලය තුළ පියයුරු පිළිකා අවදානම සෑම කාන්තාවන් 40 දෙනෙකුගෙන් එක් අයෙකුට ඇත.
පියයුරු පිළිකා රෝගය මුලින්ම ව්‍යාප්ත වූයේ කර්මාන්ත ශාලා ආශ‍්‍රිතව රැකියාව කළ උතුරු ඇමෙරිකාව හා බටහිර යුරෝපා කාන්තාවන් අතරය. ආසියාව අපි‍්‍රකාව ලතින් ඇමරිකාව වැනි කලාපවල පියයුරු පිළිකා එතරම් ව්‍යාප්තව නොතිබිණි. කෙසේ වෙතත් 2020 වනවිට පියයුරු පිළිකා රෝගීන්ගෙන් සියයට හැත්තෑවක් වාසය කරනු ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින රටවල බවට අදහස් පළ වී තිබේ.
වඩාත් සංවර්ධනය වූ බටහිර රටක පිළිකාවෙන් පෙළෙන රෝගී තැනැත්තියකට ඉක්මන් රෝග විනිශ්චයක් හා අලූත් ප‍්‍රතිකාර ක‍්‍රම ලබා ගැනීම පහසුය. ඇමරිකාව වසරකට පියයුරු පිළිකා හඳුනා ගැනීමට හා එම රෝග තත්ත්වය මර්දනය කිරීමට වැය කරන මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 8.1කි. එරට පියයුරු පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් හා පිළිකා හඳුනා ගැනීමට හා ප‍්‍රතිකාර කිරීමට අවශ්‍ය වෛද්‍ය මෙවලම් බහුලය. ඉන්දියාවේ භූමි ප‍්‍රදේශය ගතහොත් එහි වෙසෙන කාන්තාවන් ප‍්‍රමාණය ලක්ෂ 35 ක් වුවත් සියළු පහසුකම් සහිත පියයුරු පිළිකා ප‍්‍රතිකාර මධ්‍යස්ථාන ඇත්තේ එකක් පමණි. පියයුරු පිළිකාවට ගොදුරු වන ඉන්දීය කාන්තාවන්ගෙන් අඩක් ප‍්‍රතිකාර නොලබා මිය යති. දකුණු අප‍්‍රිකාවේදී ප‍්‍රතිකාර කරන්නට තරම් කල් වේලා ඇතිව රෝගීන් හඳුනා ගැනෙන ප‍්‍රමාණය සියයට පහකට වැඩි නැත. ඇමෙරිකාවේ එම ප‍්‍රතිශතය 50% කි.
සමහර රටවල් ඉක්මන් රෝග නිරීක්ෂණ හරහා වැඩි රෝගීන් ප‍්‍රමාණයක් මරණයෙන් ගලවා ගන්නා බවක් පෙනෙන්නට තිබේ. තවත් රටවල් ගැන සලකා බලද්දී පෙනෙන්නේ එම රටවල කාන්තාවන්ගෙන් බහුතරයකට පියයුරු පිළිකා පිළිබඳ මූලික දැනුමක් හෝ නොමැති බවය. රටක් සංවර්ධනය වී තිබූ තරමට පියයුරු පිළිකා රෝගයෙන් එල්ල වන තර්ජනයේ අඩුවක් වන්නේ නැත.
සංවර්ධනය වෙමින් පවතින රටවල කාන්තාවන් පියයුරු පිළිකාව පිළිබඳව දැනුවත්ව නොසිටීම එමගින් සිදු වන මරණ සංඛ්‍යාව අඩු වීමට බාධාවක්ව පවතී. ව්‍යායාම අඩු වීමද පියයුරු පිළිකා ඇති වීමට හේතුවක් වී තිබේ. ගොවිපොළේ සහ කර්මාන්තශාලාවේ වෙහෙස වී වැඩ කළ කාන්තාව ගෝලීයකරණය හමුවේ කාර්යාලයක සුවපහසු අසුනකට යොමු වී සිටින්නීය. දකුණු දිග කැලිෆෝනියා සරසවිය සිදු කළ අධ්‍යයනයකදී හෙළි වී ඇත්තේ වෙහෙස වී වැඩ කරන කාන්තාවන්ට පියයුරු පිළිකා වැළඳීමේ අවදානම 20%කින් අඩු බව ය.
cover – hopechest.com