දවස ආරම්භ වන්නේ හපුතලේ ශාමලී ඇල්පිටියගේ නිවසෙනි. 50 ගණන්වල මුල් භාගයේදී පවා ඇය අවදි වන්නේ පාන්දර 4ට ය. ඇය තම බල්ලන් 20 දෙනකුට සහ බළලුන් නව දෙනකුට උදේ ආහාරය පිසින අතර ම ඇගේ පුතාට සහ ඇගේ මවට ද උදේ ආහාරය පිළියෙළ කරයි.
සිය උදාසන ආහාරය වෙනුවට වෙනුවට ඇය උණුසුම් තේ කෝප්පයක් තොල ගෑවා ය.
“මෙය දිවා ආහාර වේල දක්වා මට සහනයක් ගෙන දේවි ” ඇය පැවසුවාය. ඇය දිනකට එක වේලක් පමණක් අනුභව කරයි, බොහේවිට එය ඇගේ රාත්‍රී ආහාරය වේ.
ඇය පළමු සුනඛයා බේරා ගන්නා විට ඇයගේ වයස අවුරුදු 15 කි; ඇය ඌ ගෙදර ගෙනැවිත් නවාතැන් දුන්නේ ය. මේ වන විට ඇයගේ නිල නොවන සතුන් රැක බලා ගැනීමේ වෘත්තීය ජීවිතය දැන් වසර 40ක් ඉක්මවා ඇත.
2019 වසරේ සීතල, තෙත් සහ වැසි සහිත දිනක අපි ප්‍රථම වරට ඇල්පිටියට ගියෙමු. වසර දෙකකට පසුව, ගෝලීය වසංගත හා ආර්ථික අර්බුදයකින් පසුව, ඇගේ බල්ලන් 20 සහ බළලුන් 9, බල්ලන් 35 සහ බළලුන් 16 දක්වා වැඩි වී ඇත.
තමන් රැක බලා ගන්නා සතුන් ගණනාවක් මේ වසර මුලදී රටේ ආර්ථික කඩාවැටීම ආරම්භයේදී ම මිය ගිය බව ඇය අපට පැවසුවාය.
“ඒ කාලෙදි පෙට්‍රල් තිබුණේ නැහැ. මට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට නොහැකි වුණු නිසා ඔවුන් පශු වෛද්‍යවරයා වෙත ගෙන යාමට නොහැකි වුණා. එම හේතුව නිසා ම පශු වෛද්‍යවරයාට මෙහි පැමිණීමටත් නොහැකි වුණා.”
ඇල්පිටිය පැවසුවේ ඇය දිනකට දෙවරක් තම සතුන් ආහාර පානාදියෙන් පෝෂණය කළ බව යි.
“දැන් මං ඔවුන්ට ආහාර ලබා දෙන්නේ එක් වරක් පමණයි; එය තරමක විශාල ප්‍රමාණයක්. ඒ ප්‍රමාණය තවමත්, සම්පූර්ණ ආහාර වේල් දෙකකට වඩා ප්‍රමාණයෙන් අඩුයි. සහ බිස්කට් සහ කිරි වැනි කෙටි ආහාර ඔවුන්ට ලබා දීම ගැටලු සහගත වන්නේ මිල ඉහළ ගොස් ඇති නිසා යි.”
ඇල්පිටිය, තම මව සහ ඇගේ කුඩා පුතා රැක බලා ගන්නා තනි තැනැත්තියකි. ඇගේ මවට මෑතක දී ශ්‍රවණාබාධයක් හට ගෙන ඇත.
“වෛද්‍යවරයාගේ තීන්දුව වන්නේ යම් ස්නායු ආබාධයක් ශ්‍රවණාබාධයට හේතු වූ බවයි” ඇය පැවසුවා ය. ඇල්පිටිය විශ්වාස කරන්නේ තම අහිමි වීම් ගැන ඕනෑවට වඩා සිතීම නිසා ඇති වූ අධික ආතතිය ද එයට හේතු වන්නට ඇති බව යි.
ඇල්පිටිය තම පුතා ඇති දැඩි කරන්නේ ද කිසිදු වෙනත් හව්හරණක් නොමැති වය. ඔහු පාසලට ඇරලවා නිවෙස වෙත නැවත ගෙන ඒමට ඇය දිනකට රුපියල් 500-800ක් පමණ වැය කරයි.
“ඔහු මෙවර පහේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්නා. පසුගිය පාසල් ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී ඔහු තෑගි දෙකක් ලබා ගත්තා” ඇය පැවසුවා ය.
සත්ව ගලවා ගැනීමේ සංවිධානයක් ඇයගේ දෛනික වියදම් පාලනය කර ගැනීම සඳහා ඇයට අවම වැටුපක් ලබා දීමට පුරුදු ව සිටියේ ය. ඔවුහු සතුන්ට සලාක ද සැපයූහ. නමුත් මාස හයකට පෙර, එම සලාක සහ ආධාර පැමිණීම නතර විය.
“මට 2019 දී මෙන් ආදායමක් උපයා ගැනීමට වෙනත් මාර්ගයක් නැහැ. දැන් මගේ වැඩිමහල් සහෝදරියන් තුන්දෙනාගෙන් එක්කෙනෙක්ගෙන් තමයි එකම මුල්‍ය ආධාර සපයන්නිය. දැන් මේ කටයුත්ත පවත්වාගෙන යන්න පරිත්‍යාගශීලීන් නැති තරම්” ඇය කියයි.
දැන් ඇගේ සත්ව නවාතැනට සහ ජීවිතයට ඇති ලොකු ම අභියෝගය ආර්ථික අර්බුදය යි.
කතාව සහ ඡායාරූප: Roar Media/මහේන්ද්‍ර ධම්මික