ශ්‍රී ලංකාවේ කාන්තා ඇඳුම සහ ඒවායේ ඉතිහාසය

ශ්‍රී ලංකාව මනා සංස්කෘතික විවිධත්වයකින් යුතු රටකි. ජාති-ආගම් වශයෙන් අප රටේ දක්නට ලැබෙන සංස්කෘතික විවිධත්වය නිසාම රටේ සුන්දරත්වය වඩාත් ඉස්මතු වී පෙනෙයි.

දුටු පමණින් සංස්කෘතික විවිධත්වය පිළිබිඹු කරන ප්‍රධානතම අංගයක් වන්නේ ඇඳුම් ආයිත්තම් ය. මෙයින් ද කාන්තා ඇඳුම් ප්‍රධාන වෙයි. අපේ සංස්කෘතියට බද්ධ වී තිබෙන සාරිය, ඔසරිය, සහ සල්වාර් යන ජනවාර්ගික විවිධත්වය පෙන්වන සම්ප්‍රදායික ඇඳුම්වල ඉතිහාසය පිළිබඳවත්, වර්තමානයේ දී එම ඇඳුම් නිවැරදිව සහ සිරුරේ සුන්දරත්වය ඉස්මතු වන පරිදි ඇඳිය හැකි ආකාරය පිළිබඳවත් මෙම ලිපිය මගින් ඔබ වෙත ගෙන එනු ඇත.

සාරිය

sareeo.clothing

ඉන්දියාවෙන් අපිට ලැබුණු සංස්කෘතිකමය දායාදයක් වශයෙන් සාරිය හඳුන්වන්නට පුළුවන. ලංකාවේ සාරිය ඉතාමත් දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි. ‘ද්‍රෞපදිය ගේ නිමාවක් නොමැති වස්ත‍්‍රය’ ලෙසින් ඉන්දියානුවන් අතර ආදි කාලයේ ප‍්‍රචලිත වූ සාරිය අද ඉන්දියානු මෙන් ම ශ‍්‍රී ලාංකික වනිතාවන් අතර ද ඉතා ජනප‍්‍රිය ඇඳුමකි. සාරිය අප රටේ වනිතාව අතර ද ප‍්‍රචලිත වූයේ ඉන්දියානුවන් ගෙන් අප රටට ලැබුණු සංස්කෘතික දායාදත් සමඟ ය.

ඉන්දියානු වනිතාවන් අතර සාරි ඇඳීමේ ඉතිහාසය කි‍්‍රස්තු පූර්ව සියවැන්න දක්වා අතීතයකට යයි. සාරිය ඉන්දු නිම්න ශිෂ්ටාචාරය තුළින් උපත ලබා ඇති බව සැලකේ. සාරිය ඉන්දියානු කාන්තාවන්ගේ ඇඳුමක් ලෙසින් ප්‍රචලිත වුව ද, අද වන විට නේපාලය, බංගලාදේශය, පකිස්ථානය, හා ශ්‍රී ලංකාවේත් කාන්තාවන් නිරන්තරයෙන් භාවිතා කරයි. දකුණු ඉන්දීය බලපෑම් නිසා මහනුවර යුගයේ පමණ සිට සිංහල කාන්තාව සාරිය ඇඳීම සිදු වී තිබේ. එදා සිට අද දක්වා සාරිය ලාංකීය සමාජය තුළ මහත් ජනප්‍රියත්වයක් මෙන්ම වැදගත්කමක්ද උසුලනු ලැබීය. නූතනයේ විවිධ විලාසිතා සඳහා ද සාරිය යොදා ගන්නා අන්දම දක්නට හැකිය.

ඔසරිය

keywordlister.com

17 වන සියවසයේ රචිත එදා හෙළදිව ග්‍රන්ථයට අනුව සිංහලයන් ඇඳුම් භාවිතය කුලය පදනම් කරගෙන සිදු කළ බව සඳහන් වෙයි. ඒ අනුව වංශවත් රදළයන් රන්, රිදී, මුතු, මැණික් ඔබ්බ වූ ආභරණ සහිතව, ගාම්භීර ලීලාව පෙනෙන සේ අලංකාරව වස්ත්‍ර අඳිනු ලැබීය. සාමාන්‍ය මිනිසුන් දණින් මදක් පහත් වන සේ කෙණ්ඩය අඩක් වැසෙන සේ වස්ත්‍ර ඇන්දහ, ස්ත්‍රීන් එලෙසම වස්ත්‍ර හැඳ,  එයම කරකවා ලපැත්ත වැසෙන්නට පටක් සේ කරේ ලා ගත්හ, කුලහීන ස්ත්‍රීන් දණහිස දක්වා රෙදි කඩක් හැඳ, උඩුකය නග්නව තබා ගත්හ, ආදී වශයෙන් එහි දැක්වෙයි.

උඩරට රජ කාලයේ සිටම ඔසරිය භාවිත වූ බවට සාක්‍ෂි තිබේ. උඩරට රාජධානියට සම්ප්‍රාප්ත වූ ඉන්දියානු කුමාරිකාවන්ගේ ඇඳුම් පැළඳුම් අනුව ඔසරිය ද නවීකරණය වී තිබෙන අතර සාරියේ සහ ඔසරියේ සංකලනයන්ද බොහෝ විට දැකගත හැකිව තිබුණි. ඉන්දියාවෙන් ගෙන්වන විවිධ සාරි වර්ග ඔසරි ලෙස සකස් කර ගැනීමට සිංහල කාන්තාවන් පුරුදු විය. අද වන විට කෑලි ඔසරිය හැරෙන්නට බොහෝ කාන්තාවන් අඳින්නේ සාරි ඔසරියයි.

සල්වාර්

gstatic.com

කිතුණු යුගයට පෙර සිට පැවත එන ඇඳුම් වර්ගයක් ලෙස සල්වාර් ඇඳුම හැඳින්වීමට පුළුවන. සාමාන්‍යයෙන් මුස්ලිම් රටවල්වල භාවිත වූ ඇඳුමක් වුවත්, දෙවන ලෝක යුද්ධයට පෙර ග්‍රීක පුරවරයේ සහ ඔටෝමන් තුර්කිවරුන්ගේ බලපෑමට ලක්වූ බෝල්කන්හි වෙනත් ස්ථානවල ද සල්වාර් ඇඳුම දක්නට ලැබී ඇත.

ලංකාවේ මුස්ලිම් කාන්තාවන් අතර අතීතයේ සිටම සාරිය බෙහෙවින් ජනප‍්‍රිය වු අතර ඒ මගින් ලංකාවේ සමාජයට අනුගත වීමට ඔවුනට හැකියාව ලැබිණි. සාරි පොට ඔලුවට දමා ගෙන හිස ආවරණය කර තම සංස්කෘතික අනන්‍යතාව රැක ගැනීමට ද ඔවුහු කටයුතු කළහ.

සිරුරේ සුන්දරත්වය වැඩිවන අයුරින් ඇඳුම් ඇඳීම

සාරි, ඔසරි, හා සල්වාර් වැනි සම්ප්‍රදායික ඇඳුම්වලින් සිරුරේ හැඩය සුන්දර ලෙස ඉස්මතු කර පෙන්වීමට නම්, කරුණු කීපයක් ගැන අවධානය යොමු කළ යුතු ය. එහි දී  වැඩි වශයෙන් අවධානයක් යොමු කළ යුතු වන්නේ යට ඇඳුම් තෝරාගැනීම ය. සාරි, ඔසරි, සහ සල්වාර් සඳහා අද ඒවාටම ගැලපෙන අන්දමේ වෙනම බ්‍රා වර්ග ඇතුළු යට ඇඳුම් හොඳම වෙළඳ නාමයන් යටතේ වෙළඳපොළෙන් මිල දී ගත හැකිය.

සාරියේ හෝ ඔසරියේ අලංකාරය වඩා වර්ධනය කර පෙන්වීමට නම් ඊට මනාව ගැලපෙන සාරි හැට්ටයක් තිබිය යුතුයි. සාරි හැට්ටය සාමාන්‍ය හැට්ටයකින් වෙනස් වන්නේ කර වට සිට බද පෙදෙස දක්වාම සිරුරට බද්ධ වී තිබිය යුතු නිසාවෙනි. එමගින් සිරුරේ හැඩය වඩා සුන්දරව කැපී පෙනෙන අතර සාරියට වඩා ඉහළ අලංකාරයක්ද එක කරනු ලබයි. වර්තමානය වන විට හැට්ටය විවිධ අන්දමේ විලාසිතාවන්ට අනුව නිර්මාණය කරනු දක්නට හැකිය. කර වඩාත් විවෘතව පෙනෙන පරිදි, අත් සහිත හෝ අත් නැති, ඉදිරිපස විවෘත කරන ලද හෝ නොකරන ලද, පිට පෙදෙස ගැඹුරට පෙනෙන ලෙස හෝ පිට වැසෙන ආදී වශයෙන් සිරුරේ ස්වභාවය අනුව සාරි හැට්ට නිර්මාණය කර ගැනීමට බොහෝ දෙනා පෙළඹී සිටිති.

ámante විසින් හඳුන්වා දෙන Classic Shape බ්‍රා එක සාරි හැට්ටයක් සඳහා ඉතාම හොඳින් ගැලපෙන ලෙස නිර්මාණය කර තිබේ. සාමාන්‍යයෙන් හැට්ටය සිරුරට සරිලන ලෙස සකස් වෙද්දී පියයුරු කුඩාවට, සහ පිටතින් පියයුරු නෙරා එන ආකාරයේ බ්‍රා වර්ග ඇඳීම පෙනුම අවලක්ෂණ කරයි. එහෙත් මෙම හැට්ටයේ පූර්ණ කප් ආවරණය සමඟ Side Shaper මගින් පපු ප්‍රදේශයෙහි දෙපස එළියට නෙරා යෑම වළක්වා, සිරුරෙහි විශාලත්වය අඩු කර පෙන්වයි.  සාරි, ඔසරි යනු වැඩි වෙලාවක් වැඩිපුර රෙදි ප්‍රමාණයක් ඇඟ වට දවටාගෙන සිටීමට සිදු වන්නක් නිසා උෂ්ණත්වයට ඔරොත්තු දෙන බ්‍රා වර්ගයක් ඇඳීම උචිත වේ. මෙහි කප් ආවරණයෙහි යොදාගෙන ඇති මෘදු මැසුම් නිසා දවස පුරා අපහසුතාවයකින් තොරව ඇඳගෙන සිටීමට හැක. මෙම බ්‍රා වර්ගයේ කප් දෙක අතර ඇති පරතරයෙහි (center front) උස ප්‍රමාණය වැඩි කර ඇති බැවින් පූර්ණ ආවරණයක් සහ මනා පෙනුමක් ලබා දෙයි. ඉදිරිපස කර ප්‍රදේශයෙහි ශක්තිමත් භාවය නිසා ඉහළ පපු ප්‍රදේශය ඉදිරියට එකතුකර මනා සුන්දර පෙනුමක් ලබාදෙයි.

MAS BRANDS (PVT) LTD (amanté)

කුඩා පියයුරු සහිත අයෙක් නම් සාරිය සඳහා පියයුරු අලංකාරව පෙනීම අත්‍යවශ්‍ය නිසා පැඩඩ් කරන ලද සහ push-up  බ්‍රා ඇඳීම වඩා සුදුසු වේ. විනිවිද පෙනෙන නෙට් වැනි රෙද්දකින් හැට්ට මසනු ලබන්නේ නම් එහි පැහැයට සරිලන, පියයුරු හොඳින් ආවරණය වන බ්‍රා වර්ග වඩාත් සුදුසු වේ. සමහරුන්ගේ පිට ප්‍රදේශය මහත නිසා බ්‍රා එකෙන් ඉතා අසුන්දර ලෙස නෙරීම් පෙන්වයි. නමුත් මෙහි පුළුල් බැක් පැනල් පිට ප්‍රදෙශයේ ඉලිප්පීම් මතු වීමට ඉඩ නොදි, සිරුරේ හැඩය සිහින් කොට පෙන්වයි. පුළුල් උරපටි නිසා විශාල පියයුරු සඳහාත් දවස පුරා සුව පහසුව දෙන අතර, එම උරපටි ඉදිරිපසින් තමාට කැමති ප්‍රමාණයට සකසා ගත හැක. තවද මෙම බ්‍රා වර්ගයේ ආකර්ෂණීය ලේස් වර්ගය නවතම විලාසිතාවක් මතු කර පෙන්වයි. සාමාන්‍යයෙන් හැට්ටයේ පැහැයට ගැලපෙන බ්‍රා එක තෝරා ගැනීම වැදගත් වන අතර වර්ණ කිහිපයකින්ම මෙම බ්‍රා වර්ගය තෝරා ගැනීමට ඔබට අවස්ථාව ඇත.

මූලාශ්‍ර

https://kidworldcitizen.org

https://www.quora.com

පුරාණ සිංහල ස්‌ත්‍රීන් ගේ ඇඳුම් – මාර්ටින් වික්‍රමසිංහ

Related Articles

Exit mobile version