Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දත් රකින සටන ගැන අප නොදත් දේ

යහපත් මුඛ සෞඛ්‍යයකට උරුමකම් කීමට මිනිසා උත්සුක වූයේ අනාදිමත් කාලයක සිට යි. විධිමත් දන්ත වෛද්‍ය ක්‍රමයක ආරම්භය ක්‍රිස්තු පූර්ව 7000 දී සිදු වූ බව ඉතිහාසඥයන් පෙන්වා දෙනවා. දන්ත වෛද්‍ය සේවාවේ වෘත්තීයමය පරිණාමය මෙයින් වසර ගණනාවකට පසුව සිදු වූවා. මානව සමාජයේ දක්නට ලැබුණු දන්ත වෛද්‍යවරුන් සංඛ්‍යාවේ ක්‍රමානුකූල වර්ධනයක් 19 වන සියවස අගභාගයේ දී පෙන්නුම් කළා.

දන්ත වෛද්‍ය ක්‍රමවේදය පුළුල් ලෙස ව්‍යාප්ත වීමත් සමඟ ඒ සඳහා භාවිත කළ ඖෂධ සහ ශල්‍යාගාර මෙවලම් ශීඝ්‍රගාමී ව වැඩි දියුණු වූවා. දන්ත ශල්‍යාගාර ප්‍රයෝජනය උදෙසා ම බිහිව තිබූ මුඛ පිරිසුදු කාරක සහ දන්තාලේප ඕනෑම ඔසුසලකින් මිලදී ගැනීමට වර්තමානයේදී හැකියාවක් ලැබෙනවා.

මුඛ සෞඛ්‍යයේ යහපැවැත්ම උදෙසා නවෝත්පාදනය කළ සරල මෙවලම් මොනවාදැයි මෙම ලිපියෙන් විමසා බලමු.

විධිමත් දන්ත වෛද්‍ය ක්‍රමයක ආරම්භය ක්‍රිස්තු පූර්ව 7000 දී සිදු වූ බව ඉතිහාසඥයන් පෙන්වා දුන්නා – www.drmastersdds.com

දත් බුරුසුව

මිනිස් මුඛය පිහිටෙන් තම ජීවිකාව ගෙනයන අද්භූත පණු ප්‍රභේදයක් අපගේ දත් අතර සිටින බවත්, දත් දිරා යාමට මොවුන්ගේ ක්‍රියා කලාපය සෘජු ව හේතුපාදක විය හැකි බවත් පැරණි ජනයා විශ්වාස කළා. බැක්ටීරියා නමැති ක්ෂුද්‍ර ජීවී කාණ්ඩය දත් දිරා යාම පිටුපස සිටින සැබෑ හස්තය බව මේ වන විට පිළිගන්නා මතය යි.

මානව සමාජයේ දක්නට ලැබුණු දන්ත වෛද්‍යවරුන් සංඛ්‍යාවේ ක්‍රමානුකූල වර්ධනයක් 19 වන සියවස අගභාගයේදී පෙන්නුම් කළා – media.sciencephoto.com

ඖෂධීය ගුණයකින් හෙබි තුනී ශාකමය කූරු භාවිතයෙන් තම දත් පිරිසුදු කරගැනීමට අපගේ මුතුන් මිත්තන් උනන්දු වූවා. දත් දිරා යාම වලක්වාලීමට මෙකී ශාකමය කූරු බෙහෙවින් උපකාර වනවා. එක් කෙළවරක් වියැකී යන තෙක් සැපීමට හැකි මෙම ඖෂධීය කූරු වර්තමාන දත් බුරුසුවේ මුල් පුරුක වූවා.

ශාකමය කූරු භාවිතයෙන් තම දත් පිරිසුදු කිරීමට පෙලඹෙන ජන සංස්කෘතීන් අදටත් දක්නට ලැබෙනවා. මුඛ සෞඛ්‍යයේ යහපැවැත්ම තහවුරු කරලීමට අතීත හෙළ සමාජය දැහැටි කූරු භාවිත කිරීමට හුරු වූ බව පුරාණ ලේඛන බොහෝමයක් පෙන්වා දුන්නා.

දෙවන ලෝක යුද්ධ සමයේදී දී බ්‍රිතාන්‍ය ඉන්දියානු හමුදාවේ කොටසක් වන රාජකීය ඉන්දීය හමුදා සේවා බළකායේ සෙබළුන්, ඔවුන්ගේ දත් පිරිසුදු කිරීමට ලී කූරුවල කෙළවර භාවිත කළ අයුරු – Gettyimages.com

පරිසර හිතකාමී දත් බුරුසුව

ක්‍රිස්තු වර්ෂ 618 සිට 907 දක්වා චීන අධිරාජ්‍යය පාලනය කළ ටෑං රාජවංශිකයන් වර්තමාන දත් බුරුසුව බිහි වීමේ මූලික අඩිතාලම දැමූ අය යි. පරිසර හිතකාමී උණ ලී මිටකින් මුල් කාලීන දත් බුරුසුව සමන්විත වූවා. වල් ඌරු හිසකෙස් එම දත් බුරුසුවේ කෙඳි සකස් කිරීමට බහුල ව යොදා ගෙන තිබුණා.

කැරැල්ලක් සිදු කිරීමට උත්සාහ ගැනීම හේතුවෙන් 1780 වසරේ සිර දඩුවම් විඳි බ්‍රිතාන්‍ය ජාතික විලියම් ඇඩිස්, මහා පරිමාණ දත් බුරුසු නිෂ්පාදනය කළ පළමු ව්‍යවසායකයා ලෙස ගෞරවයට පාත්‍ර වූවා.

චීන අධිරාජ්‍යය පාලනය කළ ටෑං රාජවංශිකයන් වර්තමාන දත් බුරුසුව බිහි වීමේ මූලික අඩිතාලම දියත් කළා -්‍ www.caringtreechildrensdentistry.com

එක්සත් ජනපද පේටන්ට් බලපත්‍රය දත් බුරුසුවකට ලබා ගත් පළමු පුද්ගලයා ලෙස එච්.එන්. වැඩ්ස්වර්ත් නමැති දන්ත වෛද්‍යවරයා සලකනවා. දත් බුරුසු කෙඳි සැකසීමට නයිලෝන් අමුද්‍රව්‍යයේ වාණිජ යොදා ගැනීම 1938 වසරේ දී පමණ සිදු වූවා.

පේටන්ට් බලපත්‍රය ලබා ගත් විදුලි දත් බුරුසුව

විදුලි දත් බුරුසුවකට පේටන්ට් බලපත්‍රය ලබා ගත් පළමු තැනැත්තා අමෙරිකානු ජාතික ටොම්ලින්සන් අයි. මොස්ලි යි. ටොම්ලින්සන්ගේ විදුලි බුරුසු අදහස සිතූ පරිදි සාර්ථක වූයේ නෑ.

විදුලි දත් බුරුසුවකට පේටන්ට් බලපත්‍රය ලබා ගත් පළමු තැනැත්තා අමෙරිකානු ජාතික ටොම්ලින්සන් අයි. මොස්ලි යි -upload.wikimedia.org

ෆිලිප් ගයි වූග් නැමති ස්විට්සර්ලන්ත විද්‍යාඥයා වැඩි දියුණු කළ විදුලි බුරුසු ආකෘතියක් මෙයින් පසුව එළඹි 1954 වසරේ දී හඳුන්වා දුන්නා.

සීමිත චාලක හැකියාවෙන් හෙබි පුද්ගලයන්ට වූග්ගේ විදුලි බුරුසුව බොහෝ සෙයින් උපකාර වූ බවත් සඳහන් කළ යුතු යි.

බ්‍රිතාන්‍යය ජාතික විලියම් ඇඩිස්, මහා පරිමාණ දත් බුරුසු නිෂ්පාදනය කළ පළමු ව්‍යවසායකයා ලෙස ගෞරවයට පාත්‍ර වූවා – live.staticflickr.com

දන්තාලේප

දත් බුරුසුව බිහි වීමට පෙරාතුව දන්තාලේපය කරළියට පැමිණ තිබුණා. සුවඳ ලාටු , බිත්තර කටු සහ කුඩු කළ අළු භාවිතයෙන් දන්තාලේපයට සමාන දන්ත පිරිසුදු කාරකයක් පුරාණ ඊජිප්තු ජාතිකයන් නිපදවා තිබුණා. ඒ ක්‍රිස්තු පූර්ව 3000 ත් – ක්‍රිස්තු පූර්ව 5000 ත් අතර කාල වකවානුවේ යි.

ඖෂධීය පැළෑටි, මී පැණි, පුළුස්සා දැමූ ගොළුබෙලි හෝ මුහුදු බෙලි කටු සමඟ ජිප්සම් ස්වල්පයක් මිශ්‍රකොට සාදා ගත් දන්තාලේප ප්‍රභේදයක් ක්‍රිස්තු පූර්ව 1000 දී පර්සියානු වැසියන් සකස් කළ බව ඉතිහාසඥයන් පෙන්වා දුන්නා.

සුවඳ ලාටු , බිත්තර කටු සහ කුඩු කළ අළු භාවිතයෙන් දන්තාලේපයට සමාන දන්ත පිරිසුදු කාරකයක් පුරාණ ඊජිප්තු ජාතිකයන් නිපදවූවා – impressions.dental

දන්තාලේප නිෂ්පාදනය වාණිජ ස්වරූපයකට පෙරළීමත් සමඟ තමන් විසින් ම දන්තාලේප කුඩු සකසා ගැනීමට මිනිසා කටයුතු කළා. 1860 වසරේ පළවූ The Practical Housewife නැමති ගෘහ අත්පොත දන්තාලේප වට්ටෝරුවක් පිළියෙළ කරගන්නා ආකාරය පියවරෙන් පියවර දක්වා තිබුණා.

අඟුරු කුඩු, කුඩු කළ පේරු පොතු, සකස් කළ හුණු ( කැල්සියම් කාර්බනේට් ), කුඩු කළ ඔරිස්-මුල්, බර්ගමොට් හෝ ලැවෙන්ඩර් තෙල් යනාදී අමුද්‍රව්‍ය මේ සඳහා යොදා ගත යුතු බව එකී ග්‍රන්ථය නිර්දේශ කළා.

1860 වසරේ පළවූ The Practical Housewife නමැති ගෘහ අත්පොත දන්තාලේප වට්ටෝරුවක් පිළියෙළ කරගන්නා ආකාරය පියවරෙන් පියවර දක්වා තිබුණා -www.thebookmerchantjenkins.com

ප්ලාස්ටික් ටියුබයක ඇසුරූ දන්තාලේපය

පහසුවෙන් මිරිකා ගත හැකි ටියුබයක දන්තාලේප ඇසුරුම් කළ යුතු බව න්‍යායාත්මකව පෙන්වා දී තිබුණේ වොෂින්ටන් වෙන්ට්වර්ත් ෂෙෆීල්ඩ් නැමති දන්ත වෛද්‍යවරයා යි. වීදුරු බෝතල්, පෝසිලේන් භාජන සහ කඩදාසි පෙට්ටිවල ඇසිරූ දන්තාලේප ප්‍රභේද මීට ප්‍රථම අලවි වූ බව අමෙරිකානු දන්ත වෛද්‍ය සංගමය හුවා දක්වනවා.

එක්සත් ජනපද පේටන්ට් බලපත්‍රය දත් බුරුසුවකට ලබා ගත් පළමු පුද්ගලයා ලෙස එච්.එන්. වැඩ්ස්වර්ත් නමeති දන්ත වෛද්‍යවරයා සලකනවා -www.wadsworthfamily.net

දන්තාලේප නිෂ්පාදනය මහා පරිමාණ කර්මාන්තශාලා තුළ සිදු වත්ම එම නිෂ්පාදනවල වේගවත් අලෙවියක් රට පුරා පැතිරී ගිය බව එක්සත් ජනපද වෛද්‍ය සංගමය වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ෆ්ලෝරයිඩ් අනූන දන්තාලේපය

අමෙරිකානු දන්තාලේප නිෂ්පාදන සමාගමක වූ ක්‍රෙස්ට්, ෆ්ලෝරයිඩ් අනූන ප්‍රථම දන්තාලේපය 1955 වසරේදී වෙළෙඳපොළට හඳුන්වා දුන්නා. දත් කුහර අඩු කිරීමට මෙම දන්තාලේපය පලදායී වූ බව එදවස සිදුකළ නොයෙකුත් දන්ත පර්යේෂණ සනාථ කළා.

සිනහ මුසුව සිටින පිරිමි සහ ගැහැනු ළමයින්ගේ හුරුබුහුටි සේයාරූ කිහිපයක් ක්‍රෙස්ට් දන්තාලේපය ප්‍රවර්ධනයට සකස් කළ මුල්කාලීන වෙළඳ දැන්වීමක දැකගත හැකි වූවා – fluorideexposed.org

සිනහමුසුව සිටින පිරිමි සහ ගැහැනු ළමයින්ගේ හුරුබුහුටි සේයාරූ කිහිපයක් ක්‍රෙස්ට් දන්තාලේපය ප්‍රවර්ධනයට සකස් කළ මුල්කාලීන වෙළඳ දැන්වීමක දැකගත හැකි වූවා. තමන්ගේ දන්ත වෛද්‍ය වාර්තා පොත ඉහළට ඔසවා පෙන්වන මෙකී ළමයින් “ මේ බලන්න අම්මා – මගේ දත්වල කුහර එකක්වත් නැහැ.” යනුවෙන් පවසන වදන් පෙළක් එකී දැන්වීම්වලට පහළින් සඳහන් කොට තිබුණා.

විලියම් ඇඩිස්ගේ දත් බුරුසුව – lanedds.com

වර්තමානයේදී භාවිතයට ගන්නා සියලු ම දන්තාලේප කිසියම් ෆ්ලෝරයිඩ් ප්‍රතිශතයකින් සමන්විය යුතු බව වන අනිවාර්යය නිර්දේශයක් ලෝක දන්ත වෛද්‍ය සම්මේලනය පනවා තිබෙනවා.

දත් කූර – Toothpick

මිලියන වසරකට වඩා පැරණි දන්ත වෛද්‍ය උපකරණය දත් හාරන කූර එසේත් නැතිනම් ටූත්පික් බව මානව විද්‍යාඥයන් බොහෝමයක් පෙන්වා දුන්නා. පුද්ගලයකුගේ සමාජ තත්ත්වය මනාව පිළිබිඹු කළ වස්තුවක් ලෙසත් මෙකී දත් හාරනය අතීත සමාජයේ පිළිගැනුණා. එදිනෙදා භාවිතයට ගන්නා සාමාන්‍යය මෙවලමක් ලෙස දත් කූර පරිවර්තනය වූයේ මින් පසුව යි. ලොව බිහි වූ පැරණි දත් හාරනය ලී කැබල්ලකින් නිර්මිත කුඩා කූරක ස්වරූපයක් ගෙන තිබුණා. කපුටු සහ පාත්ත පිහාට්ටෙන් සැදුම් ලත් දත් කූරු ප්‍රභේදයක් ඉන් පසු ජනප්‍රියත්වයට වූවා.

රත්තරනින් හෝ රිදියෙන් නිම කළ දත් කූරු

රත්තරනින් හෝ රිදියෙන් සාදා නිම කළ දත් කූරු නිෂ්පාදන වික්ටෝරියා යුගයට පිය නඟත් ම දැකගත හැකි වූවා. ඉතා කෙටි කලකින් මහජන ප්‍රසාදය දිනා ගැනීමට මෙකී දත් හාරන සමත් වූවා. ඉංග්‍රීසි ලේඛක චාල්ස් ඩිකන්ස්ගේ මුලකුරු කැටයම් කළ රන්මය දත් කූරක් 2009 වසරේ පැවති වෙන්දේසියකදී ඩොලර් 9,150 කට අලෙවි වී තිබුණා.

ආහාර වේලක් අතරතුර දත් හැරීමේ අශීලාචාර පුරුද්ද 19 වන සියවස අගභාග සමාජය තුළ අතිශය මුල්බැසගත් තත්ත්වයක බවට පත් වූවා. ආචාර ධර්මවලට පටහැනි ආහාර ගැනීමේ පුරුද්දක ලෙසත් මෙය හංවඩු ගැසුවා.

ඉංග්‍රීසි ලේඛක චාල්ස් ඩිකන්ස්ගේ මුලකුරු කැටයම් කළ රන්මය දත් කූරක් 2009 වසරේ පැවති වෙන්දේසියකදී ඩොලර් 9,150 කට අලෙවි වී තිබුණා – www.al.com

ආහාර අනුභව කිරීම අතරතුර දත් හෑරීම ඉතා අශික්ෂිත බව 1882 වසරේ පැනවූ සමාජ සම්මතයකින් කියවී තිබුණා. සිය මුඛයට උඩින් නැප්කිනයක් තබා දත් හෑරීම සිදු කළ යුතු බව මෙම සම්මතය වැඩිදුරටත් පහදා දී තිබුණා.

මහා පරිමාණ ව දත් කූරු නිපදවීම

දත් කූරු නිපදවීමේ මහා පරිමාණ ක්‍රමවේදයක් අමෙරිකානු ව්‍යවසායක චාල්ස් ෆෝස්ටර් 1860 දී සොයා ගැනුණා. ටූත්පික් සැකසීමට යොදා ගත් මූලික අමුද්‍රව්‍යය උණ ලී බවට මෙහිදී පත්වූවා. වසරකට දත් කූරු මිලියන 500 ක් සාදා නිම කිරීමට ෆෝස්ටර්ගේ ටූත්පික් කර්මාන්ත ශාලාව සමත් වූවා. සිය පාරිභෝගික භවතුන්ට නොමිලේ දත් කූරු ලබා දීමට සෑම ආපනශාලාවක් ම පියවර ගෙන තිබුණේ මෙයින් පසුවයි.

Dental Floss

ලෙවි ස්පියර් පර්ම්ලි නමැති අමරිකානු දන්ත වෛද්‍යවරයා සිදු කළ නවෝත්පාදනයක ප්‍රතිඵලයක් හේතුවෙන් පොදු සමාජ භාවිතයට Dental Floss පැමිණියා. කිසිදු දත් බුරුසුවකින් ඉවත් කිරීමට නොහැකි කුඩා ප්‍රමාණයේ ආහාර කැබලි Dental Floss භාවිතයෙන් ඉවත් කිරීමට හැකි බව පර්ම්ලි වෛද්‍යවරයා පවසා තිබුණා.

නයිලෝන් නූලකින් සමන්විත Dental Floss, 40 දශකයේ බහුලව ම දැකගත හැකි මෙවලමක බවට පත් වූවා -pediatricdentistkerrville.com

සේද ඉටි නූලක ස්වරූපයක් උසුලන මෙය දත් අතර ඉහළට සහ පහළට ‍යැවීම සිදු කළ යුතු බව ඉහත වෛද්‍යවරයා නිර්දේශ කළා.

වාණිජ වශයෙන් සිදු කළ Dental Floss නිෂ්පාදනය

Dental Floss නිෂ්පාදනය වාණිජ වශයෙන් සිදු කළේ19 වන සියවසේ අවසාන භාගය එළඹfත්ම යි. නයිලෝන් නූලකින් සමන්විත Dental Floss, 40 දශකය තුළ බහුල ව ම දැකගත හැකි මෙවලමකa බවට පත් වූවා. ලෝකයා මුහුණ පෑ භයංකාර දෙවන ලෝක යුද්ධය සිල්ක් හිඟයක් බිහි වීමට හේතු වූවා.

දන්ත වෛද්‍යවරයකු සහ හයිඩ්‍රොලික් ඉංජිනේරුවරයකුගේ සහයෝගීතාවයෙන් උත්පාදනය කළ Waterpik කරළියට පැමිණියේ මින් පසු එළඹි 1962 වසරේයි -eagleharbordentist.com

Dental Floss නිෂ්පාදනයට නයිලෝන් යොදාගෙන තිබුණේ මෙයින් පසුව යි. වර්තමාන Dental Floss නිෂ්පාදන බොහෝමයක් කෘත්‍රිම තන්තු වලින් සාදා තිබෙන බව ඔබට දැකගත හැකි යි.

Water Flossers සහ Waterpik කරළියට පැමිණීම

දත් අතරට ජලය විදින Water Flossers නමැති උපකරණයක් 50 දශකය අගභාගයේ දී වෙළෙඳපොළට පැමිණියා. Dental Floss මෙවලම සිදුකළ කර්තවය වඩා කාර්යයක්ෂම ව සිදු කිරීමට මෙම Water Flossers සහජමය සමත්කමක් දැක්වූවා.

දන්ත වෛද්‍යවරයකු සහ හයිඩ්‍රොලික් ඉංජිනේරුවරයකුගේ සහයෝගීතාවයෙන් උත්පාදනය කළ Waterpik කරළියට පැමිණියේ මින් පසු එළඹි 1962 වසරේ යි. දන්ත වෛද්‍ය විද්‍යාවේ සිදු වූ තාක්ෂණික දියුණුවත් සමඟ මෙකී උපකරණ සහ මෙවලම් කැපී පෙනෙන ප්‍රගතියක් අත්පත් කොටගෙන තිබුණා.

දත් අතරට ජලය විදින Water Flossers නම් උපකරණයක් 50 දශකය අගභාගයේදී වෙළෙඳපොළට පැමිණියා -www.premierdentistryofeagle.com

ඔහියෝ දන්ත වෛද්‍ය විද්‍යාලයේ සහකාර මහාචාර්යවරයෙක් වන මැතිව් ජේ. මෙසීනා පෙන්වා දුන්නේ 60 දශකය අගභාගය එළඹෙත්ම තමා සතු දත් සියල්ල අහිමි වේ යැයි අමෙරිකානු ජනගහනයෙන් භාගයක් පමණ අපේක්ෂා කළ බව යි. යහපත් දන්ත සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමට මහජනතාව නිසි දැනුම්වත් වීමකට ලක්ව නොතිබීම මෙයට හේතුවූ බව සඳහන් වනවා. අපගේ සිනහව ජීවිත කාලයට ම තබා ගැනීමට ඔබට අවැසි නම් යහපත් මුඛ සෞඛ්‍යය රටාවකට කඩිනමින් හුරු විය යුතු බව ඇය වැඩිදුරටත් පවසා සිටියා.

කවරයේ ඡායාරූපය: අපගේ සිනහව ජීවිත කාලයට ම තබා ගැනීමට ඔබට අවැසි නම් යහපත් මුඛ සෞඛ්‍යය රටාවකට කඩිනමින් හුරු විය යුතු යි. - e1.pxfuel.com
මූලාශ්‍ර :
www.history.com

Related Articles