Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ගෙවුණු සතියේ ලොව දස දෙස

ඊශ්‍රායෙල හමුදාව දකුණු ලෙබනනයට සහ ගාසා තීරයට ගුවන් ප්‍රහාර සිදු කර ඇත්තේ එරටට එල්ල වූ රොකට් ප්‍රහාර මාලාවකින් පසුව ය. ආතතීන් උත්සන්න වී ඇත්තේ ඊශ්‍රායල හමුදා මෙම සතියේ දින කිහිපයකදී වාඩිලාගෙන සිටින නැගෙනහිර ජෙරුසලමේ අල්-අක්සා පල්ලියට කඩා වැදී, රාමසාන් යාඥාවන් සඳහා රැස්ව සිටි පලස්තීනුවන්ට ස්ටන් ග්‍රෙනේඩ් ප්‍රහාර එල්ල කිරීමෙන් සහ පහර දීමෙන් පසුවය.

…………………………………………………..

යුක්රේනය ප්‍රතිප්‍රහාරයක් සඳහා සූදානම් වන විට වැග්නර් බක්මුට් හි ඉදිරියට යයි

වැග්නර් කණ්ඩායමේ කුලී හේවායන් මෙහෙයවන රුසියානු හමුදා යුද්ධයේ 58 වැනි සතියේදී නැගෙනහිර බක්මුට් නගරයේ මධ්‍ය ප්‍රදේශය අල්ලා ගත්හ. යුක්රේන ආරක්ෂකයන් තවමත් රුසියානු හමුදාවේ ඉදිරි ගමන අඩාල කරන්නට සමත් ව සිටියි. ඔවුන්ගේ අණ දෙන නිලධාරීන් පැවසුවේ රුසියානු ප්‍රහාරය දැන් පැහැදිලිව ම අඩුවෙමින් පවතින බවයි.

…………………………………………………..

ඇෆ්ගනිස්ථානයෙන් හමුදා ඉවත් වීම බිඩෙන් පරිපාලනය සාධාරණීකරණය කරයි. ට්‍රම්ප්ට දොස් කියයි.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන්ගේ පරිපාලනය අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමට ගත් තීරණය සාධාරණීකරණය කරයි. 2021 දී සිදු කළ ඉවත් වීම ඉස්මතු කරන්නේ වොෂින්ටනය අනාගතයේ දී “අධි අවදානම් අවස්ථා” සඳහා වඩා හොඳින් සූදානම් විය යුතු බව ය.

…………………………………………………..

මන්දගාමී ආර්ථික වර්ධනය නිසා කුසගින්න, දරිද්‍රතාව ඉහළ යාමේ අවදානමක්

මේ වසරේ ලෝක ආර්ථිකය සියයට 3 ට වඩා අඩුවෙන් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන අතර එය පසුගිය වසරේ වූ සියයට 3.4 ට වඩා පහත වැටී ගෝලීය වශයෙන් සාගින්න සහ දරිද්‍රතාවේ අවදානම වැඩි කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා පවසයි.

…………………………………………………..

පාකිස්තාන පාර්ලිමේන්තුව හදිසි පළාත් සභා මැතිවරණයක් සඳහා දුන් අධිකරණ නියෝගය ප්‍රතික්ෂේප කරයි

පාකිස්තානයේ පළාත් සභා දෙකක් සඳහා කඩිනමින් මැතිවරණයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය ප්‍රතික්ෂේප කිරීමේ යෝජනාවක් පාකිස්තාන පාර්ලිමේන්තුව සම්මත කර තිබේ.

පන්ජාබ් සහ කයිබර් පක්තුන්ක්වා පළාත්වල ඡන්දය ප්‍රමාද කිරීමට මැතිවරණ මණ්ඩලය ගත් තීරණය ව්‍යවස්ථා විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය  ප්‍රකාශයට පත් කළේය.  

…………………………………………………..

චීන විද්‍යාඥයන් Covid-19 දත්ත ප්රකාශයට පත් කරයි

චීනයේ පර්යේෂණ කණ්ඩායමක් Covid-19 පැතිරීම හා සම්බන්ධ ව වසර තුනකට පෙර ලබාගත් සාම්පල විශ්ලේෂණයක් ප්‍රකාශයට පත් කර ඇත. හුවානාන් මුහුදු ආහාර සහ වනජීවී වෙළඳපොළ කොරෝනා වයිරසයේ මූලාරම්භය සෙවීමේ කේන්ද්‍රස්ථානයක් වී ඇති බව ඉන් අනාවරණය වේ.

…………………………………………………..

චාල්ස් රජුගේ රුව රැගත් මුදල් නෝට්ටු මුද්‍රණය කරයි

චාල්ස් රජුගේ රුව ඇතුළත් නව මුදල් නෝට්ටු මිලියන ගණනින් මුද්‍රණය කෙරෙන නමුත් ලබන වසරේ මැද භාගය වන තෙක් ඒවා සංසරණයට නොඑනු ඇත. දැනට පවතින පවුම් 5, පවුම් 10, පවුම් 20 සහ පවුම් 50 නෝට්ටු සඳහා වන එකම වෙනස රජුගේ ප්‍රතිමූර්තිය වනු ඇති අතර, හානියට පත් හෝ පැරණි ඒවා වෙනුවට නව නෝට්ටු ලබා දෙනු ඇත. 

Related Articles