Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Programming දක්ෂතාවන් දියුණු කරගන්න Games 5ක්

කිසියම් පරිගණක ක්‍රමලේඛ භාෂාවක Basics ටික ඉගෙන ගත්තාට පස්සේ එහි ඉදිරි පියවර එනම්, වඩාත් උචිත ආකාරයට කේතය යොදාගන්නේ කෙසේ ද, අවස්ථානුකූලව භාවිතා කළ යුතු ක්‍රමවේදය කුමක් ද, ඉන් Game එකක් හදන්නේ කොහොම ද යන දේවල් විනෝදයෙන් ඉගෙන ගන්නට අපි ඔබට වෙබ් අඩවි සහ මෘදුකාංග ගෙන එනවා. මේවා සමග වඩාත් පහසුවෙන් ඔබේ Programming දැනුම වර්ධනය කරගන්නට හැකි වේවි.

CodeCombat

කේතය මගින් දියමන්ති සියල්ල එකතු කරගත යුතු යි

Arrow keys වලින් ඉස්සර විවිධ රාක්ෂයන්ගෙන්, බෝම්බවලින් බේරිලා, දියමන්ති එකතු කරගෙන වැඩිම ලකුණු ලබාගත්තු හැටි ගේම් ගහපු හැටි ඔබට හොඳට මතක ඇති. දැන් ඒවා Code කරමින් සෙල්ලම් කරන ගමන් කේතකරණ සංකල්ප ඉගෙනගන්නටත්, ඔබේ Game development සහ Web development හැකියාවන් වර්ධනය කරගන්නටත් CodeCombat වෙබ් අඩවිය අවස්ථාව ලබා දෙනවා.

මෙහි ආරම්භයේ දී අපට කැමති චරිතයක් තෝරාගන්නට සහ එයට ඇඳුම් ආම්පන්න එක් කරගන්නට අවස්ථාව දෙනවා. ඉන්පසු Pythonවලින් කේත ලියමින් එය චලනය කොට ඉලක්කය ජය ගැනීම කළ යුතු වෙනවා. ඉදිරියට යත්ම Parameter යෙදීම, Loops ආදී කේතනයේ දී අවශ්‍ය වන දේවල් ඉගෙන ගන්නට ඔබට අවස්ථාව උදා වෙනවා. මෙහි ගිණුමක් සකසන්නේ නැතිවම ක්‍රීඩා කරන්නට පුළුවන්.

පිවිසෙන්න: CodeCombat

Robocode 

Interactive යන්න එක් කරගත් විට ඔබට පාලනය කළ හැකි යුද්ධ ටැංකියක් සඳහා කේතය ලබාගත හැකියි

Java සහ .NET ඉගෙන ගන්න කැමති ඔබට මෘදුකාංගයක් වශයෙන් පරිගණකයේ ස්ථාපනය කරගෙන සෙල්ලම් කළ හැකි ගේම් එකක් තමයි Robocode කියන්නේ. මෙහි යුද්ධ ටැංකි සකසා ඒවා අතර යුද්ධයක් ගොඩ නගන්නට හැකි අතර Teams අනුව විවිධ හැකියාවලින් යුත් යුද්ධ ටැංකි Code කර සැකසීමට හැකියාව තිබෙනවා. අනතුරුව Run කළාට පසුව ඒවා ස්වයංක්‍රීයව එකිනෙකට වෙඩි තබා ගන්නට ආකාරය දැකගන්නට පුළුවන්. නැතහොත්, ඔබට පාලනය කළ හැකි විශේෂ හැකියාවන්ගෙන් යුත් යුද්ධ ටැංකියක් හදාගන්න පුළුවන්.

මෙය බාගත කරගනිද්දී .jar ගොනුවක් ලැබෙන නිසා Java Runtime Environment එක බාගත කර, ස්ථාපනය කරගෙන සිටිය යුතු වෙනවා. Robocode Setup එක විවෘත කළ පසු C:robocode හි ස්ථාපනය කරන්නදැයි විමසන අතර Start Menu shortcut එකකින් හෝ C:robocoderobocode.bat ක්ලික් කිරීමෙන් මෙය විවෘත කරගත හැකියි. Robocode බාගත කරගැනීමට වැය වන්නේ මෙගාබයිට් 10ක් පමණයි. එහි කේත ලියන ආකාරය ඔබට එහි Wiki අඩවියෙන් ඉගෙන ගන්නට පුළුවන්.

බාගත කරගන්න: Java Runtime Environment / Robocode

Codingame

ඉහළ ග්‍රැෆික් වලින් යුතු Space Shooting ගේම් එකක් කේතනය කරන්නට අවස්ථාව

C, C#, C++, Java, Javascript, Python, Ruby, Go, Swift වැනි අති විශාල පරාසයක ක්‍රමලේඛන භාෂා රැසක් සමග අභ්‍යවකාශ Shooting Game එකක් play කරන්න අවස්ථාව Codingame සමග අවස්ථාව ලැබෙනවා. තනි ගැටළුවක් විවිධ භාෂාවන්ගෙන් විසඳන්නට අවස්ථාව ලැබෙන නිසා භාෂාවන් අතර ඇති සමාන-අසමානකම් හඳුනාගනිමින් දැනුම දියුණු කරගන්නට මේ සමග හැකි වෙනවා.

ගිණුමක් තනන්නේ නැතිවම මෙහි ක්‍රීඩා කරන්නට හැකි යි. පළමු අදියරේ දී තිබෙන්නේ ආක්‍රමණය කරන්නට පැමිණෙන යානාවලින් වඩාත් ඉදිරියෙන් පැමිණෙන ඒවාට ප්‍රථමයෙන් පහර දිය යුතු ආකාරයට Code එක ලිවීමයි. ඔබට සිතා ගැනීමට නොහැකි අවස්ථාවන්හි දී Pseudo code එක හෝ පිළිතුර දැකගන්නට හැකි වන නමුත් ඒ සඳහා නම් ගිණුමක් තනන්නට සිදු වෙනවා.

පිවිසෙන්න: Codingame

CSS Diner

කෑම වලින් CSS ඉගෙන ගන්න

HTMLවලට මේකප් දාන්න CSS නැතිවම බැහැ. CSSවල තිබෙන Selectors සියල්ලම ඉතාම කෙටි කාලයකින් ඉගෙනගන්න මේ වෙබ් අඩවියෙන් අවස්ථාව ලැබෙනවා. මේසයක් මත ඇති ආහාර පිඟන්වලින් CSS selectors හඳුනා ගැනීම, ඊට අදාලව HTML කේතය ගොඩ නැගෙන ආකාරය මෙහි පෙන්වා දෙනවා.

මට්ටම් 32ක් දක්වා ඉදිරියට යමින් මේ CSS ඉගෙන ගන්නවාදැයි කියාවත් නොසිතෙන තරම් විනෝදජනකව CSS Selectors ඉගෙන ගත හැකි මෙහි ගිණුම් සැකසීමට ද අවශ්‍ය වන්නේ නැහැ. Selector එක සමග එහි භාවිතය පිළිබඳ සටහනක්, උදාහරණ මෙන්ම Pro Tip ද සමග CSS දක්ෂයකු වන්නට CSS Diner ඔබට මඟ පාදනවා. මෙම වෙබ් අඩවියේ කේතය GitHub වෙතින් දැකගන්නට ද අවස්ථාව තිබෙනවා.

පිවිසෙන්න: CSS Diner

Elevator Saga

කේතයකින් උත්තෝලකයක් පාලනය කරන්න

උත්තෝලකයක් එහෙමත් නැත්නම් Lift හෝ Elevator එකකින් මිනිස්සු එහා මෙහා ගෙන යන්න Code එකකින් කරන්න කැමති ද? Elevator Saga සමග ඔබට JavaScript යොදාගෙන උත්තෝලක සම්බන්ධ ගැටළු රැසක් විසඳන්නට අවස්ථාව ලැබෙනවා.

මුල් ගැටළුවේදී තත්පර 60කට අඩු කාලයක දී 15 දෙනෙක් එ‍හා මෙහා ගෙන යා යුතු වෙනවා. එහි පිළිතුර බොහොම පහසු යි. Code එකේ ඔවුන්ට දෙවැනි තට්ටුව මඟ හැරී තිබෙනවා. ඉතින් elevator.goToFloor(2); ලෙස ලියූ විට සියළුම තට්ටු වෙත උත්තෝලකය චලනය කරවන්නට හැකි වෙනවා. කේත කිරීමෙන් අනතුරුව Apply බොත්තම ක්ලික් කළ විට ක්‍රියාත්මක වීම ඇරඹෙනවා. දකුණු පස ඉහළ ඇති + සහ – බොත්තම්වලින් ධාවන කාලය වැඩි/අඩු කරගන්නට පුළුවන්.

පිවිසෙන්න: Elevator Saga

Related Articles