Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දිගු, පටු භූමියකට හිමිකම් කියන චිලී රට

ලෝකයේ එක් රටක පිහිටීම තවත් රටකින් වෙනස් වන අතරම සුවිශේෂී ද වනවා. ඇතැම් රටවල් මේ ආකාරයේ සුවිශේෂී පිහිටීම් හේතුවෙන් ලෝකයේ වඩාත් ප්‍රසිද්ධියක් හිමි කර ගෙන තිබෙනවා. එමෙන්ම ඇතැම් අවස්ථා වලදී පිහිටීම හේතු කොටගෙන සෘජු හා වක්‍ර ආකාරයෙන් වාසිදායක තත්වයන් මෙන්ම අවාසිදායක තත්ත්වයන්ද වලටද මුහුණ දීමට සිදු වනවා. කෙසේ නමුත් භූ ගෝලීය පිහිටීම හේතුවෙන් තරමක් විශේෂ වන රටක් ලෙස චිලී රට හැඳින්විය හැකි වනවා. එනම් චිලී යනුවෙන් හඳුන්වන්නේ ලෝකයේ දීර්ඝ, පටු භූමියක් සහිත රටකි.

භූ ගෝලීය පසුබිම

චිලී රට​ (operationworld.org)

මෙරට පිහිටා තිබෙන්නේ දකුණු ඇමරිකාවේ බටහිර මුහුදුබඩ ප්‍රදේශයේය. දකුණු පැසිපික් සාගරයෙන් මායිම් වී තිබෙන අතර මායිම් වී තිබෙන රටවල් වන්නේ ආර්ජන්ටිනාව, බොලීවියාව හා පේරු රාජ්‍යයයි.

භුමි ප්‍රදේශයේ විශාලත්වය වර්ග කිලෝමීටර් 756,102 ක් පමණ වනවා. එයින් වර්ග කිලෝමීටර් 743,812 ක පමණ ප්‍රදේශයක් ගොඩබිම වන අතර, ජලය සහිත ප්‍රදේශය වර්ග කිලෝමීටර් 12,290 කි.

ස්වාභාවික සම්පත් හා ආර්ථික තතු

මිදි වගාවක් (vinepair.com)

මෙරට සතු වන ස්වභාවික සම්පත් අතර තඹ, දැව, යකඩ, නයිට්‍රේට් ආදිය දැක්විය හැකියි. චිලී හි භූමිය භාවිතා කර තිබෙන ආකාරය සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ නම්, කෘෂිකාර්මික කටයුතු සඳහා 21.1% ක් භාවිතා කරනු ලබන අතර වනාන්තරවලින් 21.9% ක් වැසී තිබෙනවා.

විවිධ අංශයන්ගෙන් දළ දේශීය නිෂ්පාදිතයන්ට දක්වන දායකත්වය සැලකීමේදී නම් වැඩිම දායකත්වයක් සපයනු ලබන්නේ සේවා අංශයෙනි. එය 2017 වසරේ ඇස්තමේන්තු වලට අනුව 64.3% කි. මීට අමතරව, කෘෂිකර්මාන්තයෙන් 4.4% කුත්, කර්මාන්ත අංශයෙන් 31.4% ක දයකත්වයකුත් දක්වනු ලබනවා.

කෘෂිකාර්මික නිෂ්පාදන අතර මිදී, ඇපල්, පෙයාර්ස්, ලූණු, තිරිඟු, ඕට්ස්, පීච්, සුදු ලූණු, බෝංචි, මාළු, දැව ආදිය තිබෙනවා.

තඹ. ලිතියම්, ආහාර වර්ග, මාළු සැකසුම්, සිමෙන්ති, නිමි ඇඳුම් හා අනෙකුත් ඛනිජ ද්‍රව්‍ය කර්මාන්ත ලෙස සිදු කරනු ලබනවා. අපනයන හවුල්කරුවන් වන්නේ, චීනය 26.3% කුත්, එක්සත් ජනපදය 13.2% කුත්, ජපානය 8.5% කුත්, දකුණු කොරියාව 6.5% කුත්, බ්‍රසීලය 4.9% කුත් වශයෙන්ය.

ආනයන හවුල් කරුවන් වන්නේ චීනය 23.4% කුත්, එක්සත් ජනපදය 18.8% කුත්, බ්‍රසීලය 7.8% කුත් ආර්ජන්ටිනාව 4% වශයෙන්ය.

මෙරට භාවිතා කරන මුදල් ඒකකය වන්නේ, Chilean Peso (CLP) යි. චිලී  සතුව ස්ථිර ආර්ථික ප්‍රතිපත්ති තිබෙනවා. 1998 – 1999 අතර වකවානුවේදී සංවර්ධනය තරමක් සෙමින් සිදු වූ නමුත්, ශක්තිමත් ආකාරයෙන් නැවත ප්‍රකෘති තත්ත්වයට පැමිණීම සිදු වුණා. ඒ වර්ෂ 2000 දී පමණය.

පරිපාලනය, දේශපාලනය හා නීතිය

Santiago අග නගරය (thenashvillenewsjournal.com)

ජනාධිපතිවාදී ජනරජයක් හිමි මෙරට අග නගරය වන්නේ සන්තියාගෝ ය. පරිපාලන කටයුතු සඳහා කොට්ඨාශ 15 කට පමණ බෙදා තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කිහිපයක්ම අතීතයේ පැවත තිබෙන අතර වර්තමානයේ රටේ බලපවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1981 මාර්තු මස 11 වන දින සිට ක්‍රියාත්මක කරනු ලබනවා. කෙසේ නමුත් අද වන විට මෙයට සංශෝධන කිහිපයක්ම සිදු වී තිබෙනවා. සිවිල් නීති පද්ධතිය නොයෙකුත් බටහිර යුරෝපා සිවිල් නීති පද්ධතිවල අභාෂය ලබා තිබෙනවා.

රාජ්‍යයේ ප්‍රධානියා හා ආණ්ඩුවේ ප්‍රධානියා වන්නේ ජනාධිපති තුමායි. කැබිනට් මණ්ඩලය පත් කරනු ලබන්නේද ජනාධිපතිවරයා විසිනි.

චිලී හි දේශපාලනය පක්ෂ කිහිපයක් ලෙස, Broad Social Movement, Democratic Revolution, Liberal Party, Progressive Party ආදිය දැක්විය හැකියි.

ජාතික සංකේත හා විශාලත්වයෙන් යුත් නගර

Copihue පුෂ්පය (blogs.cornell.edu)

චිලී හි ජාතික පක්ෂියා ලෙස සැලකෙන්නේ අන්දියානු කොන්ඩෝර් ය. Copihue යනුවෙන් හඳුන්වනු ලබන්නේ ජාතික පුෂ්පයයි. වර්තමානයේ භාවිතා කරන ජාතික ධජය නිළ වශයෙන් භාවිතයට ගෙන තිබෙන්නේ වර්ෂ 1817 ඔක්තෝබර් මස 18 වන දිනයි.

ජනගහනය අතින් සලකා බැලූ විට Santiago, Valparaiso, Concepcion, La Serena, Antofagasta ආදී නගර විශාලත්වයෙන් යුත් නගර කිහිපයක් වනවා.

භාෂා හා ආගම්

2017 වසරේ ජූලි මස ඇස්තමේන්තු වලට අනුව මෙරට ජනගහනය 17, 789,267කි. ස්පාඤ්ඤ භාෂාව නිළ භාෂාව වන අතරම මෙම භාෂාව මෙරට ජනගහනයෙන් බහුතරයක් එනම් 99.5% ක් පමණ කතා කරනු ලබනවා. මීට අමතරව ඉංග්‍රීසි භාෂාව භාවිතා කළ හැකි අය 10.2% ක් පමණ වනවා. ස්වදේශීය භාෂාවන් වන Mapudungun, Aymara, Quechua, Rapa Nui ආදිය 1% කුත්, අනෙකුත් භාෂා 2.3% කුත් විශේෂිකරණයට ලක් නොකළ භාෂා ලෙස 0.2% භාවිතා කරනු ලබනවා.

එමෙන්ම වැඩිම පිරිසක් අදහනු ලබන ආගම වන්නේ රෝමානු කතෝලික ආගමයි. එය 66.7% කි.

සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන

azamaraclubcruises.com(Laguna San Rafael ජාතික උද්‍යානයේ ග්ලැසියර)

ඇතැම් අවස්ථාවලදී චිලී යනු ලොව දිගම රට ලෙස හඳුන්වනවා. මෙරට උපරිම​ පළල සැතපුම් 110ක් පමණ බව දැක්වෙනවා. කෙසේ නමුත් මෙහි වෙරළ තීරය කිලෝමීටර් 4,300 පමණ ඉක්මවා යනවා. මේ හේතුවෙන් සංචාරක ආකර්ෂණය දැඩිව ග්‍රහණය කර ගන්නා රටක් ලෙස මෙරට හැඳින්විය හැකි වනවා.

ලොව විශාලම පෙන්ගුවින් ජනපද පිහිටා තිබෙන්නේ මෙරට දකුණු ප්‍රදේශයට වන්නටය. ඒ අනුව Los Pingüinos Natural Monument පෙන්ගුවින් 120,000 කට වඩා වැඩි පිරිසකට වාසස්ථාන සපයනු ලබනවා. එමෙන්ම Valparaíso යනුවෙන් හඳුන්වන ප්‍රදේශය ප්‍රසිද්ධ වන්නේ වඩාත් වර්ණවත් නිවාස සඳහාය. Laguna San Rafael ජාතික උද්‍යානයේ පිහිටා තිබෙන ග්ලැසියර ද මෙරට සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සමත් වන අතරම එය මුලශ්‍රයේ සිට කිලෝමීටර් 15 ක් පමණ දුරට පැතිරී යනවා.

මීට අමතරව අටකාමා කාන්තාරයේ පිහිටා තිබෙන Valle de la Luna ද, කඳු,විල් හා ග්ලැසියර වලින් සමන්විත Torres del Paine නමැති ජාතික උද්‍යානය ද Lauca නමැති ජාතික උද්‍යානයද චිලි හි සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සමත් ස්ථාන වනවා.

කවරයේ පින්තූරය: celebritycruises.com

Related Articles