Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ටිබෙට් සංස්කෘතිකය විදහා පාන උත්සව කිහිපයක්

ටිබෙට් ජාතිකයන් විසින් උත්සව බොහෝමයක් සමරනු ලබනවා. දළ වශයෙන් සංඛ්‍යාත්මකව දක්වන්නේ නම් 20 කට වැඩි උත්සව ප්‍රමාණයක් මොවුන් විසින් සමරනු ලබන බවයි කියවෙන්නේ. ආගමට දහමට වඩාත් නැඹුරු ජාතිකයක් වන ටිබෙට් ජනතාව විසින් සමරනු ලබන උත්සව එකිනෙකට වෙනස් ආකාරයේ  ලක්ෂණ වලින් යුක්ත වනවා. මෙහි දැක්වෙන්නේ ටිබෙට් ජනතාව අතර ප්‍රචලිත වූ උත්සව කිහිපයක්.

ලින්කා උත්සවය

Viaggi Tibet Nepal Bhutan Ladakh/Facebook

මෙම උත්සවය Zimulinjisang ලෙසද හඳුන්වන අතර, එහි අරුත වන්නේ, ලොව සතුටු දිනය යන්නයි. මීට අමතරව උපනගර මංගල්‍ය ලෙසද හඳුන්වන අතර, මෙය ලාසා, රිකෙස් සහ චම්දෝ ආදී ප්‍රදේශයන් හි පැවැත්වෙන විශාල උත්සවයක් වනවා.  ලින් යන්නෙන් ක්ෂේම භූමිය යන්නත්, කා යන්නෙන් ගල් සහ මැටි වලින් ඉදිකරන ලද බිත්තිය යන්නත් අදහස් වන බව සඳහන්. ලින්කා උත්සවය සැමරීම ආරම්භ කළ වකවානුවක් නිශ්චිතව ප්‍රකාශ කිරීමට කිසිවෙකුට නොහැකි නමුත්, අතීතයේ අඳින ලද සිතුවම් වල අතීත ලින්කා උත්සව අවස්ථාවන් යාන්තමට දැක ගත හැකි වනවා. මේ අඳහා හොඳම උදාහරණය වන්නේ, ජොක්හන්ග් පන්සල තුළ බිත්තියෙහි සිතුවම් කර තිබෙන විශිෂ්ට ප්‍රීති උත්සවයයි. සාම්ප්‍රදායිකව ලින්කා උත්සවය පවත්වා තිබෙන්නේ ටිබෙට් දින දර්ශනයට අනුව මැයි මස 15 වන දින රින්පොචේ නමැති ගුරුවරයා ටිබෙට් හි සියලුම යක්ෂයින් සහ අමනුෂ්‍ය ආත්මයන් පරාජය කොට ජයග්‍රහණය කිරීම හේතුවෙනි. කෙසේ නමුත් මෙම උත්සවය සමරන වකවානුව නිශ්චිත නොවන අතර, ඇතැම් ස්ථාන වල දින දහයකට වඩා පවතිනවා. ටිබෙට් ජාතිකයන් ආහාර, කඳුකර බාර්ලි වයින් වැනි ආහාර වර්ග මෙන්ම, ටිබෙට් පැදුරු, කුඩාරම් ආදිය විනෝද වීම සඳහා රැගෙන එනු ලබනවා. මොවුන් මෙම විනෝද චාරිකාවන්ගෙන් සතුටු වන අතර කඳුකර බාර්ලි, බටර් යොදන ලද තේ පානය කර අතරතුර සංගීත භාණ්ඩ වාදනය කරමින් ගීත ගායනා කරනු ලබනවා. මොවුන්ගෙන් ඇතැම් අය කාඩ් සෙල්ලම් කරන අතර, සමහරක් චෙස් වැනි ක්‍රීඩාවල ද යෙදෙනවා.

සාගා දාවා උත්සවය

vagabondjourney.com

සාගා යන්නෙන් සිව්වැනි යන්නත්, දාවා යන්නෙන් මාසය යන්නත් අර්ථවත් වනවා. මෙම උත්සවය මාසය පුරාම සමරන අතර  ටිබෙට් ජාතිකයන් විසින් සමරනු ලබන ඉතාමත් වැදගත් උත්සවයක් ලෙස මෙය හැඳින්විය හැකි වනවා. නමුත් මෙම මස පහළොස් වන දිනය ඉතාමත් විශේෂ වන අතර, එයට හේතුව වන්නේ, ශාක්‍යමුනිතුමන්ගේ උපත, බුදු බව ලබා ගැනීම සහ පරිනිර්වාණය එදින සිදු වූ බව ටිබෙට් ජාතිකයන් විශ්වාස කරන නිසාවෙන්. ටිබෙට් ජාතිකයන්ට අනුව මෙම දිනය තුළදී ත්‍යාගශීලි වීම, සතුන් මැරීම නැවත්වීම සහ මස් අනුභව කිරීම නැවත්වීම මඟින් අප්‍රමාණ පින් එකතු වීමට හේතු වන බවට මොවුන් විශ්වාස කරනවා. චීන ජනතාවට අනුව මෙය Qiong ren Jie ලෙස හැඳින්වෙන අතර, එහි අදහස වන්නේ, දුප්පත් ජනතාවගේ දිනය යන්නයි. මෙම උත්සවයේදී ටිබෙට් ජාතීන් නොයෙකුත් සංඝාවාස නැරඹීමට යාම, දුප්පත් ජනතාව හට ද්‍රව්‍යමය උපකාර කිරීම, ලාසා ගංගාවේ මත්ස්‍යයින්ට විමුක්තිය ලබා දීම ආදිය, හාමුදුරුවන් සංඝාවාස වල සාමූහිකව කියවීම්  ආදිය සිදු කරනු ලබනවා.

ඔන්ග්කොර් උත්සවය

chinadaily.com.cn

මෙය භවබෝග උත්සවයක් වන අතර, මෙම උත්සවය සඳහා නිශ්චිත දිනයක් නොමැත. කෙසේ  නමුත් අගෝස්තු, සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාස වල පැවත්වෙනවා. ස්ථානය අනුව රඳා පවතිමින්, භවභෝග පැසුණු පසු උත්සවය පැවැත්වෙනවා. දින තුනේ සිට පහ දක්වා කාලයක් පවතින අතර, වර්තමානය වන විට උත්සවය ප්‍රධාන වශයෙන් ක්‍රීඩා, කලාවන් සහ විනෝදය සඳහා සැලකිල්ලක් දක්වනු ලබනවා. උත්සවය සැමරීම අශ්ව ධාවන​ තරග​, වෙඩි තැබීම් තරග​, නර්තන සහ ගායන යන ආදියෙන් යුක්ත වනවා. එමෙන්ම මෙම උත්සව වකවානුව ගොවියන් හට විශ්‍රාමයෙන් සිටීමට කඳිම කාලයකි. භවභෝග පැහීම විවිධ වකවානු වල සිදු වන විට එම වකවානු අනුව උත්සවය පැවැත්වෙනවා. Yarlung Zangbo නමැති ගංගාවේ පහළ සහ මධ්‍යම කොටස් වල පැතිර සිටින ජනතාව විසින් මෙම උත්සවය සමරනු ලබනවා. මෙම ප්‍රදේශ වල ගම්මාන වල මිනිසුන් ආරම්භයේදීම හොඳ අස්වැන්නක් උදෙසා දෙවියන්ට පූජාවන් පිරිනමා යැදීම් කරනු ලබනවා. මධ්‍යම ගිම්හානයේ ෂන්නන් නමැති ප්‍රදේශයේ Tsedang හි විශාල ඔන්ග්කොර් උත්සවක් පවත්වා තිබෙනවා.

Gyantse Damar උත්සවය

tibettravel.org

මෙම උත්සවය ආරම්භ වී තිබෙන්නේ 1400 දී පමණ මළල ක්‍රීඩාවක් ආකාරයට බව කියවෙනවා. මේ ආකාරයකට වසර ගණනාවක් ගත වීමෙන් අනතුරුව මෙය ඉතාමත් වැදගත් මෙන්ම, ගම්මාන අතර පැවැත්වෙන තරගයක් බවට පත්ව තිබෙනවා. මේත් සමඟම බෞද්ධ වන්දනා ක්‍රම සහ අනෙකුත් අංග උත්සවශ්‍රීය මේ සඳහා එකතු වීමක් සිදුව තිබෙනවා. එමෙන්ම නොයෙකුත් ගම්මාන වල ජනතාව එකට එකතු වන අතර, සමාදානයෙන් ආහාර අනුභව කිරීම්, එක්දින විනෝද චාරිකා යෑම් ආදියද සිදු කරනු ලබනවා. මෙහිදී කැපී පෙනෙන තවත් වැදගත් සිදුවීමක් වන්නේ, වෙළඳ භාණ්ඩ හුවමාරු කර ගැනීමයි. මෙම උත්සවයේදී හොඳින් සැරසුණු අශ්වයින්, ඉතාමත් වේගයෙන් දුවන අශ්ව තරඟ, දේශීය ජනවාර්ගික ඇඳුමෙන් සැරසුණු අශ්වාරෝහකයින්, ටිබෙට් ඔපෙරා, ටිබෙට් ගායන සහ නර්තන සංදර්ශන, දේශීය නිෂ්පාදන ප්‍රදර්ශනය කරන ව්‍යාපාරිකයන් සිය ගණන් ආදිය මෙහි දි දැක ගත හැකි වනවා. Gyantse අශ්ව තරඟ උත්සවය ලෙසද මෙය හැඳින්වෙන අතර සාමාන්‍යයෙන් පවත්වනු ලබන්නේ, ටිබෙට්හි දින දර්ශනයේ සිව්වැනි චන්ද්‍ර​ මාසයේ දීයි.

සර්ෆියු චාම් නර්තන උත්සවය (Tsurphu Cham Dance Festival)

tibettravel.org

ටිබෙට් දින දර්ශනය අනුව එහි සිවැනි මාසයේ දහවැනි දිනට සැමරීම සිදු කරනු ලබනවා. මෙය සමරනු ලබන්නේ ඉන්දීය ශේෂ්ඨ ගුරුවරයෙකු වන පද්මසම්බව ටිබෙටයට පැමිණීමත්, බුදු දහම දියුණු කිරීමට කරන ලද කැප කිරීමත් අනුස්මරණය කිරීම සඳහා ය. මෙම උත්සවය අතරතුර අනෙකුත් ආගමික ක්‍රියාකාරකම් ද දැක ගත හැකි වනවා. විශාල ධර්ම සම්මේලන ආදිය ඒ අතර දැක ගත හැකියි. ටිබෙට්හි කලාව සහ රඟ දැක්වීමේ ආකාරයක් වන මෙම උත්සව සතුව කථා වස්තු, චරිත, සංගීත සහ නර්තන තිබෙනවා. මෙම චාම් රඟ වීම සඳහා දැඩි නීති පවතින අතර ප්‍රධාන භූමිකාවන් සාමාන්‍යයෙන් යතිවරයන් විසින් රඟ දක්වන අතර ඔවුන් නම්‍යශීලී මෙන්ම විමසුම් සහගත ස්වභාවය පවත්වා ගැනීම කෙරේ මහන්සි විය යුතු යි.. එමෙන්ම එම අවශ්‍යතා ඉටු කිරීමට අසමත් වන්නේ නම්, දෙවියන් කෝපයට පත් වන බවත්, එම අදාළ පුද්ගලයන්ට අයහපතක් වන බවත් කියවෙනවා.

කවරයේ පින්තූරය: vegabondjourney.com

Related Articles