ටයිටේනියම් පාදවලින් ඇවිදින ‘ඩිම්කා’

ටයිටේනියම් පාදවලින් යළි ඇවිදින 'ඩිම්කා'

නිරිතදිග සයිබීරියාවේ මාර්ගයක් අද්දරින් සොයා ගත් ඩිම්කා, දෙවැනි ජීවිතයක් ලද වාසනාවන්තයෙක්.

සයිබීරියාව කටුක ශීතල දේශගුණයක් ඇති ප්‍රදේශයක් වුව ද කාරුණික රියදුරෙක් නිසා ඩිම්කාට ඒ කටුකත්වයෙන් මියැදෙන්න සිදු වුණේ නැහැ. නමුත්, ඩිම්කා ගේ තත්ත්වය බරපතල අඩියක යි තිබුණේ.

අධික ශීතල නිසා හට ගන්නා පටක හානිය (Frostbite) හේතුවෙන් පාද, කන් පෙති සහ වලිගය ඩිම්කා ට අහිමි වුණා. නමුත්, ඇයට අලුත් බලාපොරොත්තුවක් ගෙන ඒමට පිරිසක් ඉදිරිපත් වුණා.

පශු වෛද්‍ය සර්ගේ ගොර්ෂ්කෝව්, Tomsk Polytechnic විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම, ඒ පිරිසට ඇතුළත්.

ඔවුන් සියලු දෙනා එක්ව ඩිම්කාට කෘත්‍රිම ටයිටේනියම් පාද සතරක් තනා දුන්නා. ​​ආබාධිත සතුන්ට බලාපොරොත්තුවක් ගෙන එන ඩිම්කා, කාරුණික හදවත් ඇති මිනිසුන් ගේ ප්‍රයත්නයක ප්‍රතිපලයක්.

Related Articles

Exit mobile version