ගෙවුණු සතියේ ලොව දස දෙසින්

ගෙවුණු සතියේ ලොව දසදෙසින් වාර්තා වූ විදෙස් පුවත් අතරින් කිහිපයකි මේ.

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි යුරෝපීය නායකයන්ට පවසා ඇත්තේ තම හමුදාවන්ට නවීන ආයුධ සැපයීම ශීඝ්‍රයෙන් වැඩි කරන ලෙසයි.

තම හමුදාවන්ට නවීන ආයුධ සැපයීම, විශේෂයෙන් ජෙට් ප්‍රහාරක යානා සහ දිගු දුර මිසයිල පද්ධති සැපයීම ශීඝ්‍රයෙන් වැඩි කරන ලෙසත්, එසේ නොමැති නම්, ඔවුන් වසර ගණනාවක් ඇදගෙන යන යුද්ධයට සූදානම් විය යුතු බවත් සෙලෙන්ස්කි පවසා ඇත.

2.

චීනයේ COVID’ වසංගතය අවසන් වී මාස හතරකට ආසන්න ව ඇතත් තවමත් දැවැන්ත නිරෝධායන කඳවුරු පවතී.

චීනය සිය දැඩි “ශුන්‍ය-COVID” ප්‍රතිපත්ති හදිසියේම ඉවත් කර මාස හතරකට ආසන්න කාලයක් ගතවී ඇතත්, බලධාරීන් තවමත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් හුදකලා කිරීම සඳහා නිර්මාණය කර ඇති පුළුල් නිරෝධායන පහසුකම් ඉවත් කර නොමැති බව චන්ද්‍රිකා ඡායාරූප මත පදනම් වූ දත්ත මත අල් ජසීරා පවසයි.

3.

ඇෆ්ගනිස්ථානයේ නව පාසල් වාරය නව යොවුන් වියේ ගැහැනු ළමයින් නොමැතිව ආරම්භ වී ඇත.

2021 දී තලේබාන් සංවිධානය රට අත්පත් කර ගැනීමෙන් පසු පාසල් යාමට අවසර දී ඇත්තේ වයස අවුරුදු 12 සහ ඊට අඩු ගැහැනු ළමයින්ට පමණි.

තලෙයිබාන් බලධාරීන් ද්විතීයික පාසලට පැමිණීම තහනම් කිරීම නිසා ලක්ෂ සංඛ්‍යාත නව යොවුන් වියේ ගැහැනු ළමයින්ට පන්තිවලට පැමිණීමට ඇති අවස්ථා අහිමි ව ඇත.

4.

හංගේරියාව පවසන්නේ පුටින් තම රටට ඇතුළු වුවහොත් තමන් ඔහු අත්අඩංගුවට නොගන්නා බවයි.

යුක්රේනයෙන් ළමයින් සිය ගණනක් නීතිවිරෝධී ලෙස පිටුවහල් කළ බවට චෝදනා කරමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය (අයිසීසී) පසුගිය සතියේ ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබියදී හංගේරියාව එසේ පවසයි.

5.

උතුරු කොරියාව පවසන්නේ එක්සත් ජනපදයට එරෙහිව සටන් කිරීම සඳහා අසූ දහසකට ආසන්න පිරිසක් සිය හමුදාවට බැඳීමට අත්සන් කර ඇති බවයි.

උතුරු කොරියාව කියා සිටින්නේ එම පුරවැසියන් එක්සත් ජනපදයට එරෙහිව සටන් කිරීම සඳහා ජාතියේ හමුදාවට බැඳීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති බවයි.

6.

ප්‍රංශයේ විශ්‍රාම යන වයස ඉහළ දැමීමේ සැලසුම් සම්බන්ධ විරෝධතාවල දී ordeaux නගර ශාලාවට විරෝධතාකරුවන් ගිනි තබා ඇත.

ප්‍රංශය පුරා මිලියනයකට අධික ජනතාවක් වීදි බැස ඇත. පැරිස් අගනුවර දී විරෝධතාකරුවන්ට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.

7.

සාපරාධී අපහාස නඩුවක් සම්බන්ධයෙන් ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබේ.

2019 මැතිවරණ රැලියකදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ වාසගම පිළිබඳ අදහස් දැක්වීම සම්බන්ධයෙන් කොංග්‍රස් මන්ත්‍රීවරයා ගුජරාට් ප්‍රාන්තයේ අධිකරණයක් මඟින් වරදකරු කර ඇත.

Related Articles

Exit mobile version