
ලෝකය පුරාම ඉන්න, කොයි කවුරුත් දන්න පක්ෂියෙක් විදියට පෙලිකන් පක්ෂියා හඳුන්වන්න පුළුවන්. ඔබත් සමහර විට සත්වෝද්‍යානයේ දී හෝ ජලය ඇති ප්‍රදේශ ආශ්‍රිතව මෙම පක්ෂියා දැක ඇති. ඉතින් අද අපි ඔබට පෙලිකන් පක්ෂියා ගැන තොරතුරු ටිකක් කියන්න හිතුවේ ඒ තොරතුරු ඔබට වැදගත් වනු ඇති නිසයි.
ඉතිහාසය
පෙලිකන් පක්ෂීන් අයත් වෙන්නේ Pelecanidae (පෙලේකැනිඩේ) යන පවුලටයි. ඔවුන්ගේ විද්‍යාත්මක නාමය Pelecanus. මාංසභක්ෂක පක්ෂීන් විශේෂයක් වන පෙලිකන් පක්ෂීන්ගේ ආයු කාලය වසර 10ත් 25ත් අතර වෙනවා.. මොවුන් සාමාන්‍යයෙන් කිලෝ 14ක පමණ බරකින් යුතු වෙනවා. මෙම පක්ෂීන් ප්‍රමාණයෙන් විශාල ජලචර පක්ෂීන් විශේෂයක්. උගුරේ ඇති කුඩා මල්ලක් වැනි කොටස නිසා හා දිගු හොට නිසා මෙම පක්ෂීන්ව පහසුවෙන් වෙන්කර හඳුනාගත හැකියි.
දැනට සොයා ගෙන තිබෙන පෙලිකන් පක්ෂීන්ගේ යැයි සැලකෙන පොසිලය මීට වසර මිලියන 30ක් තරම් පැරණි එකක් ලෙස සැලකෙනවා. එම පොසිලය විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබුවේ නිරිත දිග ප්‍රංශයෙනුයි. එමෙන්ම එම පොසිලය හා සැලකීමේදී ඔවුන් වර්තමාන පෙලිකන් පක්ෂීන්ට බෙහෙවින්ම සමානතා දක්වන බවද සොයා ගැනුණා. තවද ඔලිගෝසීන අවධියේ සිටම මෙම පක්ෂීන්ගේ දිගු හොට ද තිබී තිබෙනවා.
පොසිල විද්‍යාඥයන් පවසන පරිදි මෙම පක්ෂීන්ට ඔවුන්ගේ ආහාර සොයා ගැනීමේලා පවතින හොට ඉතාම යෝග්‍ය යි. පෙලිකන් පක්ෂීන් හැර මෙසේ දිගු කාලයක් පුරාවට විශාල වෙනස් වීමක් පෙන්නුම් නොකරන ලද පියාසරිකයින් පිරිසක් ලෙස සැලකෙන්නේ වවුලන්. ඔවුන්ගේ පැරණිතම පොසිලය වසර මිලියන 50ක් පමණ පැරණි එකක්.

පෙලිකන් පොසිලය ( wordpress.com)
පෙලිකන් කුරුල්ලන් වර්ග
ලෝකය තුළ පෙලිකන් කුරුල්ලන් වර්ග 8ක් ජීවත් වෙනවා. මේ එම පෙලිකන් වර්ග 8 ගැන කරන කෙටි හැඳින්වීමක්.
01. ඇමරිකානු සුදු පෙලිකන්
Pelecanus erythrorhynchos නම් විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙම පෙලිකන් පක්ෂියා උතුරු ඇමරිකාව කේන්ද්‍ර කොටගෙන ජීවත් වන අතර ශිත සෘතුවේදී මධ්‍යම හා දකුණු ඇමරිකාවේ උෂ්ණාධික ප්‍රදේශ වලට සංක්‍රමණය වෙනවා. හොඳින් වැඩුණු මේ විශේෂයේ පෙලිකන් කුරුල්ලෙක් සාමන්‍යයෙන් සෙන්ටිමීටර 130-180ත් අතර විශාලත්වයකින් යුතුයි.

worldatlas.com
02. දුඹුරු පෙලිකන්
මෙම පෙලිකන් පක්ෂියාව සැලකෙන්නේ ඇමරිකාවේ සිටින පෙලිකන් පක්ෂි විශේෂ 4 ඇසුරෙන් කුඩාම පෙලිකන් පක්ෂි විශේෂය ලෙසයි. ඔවුන් එක්සත් ජනපදයේ දකුණු දිග හා බටහිර දිග වෙරළ ප්‍රදේශ වල වාසය කරනවා. ඔවුන් දිගින් සෙන්ටි මීටර 100 -150 ත් අතර වෙනවා. මත්ස්‍යයන් මොවුන්ගේ ආහාර වේලේ ප්‍රධාන අංගයක් වන අතර ඊට අමතරව කකුළුවන් හා සමහරක් උභය ජීවීන්ද ඔවුන්ගේ ආහාර වලට ඇතුළත් වෙනවා.

worldatlas.com
03.පේරු පෙලිකන්
මොවුන් දකුණු ඇමරිකාවේ බටහිට වෙරළදිග ප්‍රදේශ වල ජීවත් වෙනවා. මොවුන් දුඹුරු පෙලිකන්ලට සමානතා දක්වන අතර තද පැහැයක පිහාටු කළඹක්ද තිබෙනවා. ඔවුන් ප්‍රමාණයෙන් අඩි 4.5-5ත් අතර වෙනවා. ඔවුන් අභිජනන කටයුතු කරනු ලබන්නේ සැප්තැම්බර් හා මාර්තු අතර කාලයේ යි. එමෙන්ම මෙම විශේෂය වඳ වී යන සතුන් ඇතුළත් රතු ලැස්තුවටද අයත්.

worldatlas.com
04. සුදු පෙලිකන්
මෙම පෙලිකන් පක්ෂියා ආසියාව,අප්‍රිකාව හා ගිනිකොණ දිග යුරෝපය අවට ජීවත් වෙනවා. ඉතා විශාල පක්ෂියෙකු වන මෙම පක්ෂියාගේ අත්තටු දිග හැරිය පසු සෙන්ටිමීටර 226- 360 ත් අතර ප්‍රමාණයකට විශාල වෙනවා. මොවුන්ගේ සාමාන්‍ය ශරීර දිග සෙන්ටිමීටර 140-180ක් වන අතර වැඩිහිටි පෙලිකන් පක්ෂීන් තද සුදු පැහැති පිහාටු වලට හිමිකම් කියනවා.

worldatlas.com
05. ඕස්ට්‍රේලියානු පෙලිකන්
ඉන්දුනීසියාව, නිව්ගිනියානු දූපත්, ෆීජි හා ඔස්ට්‍රේලියාව අවට මෙම පෙලිකන් පක්ෂීන් ජීවත් වෙනවා. මත්ස්‍යයින් ඔවුන්ගේ ප්‍රධාන ආහාරයයි. එමෙන්ම සමහරක් අවස්ථා වල කුඩා පක්ෂීන් හා කුඩා සතුන්ද ආහාරයට ගන්නවා. මොවුන්ව වඩාත් ප්‍රසිද්ධ වන්නේ ඔවුන්ගේ දිගු, රෝස පැහැයට හුරු හොට නිසයි. දැනට සොයාගෙන ඇති එවැනි දිගම හොට සෙන්ටිමීටර 50ක් වෙනවා.

worldatlas.com
06.පසු පස රෝස පෙලිකන් (Pink-backed Pelican)
මෙම පෙලිකන් අප්‍රිකාව, දකුණු ඉන්දියාව, දකුණුදිග ආරාබිය වැනි ප්‍රදේශ වල වාසය කරනවා. ඉතාම කුඩා පෙලිකන් පක්ෂි විශේෂයක් වන මොවුන් දිගින් සෙන්ටි මීටර 125-155ත් අතර වෙනවා. අළු පාට සිට සුදු පැහැයට විසිර යන වර්ණ වල පිහාටු වලින් මොවුන් යුතු වෙනවා. හොටේ ඉහළ කෙලවර කහ පැහැයක් ගනු ලබන අතර, උගුරේ ඇති කුඩා මල්ල අළු පැහැති වර්ණයක් ගනු ලබනවා.

worldatlas.com
07. ඩැල්මේශන් පෙලිකන්
මෙම පෙලිකන් විශේෂය සැලකෙන්නේ මිරිදිය විශාලතම පක්ෂියා ලෙසයි. එමෙන්ම ඉතාම අලංකාර පක්ෂීන් විශේෂයක් ලෙස ද මොවුන්ව සැලකෙනවා. මෙම පක්ෂීන් ගිනිකොණ දිග යුරෝපයේ සිට රුසියාව, චීනය හා ඉන්දියාව තෙක් විසිරී සිටිනවා. මෙම පක්ෂින් ද රතු ලැස්තුවට ඇතුලත් පක්ෂීන් විශේෂයක්.

worldatlas.com
08. අළු පෙලිකන්
දකුණු හා ගිනිකොණ දිග ආසියානු රටවල මෙම පක්ෂීන් දැක ගන්න පුළුවන්. ඔවුන් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 125-152ත් අතර දිගකින් යුතු වෙනවා. එමෙන්ම මෙම පක්ෂීන්ද වඳ වීමට ආසන්න පක්ෂීන් විශේෂයක්.

worldatlas.com
පෙලිකන් පක්ෂීන් ඇන්ටාක්ටිකාව හැරුණු විට ලෝකයේ බොහෝ ප්‍රදේශ වල දැකගන්න පුළුවන්. ඔවුන් පිහිනීමට ඉතාම දක්ෂ වන අතර එයට ඔවුන්ගේ පාද වල ඇති පිහිටීමද ඉතාමත් උපයෝගී වෙනවා. ඔවුන් තමන්ගේ කූඩු කොලනි වශයෙන් නිර්මාණය කරනු ලබනවා. සමහරක් විශේෂ ඉහළ ගස් වලද, සමහරක් විශේෂ පහළ පඳුරු වලද තමන්ගේ නිවාස සාදනු ලබනවා. ගෝලීය වශයෙන්ම පෙලිකන් පක්ෂීන් විවිධ කරුණු නිසා බලපෑමට ලක්ව සිටිනවා.
- ඉවක් බවක් නැතිව ඝාතනය කිරීම
- ඔවුන්ගේ ජනාවාස විනාශ කිරීම
- දඩයම් කිරීම
- ජල දූෂණය
- ජලයට තෙල් මිශ්‍ර වීම
ඒවා අතර ප්‍රධාන තැනක් ගන්නා අතර මෙම විශේෂ 8න් 3ක් ම වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටිනවා.
ඔබත් පෙලිකන් කුරුල්ලන් පිළිබඳව දන්නා තොරතුරු අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා. ඒ වගේම, තවත් තොරතුරු දැන ගන්න කැමති සතුන් ගැනත් අපිව දැනුවත් කරන්න.
කවරය – birdineverything.blogspot.com
මූලාශ්‍ර
www.worldatlas.com
carolinabirds.org
www.nationalgeographic.com
wikipedia.org