Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සත්ත්ව ලෝකයේ අපූරු හදවත් 4 ක්

මිනිස් හදවත පිළිබඳව අප කුඩා කාලයේ පටන් ඉගෙනගෙන තිබෙනවා. එහි ව්‍යුහය, ක්‍රියාකාරීත්වය පිළිබඳව සමාජයේ බොහෝ දෙනා තුළ සුළු හෝ දැනුමක් තිබෙනවා.

ජීවියෙකුගේ හදවතින් සිදුකෙරෙන්නේ එම ජීවියාගේ සිරුර පුරා ගමන් කරවිය යුතු රුධිරය පොම්ප කිරීම යි. ලොව වෙසෙන සමහර ජීවීන්ගේ හදවත් ඒ ඒ ජීවියාගේ අවශ්‍යතාව අනුව විශාල වෙනස්කම් සහිතව විකසනය වී තිබෙනවා. මේ සත්ත්ව ලෝකයේ හමුවන අපූර්වතම හදවත් 5ක් පිළිබඳව යි.

ගෙම්බාගේ හදවත

Jodi Rowley

ක්ෂීරපායීන්ට හා පක්ෂීන්ට කුටීර 4කින් යුක්ත හදවතක් පිහිටා තිබෙනවා. කෙසේ නමුත් උභය ජීවියෙකු වන ගෙම්බාගේ හදවතෙහි ඇත්තේ කුටීර 3ක් පමණ යි. එනම් කර්ණිකා දෙකක් හා එක් කෝෂිකාවකුයි. කුටීර 4ක් ඇති හදවතක් ඔක්සිජනීකෘත හා එසේ නොවන රුධිරය කිසි ලෙසකින් එකට මුසු නොවන ලෙස ව්‍යුහාත්මකව සෑදී ඇති අතර, කුටීර 3ක් ඇති හදවතක ඇත්තේ එක් කෝෂිකාවක් පමණක් නිසා ඒවා එකට මුසු වෙනවා. ගෙම්බාට පෙනහළුවලින් මෙන්ම සමෙන් ද ඔක්සිජන් සිය ශරීරය තුළට ලබාගත හැකි නිසා, එම ක්‍රියාවලිය පහසු වීම සඳහා ඔවුන්ගේ හදවත මෙලෙස විකසනය වී තිබෙනවා.

තල්මසාගේ හදවත

awesomeocean.com

ලොව විශාලතම හදවත පිහිටා ඇත්තේ නිල් තල්මසාට යි. එය සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 430 හෙවත් රාත්තල් 950ක පමණ බරකින් යුක්ත වෙනවා. මෙය සාමාන්‍යය මෝටර් රථයක් තරම් විශාල වෙනවා. නිල් තල්මසාගේ සාමාන්‍ය විශාලත්වය පාසල් බස් රථ දෙකක් තරම් වෙනවා. මෙහි අනෙකුත් ක්ෂීරපායීන්ගේ මෙන් කුටීර 4ක් පිහිටා ඇති අතර, මෙහි සමහර කපාට තුළින් කුඩා දරුවෙකුට වුව ද රිංගා යා හැකියි.

සෙපලපෝඩාවන්ගේ හදවත් ත්‍රිත්වය

coldwater.science

ආත්‍රපෝඩා වංශයට අයත් සෙපලපෝඩා උප වංශයට දැල්ලන් වැනි සත්ත්වයින් අයත් වෙනවා. මේ සත්ත්වයින්ට එකට බැඳුණු හදවත් ත්‍රිත්වයක් පවතිනවා. මොවුන් සිය ශරීරය තුළට ඔක්සිජන් ලබාගන්නේ කරමල් උපයෝගී කරගෙන යි. අනතුරුව එලෙස ලබාගත් ඔක්සිජන්වලින් පොහොසත් රුධිරය හදවත් 3 වෙත පැමිණෙනවා. ඒවා මඟින් එම රුධිරය ශරීරය පුරා විසිරුවා හරිනවා. සෙපලපෝඩාවන් පිළිබඳව තවත් විශේෂත්වයක් වන්නේ ඔවුන්ගේ රුධිරය නිල් පැහැති වීම යි. මොවුන්ගේ රුධිර වර්ණකය වන හීමොසයනින්හි තඹ අයන අඩංගු වීම ඊට හේතුව යි.

කැරපොත්තන්

thatsfarming.com

කැරපොත්තන් සතුව පවතින්නේ විවෘත රුධිර සංසරණ පද්ධතියක්. ඔවුන්ගේ හදවත කුටීර 12ක් හෝ 13කට බෙදී ඇති අතර ඒ සෑම එකකටම රුධිරය නිදහසේ සංසරණය වෙනවා. කැරපොත්තන් ශ්වසනය කරන්නේ ශරීරය පුරා පිහිටා ඇති ශ්වාසරන්ධ්‍රවලින් නිසා එලෙස ඒවායින් ඇතුළුවන ඔක්සිජන් කෙලින්ම පටකවලට ලැබෙනවා. එම නිසා කැරපොත්තෙකුගේ හෘදයක් මඟින් ක්ෂීරපායී හෘදයක මෙන් ඔක්සජනීකෘත රුධිර පොම්ප කිරීමක් සිදුකළ යුතු වන්නේ නැහැ. කෙසේ නමුත් විවිධ පෝෂක ද්‍රව්‍ය ශරීරය පුරා ගෙන යාම සිදුකළ යුතු නිසා කැරපොත්තන්ට හෘදයක් පිහිටනවා.

කැරපොත්තෙකුගේ රුධිරයේ රුධිර වර්ණක අඩංගු නොවී පෝෂක පමණක් අඩංගු නිසා එය සුදු හෝ කහ පැහැයක් ගන්නවා. එමෙන්ම මොවුන්ගේ හෘදය පේෂීමය නොවන අතර බාහිර මාංශපේෂිවල ක්‍රියාකාරීත්වය හේතුවෙන් ස්ඵන්ධනය වීම සිදුවෙනවා. සාමාන්‍යයෙන් කැරපොත්තෙකුගේ හෘද ස්ඵන්ධන සීග්‍රතාව මිනිස් හදවතකට ආසන්න වශයෙන් සමාන වෙනවා.

කවරයේ පින්තූරය- ydr.com

Related Articles