Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ලෝක පුංචි තිරයේ ශ්‍රී ලාංකීය සලකුණ: Leopard Dynasty

යාල – විල්පත්තු වනෝද්‍යානවල වෙසෙන මෙරට ව්‍යාඝ්‍ර සනුහරේ ප්‍රමුඛ කොට ගෙන, ශ්‍රී ලංකා දිවියාගේ ජීවන රටාව, ඔවුන්ගේ චර්යා රටා මෙන් ම කුඩා පැටවුන් සහ ගැහැනු සතුන්ගේ හැසිරීම් යනාදිය සිනමාරූපී ව ගොනු කළ වනජීවී වාර්තාමය චිත්‍රපටය “Sri Lanka Leopard Dynasty” නම් වනවා.

අමෙරිකා එක්සත් ජනපදයේ මෑතක දී පැවති “WILDLIFE CONSERVATION FILM FESTIVAL” අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ දී, ආසියාවේ හොඳ ම වනජීවී චිත්‍රපටයට හිමි සම්මානයෙන් ද එය පිදුම් ලැබීම අපට ඒ නිර්මාණයේ ගුණ, රුව හා තේජස යළි තහවුරු කරන සාධකයක්. මෙම ජයග්‍රහණය තමන් සහ තම කණ්ඩායම ලැබූ සමූහ ජයග්‍රහණයක් සේ ම එය රටක් වශයෙන් ශ්‍රී ලාංකික ලැබූ සුවිසල් ජයක් බව  “Sri Lanka Leopard Dynastyහි අධ්‍යක්ෂ තිවංක රුක්ෂාන් පෙරේරා පවසනවා.

මේ වනජීවී වාර්තාමය චිත්‍රපටය මේ වන විට “Nat Geo WILD”  ජාත්‍යන්තර නාළිකාවේ විකාශය වෙනවා. එය එම නාළිකාවේ විකාශය වන අපේ රටේ නිෂ්පාදන කණ්ඩායමක් නිර්මාණ කළ පළමු ශ්‍රී ලාංකික වනජීවී වාර්තාමය චිත්‍රපටය ද වීම සුවිශේෂී කරුණක්.

Related Articles