Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව බලවත්ම සපාකෑම් සිදුකළ හැකි සත්ත්වයින් 6 දෙනෙක්

යම් සත්ත්වයෙකුගේ සපාකෑමේ ප්‍රබලත්වය මැනීම එතරම් පහසු කාර්යයක් නොවේ. මේ සඳහා ඒ ඒ සත්ත්ව විශේෂවල දත්වලට ඉලෙක්ට්‍රෝඩ සවිකර එනයින් දත්ත ලබාගැනීම වඩා නිවැරදි නමුත් එය ප්‍රායෝගික වන්නේ නැහැ. මේ සඳහා වඩාත් සාර්ථක ක්‍රමය වන්නේ නිරවද්‍යතාවයෙන් මඳක් අඩු වූවත් විඩම්බක (Simulator) භාවිතා කිරීම යි. ඒ ආකාරයට ලොව සතුන් බොහෝ දෙනෙකුගේ සපාකෑමේ ප්‍රබලත්වය ගණනය කර තිබෙනවා. මෙය ගණනය කරන්නේ ‘වර්ග අඟලට රාත්තල්’ (PSI) ලෙස යි. වැඩිහිටි මිනිසෙකුගේ එම අගය 250ක් පමණ වන අතර පහත දැක්වෙන්නේ ලොව ප්‍රබලතම සපාකෑම් සිදුකරන සතුන් සය දෙනෙකුයි.

තිත් සහිත හයිනා – 1000 PSI

shadowsofafrica.com

අප්‍රිකාවේ ජීවත් වන තිත් සහිත හයිනාවන්ගේ සපාකෑමේ ප්‍රබලත්වය වර්ග අඟලට රාත්තල් 1000ක තරම් බලයක් ජනනය කරන එකක් වෙනවා. මෙය සාමාන්‍ය මිනිසෙකුගේ මෙන් සිවු ගුණයක් පමණ ප්‍රබල අගයක්. හයිනාවන් ඉතා දරුණු සත්ත්ව කොට්ඨාසයක් ලෙස සැලකෙන අතර මොවුන් සපාකෑම මඟින් ගොදුරුවල අස්ථි කුඩු කර දමන්නේ ඉතා පහසුවෙන්.

ගෝරිල්ලා – 1000 PSI

gadventures.com

වානර කුලයේ සතුන්ගෙන් ප්‍රබලතම සපාකෑම සිදුකරන්නේ ගෝරිල්ලන් විසිනුයි. මොවුන්ට මේ හැකියාව ලැබී තිබෙන්නේ ඉතා තද පිට පොතු සහිත පලතුරු වර්ග පහසුවෙන් අනුභව කිරීම සඳහා යි. මීට අමතරව ප්‍රතිමල්ලවයින් සමග සටන් කිරීමේ දීත් මොවුන් මෙම සපාකෑමේ හැකියාව ප්‍රයෝජනයට ගන්නවා. මොවුන්ගේ සපාකෑමේ ප්‍රබලත්වය පිළිබඳ යම් යම් විවාද පවතින අතර එය වර්ග අඟලට රාත්තල් 500- 1500 අතර වෙතැයි සැලකෙනවා. මේ අනුව සාමාන්‍ය අගය අඟලට රාත්තල් 1000ක් ලෙස සැලකෙනවා.

හිම වලසා – 1200 PSI

abcnews.go.com

ලොව වෙසෙන වලසුන් වර්ග අතුරින් ප්‍රබලතම සපාකෑම සිදුකරන්නේ හිම වළසා විසිනුයි. මේ වර්ගයේ සතෙක් වර්ග අඟලට රාත්තල් 1200ක පමණ ප්‍රබලත්වයකින් යුක්ත සපා කෑමක් සිදු කරනවා. මෙය සාමාන්‍ය මිනිසෙකුගේ සපාකෑමක් මෙන් පස් ගුණයක් ප්‍රබල වෙනවා. මේ හේතුවෙන් දෘඪ ශරීරයක් දරන මත්ස්‍යයින් පවා බොහෝ පහසුවෙන් කැබලි කරගන්නට මොවුනට හැකියාව තිබෙනවා. ආක්ටික් වෘත්තයේ බොහෝ සතුන්ට තද ලොම් ස්ථරයක් හෝ පිහාටු පිහිටා ඇති නිසා එවැනි සතුන් ගොදුරු කරගැනීමේ දී හිම වලසුන්ට මෙම හැකියාව මහෝපකාරී වෙනවා.

ජගුවර් – 1500 PSI

asunow.asu.edu

බිළාල කුළයේ ප්‍රබලතම සපාකෑම සහිත සත්ත්වයා ලෙස සැලකෙන්නේ ජගුවරයා යි. මේ විශේෂයේ සතෙකුගේ සපාකෑමක ප්‍රබලත්වය සනිටුහන් වී ඇත්තේ වර්ග අඟලට රාත්තල් 1500ක් ලෙස යි. මෙමහින් ගොදුරක හිස්කබල පහසුවෙන් පොඩිකර දැමිය හැකියි. ජගුවරයින්ගේ හකුවල මාංශපේශි කෙතරම් සවිමත් ද යත් ඔවුනට රාත්තල් 200ක් පමණ බරකින් යුත් ගොදුරක් පහසුවෙන් ජලය ඔස්සේ ඇදගෙන යාමට මෙන්ම උස් තුරු මුදුන්වලටත් ගෙන යා හැකියි.

හිපපොටේමස් – 2000 PSI

Getty Images

හිපපොටේමස් සත්ත්වයින් ලොව දෙවනුවට ප්‍රබලතම සපාකෑම් සිදුකරන සත්ත්වයින් ලෙස සැලකෙනවා. මොවුනට සිය මුඛය අංශක 180ක කෝණයකට විවර කළ හැකියි. එක් වරම ප්‍රත්‍යක්ෂ නොවූව ද ප්‍රකෝපකාරී වුවහොත් මොවුන් සිංහයින්, කොටියන් මෙන් දරුණු සත්ත්ව කොට්ඨාසයක් වෙනවා. මොවුන්ට එක් සපාකෑමකින් මිනිසෙක් දෙකඩ කරන්නට පිළිවන්. මොවුන්ගේ ස්පාකෑමේ ප්‍රබලත්වය වර්ග අඟලට රාත්තල් 2000ක් තරම් වනවා. කෙසේ නමුත් හිපපොටේමස් සතුන් සම්පූර්ණ නිර්මාංශිකයින් වන අතර මෙවැනි පිහිටීමක් ඔවුන්ට ලැබී තිබෙන්නේ ප්‍රජනන සමයේ සටන් කිරීමට හා ආත්මාරක්ෂාව සඳහා යි.

කරදිය කිඹුලා – 4000 PSI

discoverwildlife.com

උතුරු අප්‍රිකාව ආශ්‍රිතව ජීවත් වන කරදිය කිඹුලා ලොව වර්තමානයේ ජීවත් වන ප්‍රබලතම සපාකෑම සිදුකරන සත්ත්වයා යි. මොවුන්ගේ සපාකෑමක ප්‍රබලත්වය වර්ග අඟලකට රාත්තල් 4000ක බලයකින් යුක්ත වෙනවා. මෙය සීබ්‍රා හෝ අන්ටිලෝප් සතෙක් ඉතා පහසුවෙන් හසුකරගෙන කැබලි කරන්නට සමත්. කෙසේ නමුත් මොවුන්ගේ මුව ඇරීම පාලනය කරන මාංශ පේශි එතරම් ශක්තිමත් නැහැ. මේ නිසා මුව ඇරීමට පෙර එය ලණු පොටක් ආධාරයෙන් තදකර බැඳ දැමුවහොත් මේ සතෙකුට මුව විවර කරන්නට නොහැකි යි.

කවරයේ පින්තූරය- animals.sandiegozoo.org

Related Articles