Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ලොව සුන්දරතම දිය ඇලි 5ක්

දිය ඇලි සොබාදහමේ සුන්දරතම නිර්මාණයක්. ලෝකයේ සමහර රටවල්වල භූ සැකැස්ම දිය ඇලි නිර්මාණය වීම සඳහා උපකාරී වෙනවා. ශ්‍රී ලංකාව තුළත් සුන්දර දිය ඇලි රාශියක් පිහිටා තිබෙනවා. මින් සමහරක් දෙස් විදෙස් සංචාරකයින් අතර ඉතා ජනප්‍රිය යි. මේ ලොව පවතින සුන්දරතම දිය ඇලි 5ක් පිළිබඳ සටහනක්.

යොසැමිටි දිය ඇල්ල- ඇමෙරිකා එක්සත් ජනපදය

Yosemitehikes.com

ඇමෙරිකා එක්සත් ජනපදයෙහි කැලිෆෝනියා ප්‍රාන්තයේ යොසැමිටි ජාතික උද්‍යානයේ පිහිටි යොසැමිටි දිය ඇල්ල මේ ලිපියෙහි එන අනෙකුත් දිය ඇලි තරම් සුපතල නැහැ. කෙසේ නමුත්, එහි සුන්දරත්වයෙන් නම් කිසිදු අඩුවක් නැහැ. ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් සමන්විත මෙහි සම්පූර්ණ උස මීටර 740ක් වන අතර, අමුතු ම ප්‍රෞඪ සුන්දරත්වයක් තිබෙනවා. සිහින් උස වේලයක් මෙන් මෙහි ජල ධාරාව දිස් වන අතර, අවශ්‍ය නම් අපහසු කඳු තරණයකින් පසු මෙහි ආරම්භක ස්ථානයට ළඟා වී, එහි සිට මෙය නරඹන්නටත් පිළිවන්.

නයගරා දිය ඇල්ල- ඇමෙරිකා එක්සත් ජනපදය හා කැනඩාව

niagarafallslive.com

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් ප්‍රාන්තයත් කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයත් හමුවන සීමාවේ පිහිටි නයගරා දිය ඇල්ල ලොව හමුවන සුන්දරතම දිය ඇල්ලක් වනවා. මීටර 167ක උසක් ඇති මෙය පළලින් ද ඉතා වැඩි වන අතර, අශ්ව ලාඩමක හැඩය ගන්නවා.

නයගරා ඇල්ලේ සුන්දරත්වය කැනඩාව හා ඇමෙරිකාව යන දෙපැත්තේ ම සිට නරඹන්නට පිළිවන්. කෙසේ නමුත් මෙහි සොබා සුන්දරත්වය හොඳින් ම නැරඹිය හැකි වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය දෙසින් නරඹන විට යි.

ඒන්ජල් දිය ඇල්ල- වෙනසියුලාව

travelercorner.com

ලොව උස ම තනි දිය ඇල්ල ලෙස හැඳින්වෙන ඒන්ජල් දිය ඇල්ල පිහිටා ඇත්තේ වෙනසියුලාවේ මිනිස් වාසය අඩු පෙදෙසක යි. මෙහි උස මීටර 979ක් වන අතර, යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා.

එන්ජල් දිය ඇල්ල නම් කොට තිබෙන්නේ ජිමී ඒන්ජල් නම් ගුවන් නියමුවා සිහිවන්නට යි. ඒ මේ පිළිබඳ ව වර්තමාන ලෝකයට මුලින්ම හෙළි කළේ ඔහු නිසා යි. කෙසේ නමුත්, මීට සියවස් කිහිපයකට පෙර ශ්‍රීමත් වෝල්ටර් රැලේ විසින් මෙය ගවේෂණය කර තිබූ බවටත් පැවසෙනවා.

ඉගුආසු දිය ඇල්ල- ආජන්ටිනාව හා බ්‍රසීලය

openmindjournals.com

ආජන්ටිනාව හා බ්‍රසීලය වෙන් කෙරෙන සීමාවේ පිහිටා ඇති ඉගුආසු දිය ඇල්ල අනුශාඛා රාශියකට බෙදී, ඉතා විශාල ප්‍රදේශයක පැතිරී පවතින එකක්. මෙය ලොව විශාලතම දිය ඇලි පද්ධතිය ලෙස හැඳින්වෙන අතර, මීටර 1600ක් පමණ දිගකින් යුතු බිමක පැතිරී පවතිනවා. මෙහි උපරිම උස මීටර 82ක්.

වික්ටෝරියා දිය ඇල්ල- සැම්බියාව හා සිම්බාබ්වේ

victoriafallstourism.org

ලොව ජනප්‍රියතම දිය ඇල්ලක් ලෙස හැඳින්වෙන වික්ටෝරියා දිය ඇල්ල පිහිටා තිබෙන්නේ සිම්බාබ්වේ හා සැම්බියා දේශසීමාවේ යි. මෙහි උස මීටර 107ක් වෙනවා.

වික්ටෝරියා දිය ඇල්ල සැලකෙන්නේ ලොව විශාලතම දිය ඇල්ල ලෙස යි. මීට හේතුව මෙම දියඇල්ල සෑහෙන තරම් පළලකින් මෙන්ම උසකින් යුක්ත වීම යන කාරණා ද්විත්වය සමග සාමාන්‍යයෙන් මෙය මුදුනින් නිරන්තරයෙන් විශාල සැඩ පහරක් කඩා වැටීම යි. දකුණු අප්‍රිකාවේ සංචාරය කරන අයවලුන් බොහෝ දෙනා වික්ටෝරියා දිය ඇල්ල නැරඹීම සඳහා ම සැම්බියාවට හෝ සිම්බාබ්වේ දේශයට පැමිණෙනවා.

කවරයේ පින්තූරය: peregrinetraveladelaide.com.au

Related Articles