Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මොකක්ද මේ රැම්සා සම්මුතිය?

පුද්ගලයන් කිහිප දෙනෙකු, පුද්ගල කණ්ඩායම් කිහිපයක්, හෝ රාජ්‍යයන් කිහිපයක් එකට එක්ව එක එකඟතාවයකට එළඹීම සම්මුතියක් ලෙස හදුනා ගන්නට පුළුවන්. එදිනෙදා දිවියේ දී අපට මෙවැනි සම්මුති නිතර අසන්නට දකින්නට ලැබෙනවා මෙන්ම ඇතැම් විට අප ද ඒවායේ කොටස්කරුවන් වෙනවා. වඩාත් වැදගත් සම්මුතියක් ලෙස හැඳින්වීමට හැකි වන්නේ රාජ්‍යන් කිහිපයක් එකට එක්ව එළඹෙන අන්තර්ජාතික සම්මුති වෙනවා. එවැනි අන්තර්ජාතික තත්ත්වයේ සම්මුති රැසක් අතර පරිසරයේ සුරක්ෂිතතාව පතා එළඹුණු සම්මුතියක් ලෙස රැම්සා සම්මුතිය හැඳින්වීමට හැකියි..

nrcs.usda.gov (තෙත්බිමක් දැක්වෙන පින්තුරයක්)

රැම්සා සම්මුතිය යනු කුමක්ද?

රැම්සා සම්මුතියේ ආරම්භය පිළිබඳව තොරතුරු ඉදිරිපත් වන්නේ 1971 වසරේදී යි. 1971 වසරේ ඉරානයේ රැම්සා නගරයේ දී මෙම සමුළුව පැවැත්වීම හේතුවෙන් එයට එම නාමය හිමි වී තිබෙනවා. එසේම මෙම සමුළුව පවත්වා ඇත්තේ ලෝකයේ ඇති තෙත්බිම් පිළිබඳව වන අතර මෙම සමුළුවෙන් ඇති කරගන්නා ලද සම්මුතිය “තෙත්බිම් පිළිබද අන්තර්ජාතික සම්මුතිය” හෙවත් රැම්සා සම්මුතිය නම් වෙනවා. රැම්සා සම්මුතියට පාර්ශව රාජ්‍යයන් විසින් අත්සන් තැබීමෙන් පසුව එම සම්මුතිය සම්මත වුවේ 1971 වසරේ පෙබරවාරි දෙවනිදා යි. එම දිනය සමරමින් සෑම වසරකම පෙබරවාරි මස 02දා අන්තර්ජාතික තෙත්බිම් දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

රැම්සා කලාප.

රැම්සා සම්මුතියට එළැඹීමෙන් පසුව ලොව වටා ඇති තෙත්බිම් රැම්සා කලාප ලෙස වෙන් කර තිබෙනවා. එසේම මෙම රැම්සා තෙත්බිම් ලෝකයේ ප්‍රධාන කලාප 6ක් යටතේ පිහිටුවා තිබෙනවා. එනම් ආසියානු කලාපය, අප්‍රිකානු කලාපය, යුරෝපා කලාපය, උතුරු ඇමරිකානු කලාපය, කැරිබියානු හා ලතින් ඇමෙරිකානු කලාපය, හා ඔසිනියානු (කුඩා දුපත් සහිත) කලාපය වශයෙනු යි. මෙම රැම්සා කලාප යටතේ විශේෂ තෙත්බිම් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඉහත දැක්වූ කලාප අතරින් උතුරු ඇමරිකානු කලාපය තුල දැකිය හැකි වැදගත් තෙත්බිමක් ලෙස ධ්‍රැව වලස් උද්‍යානය නම්ක ළ හැකියි. කැනඩාවේ පිහිටි හංසයන්, තාරාවන්, පාත්තයන් සදහා ඉතා ප්‍රසිද්ධ තෙත්බිමක් ලෙස මෙම තෙත්බිම හැඳින්විය හැකියි. එසේම හිම වලසුන් වැනි විශාල ක්ෂීරපායි සතුන් ද මෙහි වාසය කරනවා.

namvar.ir (තෙත්බිමක සුන්දරත්වය දැක්වෙන පින්තුරයක්)

කැරිබියානු හා ලතින් ඇමෙරිකානු කලාපයට අයත් වන ප්‍රධාන තෙත්බිමක් ලෙස රියෝ යාටා තෙත්බිම හැඳින්වීමට හැකි අතර එය බොලිවියාවේ පිහිටි ගංගා, විල්, හා වගුරු බිම් වලින් සමන්විතව ඇති විශාල තෙත් බිමක්. එසේම මෙම තෙත්බිම එම කලාපයේ ජලජ පක්ෂීන්ගේ පැවැත්මට ඉතා වැදගත්.

අප්‍රිකානු කලාපයට අයත් වන තෙත්බිමක් ලෙස බිසිනා විල තෙත්බිම් පද්ධතිය හැදින්වීමට හැකි අතර එය උගන්ඩාවේ පිහිටා ඇති නොගැඹුරු මිරිදිය විලක්. එය වඳවී යාමේ තර්ජනයට ලක්වූ ජලජ පක්ෂීන්ගේ පැවැත්මට වැදගත් තෙත්බිමක් වන අතර මිරිදිය මත්ස්‍ය විවිධත්වයෙන් ද පිරී තිබෙනවා.

යුරෝපා කලාපයට අයත්වන තෙත්බිම් අතරින් එකක් ලෙස වොල්ගා ඩෙල්ටාව හැඳින්වීමට හැකියි. එය ලොව විශාලතම ඩෙල්ටාවන්ගෙන් එකක් වෙනවා සේම  කුඩා අතු ගංගා, දූපත්, හා පන් වැනි ශාක ඇති භුමි වලින්ද සමන්විත වෙනවා. එසේම මෙය ශිත සමයේ දී හංසයන්, තාරාවන්, පාත්තයන් ඇතුළු ජලජ පක්ෂීන් විශාල ප්‍රමාණයකට වාසස්ථානයක් ද වෙනවා.

චෝමින්ග් ඩොන්ටන් තෙත්බිම ආසියානු කලාපයට අයත් රැම්සා තෙත්බිමක් වන අතර එය චීනයේ ෂැන්හයි නගරය ආසන්නයේ පිහිටි ලවන මඩතලා සහිත තෙත් බිමක් වෙනවා. එය පක්ෂීන් විශාල ප්‍රමාණයකට වාසස්ථානය සපයන අතර වඳවීමේ තාර්ජනයට ලක්වූ පක්ෂීන් බහුලව වාර්තා වන තෙත්බිමක්ද වෙනවා.

ඔසිනියානු කලාපයට අයත් වන තෙත්බිමක් ලෙස ලැව්නියා ස්වභාව රක්ෂිතය හැඳින්විය හැකි අතර එය වගුරුබිම් හා මඩතලා වලින් යුතු වෙනවා.

geolounge.com (ලිකයේ තෙත්බිම් වල ව්‍යාප්තිය දැක්වෙන පින්තුරයක්)

රැම්සා සම්මුතියේ මෙහෙවර හා එයින් සිදු කෙරෙන කාර්යයන්.

රැම්සා සම්මුතියේ මෙහෙවර ඉතා වැදගත්. ප්‍රාදේශීය, ජාතික ක්‍රියාකාරකම් සමග අන්තර්ජාතික සහයෝගිතාවයෙන් තෙත්බිම් සංරක්ෂණය, හා නැණවත් භාවිතය සදහා දායකත්වය ලබා දෙමින් තිරසාර සංවර්ධනයක් ලඟා කර ගැනීම යන්න මෙහි මෙහෙවර ලෙස හඳුනාගත හැකියි.

මෙම සම්මුතිය හරහා සිදුකෙරෙන කාර්යයන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී, මේ හරහා සිදු වන ප්‍රධානතම කාර්යය ලෙස හැඳින්විය හැක්කේ තෙත්බිම් නැණවත්ව භාවිතා කිරීමට රාජ්‍යයන් යොමු කිරීමයි. එසේම මේ හරහා අන්තර්ජාතික වශයෙන් වැදගත් තෙත්බිම් රැම්සා තෙත්බිම් ලෙස ප්‍රකාශයට පත් කිරීම හා ඒවායේ සංරක්ෂණයට අවශ්‍ය දායකත්වය සැපයීම ද සිදු කෙරෙනවා. තවද දේශසීමාවන් අතර පවතින තෙත්බිම් සම්බන්ධයෙන් සහයෝගිතාවයෙන් කටයුතු කිරීමද මෙහි කාර්යයක් වෙනවා.

රැම්සා සම්මුතිය යටතේ යම් තෙත්බිමක් අන්තර්ජාතික වශයෙන් වැදගත් තෙත්බිමක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සදහා A හා B යනුවෙන් කාණ්ඩ දෙකක් යටතේ වර්ග කර, ඒ යටතේ අන්තර්ජාතික වශයෙන් එකඟතාව ලබාගන්න ලද නිර්නායකයන් 09ක් යොදාගනු ලබනවා. එහිදී A කාණ්ඩය සදහා සුවිශේෂිය හෝ දුර්ලභ තෙත්බිම් සහිත වීමද B කාණ්ඩය සදහා ජෛව විවිධත්ව සංරක්ෂණයට වැදගත්වන ස්ථාන වීමද ආදී වශයෙනුයි.

රැම්සා තෙත්බිම් සම්මුතියේ කාර්යභාරය මෙය වන අතර, ලොව පවතින තෙත්බිම්හි ආරක්ෂාව හා පැවැත්ම සදහා ඉතාමත් වැදගත් තීරණයක් ලෙසද හදුන්වන්නට හැකි වෙනවා.

ramsar.org (කවරයේ පින්තුරය)

මුලාශ්‍ර:

ramsar.org

environment.gov.au

wwf.panda.org

Related Articles