ලංකාවේ මුහුදු කැස්බෑවන් සංරක්ෂණය කිරීම

අප මීට කලින් කැස්බෑවන් පිළිබඳව පල කල ලිපිය සහ වීඩියෝව ඔබ දුටුවේනම්, ලෝකයේ මුහුදු කැස්බෑ විශේෂ හතක් සිටින බව ඔබ දැනටමත් දන්නවා ඇති. ලෝක වනජීවී සංරක්ෂණ අරමුදලේ (World Wildlife Federation – WWF) වෙබ් අඩවියට අනුව, එම ආයතනය කැස්බෑ විශේෂ පහක සංරක්ෂණය සඳහා වෑයම් කරයි. ලංකා වෙරළට පා තබන්නේ ද මෙම කැස්බෑ විශේෂ පහයි.

මෙම කැස්බෑ විශේෂ කෙතරම් දුරකට තර්ජනය වී ඇත්ද? ඔවුන් වඳවී යාමට තරම් තර්ජනය වී ඇත්තේ කෙසේද?

කැස්බෑවන්ට ඉතා දිගු ආයු කාලයක් ඇත. මේ දිගු ජීවිත කාල තුලදී මෙම සතුන් මුහුදු සැතපුම් දහස් ගණනක් තරනය කරයි. දශක කිහිපයක් ගෙවෙන තෙක් මෙම සතුන් බිත්තර දැමීමට තරම් පරිණත වන්නේ නැත. තවද, බිත්තර දැමීම සඳහා, ඔවුන් ඉපදුනු වෙරළම සොයාගෙන එති. එක සැරයකට දමන බිත්තර දුසිම් ගණන් අතරින් වැඩිහිටි සතුන් බවට පත්වීමට තරම් වාසනාවන්ත වන්නේ එක්කෙනෙක් හෝ දෙදෙනෙක් පමණි. අලුත ඉපදුන පැටවුන්ට මුහුණ දෙන්නට සිදුවන ස්වභාවික තර්ජනද රාශියකි. බිත්තර කැදැල්ලේ සිට මහ මුහුද දක්වා දිවීමේදී මෙය පැටවුන් බොහොමයක් විවිද උරගයින්, පක්ෂීන්, කකුළුවන් සහ ක්ෂීරපායින්ට ගොදුරුවේ. කුඩා කැස්බෑවන් මහා මුහුදේ දී ඇතැම් මත්ස්‍යයින් මගින් ආහාරයට ගනු ලබයි.

පොතු කැස්බෑවා WWF ආයතනය මගින් “ඉතාම දුර්ලභ” ලෙස වර්ගීකරණය කර ඇත. (www.worldwildlife.org)

පොතු කැස්බෑවා WWF ආයතනය මගින් “ඉතාම දුර්ලභ” ලෙස වර්ගීකරණය කර ඇත. (www.worldwildlife.org)

 

කැස්බෑවන් තම ජීවිත ආරම්භ කරන්නේ ඉතාමත් අන්තරාදායක සාධක මධ්‍යයේ යි. WWF ආයතනයට අනුව, ලංකාවට පැමිණෙන කැස්බෑ විශේෂ පහත දැක්වෙන අයුරින් වර්ගීකරණය කර ඇත;

අවදානම් සහිත (vulnerable) – බටු කැස්බෑවා

අනතුරට ලක්වී ඇති (endangered) – ඔලුගෙඩි කැස්බෑවා සහ ගල් කැස්බෑවා

ඉතාම දුර්ලභ (critically endangered) – තුන් දාර කැස්බෑවා සහ පොතු කැස්බෑවා

පරිණත කැස්බෑවන්ට ස්වභාවික සතුරන් නැති තරම්ය. සුදු මෝරා (Great white shark), කොටි මෝරා (Tiger shark) සහ මරණ තල්මසා (Orcas) ඇතැම් විට කැස්බෑවන් ආහාරයට ගනී. නමුත් මෙම සත්ත්ව විශේෂ වඳ වී යාමේ තර්ජනයට මුහුණ පාන තත්වයටම ගෙන ගොස් ඇත්තේ මිනිසාය. කැස්බෑවන් මස් මාංශ සඳහා දඩයම් කර ඇත. ඒවගේම කැස්බෑ බිත්තර එම කැදලි වලින් ඉවත් කර ආහාර පිණිස භාවිතා කර ඇත. ඔවුන්ගේ කටු වලින් විලාසිතා භාණ්ඩ නිෂ්පාදනය කරයි. මීට අමතරව, කැස්බෑවන් ධීවරයින්ගේ මාළු දැල් වල සමහර විට හසුවේ. මේ දැල් වලින් ඉක්මනින්ම මුදා හරියේ නැත්නම්, දිය යට ආශ්වාස ප්‍රාශ්වාස කිරීමට නොහැකි වන නිසා ඔවුන් ශ්වාසරෝධනයෙන් ජීවිතක්ෂයට පත්වේ. කැස්බෑවන් උරගයින් වේ; එම නිසා ඔවුන්ට හුස්ම ගැනීම පිණිස ජලය මතුපිට වාතය අවශ්‍යයි.

ගල් කැස්බෑ පැටියෙක් බිහිවෙයි. ඇතැම් කැස්බෑවන් තම මස් මාංශ සහ බිත්තර සඳහා දඩයම් කර ඇත. (Roger Leguen)

ගල් කැස්බෑ පැටියෙක් බිහිවෙයි. ඇතැම් කැස්බෑවන් තම මස් මාංශ සහ බිත්තර සඳහා දඩයම් කර ඇත. (Roger Leguen)

ගැහැණු කැස්බෑවන් තම කැදලි සාදා බිත්තර දැමීම පිණිස වෙරළ තීරයට පැමිණිය යුතුය. මෙම පරිසර විනාශ වීම මෙම සත්ත්ව විශේෂ වලට හනිදායකවන අතර නිත්‍යානුකූලව නොකෙරෙන වෙරළ තැනීම් මෙම පරිසර විනාශයට තුඩුදෙන එක් ක්‍රමයකි. දේශගුණික වෙනස්කම් නිසාද මෙම බිත්තර කැදලි වලට බලපෑම් ඇති වෙයි. පරිසරයේ ඉතාමතම සියුම් තාප වෙනස්කමක් වුවත් සිදුවුනහොත් (එනම්, මෙම බිත්තරවල උෂ්ණත්වය ද වෙනස් වේ) බිහිවන පැටවුන්ගේ ස්ත්‍රී පුරුෂභාවයට ද වෙනස්කම් සිදුවේ.

මුහුදු කැස්බෑවන්ට ලංකාවේ මුහුණ දීමට සිදුවන විශේෂ තර්ජන ඇත

ඉහත පෙන්වා දුන් තර්ජන සියල්ලම ලංකාවට එන කැස්බෑවන් ද මුහුණපායි. මස් හා බිත්තර පිණිස කල කැස්බෑ දඩයම එක් කාලයකදී බහුලව සිද්ධවුවද, අද තත්වය එසේ නොවේ. මහජනතාවගේ දැනුම වර්ධනය කිරීමට ගත් විවිද වෑයම් හේතුවෙන් මිනිසා විසින් කෙරෙන හානිකර ක්‍රියාකාරකම්වල ඵල විපාක පිළිබදව් අද මනා අවබෝධයක් වෙරළාශ්‍රිතව ජීවත් වන ජනතාවට ඇත. කොස්ගොඩ මුහුදු කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියේ (Kosgoda Sea Turtle Conservation Project; KSTCP) කළමනාකරු වන ඩඩ්ලි පෙරේරා මහතාට අනුව මස් මාංශ හා බිත්තර අනුභවය සඳහා මේ සතුන් දඩයම් නොකරන තරම්ය. නමුත්, කැදලි වලින් බිත්තර ඉවත් කිරීම වෙන හේතුවක් නිසා සිදුවේ.

කැස්බෑ අභිජනනාගාර යනු සංචාරකයන් බෙහෙවින් ප්‍රිය කරන අකර්ෂණයක් වන අතර, ලංකාවේ බටහිර සහ දකුණු වෙරල තීරයේ මෙම අභිජනනාගාර රාශියක් දැකගත හැක. මෙම ආයතන වැඩිහරියක්ම සංරක්ෂණ කටයුතු වලට වඩා සලකන්නේ සංචාරකයින්ගෙන් උපයා ගත හැකි ආදායම පිළිබඳවය. එම නිසා, සංචාරකයින් වැඩි වැඩියෙන් ආකර්ෂණය කිරීමට ඒ අය කැස්බෑ බිත්තර ඒවායේ කැදලි වලින් ඉවත්කර විකුණන අයට ඒ සඳහා මුදල් ලබා දෙයි. ඇතැම් විට වැඩියෙන් මුදල් ලබා දීමේ තරගකාරිත්වයක්ද සමහර අභිජනනාගාර මගින් පවත්වා ගෙන යයි.

ඒ කෙසේ වුවත්, මෙලෙස කැස්බෑ බිත්තර එකතු කරගන්නා අය තමන් කරන්නේ ඉතාමත් වැරදි කටයුත්තක් බව හොඳින් දනී. එහෙත්, දිළිඳුකම සහ අගහිඟකම නිසා මෙලෙස ක්‍රියා කිරීමට සමහරු පෙළඹී ඇත.

කෘතීම කැදලි

කෘතීම කැදලි

 

අවාසනාවට, ලංකාවේ බටහිර සහ දකුණු වෙරළ තීරයේ ඉපදෙන කැස්බෑ පැටව් වැඩිහරියක්ම බිහිවෙන්නේ මෙම අභිජනනාගාර වලයි. ගැහැණු සතා වැල්ලේ හැරූ කැදැල්ලේදීම පැටව් බිහිවීම සිදුවන්නේ ඉතාමත් කලාතුරකිනි. එහෙත්, මෙම සතුන්ගේ අනාගතය සුරක්ෂිත බවයි අපට පෙනෙන්නේ. පහත ප්‍රස්තාරයෙන් පෙන්නුම් කරන්නේ KSTCP ආයතනය මගින් කොස්ගොඩ කිලෝමීටර දෙකක වෙරළ තීරයක අවුරුදු දහයක් ඔස්සේ කර ඇති සංරක්ෂණ මෙහෙයුමයි.

කොස්ගොඩ කිලෝමීටර දෙකක වෙරළ තීරයක අවුරුදු දහයක් ඔස්සේ කර ඇති සංරක්ෂණ මෙහෙයුම. එකතු කරගත් මුළු බිත්තර ගණන; ඉපදුනු පැටව් ගණන; නිදහස් කෙරුණු පැටව් ගණන ; නරක්වූ බිත්තර ගණන වර්ණ වලින් දක්වා ඇත.

කොස්ගොඩ කිලෝමීටර දෙකක වෙරළ තීරයක අවුරුදු දහයක් ඔස්සේ කර ඇති සංරක්ෂණ මෙහෙයුම. එකතු කරගත් මුළු බිත්තර ගණන; ඉපදුනු පැටව් ගණන; නිදහස් කෙරුණු පැටව් ගණන ; නරක්වූ බිත්තර ගණන වර්ණ වලින් දක්වා ඇත.

 

* ඉපදුනු පැටව් ගණන සහ නිදහස් කෙරුණු පැටව් ගණනේ දත්ත බොහෝ දුරට එක සමානයි. මේ නිසා රතු හා කොළ පති රේඛා අතිපිහිත වී ඇත.

* දත්ත KSTCP ආයතනයන් ලබා ගන්නා ලදී.

තවත් ඇතැම් මිනිස් ක්‍රියාකාරම් නිසා මුහුදු කැස්බෑවන්ට අනපේක්ෂිත ලෙස හානි සිදුවේ. මාළු දැල්වලට හසු වීම, ධීවර බෝට්ටු වල වැදීම, මුහුද සහ වෙරළ දූෂණය වීම, වෙරළබඩ සිදුවන ආලෝක දූෂණය (මේ නිසා බිත්තර දැමීමට පැමිණෙන ගැහැණු සතුන් බිය වේ), සහ කොරල් පර සහ සමුද්‍රාසන්න පැළෑටි විනාශවීම යනාදී සියල්ලම නිසා මුහුදු කැස්බෑවන් ගණනට අහිතකරලෙස බලපෑම් ඇති වේ. තවද නිසිආකාර සැලසුමක් නැතිව කෙරෙන වෙරළබඩ ඉදිකිරීම් නිසා බිත්තර කැදලි සෑදීමට ඇති ඉඩකඩ අඩුවේ.

නීතිය සහ අනෙකුත් සංරක්ෂණ ක්‍රියාමාර්ග

ලංකා වෙරළට පැමිණෙන සියළුම මුහුදු කැස්බෑ විශේෂ රටේ නීතිය මගින් ආරක්ෂා කර ඇත. අවාසනාවකට මෙන්, දිළිඳුකම සහ විරැකියාව නිසා මෙම අහිංසක සතුන්ට හානිකර වන ක්‍රියාමාර්ගවලට කිරීමට සමහර මිනිසුන් තවමත් පෙළඹෙයි. එනමුත්, මහජනයා දැනුවත් කිරීම මගින් මෙම සතුන් බොහෝ දුරට ආරක්ෂා කිරීමට හැකිවී ඇත.

තොරතුරු උපුටා ගත්තේ;

ලෝක වනජීවී සංරක්ෂණ අරමුදල , Sea Turtle Conservancy , කොස්ගොඩ මුහුදු කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය

Cover image credit/ කවරයේ පින්තුරය : whatjoedid.com

Related Articles

Exit mobile version