වයස අවුරුදු තුන පමණ වන විට කුඩා දරුවන් පෙර පාසල් යැවීම අද වනවිට සාමාන්‍ය දෙයක් බවට පත්ව හමාරයි. එහිදී දෙමාපියන් වැඩි වශයෙන් සොයාබලනුයේ අදාළ පෙර පාසල තුළ තමාගේ දරුවාට නිසි ආරක්‍ෂාවක් පවතීද යන්න වන අතර ඒ නිසාම බොහෝ දෙමාපියන් ගේට්ටු, තාප්පවලින් මැදි වුණු ගෘහස්ත පෙර පාසල් සදහා වැඩි රුචිකත්වයක් දක්වනවා.
නමුත් මෙයට හාත්පසින් වෙනස් තත්ත්වයක් යුරෝපියානු රටවල වර්තමානය වන විට දැක ගත හැකි ය.
කතාව මෙහෙමයි
ඒවා නම් කොට ඇත්තේ වනගත පෙර පාසල් (Forest Preschools) යනුවෙනි. නූතන කාර්මික හා තාක්‍ෂණික ලෝකය තුළ මිනිසා ක‍්‍රම ක‍්‍රමයෙන් පරිසරයෙන් ඈත් වන ලකුණු පෙනෙන අවධියක කුඩා දරුවන් නැවතත් පරිසරයට, ගහ කොළ, සතා සිව්පාවාට ආදරේ කරන්නට පුරුදු කරවීම මෙහි මුඛ්‍ය පරමාර්ථයක් බවට පත් වී ඇත.
මෙහි දී සෑම ඉගෙනුම්-ඉගැන්වීම් කි‍්‍රයාවලියක්ම සිදු වන්නේ වනාන්තර තුළය. එහිදීත් ප‍්‍රායෝගික ඉගැන්වීම් බහුලය. යුරෝපියානු රටවල මෙම ක‍්‍රමවේදය ඉතා ජනපි‍්‍රය තලයකට පැමිණ ඇත.
නිදසුනක් ලෙස 1993 දී පමණ ජර්මනිය තුළ ඉතා ජනපි‍්‍රය සංකල්පයක් ලෙස වර්ධනය වූ මෙය අද වන විට ජර්මනිය තුළ කැලෑ පෙර පාසල්’ 1000කට අධික සංඛ්‍යාවක් දක්වා ව්‍යාප්ත වී ඇත. ඇතැම් පෙර පාසල් සාම්ප‍්‍රදායික දරු සුරැකුම් මධ්‍යස්ථානයක ඇති අංගෝපාංගයන් ද මුසු කරගනිමින් මෙවැනි පෙර පාසල් පවත්වාගෙන යයි.
කුඩා දරුවන් විසින්ම නිර්මාණය කරගත් නව කී‍්‍රඩාවල නිරත වීමට, කූඩාරමක්-පැලක් තනා ගැනීමට, එදිනෙදා ජීවිතයේ දී භාවිතා කිරීමට සිදු වන විවිධ උපකරණ (පිහි – කතුරු – උදලු – සවල් වැනි දේ) භාවිතා කිරීමට කුඩා දරුවන්ට මෙහිදී ඉගැන්වෙන අතර ඔවුන්ද වඩාත් හොදින් ඒවා ග‍්‍රහණය කරගන්නා බවත් අධ්‍යයනයන් පෙන්වා දී ඇත.
එළිමහන් ස්ථානයක රවුමට පිහිටුවන ලද ගල් හෝ කොට පේළික හිද, දරුවන්ට කතාන්දර කියා දීමත්, ඔවුන්ට කතාන්දර ගොතමින් අනෙක් දරුවන්ට ඇසෙන සේ ඒවා කියා දීමත් මෙහි දී සිදු කරන අතර එමගින් දරුවාගේ පෞරුෂ සංවර්ධනයට ඉතා යහපත් බලපෑමක් සිදු වන බවද මනෝ විශේෂඥයින් පෙන්වා දෙති.
කැලෑවෙන් සොයා ගන්නා අමුද‍්‍රව්‍යයන්ගෙන් දුන්නක් සහ ඊතලයක් සාදා ගන්නා ආකාරය පවා කියා දෙනු ලබන අතර ඉන්පසු ඒවායින් සෙල්ලම් කිරීමේ අවස්ථාව ද ඔවුනට ලබා දෙයි.
ජර්මානු මහාචාර්යවරයකු වන රෝලන්ඩ් ජෝර්ජස් පවසන ආකාරයට මෙවැනි පෙර පාසල යන ළමුන් ගණිතය, කියවීම, සංගීතය, විචක්‍ෂණශීලීභාවය, ඉගෙනුමට ඇති ලැදියාව, ආගම, සෞන්දර්යාත්මක චින්තනය, යහපත් චර්යා රටා, උද්යෝගීමත්භාවය යනාදියෙන් අනෙකුත් ළමුන්ට වඩා ඉදිරියෙන් සිටියි.
වනය තුළ ඇති ගස් වර්ග, පැළෑටි වර්ග. කෘමීන්, සතුන්, පස්, යනාදිය සමග ජීවත්වෙමින් ඉගෙනුම් කි‍්‍රයාවලිය සිදු වන බැවින් එම දරුවන් වැඩිහිටියන් වන දිනක පවා පරිසරයට වඩා හොදින් සංවේදී මිනිසුන් ලෙස කටයුතු කරනු ඇති බව පරිසරවේදීන්ගේ මතයයි.
සාම්ප‍්‍රදායික ළමා සුරැකුම් මධ්‍යස්ථාන/පෙර පාසලකට වඩා වෙනස් ආකෘතියක් ගෙන එන බැවින් ද, මෙය එළිමහන් ඉගෙනුම් සිදු කරන්නක් නිසාද එහි සිටින ගරුවරුන් හා සහායක සහායිකාවන් හට විශාල කාර්යභාරයක් පැවරී ඇත.
ළමුන් වෙත නිරන්තර අවධානයෙන් පසු වීම, අවශ්‍ය තරම් කාර්ය මණ්ඩලයක් නඩත්තු කිරීම, සතුන් සමග කටයුතු කිරීමේදී සුපරික්‍ෂාකාරී වීම, විවිධ උපකරණ මගින් කටයුතු කරන ආකාරය කියා දීමේ දී ඒ ගැන අවධානයෙන් පසු වීම යනාදි වශයෙන් රාජකාරී රැුසක් ඔවුන් වෙත පැවරී ඇත. ඒ අනුව මෙය බැලූ බැල්මට සුන්දර සංකල්පයක් ලෙස පෙනුන ද අතිශය බැරැරුම් කර්තව්‍යයක් බව ‘කැලෑ පෙර පාසල්’ ගුරුවරුන් පවසයි.
ලංකාවේ තත්ත්වය
ආසියාතික රටවල මෙවැනි ‘කැලෑ පෙර පාසල්’’ පිළිබදව අසන්නට දකින්නට ලැබෙන්නේ නැත. එවැනි සංකල්පයක් ප‍්‍රචලිතද නැත. ලංකාවේ නම් එවැන්නක් තබා පවත්නා පෙර පාසල්වලින් බහුතරයක් පවා නිසි පරිදි නඩත්තු කෙරෙන්නේද නැත. යම් කිසි ප‍්‍රදේශයක ඇති පෙර පාසල් නියාමනය කිරීමට කටයුතු කරන්නේ පළාත් පාලන ආයතන විසින්ය. ඒ මගින් නිසි පරිදි පෙර පාසල් නියාමනයක් සිදු වන්නේ නැත.
ළමා මානසිකත්වය පිළිබද නිසි අවබෝධයක් නොමැති, රැකියා විරහිත, අතිශය සාමාන්‍ය අධ්‍යාපන මට්ටමක් ඇති තැනැත්තන් තමාගේ නිවසේ ‘පෙර පාසල – මොන්ටිසෝරිය’ යනුවෙන් බෝඩ් ලෑල්ලක් දමා පෙර පාසල් ආරම්භ කර තිබෙනු සුලබව දැක ගත හැකි තත්ත්වයකි. ඒ අනුව පෙනී යන්නේ අපට තවමත් සාම්ප‍්‍රදායික පෙර පාසල් ආකෘතිය පවා ජය ගැනීමට නොහැකි වී ඇති බව නොවේ ද?
රටකට වටිනාම වස්තුව වන්නේ එම රටේ අනාගතය වන දරු පරපුරයි. එකී දරු පරපුරට නිසි අධ්‍යාපන ක‍්‍රමවේදයක් ලබා නොදෙන්නේ නම් එකී රටේ අනාගත පුරවැසියන්ගේ තත්ත්වය ඉතා ශේචනීය වනු නොඅනුමානය. ඇත්ත, පුංචි ළමුන් මල් වැනි ය. නමුත් ඔවුනට මල් සේ පිපී හිනැහෙන්නට අවශ්‍ය පරිසරයක්ද තිබිය යුතුමය. එසේ නැතිනම් එම මල් අකාලයේ පර වී යනු ඇත.
ලෝකයේ වෙනත් රටවල ‘හොදම දේ දරුවන්ට’ වුව ද තවමත් ලංකාව තුළ එවැන්නක් පෙනෙන තෙක් මානයක නැති වීම කනගාටුවට කරුණක් බවද මෙහිදී අනිවාර්යයෙන් සිහි කළ යුතු කරුණකි.
කවරයේ පින්තුරය: outdoorfamiliesonline.com