මෙම ලිපිය මගින් ලෝකයේ විශාලතම සානුවක් වන ටිබෙට් සානුව පිලිබදව ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙහි දී සානුව පිහිටා ඇති ආකාරය, එහි දක්නට ලැබෙන ශාක හා සත්වයින් කවරේද යන්න, අතීතයේ ටිබෙට් සානුවේ කළ වගාවන් මොනවාද යන්න හා ටිබෙට් සානුවේ ඇති ග්ලැසියර දිය වීම දේශගුණයට හා ජල දූෂණයට හේතු වන ආකාරය පිලිබඳව සාකච්ඡා කෙරෙනවා.
භූගෝලීය පිහිටීම
හිමාලය කදුවැටියට ඉහලින් චීනයට යාබදව තිබෙන සුවිසල් තැනිතලා බිම ටිබෙට් සානුවයි. මුහුදු මට්ටමේ සිටි අඩි 12000ක් පමණ උසින් පිහිටා ඇති මෙය “ලෝකයේ පියස්ස” හෙවත් “වහලය” ලෙසද හඳුන්වයි. මෙය උතුරේ සිට දකුණට කිලෝ මීටර 1000ක් පමණ විහිදෙන අතර නැගෙනහිර සිට බටහිරට කිලෝමීටර 2500ක් පමණ පැතිරී ඇත. මෙහි වර්ග ප්‍රමාණය දළ වශයෙන් වර්ග කිලෝ මීටර 2,50,0000ක් පමණ වන අතර විශාල කඳු පන්ති රාශියකින් වට වී පවතී
සත්ව හා ශාක ව්‍යාප්තිය
ලෝකයේ උසම තැනක පිහිටා ඇති ටිබෙට් සානුව අතිශය ගුප්ත තැනකි. මෙය නමින් සමකොෂ්ණ වුව ද එය අතිශයින්ම වියළිය. ටිබෙට් සානුව අවට තුන්ද්‍රා පරිසරයක් දැකිය හැක. මෙහි එතරම් සත්ව හා ශාක ව්‍යාප්තියක් දැකිය නොහැක. තෘණ පඳුරු පවා පිහිටා ඇත්තේ අතරින් පතරය. පසේ ඇති තෙතමනය වියළි සුළග නිසා නිරන්තරයෙන්ම අඩු වේ. සානුව පුරා තැනින් තැන කුඩා තණ බිම් දැකිය හැක. මෙම තණබිම් වල බහුලව දැකිය හැකි සත්ව කොට්ඨාශය වන්නේ කැලෑ බූරුවන් ය. ටිබෙටයේ ජීවත් වන තවත් සත්ව කොට්ඨාශ කීපයක් ලෙස වෘකයින්, හිම දිවියා, කැලෑ ගවයා (තිබ්බතයේ යැක් ගවයා), කැලෑ බුරුවා, ලිහිණියන්, සර්පයින් දැක්විය හැකි ය.
ටිබෙට් සානුවේ කැලෑ බුරුවන් කලහකාරී ස්වරූපයක් ගනී. උන් බොහෝ විට දේශ සීමා වෙන් කර ගැනීමට හා ගැහැණු සතුන් දිනා ගැනීමට එකිනෙකා හා දබර කරගනී. කැලෑ බුරුවන් පෙනුමින් කැලෑ අශ්වයින්ට සමාන වේ. මොවුන් රෞද්‍ර සතුන් නොවේ. නමුත් ඉක්මණින් කෝපයට පත් කළ හැක. කියෑන්ග් ලෙස හඳුන්වන මොවුන් ටිබෙට් සානුවට ආවේණික සතුන් ය. බොහෝ විශාල ශරීර ඇති මොවුන් බරින් කිලෝ ග්රෑම් 300ක් ඉක්මවයි. මිනිසා හා වෘකයින් හැරුණු විට සතුරන් නැති නිසා කැලෑ බුරුවන් සානුව පුරා නිදහසේ සැරිසරයි. ඔවුන් මෙසේ සැරිසරන්නේ ක්ෂේම භුමි සොයමින්ය.
ටිබෙට් සානුවේ විසූ මිනිසුන්ට ජීවය දුන් බාර්ලි වගාව
මුහුදු මට්ටමේ සිට ඉතා උසින් පිහිටි ප්‍රදේශවල ජීවත් වීම මිනිසාට අපහසු කාර්යයකි. මීට හේතුව උස ස්ථානවල වාතය තුනී නිසා හුස්ම ගැනීම සාමාන්‍ය ආකාරයට කිරීමට අපහසු වීමයි. ටිබෙට් සානුව යනු එලෙස ජීවත් වීමට අපහසු ස්ථානයක් වුවත් වසර දෙදහසකට පමණ පෙර සිට තැනින් තැනට යන දඩයම් කරුවන් කලින් කලට එහි නතර වී ඇති බවට පුරා විද්‍යාත්මක සාධක හමු වී ඇත. මෙම පර්යේෂණයන් සදහා 1970 සිට විවධ මට්ටමින් පැවැත් වූ කැණීම් 53කින් ලබා ගත් දත්ත උපයෝගී කරගෙන ඇත.
ඉහත පරීක්ෂණ වලට අනුව වසර 3600කට පමණ පෙර කාලයක සිට ටිබෙටයේ ගොවින් තම වගාවන් මුහුදු මට්ටමේ සිට මීටර් 3400ක් තරම් උස්බිම් දක්වා ව්‍යාප්ත කල ඇති බව තහවුරු වී ඇත. පර්යේෂකයන්ට අනුව මෙලෙස ගොවීන්ගේ වගාවන් උස් ස්ථාන කරා ව්‍යාප්ත වීමට හේතු වී ඇත්තේ බාර්ලි බීජ වගා කිරීමයි.
වොෂින්ටන් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යාඥයෙකු වන ජේඩ් අල්පොයිම් මහතාට අනුව ටිබෙට් උස් බිම් ජනාකීර්ණ කිරීමට බාර්ලි වගාව ප්‍රධාන හේතුවක් වී ඇත. බාර්ලි යනු අධික ශීතලට හා හිමපතනයන්ට ඔරොත්තු දෙන බීජයකි. එම නිසා ඒවා උස්බිම් වල වුව ද සරුසාරව වැඩේ. මේ හේතුවෙන් ටිබෙට් සානුවේ විසූ දඩයම්කරුවන්ට ශිත කාල වල පවා තම අහාර සැපයුම එක ලෙස පවත්වා ගැනීමට හැකි විය.
වසර 10500 කට පමණ පෙර තිරිඟු හා බාර්ලි වගාවන් ආසියාවේ සාරවත් තැනිතලා වලය. එම නිසා එවැනි බීජයක් සම්පුර්ණ වෙනස් පරිසරයක වගා කිරීම අහම්බෙන් වූවක් ලෙස සලකයි. කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යාඥ මාක් ඇල්ඩේන්ඩර්ෆර් මහතාට අනුව ටිබෙට් සානුවේ ගොවිතැන් කිරීමට මුළු අවුරුද්ද පුරාම එහි වාසය කිරීම අවශ්‍ය නොවන්නට ඇත. ඔහුගේ ප්‍රකාශයක් පහත දැක් වේ.
“මා හිතන අන්දමට ටිබෙට් වැසියන් අවුරුදු 3600කට පෙර ඉහළ බිම්වලට සංක්‍රමණය වීම පසු කාලීනව සිදු වූ දෙයක්. කෙසේ වෙතත් ජාන පරීක්ෂණ වලින් පෙන්නුම් කරන අන්දමට ටිබෙට් ජාතිකයින් උස්බිම් වල වාසයට හුරු වූයේ අවුරුදු 10000ක් තරම් ඈත අතීතයේ ය”.
ටිබෙටයේ ග්ලැසියර දිය වීම හා දේශගුණික විපර්යාස
ලෝකයේ තුන් වෙනුවට විශාලම අයිස් තට්ටුව පිහිටා ඇත්තේ තිබෙට් සානුවෙහි ය. 2009 වසරේ චීනයේ හිටපු කාලගුණ විද්‍යා ප්‍රධානියාගේ ප්‍රකාශයකට අනුව ටිබෙටයේ ග්ලැසියර ශිඝ්‍ර ලෙස දිය වෙමින් පවතී. මෙය ලෝකයේ අනෙකුත් ප්‍රදේශ වල ග්ලැසියර දිය වන වේගයට වඩා වේගවත් ය. මේ හේතුවෙන් ජල මට්ටම් ඉහළ ගොස් ගංවතුර තත්වයන් ඇති වීමේ වැඩි ඉඩ කඩක් පවතින අතර මෙය ආසියාතික කලාපයට වැඩියෙන් බලපායි.
ටිබෙටයේ ග්ලැසියර දිය වීම හා ජල දූෂණය
ටිබෙට් සානුවේ ග්ලැසියර දිය වීමෙන් පසෙහි රසදිය ජලයට එක් වීම මගින් පහළ ප්‍රදේශ වල ජල දූෂණය සිදු විය හැකි බව චීන විද්‍යාඥයෝ අනතුරු අඟවයි.
චීන විද්‍යා ඇකඩමියේ විද්‍යාඥ සෑන්ග් ජියැන්ගොන්ග් මහතා බ්‍රිතාන්‍යයේ පල වන environmental pollution නම් විද්‍යා ජර්නලයට ලිපියක් ලියමින් සඳහන් කර ඇත්තේ ග්ලැසියර දිය වීමෙන් පසෙහි ඇති රසදිය ජලයට එක් වීමේ අවදානම වැඩි වී ඇති බවයි.
කවරයේ පින්තුරය – en.wikipedia.org