91 වන වරට පවත්වනු ලබන ඇකඩමි සම්මාන උළෙල එසේත් නැත්නම්, ඔස්කාර් සම්මාන උළෙල මේ වසරේ දීත් උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් පවතිනවා. එහි මූලික අවස්ථාවක් වන, 2018 වසරේ ඇගයුම සඳහා යෝජිත නාම ලේඛනය ජනවාරි 22 වන අඟහරුවාදා දින ප්‍රසිද්ධියට පත් කළා. මෙම නාම යෝජනාව තුළ සුවිශේෂීතා බොහොමයක් ද තිබෙනවා. පෙබරවාරි මස 24 වන දා හොලිවුඩයේ ඩොල්බි රංග ශාලාවේ දී මෙම තරගකරුවන් අතුරින් අවසන් ජයග්‍රාහකයන් තෝරා ගැනීමට නියමිත යි.
ඔස්කාර් ඉතිහාසයේ ප්‍රථම වතාවට සුපිරි වීරයකුගේ කතාවක් හොඳම චිත්‍රපට ලැයිස්තුව සඳහා යෝජනා වූ වසර මෙය යි. ඒ රයන් කූග්ලර් විසින් අධ්‍යක්ෂණය කළ Black Panther නිර්මාණය යි. එසේ ම අල්ෆොන්සෝ කුරොන් විසින් රචනා කර අධ්‍යක්ෂණය කළ කළු සුදු චිත්‍රපටයක් වන Roma හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිළිය, හොඳම තිර රචනය, හොඳම කලා අධ්‍යක්ෂණය, හොඳම සිනමාකරණය ඇතුළු අංශ 10කින් තේරී පත් වී තිබීම විශේෂ යි. එපමණක් නොව, Roma හොඳම චිත්‍රපටය සහ හොඳම විදෙස් භාෂා චිත්‍රපටය ලෙස ද තේරී පත්වීම විශේෂත්වයක්. මෙවර හොඳම චිත්‍රපටය සඳහා යෝජනා වී ඇති චිත්‍රපට 8 ම උසස් ගණයේ නිර්මාණ බව පැහැදිලි යි. එම නිසා, අවසාන ජයග්‍රාහකයා පිළිබඳ ව පෙරැයීම් කිරීම දුෂ්කර බවත් සිනමා විචාරකයන් පවසනවා. එසේ ම BlacKkKlansman චිත්‍රපටය ද හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම සංස්කරණය, හොඳම සහාය නිළිය ඇතුළු අංශ 6ක් යටතේ සම්මාන ලැබීම සඳහා අවසන් වටයට සුදුසුකම් ලබා තිබෙනවා.
මෙවර තවත් විශේෂත්වයක් වන්නේ, ලෙබනන් ජාතික චිත්‍රපට ශිල්පිනියක ප්‍රථම වතාවට ඔස්කාර් සම්මානයක් සඳහා නිර්දේෂිත වීම යි. ඇය නඩිනි ලබාකි නම් රංගන ශිල්පිනයක් ලෙස ද කටයුතු කරන අධ්‍යක්ෂකවරියකි. ඇගේ Capernaum චිත්‍රපටය විදෙස් භාෂා චිත්‍රපට අතරට තේරී පත්ව තිබෙනවා. මෙවර විදෙස් භාෂා චිත්‍රපට ලැයිස්තුවේ අරාබි බසින් ලෙබනන් චිත්‍රපටයක් ද (Capernaum), පෝලන්ත ප්‍රංශ ජර්මන් රුසියන් ඉතාලි බසින් යුතු පෝලන්ත චිත්‍රපටයක් ද (Cold War), ස්පාඤ්ඤ ඉංග්‍රීසි නෝවේජියන් බසින් යුතු මෙක්සිකෝ චිත්‍රපටයක් ද (Roma), ජපන් බසින් යුතු ජපන් චිත්‍රපටයක් ද (Shoplifters), සහ ජර්මන් භාෂාවෙන් Never Look Away චිත්‍රපටය ද ඇතුළත්. Cold War චිත්‍රපටය විදෙස් භාෂා චිත්‍රපටය හැරුණු විට හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම සිනමාකරණය සඳහා ද නම් කර තිබෙනවා.
මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ නාමයෝජනා සියල්ල පහතින් දැක්වෙනවා.
හොඳම චිත්‍රපටය
Black Panther
BlacKkKlansman
Bohemian Rhapsody
The Favourite
Green Book
Roma
A Star is Born
Vice
හොඳම නළුවා
Christian Bale – “Vice”
Bradley Cooper – “A Star is Born”
Willem Dafoe – “At Eternity’s Gate”
Rami Malek – “Bohemian Rhapsody”
Viggo Mortensen – “Green Book”
හොඳම නිළිය
Yalitza Aparicio – “Roma”
Glenn Close – “The Wife”
Lady Gaga – “A Star is Born”
Olivia Colman – “The Favourite”
Melissa McCarthy – “Can You Ever Forgive Me?”
හොඳම අධ්‍යක්ෂකවරයා
Alfonso Cuaron – “Roma”
Adam McKay – “Vice”
Yorgos Lanthimos – “The Favourite”
Spike Lee – “BlacKkKlansman”
Pawel Pawlikowski – “Cold War”
හොඳම සහාය නළුවා
Mahershala Ali –“Green Book”
Richard E Grant – “Can You Ever Forgive Me?”
Sam Elliott – “A Star is Born”
Adam Driver –“BlacKkKlansman”
Sam Rockwell – “Vice”
හොඳම සහාය නිළිය
Emma Stone – “The Favourite”
Rachel Weisz – “The Favourite”
Amy Adams – “Vice”
Regina King –“If Beale Street Could Talk”
Marina De Tavira –“Roma”
The Favourite චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ හොඳම සහාය නිළිය සඳහා එමා ස්ටෝන් සහ රේචල් වේස් දෙදෙනා ම යෝජනා වීමත් විශේෂත්වයක්.
හොඳම තිර රචනය
Green Book – Brian Hayes Currie, Peter Farrelly, Nick Vallelonga
The Favourite – Deborah Davis, Tony McNamara
Roma – Alfonso Cuaron
Vice – Adam McKay
First Reformed – Paul Schrader
හොඳම අනුවර්තිත තිර රචනය
If Beale Street Could Talk – Barry Jenkins
A Star is Born – Bradley Cooper, Will Fetters, Eric Roth
Can You Forgive Me? – Nicole Holofcener, Jeff Whitty
BlacKkKlansman – Spike Lee, David Rabinowitz,Charlie Wachtel, Kevin Willmott
The Ballad of Buster Scruggs – Joel Coen, Ethan Coen
හොඳම ඇනිමේෂන්කරණය
Incredibles 2
Ralph Breaks the Internet
Spider-Man: Into the Spider Verse
Isle of Dogs
Mirai
හොඳම වාර්තා චිත්‍රපටය
Free Solo
Minding the Gap
RBG
Hale County This Morning, This Evening
Of Fathers and Sons
හොඳම කෙටි වාර්තා චිත්‍රපටය
Black Sheep
End Game
Lifeboat
A Night at the Garden
Period. End of Sentence
හොඳම විදෙස් භාෂා චිත්‍රපටය
Roma – Mexico
Cold War – Poland
Shoplifters – Japan
Capernaum – Lebanon
Never Look Away – Germany
හොඳම ගීතය
All the Stars – Black Panther
I’ll Fight – RBG
Shallow – A Star is Born
The Place Where Lost Thing Go – Mary Poppins Returns
When A Cowboy Trades His Spurs For Wings – The Ballad of Buster Scruggs
කලා අධ්‍යක්ෂණය
Black Panther
The Favourite
First Man
Mary Poppins Returns
Roma
සිනමාකරණය
Cold War
The Favourite
Never Look Away
Roma
A Star is Born
ඇඳුම් සැකසුම
The Ballad of Buster Scruggs
Black Panther
The Favourite
Mary Poppins Returns
Mary Queen of Scots
ශබ්ද සංස්කරණය
A Quite Place
Black Panther
Bohemian Rhapsody
First Man
Roma
ශබ්ද සංකලනය
Black Panther
Bohemian Rhapsody
First Man
Roma
A Star is Born
කෙටි ඇනිමේෂන් චිත්‍රපටය
Animal Behaviour
Bao
Late Afternoon
One Small Step
Weekends
කෙටි චිත්‍රපටය
Detainment
Fauve
Marguerite
Mother
Skin
හොඳම සංගීතය
Black Panther
BlacKkKlansman
If Beale Street Could Talk
Isle of Dogs
Mary Poppins Returns
දෘෂ්‍ය ප්‍රයෝග
Avengers: Infinity War
Christopher Robin
First Man
Ready Player One
Solo: A Star Wars Story
හොඳම සංස්කරණය
BlacKkKlansman
Bohemian Rhapsody
Green Book
The Favourite
Vice
රූපලාවන්‍ය සහ හිසකෙස් සැකසීම
Border
Mary Queen of Scots
Vice