Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මායාවරුන්ගේ පහස ලද හොන්ඩුරාස් දේශය

මධ්‍යම ඇමරිකානු රටක් වන හොන්ඩුරාස් අලංකාර වෙරළ තීරයන්ගෙන් පිරුණු සුන්දර රටක් ලෙස හැඳින්විය හැක. මෙය ජනරජයකි. මෙහි අග නගරය වන්නේ Tegucigalpa ය. පාලනය සිදු වන්නේ ජනාධිපති ප්‍රධාන ජනරජයක් ලෙසයි. මෙහි භාවිතා වන මුදල් වර්ගය වන්නේ HNL ය . 2016 වසරේ පැවති සමීක්ෂණ වලට අනුව මෙහි ජනගහණය 8,136,000ක් පමණ වේ. මෙහි භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 112 090ක් පමණ වේ. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ හොන්ඩුරාස් පිළිබඳ ඔබව දැනුවත් කිරීමයි.

පිහිටීම

beersandbeans.com

හොන්ඩුරාස් පිහිටා ඇත්තේ මධ්‍යම ඇමරිකාවේ උතුරු මධ්‍යම කොටසේය. කැරිබියානු හා පැසිෆික් වෙරළ තිරයන්ද හොන්ඩුරාස් වලට අයත් වේ. මෙහි බටහිර මායිම වන්නේ Guatemala ය. දකුණු මායිම වන්නේ එල් සැල්වදෝරය යි. නැගෙනහිර මායිම ලෙසින් නිකරගුවාව පිහිටා ඇත. හොන්ඩුරාස් යනු මධ්‍යම ඇමරිකාවේ දෙවන විශාලම රටයි. මෙහි ඇති කඳු, නිම්න, ගංගා, සානු ආදිය රටේ අලංකාරය වැඩි කරගැනීමට හා සංචාරක ආකර්ෂණය කර ගැනීම සඳහා බෙහෙවින් උපකාරී වේ.

ඉතිහාසය

පළමු ශතකය තුල හොන්ඩුරාස් වල ස්වදේශිකයන් වූයේ මායාවරුන්ය. මනා අක්ෂර ක්‍රමයක් බිහිකළ ප්‍රථම ඇමරිකානු ස්වදේශිකයන් වන්නේ මායාවරුන්ය. 1502 වසරේදී කොලොම්බස් හොන්ඩුරාස් දූපත් ගවේෂණය කරන ලදී. හොන්ඩුරාස් රාජ්‍ය තවත් මධ්‍යම ඇමරිකානු රාජ්‍යන් 4ක් සමඟ 1821දි ස්පාඤ්ඤයෙන් වෙන් වී නිදහස ලබා ගන්නා ලදී. මොවුන් මෙලෙස නිදහස ලබා ගන්නා ලද්දේ මධ්‍යම ඇමරිකානු රාජ්‍යන්ගේ සමුහාණ්ඩුව සැකසීම සඳහා යි. නමුත් 1838 දී හොන්ඩුරාස් එම සමුහාණ්ඩුවෙන් වෙන්වී ස්වාධීන රාජ්‍යක් බවට පත් විය. 1932 දී හොන්ඩුරාස් පාලනය කළ ඒකාධිපති පාලක Gen Tiburcio Carias විසින් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන ලදී.

tripsavvy.com

ෆුට් බෝල් යුද්ධය “football war”

1969 වසර හොන්ඩුරාස් රාජ්‍ය සඳහා එතරම් සුබ දායක වූයේ නැත. මීට හේතුව “football war” නමැති යුද්ධය ඇති වීමයි. මෙහිදී එල් සැල්වදෝරය විසින් හොන්ඩුරාස් ආක්‍රමණය කරන ලදී. මෙම යුද්ධය ඇති වීමට හේතුව වුයේ හොන්ඩුරාස් ඉඩම් හිමියන් විසින් දහස් ගණන් වූ සැල්වදෝරියානුවන් රටින් පිටුවහල් කිරීමයි. ෆුට් බෝල් යුද්ධය හේතුවෙන් මිනිසුන් 5000 ක් පමණ මියයන ලදී. පසුව ඇමරිකානු රාජ්‍යයන්ගේ සංවිධානය (OAS) මේ සඳහා මැදිහත් විය. එම සංවිධානය සැල්වදෝරයට ආර්ථික සම්බාධක පනවන බව කියා ඔවුන් බය කර හොන්ඩුරාස් වලින් ඔවුන්ව ඉවත් කරන ලදී.

ගෘහනිර්මාණ ශිල්පය

හොන්ඩුරාස් වල නගරාසන්න නිවාස නිර්මාණය කර ඇත්තේ කඩවල් වලින් ගත හැකි සිමෙන්ති, ගඩොල්, වැලි ආදිය යොදා ගැනීමෙනි. මෙම නිවාස අතර ධනවත් පුද්ගලයින්ගේ නිවාස විශාලත්වයෙන් හා අලංකාරයෙන් වැඩි නිසා ඒවා කැපී පෙනේ. නමුත් ගම්බද ප්‍රදේශ වලට යන විට එක් එක් ජන කොට්ටාශ වලට ආවේණික වූ ගෘහ නිර්මාණ ක්‍රමයන් දක්නට ලැබේ. ගම්බද ප්‍රදේශ වල සිටින දුප්පත් මිනිසුන්ගේ නිවාස බොහෝවිට සකසා ඇත්තේ මෝඩ ගඩොල්වලට මැටි ගැසීමෙනි. එම නිවාස වල වහල සඳහා යොදා ගන්නේ පිදුරු හෝ මැටි වලින් සැකසු උළු කැටයි. හොන්ඩුරාස් නිවාස වල කුස්සිය නිවසින් පිට වෙනම කාමරයක් ලෙස සකසයි.

ශාක හා සත්ව ප්‍රජාව

noble-caledonia.co.uk

හොන්ඩුරාස් දුපත්වල හොඳ ශාක හා සත්ව විවිධත්වයක් දක්නට ලැබේ. වැසි වනාන්තර සහිත ප්‍රදේශ වල මී වන වර්ග, පාසි වර්ග, ඕකිඩ් වර්ග බහුලව දැකිය හැක. මෙහි ජීවත්වන ක්ෂිරපායි සතුන් ලෙස කබල්ලෑවා, ඇමරිකානු වෘක්කයින්, මුවන්, නරියන්, වල් ඌරන්, ඉත්තෑවා, දිවියා, වදුරන් වැනි සතුන් දැක්විය හැක. හොන්ඩුරාස් වල සුන්දර වෙරළ තීරයන් දක්නට ලැබෙන නිසා මුහුදු ජීවීන් අතර කැස්බෑවන් ප්‍රධාන තැනක් ගනී. මෙහි දැකගත හැකි කුරුළු වර්ග කීපයක් ලෙස කළු අවිච්චියා, හමින්ග් බර්ඩ්, මැකෝ ගිරවා, කොවුළා, චකෝරයා, වටුවා, දැක්විය හැක. 2002 වසරේ වාර්තා වලට අනුව හොන්ඩුරාස්වල ක්ෂීරපායි විශේෂ 173ක්, කුරුළු විශේෂ 232ක්, ශාක විශේෂ 5600ක් පමණ දක්නට ලැබෙන බව සොයා ගෙන ඇත.

ජාතික කොඩිය

හොන්ඩුරාස් වල ජාතික කොඩියේ තීරු තුනක් හා තරු 5ක් දක්නට ලැබේ. මෙම තරු මඟින් මධ්‍යම ඇමරිකානු සංගමයේ රටවල් වන කොස්තාරිකාව, සැල්වදෝරය, Guatemala, හොන්ඩුරාස් හා නිකරගුවාව  නිරූපනය වේ.

ජන වර්ග හා භාෂා ජිවන තත්වය

kids.nationalgeographic.com

හොන්ඩුරාස් වල සිටින මිනිසුන්ගෙන් 90%ක් පමණ Mestizo ජන වර්ගයට අයත් වේ. එම ජන වර්ගය යුරෝපියානු හා ඇමරින්දියානුවන්ගෙන් සැකසී ඇත. ජනගහණයෙන් 7% පමණ ශුද්ධ ඇමරින්දියානුවන් වේ. අප්‍රිකානුවන් 2%ක් පමණ ජිවත්වන අතර ඔවුන් වැඩි වශයෙන් සිටින්නේ උතුරු වෙරළ තීරය දිගටයි. ජනගහණයෙන් 1% පමණ යුරෝපියානුවන් වේ.

හොන්ඩුරාස් වල නිල භාෂාව වන්නේ ස්පාඤ්ඤ භාෂාවයි. නමුත් ඉංග්‍රීසි භාෂාවද උතුරු ප්‍රදේශ වල බහුලව භාවිතා වේ. මෙහි භාවිතා වන අනෙකුත් ඇමරින්දියානු භාෂා ලෙස Miskito, Zambo, Paya, Xicaque දැක්විය හැක.

හොන්ඩුරාස් වාසීන්ගෙන් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් දරිද්‍රතා රේඛාවේ පහළ සිටී. මානව සංවර්ධන දර්ශකයට අනුව ලතින් ඇමරිකාවේ අවම සංවර්ධිත රටවල් අතරින් 6 වන ස්ථානය හොන්ඩුරාස් වලට හිමි වේ.

පරිසරය

pinsdaddy.com

බොහෝ සුන්දර පරිසරයක් සහිත හොන්ඩුරාස් වලට ප්‍රධාන වෙරළ තීරයන් දෙකක් පවතී. ඒවා නම් කැරිබියානු වෙරළ තිරය හා පැසිපික් වෙරළ තීරයයි. හොන්ඩුරාස් වල වෙරළ තීරයන් නිතරම මිනිසුන්ගෙන් පිරී පවතී. ඊට හේතුව වන්නේ එහි ඇති සිනිඳු වැල්ල හා නිල් පැහැති පිරිසිදු ජලය යි. මෙහි ඇති උසම කන්ද වන්නේ cerro las minas ය. මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 2870ක් උසින් පිහිටා ඇත. මෙහි පිහිටා ඇති විශාලම දිය ඇල්ල වන්නේ Pulhapanzak ය. හොන්ඩුරාස් වල ජාතික වනෝද්‍යාන 20ක් හා ප්‍රධාන ජෛව රක්ෂිත දෙකක් පිහිටා ඇත.

ආහාර රටා

බෝංචි හා ඉරිඟු ආශ්‍රිත නිෂ්පාදන ඔවුන් වැඩිපුරම ආහාරයට ගනී. ඔවුන්ගේ විශේෂ කෑම වට්ටෝරු වල බැදපු කෙසෙල්, සුදු චීස්, බත්, බැදපු මස්, බිත්තර, ගෝවා හා තක්කාලි සලාද, කෝපි කෝප්පයක් ඇතුලත් වේ. කෙසෙල් හා මයියොක්කා වලට හොන්ඩුරාස් වැසියන් වැඩි කැමැත්තක් දක්වයි.

ආර්ථිකය

rsf.org

මොවුන්ගේ ආර්ථිකයට  50%ක්ම දායක වන්නේ කෘෂි කර්මාන්තය යි. ග්‍රාමීය ජනතාවගෙන් බොහෝ දෙනෙක් කුඩා ගොවීන් ය. අපනයන අදායම් වලින් 65%ක්ම ලැබෙන්නේ කෝපි හා කෙසෙල් අපනයනය කිරීමෙනි. නමුත් කාලගුණ තත්වයන් වෙනස්වීම මත අපනයන ආදායම හා දේශීය වෙළඳ පොළේ භාණ්ඩවල මිල වෙනස්විය හැක.

කවරයේ පින්තුරය – dxcoffee.com

Related Articles