Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඛනිජ තෙල් මතින් නැගී සිටි අප්‍රිකානු රාජ්‍යය – ඇන්ගෝලාව​

ඇන්ගෝලා යනුවෙන් හඳුන්වනු ලබන්නේ අප්‍රිකාවේ පිහිටි සුවිශේෂී රටකි. නිරිත දිග අප්‍රිකාවේ මෙරට පිහිටා තිබෙනවා. දකුණු දෙසින් අත්ලාන්තික් සාගරයෙන් මායිම් වී තිබෙන අතරම, උතුරු දෙසින් ප්‍රජාතාන්ත්‍රික කොංගෝ ජනරජයෙන් ද, වයඹ දෙසින් කොංගෝ ජනරජයෙන් ද , උතුරු හා ඊසාන දෙසින් ද ප්‍රජාතාන්ත්‍රික කොංගෝ ජනරජයෙන් ද, ගිනිකොණ දෙසින් සැම්බියාවද, නැම්බියාව දකුණු දෙසින්  ද බටහිර දිසාවෙන් අත්ලාන්තික් සාගරයෙන් ද වට වී තිබෙනවා.

භූ ගෝලීය සංයුතිය හා භූමිය භාවිතා කර ආකාරය

භූ ගෝලීය පිහිටීම

ඇන්ගෝලා සතු වන මුළු භුමි ප්‍රදේශය වර්ග සැතපුම් 1,246,700 කි. මේ අතරින් 47.5% පමණ කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතා කරන අතරම, 46.5% වනාන්තර පිහිටා තිබෙනවා. අනෙකුත් කටයුතු උදෙසා 6% ක පමණ භූමි ප්‍රමාණයක් භාවිතා කරනු ලබනවා.

ස්වාභාවික සම්පත් හා ආර්ථික තත්ත්වය

ඛනිජ තෙල්, දියමන්ති, යපස්, තඹ, රත්තරන්, යුරේනියම් ආදිය ඇන්ගෝලා හි පිහිටා තිබෙන ස්‌වාභාවික සම්පත් අතර වනවා. අප්‍රිකාවේ තෙල් නිෂ්පාදකයින් අතර ප්‍රධාන රටක් ලෙස මෙරට දැක්විය හැකි වනවා. වර්ෂ 1955 දී පමණ ප්‍රථම වතාවට ඛනිජ තෙල් සොයා ගැනීම සිදු කෙරුණා. 2007 වසර වන තුරුම ඔපෙක් සංවිධානයේ සාමාජිකත්වය ලබා ගෙන නොතිබූ අතරම අවුරුදු ගණනාවක් පුරාවටම මෙරට කිසිඳු ආනයන බාධක වලට යටත් වීමක් සිදු නොවුණා.  මෑත කාළයේ චීන ආයෝජනයන් සහ ඛනිජ තෙල් නිෂ්පාදනයන් හේතුවෙන් වේගයෙන් වර්ධනය වූ ආර්ථිකයක් ලෙස ඇන්ගෝලාවේ ආර්ථිකය සලකන්නට පිළිවන්.

විවිධ අංශයන් මඟින් දළ දේශීය නිෂ්පාදිතයන් හට දක්වන දායකත්වය ගැන අවධානය දක්වන්නේ නම්, කෘෂිකාර්මික අංශයෙන් 10.2% දායකත්වයකුත්, සේවා අංශයෙන් 28.4% දායකත්වයකුත් දක්වනු ලබනවා. දළ දේශීය නිෂ්පාදිතය හට විශාලම දායකත්වයක් දක්වනු ලබන්නේ කර්මාන්ත අංශයෙනි. එනම් 61.4% කි.

කෘෂිකාර්මික නිෂ්පාදන අතර කෙසෙල්, උක්, කෝපි, කපු, ඉරිඟු, දුම්කොළ, එළවලු ආදිය දැක්විය හැකියි. වැඩිම දායකත්වයක් දක්වන කර්මාන්ත අංශයෙන් සිදු කරන කර්මාන්ත වන්නේ, ඛනිජ තෙල්, දියමන්ති, යපස්, රත්තරන්, සිමෙන්ති, මාළු සැකසුම්, ආහාර සැකසුම්, දුම්කොළ නිෂ්පාදන, සීනි, නිමි ඇඳුම් හා නැව් අලුත්වැඩියා කිරීම්ය.

මෙරට ඊසාන දිශාවට වන්නට දියමන්ති පිහිටා තිබෙන අතරම නිදහස ලබා ගැනීමට පෙරාතුව ලොව සිව් වැනි විශාලම දියමන්ති අපනයනකරු වූයේ ඇන්ගෝලාවයි.

ජනගහනය, භාෂා, ආගම් හා ජාතීන්

2017 වසරේ ඇස්තමේන්තු වලට අනුව මෙරට ජනගහනය 29,310,273 කි. නිළ භාෂාව පෘතුගීසි වන අතර එය 71.2% ප්‍රමාණයක් කතා කරනු ලබනවා. මීට අමතරව Umbundu, Kikongo, Kimbundu, Chokwe, Nhaneca, Nganguela, Fiote, Kwanhama, Muhumbi, Luvale ආදී භාෂාවන් ද කතා කරනු ලබනවා.

ඇන්ගෝලා හි අදහන ආගම් අතර රෝමානු කතෝලික 41.1% කුත්, ප්‍රොතෙස්තන්ත්‍ර 38.1 % කුත්, අනෙකුත් ආගම් 8.6 % කුත් අදහනු ලබන අතරම කිසිඳු ආගමකට අයත් නොවන පිරිස 12.3% කි.

මෙරට වෙසෙන ජාතීන් අතර Ovimbundu නමැති ජන කණ්ඩායම 37% කුත්, Kimbundu 25%, Bakongo 13%, යුරෝපීය හා ස්වදේශීය අප්‍රිකානු යන දෙපාර්ශවයෙන් මිශ්‍ර වූ mestico නමැති ජන කණ්ඩායම 2% කුත්, යුරෝපීය 1% කුත් අනෙකුත් ජාතීන් 22% ලෙස වාසය කරනවා.

නගර

අගනගරය (businessleader.co.uk)

ඇන්ගෝලා හි අගනගරය හා වාණිජ මධ්‍යස්ථානය වන්නේ, ලුවන්ඩා ය​. එමෙන්ම ජනගහනය අතින් විශාලත්වයෙන් යුත් අනෙකුත් නගර වන්නේ, N’dalatando, Huambo, Lobito, Benguela, Cuito, Lubango, Malanje, Namibe  ආදී නගරයි.

ජාතික සංකේත හා මුදල් ඒකකය

Giant sable antelope (wallpapers9.org)

ඇන්ගෝලා හි ජාතික ධජය නිළ වශයෙන් භාවිතයට ගැනීම වර්ෂ 1975 නොවැම්බර් මස 11 වන දින නිදහස ලැබීමත් සමඟ​ සිදු කර තිබෙනවා. Giant sable antelope නමැති දුර්ලභ සත්වයා ජාතික සත්වයා වනවා. මෙරට භාවිතා කරනු ලබන මුදල් ඒකකය වන්නේ, Kwanza (AOA) යි.

පරිපාලනය, නිතිය හා දේශපාලනය

ඇන්ගෝලා ජනරජය පාර්ලිමේන්තු ජනරජයකි. පරිපාලනයේ පහසුව සඳහා පළාත් 18 කට බෙදීම සිදු කර තිබෙනවා.

1975 හා 1992 යන වර්ෂ වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හඳුන්වා දුන් අතර වර්තමානයේ බල පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 2010 ජනවාරි මස 21 වන දින ජාතික සභාව මඟින් අනුමත කර තිබෙනවා.

පෘතුගීසි සිවිල් නීතිය මත සිවිල් නීති පද්ධතිය පදනම් වී තිබෙනවා. Broad Convergence for the Salvation of Angola Electoral Coalition, National Front for the Liberation of Angola, National Union for the Total Independence of Angola (UNITA), Popular Movement for the Liberation of Angola (MPLA) ආදී දේශපාලන පක්ෂ ක්‍රියාකාරී දේශපාලන පක්ෂ වනවා. මෙයින් (MPLA) පක්ෂය 1975 සිට එරට පාලනය කරනවා.

ඇන්ගෝලා හි සංස්කෘතිය

පාරම්පරික උත්සවයක් (montanaron.com)

බොහෝ විට අප්‍රිකානු කලාව සමඟ දැවයෙන් නිම කරන ලෙඩ වෙස්මුහුණු හා මූර්ති සංස්කෘතික චාරිත්‍ර වන ජිවිතයේ හා මරණයේ දී විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබනවා.

මෙරට සංගීතය බොහෝ විට රටේ දේශපාලන ඉතිහාසය හා බැඳී පවතිනවා. එමෙන්ම  එය වඩාත් පෘථුල වනවා. බොහෝ විට පෘතුගීසි, බ්‍රසීල හා කොංගෝ යන රටවල සංගීතයේ එකතුවක් වනවා.

මෙරට විලාසිතා ගැන අවධානය යොමු කිරීමේදී නගර හා සුළු නගර වල බටහිර විලාසිතා දැක ගත හැකි වුවද, ඇතැමුන් තවමත් සාම්ප්‍රදායික ඇඳුම් අඳිනු ලබනවා. ගම් ප්‍රදේශ වල සාම්ප්‍රදායික බව වඩාත් රැඳී තිබෙනවා.

ආහාර රටා අතර උදෑසන ආහාරය පාන්, බිත්තර, තේ හා කෝපි වලින් යුක්ත වනවා. ඇතැම් අවස්ථා වලදී මව්වරුන් විශේෂ උදෑසන ආහාර සාදනු ලබනවා. ප්‍රධාන ආහාර ලෙස cassava, ඉරිඟු, බෝංචි, බෝංචි, බතල, බත්, ආදියෙන් යුක්ත වනවා. විශේෂ ආහාර අතර mwamba de galinha, a palm-nut paste sauce ආදිය දැක්විය හැකියි.

Cover Image: ඇන්ගෝලාවේ ජාතික සභාව (Wikimedia Commons)

Related Articles