මොසැම්බික් යනුවෙන් හඳුන්වන්නේ ලොව තරමක් සුවිශේෂී රටකි. එයට එක් හේතුවක් වන්නේ මෙරට පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් වන රටක් වුවත් බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස කිසි අවස්ථාවක නොපැවතීමයි. මෙම ලිපියෙන් අප අරමුණු කරන්නේ ලොව විශාලතම රටවලින් එකක් ලෙස දැක්වෙන මොසැම්බික් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමයි.
ඉතිහාසය
බන්ටු ගෝත්‍රිකයන් වසර 2000 කට පමණ පෙර මෙහි පදිංචි වී තිබෙනවා. එමෙන්ම ක්‍රිස්තු වර්ෂ 900 දී පමණ ඉන්දියාව, පර්සියාව, චීනය හා අරාබි රටවල් සමඟ වෙළෙඳ සම්බන්ධතා පවත්වා තිබෙන බවට විශ්වාස කෙරෙනවා. මෙම වකවානුවල වෙළඳාම සඳහා ප්‍රධානම හේතුව වී තිබෙන්නේ රත්තරන් ය. පෘතුගීසින් මොසැම්බික් වෙත ආකර්ෂණය වීමටද ප්‍රධානම හේතුව වන්නේ මෙම ඛනිජ සම්පත්ය. වර්ෂ 1498 දී ඉන්දියාවට යන අතර තුර වස්කෝ ගාමාද මෙහි පැමිණ තිබෙනවා.
පෘතුගාලයේ යටත් විජිතයක්ව පැවති මොසැම්බික් නිදහස ලබන්නේ 1975 දී. එකළ සිටම එරට සිවිල් යුධ තත්ත්වයක් පැවති අතර එය නිමා වන්නේ 1992 දී. එම යුද්ධයේ අනිටු ප්‍රතිඵල දිගින් දිගටම එරටට බලපා තිබෙනවා.
භූ ගෝලීය පිහිටීම
මෙරට සම්පූර්ණ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 812,379 ක් වනවා. සැම්බේසි ගංගාව මඟින් මෙරට කොටස් දෙකකට වෙන් කර තිබෙනවා. එමෙන්ම ලිම්පෝපෝ වැනි තවත් විශාල ගංගා කිහිපයක් රට හරහා ගලා බසිනවා. අප්‍රිකානු මහාද්වීපයේ ගිනිකොණ දිසාවට වන්නට පිහිටා තිබෙන මොසැම්බික් රටවල් හයක් සමඟ මායිම් බෙදා ගැනීමක් සිදු කරනවා. ටැන්සානියා, මලාවි හා සැම්බියා උතුරු දෙසින්ද, සිම්බාබ්වේ බටහිර දෙසට ද, දකුණු අප්‍රිකාව හා ස්වාසිලන්තය දකුණු දිසාවටත් වන්නට පිහිටා තිබෙනවා.
ජන ගහනය, අග නගරය හා භාෂා
මොසැම්බික් හි ජනගහනය මිලියන 29ක් පමණ වනවා. ජනගහනයෙන් බහුතරයක් ජීවත් වනු ලබන්නේ ග්‍රාමීය ප්‍රදේශ වල වන අතරම, මිලියන පහකට අධික ජනහනයක් ජීවත් වෙනු ලබන්නේ මොසැම්බික් හි පිහිටා තිබෙන විශාල නගර දහසයකයි. මපුටෝ යනුවෙන් හඳුන්වන්නේ මෙරට අග නගරයයි. මෙහි 1,766,184 පමණ පිරිසක් වාසය කරනු ලබන අතරම නිදහස ලබා ගැනීමට පෙරාතුව මෙය හඳුන්වනු ලැබුවේ ලොරෙන්සෝ මාර්කේස් (Lourenco Marques) යන නමිනි. මීට අමතරව Matola, Nampula, Beira, Chimoio, Nacala, Quelimance, Tete, Lichinga, Pemba ආදී නගර විශාලත්වයෙන් යුත් නගර වනවා. Zambezia හා Nampula යන පළාත් වල 50% කට අධික ජනගහනයක් සිටින බවටද වාර්තා වනවා.
මෙරට නිල භාෂාව වන්නේ පෘතුගීසි භාෂාවයි. මීට අමතරව Emakhuwa භාෂාව 25.3% ක ජනතාවක් ද, Xichangana භාෂාව 10.3% ක ජනතාවක් ද, Cisena භාෂාව 7.5% ක ජනතාවක් ද ආදී වශයෙන් භාෂා රැසක් මෙරට ජනයා භාවිතා කරනවා.
ආගම් හා ජාතීන්
මොසැම්බික් හි සිටින ජනගහනය මුළුමනින්ම පාහේ අප්‍රිකානුවන් වනවා. එනම් 99.66% ක් පමණය. මේ සඳහා Makhuwa, Tsonga, Lomwe, Sena, හා අනෙකුත් අප්‍රිකානු ජාතීන් මේ අතර වනවා. මීට අමතරව යුරෝපීයන් 0.06% කුත්, යූරෝ- අප්‍රිකානුවන් 0.2% කුත්, ඉන්දියානුවන් 0.08% ක් වශයෙනුත් සිටිනවා.
ආගම ගැන අවධානය යොමු කරන්නේ නම් රෝමානු කතෝලික 28.4% කුත්, ඉස්ලාම් 17.9%, Zionist Christian 15.5% කුත් , ප්‍රොතෙස්තන්ත්‍ර 12.2% කුත්, අනෙකුත් 6.7%, ආගමික නොවන 18.7% කුත්, විශේෂී කරණයට ලක් නොකළ 0.7% වශයෙනුත් දැක්විය හැකියි.
ජාතික සංකේත
මොසැම්බික් හි ජාතික සත්වයා වන්නේ, අප්‍රිකානු අලියා යි. බාස්කට් බෝල් ජාතික ක්‍රීඩාව වන අතරම ජාතික පක්ෂියා වනුයේ Tocororo යි මොහු Cuban Trogon යනුවෙන්ද හඳුන්වනු ලබනවා. මෙරට ජාතික ධජය නිල වශයෙන් භාවිතයට ගනු ලැබූවේ 1983 දීයි. ජාතික ධජයේ කොළ පැහැයෙන් සාරවත් භූමිය නිරූපණය වන අතර, රතු පැහැය නිදහස වෙනුවෙන් කරන ලද අරගලයත්, කහ පැහැයෙන් ඛනිජමය සම්පත් ද කහ පැහැයෙන් සාමයත්, කළු පැහැයෙන් අප්‍රිකානු මහද්වීපයත් නිරූපණය කරනවා. මොසැම්බික් ධජය සුවිශේෂී වන්නේ එහි AK-47 ගිනි අවියක් දක්වා තිබීම හේතුවෙන්. එයින් ආරක්ෂාව සහ විමසිලිමත්භාවය පෙන්වනවා. උදැල්ලෙන් කෘෂිකර්මාන්තය ද විවර කරන ලද පොතෙන් අධ්‍යාපනයේ වැදගත්කම ද පෙන්වනවා.
ආර්ථිකය හා ස්වභාවික සම්පත්
මොසැම්බික් යනුවෙන් හඳුන්වන්නේ ස්වභාවික සම්පත් වලින් අනූන රටක් වන අතරම රත්තරන්, තඹ හා යපස් අදියන්ගෙන් ඉතාමත් පොහොසත් වනවා. මීට අමතරව වර්තමානයේ දී තෙල් සම්බන්ධ ගවේෂණයකද නිරත වී සිටිනවා.
නිදහස ලබා ගන්නා විට මෙරට ඉතාමත් දුප්පත් රටකි. කෙසේ නමුත් අද වන විට දළ දේශීය නිෂ්පාදිතයට 24.3%ක් කෘෂිකාර්මික අංශයෙන්, 23%ක් කර්මාන්ත අංශයෙන් මෙන්ම 52.8%ක් සේවා අංශයෙන් දායකත්වය සපයනවා.
කෘෂිකාර්මික නිෂ්පාදන අතර කපු, කජු, උක්, තේ, පොල්, නිවර්තන පළතුරු, අල වර්ගද වනවා. කර්මාන්ත අතර ඇලුමිනියම්, ඛණිජ තෙල් නිෂ්පාදන, පොහොර, සබන්, තීන්ත ආදී රසායනික නිෂ්පාදනද, සිමෙන්ති, වීදුරු, ආහාර, බීම වර්ගද වනවා. 2017 වසර වන විට විරැකියා අනුපාතය 17% කි.
පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටක් වීම
මොසැම්බික් යනු පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් වන සාමාජික රටකි. කෙසේ නමුත් මෙරට ඔවුන්ගේ අධිපත්‍යට යටත් නොවූ රටක් වනවා. මීට වසර 23 කට පමණ පෙර මොවුන් මෙම සංවිධානය සමඟ සම්බන්ධ වුණා. බ්‍රිතාන්‍යයට යටත් ව නොපැවති රටක් පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයකු බවට පත් වූ පළමු අවස්ථාව වූයේ මොසැම්බික් රාජ්‍යය එහි සාමාජිකත්වය ගැනීමයි.
සංචාරක කර්මාන්තය
මොසැම්බික් සතුව නිවර්තන කලාපීය දේශගුණයක් පවතිනවා. මෙරට සතුව සුදු වැලි සහිත මුහුදු වෙරළවල් තිබෙන අතරම මේ හේතුවෙන් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වනවා. සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සමත් ස්ථාන අතර ශාන්ත දූපත් හයකින් පමණ යුක්ත වන බසරුටෝ කොදෙව්, දූපත් 32 කින් පමණ යුක්ත වන කිරිම්බාස් කොදෙව් (Quirimbas Archipelago), Inhambane, සර්ෆ් කිරීමට ඉතාමත් උචිත Tofo නමැති මුහුදු වෙරළත්, මිනිසුන්ට මුණ නොගසුන හා නොදියුණු දකුණු වෙරළ තීරයේ පිහිටි Ponta Mamoli ත්, Ilha de Mozambique යන දූපතත්, නකාලා ප්‍රදේශය, නම්පූලා ප්‍රදේශය, නියාසා විල සහ ලිම්පෝපෝ ජාතික වනෝද්‍යානය ද වනවා.
කවරයේ පින්තූරය: wikimedia.org