Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගෙවත්තේ ඇවිද පවුම් මිලියන 32ක් සෙවූ කැප්ටන් ටොම්

දෙවන ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය හමුදාවේ සේවය කළ කැප්ටන් ටොම් මුවර් කෝවිඩ් 19 වසංගත සමයේ ලෝකය පුරා ජනප්‍රිය පුද්ගලයෙක් මෙන්ම වීරයෙක් බවට පත් වී තිබෙනවා. එයට හේතුව වන්නේ ඔහු විසින් බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවාව වෙත (National Health Service – NHS) බ්‍රිතාන්‍ය පවුම් මිලියන 32ක් සොයා දීමට කටයුතු කිරීම යි. ඒ, ඔහු විසින් නිර්මාණය කරන ලද කොවිඩ්-19 ආධාර අරමුදල සඳහා ලෝකය පුරාම මිනිසුන් විසින් කළ මුදල් පරිත්‍යාගයන්ගේ එකතුව යි. මේ වනතුරු තනි පුද්ගලයෙකු මූලිකව එකතු කළ විශාලම අරමුදල ලෙස මෙය ගිනස් වාර්තාවක් ද තබා තිබෙනවා (ලොව විශාලතම තනිපුද්ගල ආධාර වැඩසටහනට). මෙහි අනෙක් විශේෂත්වය වන්නේ ඔහු කොවිඩ් 19 අරමුදල පිහිටුවීම සිය 100 වැනි උපන්දිනය පාදක කරගෙන සිදු කිරීම යි. ඉතින් ලෝකයම දැඩි ලෙස අර්බුදයකට මුහුණ දී ඇති මෙවැනි සමයක තනි පුද්ගයෙකු ලෙස ඔහු කළ ධෛර්‍යයවත් හා මානව හිතකාමී ක්‍රියාව පිළිබඳව යි අද ලිපියේ අවධානය යොමු වෙන්නේ.

100 වෙනි උපන්දිනයට පෙර ගෙවත්ත වටා රවුම් 100ක් 

කැප්ටන් ටොම් (southeast)

එවකට 99 වියේ පසු වූ කැප්ටන් ටොම් මුවර් 2020 වසරේ අප්‍රේල් 6 වන දින අලුත් වැඩක් ආරම්භ කරන්න හිතනවා. ඒ අප්‍රේල් 30 එළඹෙන තමන්ගේ 100 වෙනි උපන් දිනයට පෙර තම නිවසේ ගෙවත්ත වටා වට 100ක් ගමන් කිරීම යි. කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන්  විශාල අර්බුදයකට ලක් වී තිබෙන බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවාව සඳහා ආධාර මුදල් රැස් කිරීම මෙහි අරමුණ වෙනවා. වට 100 අවසානයේ  බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම් 1000ක මුදලක් ආධාර අරමුදල් සඳහා එකතු කර ගැනීම තමන්ගේ බලාපොරොත්තුව බව කැප්ටන් ටොම් පවසනවා. 

අවසන් වටය හමුදා ආචාරයන් මැද (aiircdn)

ඒ අනුව අප්‍රේල් මස 6 වන දා සිය පළමු වට 10 ගමන් කිරීමට ඔහු සමත් වෙනවා. ඒ ඔහුගේ ඇවිදීමේ ආධාරකය ද භාවිතා කරමින්. දීර්ඝකාලීන රෝගයකින් ද, ඊට අමතරව වරෙක උකුල් ඇටය කැඩී යාමකට ද ලක් වූ 99 හැවිරිදි කපිතාන්වරයාගේ ධෛර්යවන්තභාවය හා මානව හිතවාදී ගුණය පිළිබඳව පුවත් මුළු ලෝකය පුරා පැතිර යාම මේ සමගම ආරම්භ වෙනවා. අප්‍රේල් 6 වන දා සිට දිනපතාම වට 10ක් ඇවිද, අප්‍රේල් 16 වන විට ඔහුගේ ඉලක්කය වන වට 100 සම්පූර්ණ කිරීමට කැප්ටන් ටොම් සමත් වෙනවා. මේ වන විට ඔහු අපේක්ෂිත ආධාර මුදලට වඩා ඉතා වැඩි මුදලක් ඔහුගේ අරමුදලට බැර වී තිබෙනවා. අප්‍රේල් 16 වන විට එය ස්ටර්ලින් පවුම් මිලියන 4 ඉක්මවා තිබූ බව ද සඳහන්.

බ්‍රිතාන්‍ය රාජකීය යුද හමුදාව ඔහුගේ මෙම ක්‍රියාවට ගරු කිරීම සඳහා අවසන් වට 10 ගමන් කරන විට ඒ සඳහා හමුදා සොල්දාදුවන්ගේ උත්තමාචාර පිරිනැමීමට කටයුතු කරනවා.

100 වැනි උපන්දිනය සැමරීම 

සුභපැතුම් පත් (forces)

ඔහුගේ 100 වැනි උපන් දිනය අප්‍රේල් 30 වන දා යෙදී තිබුණු අතර එදින විට ඔහු විසින් ඇරඹූ අරමුදලේ ආධාර මුදල් ප්‍රමාණය ස්ටර්ලින් පවුම් මිලියන 32 ඉක්මවා ගොස් ඇති බව සඳහන් වෙනවා. එදින අරමුදල් රැස් කිරීම නැවැත්වූ අතර එම මුදල් ප්‍රමාණය ඔහු විසින් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාව සඳහා පිරිනැමෙනවා. අරමුදල සඳහා ලොවවටා 17 0000 කට වැඩි පුද්ගලයන් ප්‍රමාණයක් මුදල් පිරිනමා ඇති බව සටහන් වෙනවා.

ඔහුගේ උපන් දිනයට සුභ පතමින් ලෝකය වටෙන්ම සුභ පැතුම්පත් ගලා එන්නට වූ අතර සුභ පැතුමපත් ප්‍රමාණය එක්ලක්ෂ පනස්දහස ඉක්මවා පැමිණ තිබෙනවා. එම සුභ පැතුම්පත් අතර බ්‍රිතාන්‍ය මහ රැජින හා අගමැති බොරිස් ජොන්සන් විසින් එවන ලද සුභ පැතුම්පත් ද අඩංගු යි. 

නිවසට ඉහළින් පියාසර කරන ගුවන් යානා (itv)

රාජකීය හමුදාව ඔහුගේ උපන් දිනය වෙනුවෙන් නිවසට පැමිණ උත්තමාචාර පුද කරන අතර, රාජකීය ගුවන් හමුදාව දෙවන ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය භාවිතා කළ ගුවන් යානා දෙකක් ඔහුගේ නිවසට ඉහළින් පියාසර කරවා කැප්ටන් ටොම්ට සිය ගෞරවය පිරිනමනවා. ඊට අමතරව බ්‍රිතාන්‍ය දුම්රිය සේවාව ඔහු නමින් සිය දුම්රියක් ද නම් කර සෑම දුම්රියපොලකම ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගනිමින් සුභ පැතුම් එකතු කරනවා.  කැප්ටන් ටොම්ගේ  උපන්දිනය දින සුභ පැතුම් එක් කරන බ්‍රිතාන්‍ය යුද හමුදාපතිවරයා “අනාගත ලෝකයට පරමාදර්ශී චරිතයක් ලෙස” කැප්ටන් ටෝම්ව හඳුන්වා දී තිබෙනවා. ඊට අමතරව ඔහුව කර්නල්වරයෙකු දක්වා උසස් කිරීමට ද බ්‍රිතාන්‍යය කටයුතු කරන අතර, 100 වැනි උපන්දිනය දා ඔහුව නිල වශයෙන් කර්නල් ධුරයට උසස් කරනු ලබනවා.

කර්නල්වරයෙකු දක්වා උසස් කිරීම (mod)

“මම මේක කළේ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාව වෙනුවෙන්. මට පිළිකාවක් වැළඳුනු අවස්ථාවේ,  ඊට පස්සේ උකුල් ඇටයක් බිදී ගිය අවස්ථාවේත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාව ඔවුන්ට හැකි උපරිම ආකාරයෙන් මට ප්‍රතිකාර කළා. ඒ වෙනුවෙන් මට ප්‍රතිඋපකාර කරන්න ලැබුණු අවස්ථාවක් මේක. මගේ ඉලක්කය වුනේ ස්ටර්ලින් පවුම් 10 000ක්. නමුත් දැන් එකතු වී තිබෙන මුදල් ප්‍රමාණය පිළිබඳව මට හිතා ගන්නත් බෑ.

මට ඕනේ උනේ උදව් කරන්න පමණ යි. ඒ වෙනුවෙන් ඔවුන් මට කර්නල් ධුරයක් පිරිනමා තිබෙනවා. ඔබට කැමතිනම් මට කර්නල් කියලා කතා කරන්න පුළුවන් නමුත් හැමදාමත් මම හිටපු කැප්ටන් ටොම්ම තමයි.” 

අරමුදල පිළිබඳව අදහස් දක්වමින් කැප්ටන් ටොම් එලෙස ප්‍රකාශ කරනවා.

කවුද මේ කැප්ටන් ටොම්? 

ගිනස් වාර්තා සහතිකය සමග (ytimg)

1920 වසරේ උපත ලබන ටොම් මුවර් පාසල් අධ්‍යාපනයෙන් පසුව සිවිල් ඉංජිනේරු විද්‍යාව හදාරනවා. 1941 වසරේ දී  බ්‍රිතාන්‍ය හමුදාවට දෙවන ලුතිනන්වරයෙක් ලෙස එකතු වෙන ඔහු දෙවන ලෝක යුද සමයේ බුරුමයේ, හා ඉන්දියාවේ බ්‍රිතාන්‍ය හමුදාව වෙනුවෙන් සේවය කරනවා. පසුව බ්‍රිතාන්‍යයේ සන්නද්ධ රථ පුහුණු පාසලක උපදේශකයෙකු ලෙස ද සේවය කරනවා. අනතුරුව කපිතාන්වරයෙකු ලෙස ඔහු හමුදා සේවයෙන් විශ්‍රාම ගනු ලබනවා.

කවරයේ පින්තූරය - twimg

මූලාශ්‍රයයන් 

bbc.com

dw.com

Related Articles