ලොව අඩුම ජන ඝණත්වයන් සහිත ස්වාධීන රාජ්‍යයන්

ලොව රටවල් 200කට ආසන්න සංඛ්‍යාවක් තිබෙනවා. විවිධාකාරයේ භූගෝලීය පිහිටීම් හා තවත් කරුණු කාරණා හේතුවෙන් මේවායේ වෙසෙන ජනගහණය හා ජන ඝණත්වය වෙනස් වෙනවා. ලොව සමහර නගරවල ජන ඝණත්වය වරිග කිලෝමීටරයට දහස් ගණනක් වෙද්දී තවත් පෙදෙස්වල එය වර්ග කිලෝමීටර ගණනාවකට එක් අයෙකු තරම් අඩු අගයක් ගන්නවා. සමස්ථයක් වශයෙන් ගත් කල්හි ලොව අඩුම ජනඝණත්වයක් සහිත ස්වාධීන රාජ්‍යයන් කිහිපය පහත පරිදි වෙනවා.

මොංගෝලියාව – ව.කි.මී ට 1.97

worldexpeditions.com

මොංගෝලියාව සැලකෙන්නේ භූමි ප්‍රමාණය අනුව ලොව 18 වැනියට විශාලතම ස්වාධීන රාජ්‍යය ලෙස යි. කෙසේ නමුත් එය ලොව අඩුම ජන ඝණත්වයක් සහිත රාජ්‍යය වෙනවා. එහි ජන ඝණත්වය වර්ග කිලෝමීටරයට 1.97ක් තරම් ඉතා අඩු අගයක්. එහි භූමියෙන් වැඩි ප්‍රමාණය ජීවත් වීමට අපහසු උස් කඳුවලින් යුක්ත වීම ඊට ප්‍රධානතම හේතුවක්. මොංගෝලියාවේ ජනගහන වර්ධන වේගය ද අවම යි.

නැමීබියාව – ව.කි.මී ට 3.2

Emma Hardy

අප්‍රිකා මහාද්වීපයේ දකුණු දිගට වන්නට පිහිටි නැමීබියාව ලොව දෙවනුවට අඩුම ජන ඝණත්වයක් සහිත ස්වාධීන රාජ්‍යය වෙනවා. නැමීබියාවේ ආසන්න වශයෙන් මිලියන 2.6ක පමණ ජනකායක් වෙසෙන අතර එහි සම්පූර්ණ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටට 825,418ක් වෙනවා. මෙය වර්ග කිලෝමීටරයකට 3.2ක් තරම් වූ සාමාන්‍ය අගයක්. නැමීබියා භූමියෙන් වැඩි කොටස ජීවත් වීමට අපහසු කාන්තාරික දේශගුණයක් සහිත එකක් වීම මීට හේතුව යි. මේ හේතුව නිසා එහි ජනගහන වර්ධන වේගයද අඩු යි.

ඕස්ට්‍රේලියාව – ව.කි.මී ට 3.3

moveabroadnow.com

ඕස්ට්‍රේලියාව සැලකෙන්නේ භූමි ප්‍රමාණය අතින් ලොව සය වැනියට විශාලතම රාජ්‍යය ලෙස යි. කෙසේ නමුත් මෙහි ජනගහනය ආසන්න වශයෙන් මිලියන 25ක් පමණ වෙනවා. මෙය වර්ග කිලෝමීටරයට ආසන්න වශයෙන් පුද්ගලයින් 3.3ක පමණ අගයක්. ඕස්ට්‍රේලියානු භූමියෙන් වැඩිමනක්ම ඇත්තේ කාන්තාර වීම මීට හේතුවයි. මෙහි වියළි තෘණභූමිවලටත් සැප පහසු ජීවයකට සුදුසු තරම් වර්ෂාපතනයක් ලැබෙන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවේ ජනාවාස බොහෝ කොටම පිහිටන්නේ නැගෙනහිරදිගට වන්නට පිහිටි සාපේක්ෂව වඩාත් තෙත් කලාපයේ යි.

මොරිටේනියාව – ව.කි.මී ට 3.4

worldbank.org

වයඹදිග අප්‍රිකාවේ පිහිටි මොරිටේනියාවට වර්ග කිලෝමීටර මිලියනයක පමණ භූමියක් අයත් වෙනවා. කෙසේ නමුත් එහි ජනගහනය ආසන වශයෙන් මිලියන 35ක්. මෙහි ජන ඝණත්වය වර්ග කිලෝමීටරයකට 3.4ක් පමණ වෙනවා. මෙහි භූමියෙන් වැඩිමනක්ම වාසයට කිසි සේත්ම නුසුදුසු, සහරා කතරට අයත් වීම ඊට හේතුවයි.

අයිස්ලන්තය – ව.කි.මී ට 3.4

intrepidtravel.com

අයිස්ලන්තය ලෝකයේ ඉතා උතුරින් පිහිටි ස්වාධීන රාජ්‍යයක් වෙනවා. දිවයිනක් වන එහි භූමි වපසරිය වර්ග කිලෝමීටර 102,775ක් වන අතර ජනගහනය 357,000ක් පමණ වෙනවා. මෙහි ජන ඝණත්වය වර්ග කිලෝමීටරයට 3.4ක් වෙන්නේ මෙය ලොව පස්වෙනියට අඩුම ජනඝණත්වයක් ඇති ස්වාධීන රාජ්‍යය බවට පත් කරමින්. මෙහි භූමියෙන් වැඩිමනක්ම ගිණිකඳු හා ග්ලැසියර වැනි දේවලින් පිරී පැවතීම නිසා ජීවත් වන්නට හිතකර තත්ත්වයක් නැහැ.

කවරයේ පින්තූරය- gadventures.com

Related Articles

Exit mobile version