Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මොහොතකින් වෘත්තීය ජීවිතය විනාශ වී ගිය ලෝ ප්‍රකට තරු

මිනිසෙකුගේ ජීවිතය වෙනස් වෙන්න යන්නේ එකම ඒක මොහොතක් වෙන්න පුළුවන්. මොහොතක අත්වැරදීමක් හරි වැරදි තීරණයක් හරි එහෙමත් නැත්නම් වෙනත් සිදුවීමක් හරි කෙනෙක් ගේ ගමන සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්. විශේෂයෙන් ජනප්‍රිය අයකුගේ වෘත්තීය ජිවිතයට එවැනි දේ සාමාන්‍ය අයකුට වඩා විශාල ලෙසින් බලපාන්නේ ඔහු සතු විශාලම ධනය කීර්තිය සහ රසික ආකර්ෂණය නිසයි. මේ අපි ඔබ වෙතට ගෙන එන්නේ එක මොහොතකින් ජීවිතය වරද්දාගත් ඒ නිසාම රංගන දිවිය අවුල් කරගත් ලෝ ප්‍රකට රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් කිහිප දෙනෙකු පිළිබඳවයි.

රැන්ඩි ක්වේඩ් (Randy Quiad)

nydailynews.com

The Last Detail  සිනමාපටයේ රංගනය වෙනුවෙන් ඇකඩමි සම්මානය සඳහා පවා නාම යෝජනා ලැබූ එමන්ම ගෝල්ඩන් ග්ලෝබ් සහ ඇමි සම්මාන ලාභී විකට නළු රැන්ඩි චරිතාංග රංගනය සඳහා ද ප්‍රකට වුවෙක්.

කෙසේ වෙතත් ඔහුගේ ජීවිතය වෙනස් කරන සිදුවීම සිදුවුණේ 2009 වසරේ සැප්තැම්බරයේදී ඔහු සහ ඔහුගේ බිරිඳ වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වීම හේතුවෙනුයි. එම අත්අඩංගුවට ගැනීමට හේතු වුණේ ඔවුන් විසින් ඩොලර් 10 000 ක් වූ හෝටල බිලක් ගෙවීම පැහැර හැරීමයි.

ඉන්පසු ද ඔවුන් දෙදෙනාට අන් අයකු සතු දේපලක් අයථා පරිහරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර ඒ වෙනුවෙන් ඔවුන්ට බන්ධනාගාර ගත වීමට ද සිදුවුණා. ඔවුන් තාවකාලිකව නැවතී සිටි නිවසක බඩු භාණ්ඩ වෙනත් අයකුට විකිණීම මෙන්ම එම නිවසද තෙවැනි පාර්ශවයකට විකිණීම සම්බන්ධයෙන්ද ඔවුන්ට චෝදනා එල්ල වුණා.

පසුව අමෙරිකාවෙන් කැනඩාවට ගොස් ඇති අතර එහිදී ද අත්අඩංගුවට පත්ව තිබුණා. නැවත වරක් කැනඩා දේශ සීමාවේ දී අත්අඩංගුවට ගත් ඔහු පසුව නිදහස් කෙරුණු අතර මේ වන විට වාසය කරන්නේ වමොන්ට් හි පිහිටි ඔහුගේ බිරිඳගේ නිවසේ යි.

රැන්ඩි දක්ෂ හොලිවුඩ් නළුවන්ගේ ජිවිත විනාශ කරන රහස් සංවිධානයක ගොදුරක් බවට ඇතැමුන් සැක පල කරන අතර මීට පෙර  හීත් ලෙජර්, ඩේවිඩ් කැරඩින්, ක්‍රිස් පෙන් ආදීන්ද ඔවුන් විසින් මෙසේ විනාශ කළ බවත් ඔවුන් පවසනවා. කෙසේ වෙත්ත රැන්ඩි පැටලී සිටින මෙම අවුල් ජාලය නිසා ඔහුගේ රංගනය නැවත රිදී තිරයේ දැක ගැනීමට නොහැකි වනු ඇති බවට විදෙස් මාධ්‍ය අනාවැකි පල කරනවා.

ජෙනිෆර් ග්‍රේ (Jennifer Grey)

hollywoodlife.com

Dirty Dancing, Ferris Bueller’s Day Off ආදී සිනමාපට වලින් ජනප්‍රිය වූ ජෙනිෆර් ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන වෙනුවෙන් නිර්දේශ කෙරුණු රංගන ශිල්පිනියක්. සරාගී රංගන ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂක අවධානය දිනා සිටි ඇගේ රංගන ජීවිතයම කණපිට හැරුණේ ජෙනිෆර් විසින් ගත් තීරණයක් හේතුවෙනුයි.

සිය නාසයේ හැඩය පිළිබඳව කලකිරී සිටි ඇය නාසයේ පෙනුම වෙනස් කරගැනීම සඳහා මුහුණ දුන් ප්ලාස්ටික් සැත්කමක් හේතුවෙන් ඇගේ පෙනුමට සිදු වූ බලපෑම ජෙනිෆර් ගේ නිලි ජිවිතයට කණකොකා හැඬ වූ සිදුවීමයි. ඒ හේතුවෙන් බොහෝ තිර පරීක්ෂණ වලින් ඇය අසමත් වූ අතර ඇගේ රසිකයන්ටද ජෙනිෆර් හඳුනාගත නොහැකිව තිබෙනවා. කලක් ජනප්‍රිය නිළියක වී සිට කිසිවකු නොහඳුනන්නියක බවට තමා පත්කළ සැත්කම සිය ජීවිතය මුළුමණින්ම වෙනස් කළ ජීවිතයේ ගත් මෝඩම තීරණය බව ජෙනිෆර් ද පිළිගෙන තිබෙනවා.

රිප් ටොර්න් (Rip Torn)

the-solute.com

‘Men in Black’ සිනමාපටයේ සෙඩ් ගේ චරිතය රඟපෑමෙන් අතිශයින්ම ජනප්‍රිය වුණු රිප්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළේ එක්තරා රාත්‍රී භෝජනයක්. ටෙරී සදර්න්, පීටර් ෆොන්ඩා සහ ඩෙනිස් හොපර් සමග රිප් එදින රාත්‍රී භෝජනයකට එක්වූයේ  සිය නවතම සිනමාපටය වූ Easy Rider සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ජා කිරීම සඳහායි. එහිදී රිප් සහ හොපර් අතර වූ එක්තරා කතා බහක් අවසන් වුණේ දෙදෙනා එකිනෙකා වෙත පිහි එල්ල කරගැනීමෙන්ද පසුවයි.

එම සිදුවීම හේතුවෙන් රිප් ට Easy Rider චරිතය අහිමි වූ අතර එය හිමිවුණේ ජැක් නිකල්සන් හටයි. ජැක් එම සිනමාපටයද සමග ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම ළඟා වූ අතර රිප් ට ඉතිරි වූයේ හොපර් සමග නයි මුගටි වෛරය සහ ක්ෂේත්‍රයේ පැතිරුණු නරක නාමය පමණයි.

පස් ඩි ලා හුඑර්ටා (Paz de la Huerta)

grey-magazine.com

හුඑර්ටා ප්‍රේක්ෂකයන් අතර අතිශයින්ම ජනප්‍රිය වුණේ Boardwalk Empire හි නුකි ගේ පෙම්වතියගේ චරිතය රඟපාමින්. සරාගී නිලියක් ලෙස ප්‍රකටව සිටි ඇය චරිතයක් වෙනුවෙන් සිය සළු පිලි උනා දැමීමට දෙවරක් නොසිතන නිලියක් ලෙසටද හොලිවුඩ් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සෙල්ලක්කාර තරුණියක් ලෙස ප්‍රකටව සිටි ඇය මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් ප්‍රකට තරුවක් ලෙස සැලකුණා. එහෙත් එයම ඇගේ රංගන ජීවිතය විනාශ කිරීමට හේතු වුණේ ඇය මත් වී සිටින අවස්ථා ගණනාවක්ද පැපරාසි ඇසට හසුවීම හේතුවෙනුයි.

හුඑර්ටාගේ දිවිය වෙනස් කළ සිදුවීම වර්තා වුණේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලෙන් පසු සාදයකදී සිදු වූ සිදුවීමක් හා ඉන්පසු වූ සිදුවීම් මාලාවක් හේතුවෙනුයි. එහිදී මත් වී සිටි ඇය ලිස්සා වැටී ඇති අතර ඇය නොදැනුවත්වම ඇගේ එක් පියයුරක් ඇඳුමෙන් පිටතට පැමිණ තිබෙනවා. එම රාත්‍රිය ඇයට තවත් දරුණු වුණේ ඇය වීදුරුවකින් සුප්‍රකට නිලි ලින්ඩ්සේ ලෝහන්ට පහර දීම හේතුවෙනුයි. ඇය එම පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ අතර එම අපවාදය හුඑර්ටාගේ රංගන දිවිය නිමා කිරීමටද හේතු වුණා.

මයිකල් රිචර්ඩ්ස් (Michael Richards)

atlantablackstar.co

තෙවරක්ම Emmy සම්මානය දිනූ රිචර්ඩ් දක්ෂ චරිතාංග නළුවකු සහ විකට ශිල්පියකු ලෙස සැලකෙනවා. ඔහුගේ රංගන දිවිය විනාශ කළ සිදුවීම වාර්තා වුණේ සජීවී රූපවාහිනී වැඩසටහනකදියි. එහිදී නරඹන්නකු සමග පැටලුනු රිචර්ඩ් ඔහුට වර්ගවාදී සහ අසැබි වචන වලින් ප්‍රතිප්‍රහාර දුන් අතර එය ඔහුගේ රසිකයන් අතර දැඩි විවේචනයට ලක් වුණා. එම සිදුවීමේ වීඩියෝව අන්තර්ජාලය ඔස්සේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වුණේ ඊට අනුලෝමව රිචර්ඩ් ගේ වෘත්තීය සහ කීර්තියද විනාශ කරමින්.

Cover- hdwallback.net

මූලාශ්‍ර

http://www.grunge.com

https://www.vanityfair.com

Related Articles