Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සාර්ථක පුද්ගලයන්ගේ පුරුදු කීපයක්

පුද්ගලයකුගේ සාර්ථකත්වය එක් රැයකින් ළඟා නොවන්නක් බවත්, සාර්ථකත්වයට පත්වීම සඳහා ඔහු දරා ඇති ආයාසය කොතෙක් ද යන්නත් ඕනෑම සාර්ථක පුද්ගලයකුගේ ජීවිත කතාව දෙස අවධානය යොමු කිරීමේ දී නිරීක්ෂණය කළ හැකිය. “සාර්ථක පුද්ගලයෙකු” යන්න නිර්වචනය කිරීම එතරම් පහසු නොවූවත්, යම් ක්ෂේත්‍රයකින් ලෝකය වෙනස් කරන්නට දායක වූ, එකී අභිලාෂය සාර්ථක කර ගනිමින් දියුණුවේ ඉහළම හිණි පෙත්තකට ගියා වූ අයෙකු සාර්ථක පුද්ගලයෙකුයැ යි හැඳින්විය හැකිය. 

ඔබ ද සාර්ථකත්වයට පත්වන්නට උත්සාහ ගන්නෙකු විය හැකිය. නමුත් තවමත් ඔබට ඔබ සොයනා සාර්ථකත්වය ලබා ගැනීමට නොහැකී වී ඇතුවා වන්නට ද හැකිය. ඊට හේතුව, ඔබ තුළ පවතින නොනවතින ආශාව හා නිමා නොවන ධෛර්යය පමණක් සාර්ථකත්වයට ප‍්‍රමාණවත් නොවීම ද විය හැකිය. එසේ නම් සාර්ථක පුද්ගලයෙකු වීමට අවශ්‍ය වන්නේ මොනවා ද? 

මේ ලිපියෙන් අප සාකච්ඡා කරන්නේ සාර්ථකත්වයට පත්වූ පුද්ගලයන් විසින් පවසන ලද ඔවුන්ගේ සාර්ථකත්වයට බලපෑ බව කියන පුරුදු කිහිපයක් පිළිබඳව යි.

ජීවිතයට ඉලක්කයක් තබා ගන්න.

සාර්ථකත්වය ළඟා කරගන්නට උත්සහ දරන්නෙකු තුළ නිසැකවම ඉලක්කයක් තිබිය යුතුය. ඔබ සාර්ථකත්වය බලාපොරොත්තු වන්නේ වෘත්තීමය හෝ ව්‍යාපාරික හෝ වෙනත් කේෂ්ත‍්‍රයකින් නම් ඔබ විසින් හමුවිය යුතු ඉලක්කයක් ඔබේ සිතෙහි සෑම විටම පැවතිය යුතු ය. ඔබ සාර්ථකත්වයට දරණා සෑම උත්සාහයක්ම එම ඉලක්කය වෙනුවෙන්ම යෙදවීම සිදු කළ යුතු ය. 

ජීවිතයට ඉලක්කයක් තබාගන්න/ incimages.com

ඔබේ හැකියාවන් කෙරෙහි විශ්වාසය ගොඩනගාගන්න.

ඕනෑම පුද්ගලයකුට සහජයෙන් ලැබෙනා හැකියාවන් පවතී. නමුත් තම හැකියාවන් හඳුනාගන්නේ හෝ එයින් ප්‍රයෝජන ගන්නේ ඉතාමත් ස්වල්ප පිරිසකි. හැකියාව හඳුනාගත්ත ද ඔබට එම හැකියාව මඟින් සාර්ථකත්වයට ළඟා වීමට ඒ පිළිබද විශ්වාසය තැබීම අනිවාර්ය වේ. විශ්වාසය යන්න ඕනෑම ක්ෂේත‍්‍රයක ජයග්‍රාහකයන් නිර්මාණය කරන්නකි. විශ්වාසය ගොඩනගා ගැනීමම සාර්ථකත්වයට යන මාර්ගයේ දොරගුලූ විවර කරගත්තා වැනිය. විශ්වාසය යනු සාර්ථක පුද්ගලයින්ගේ ගුණයන්ගෙන් එකක් පමණක්ම නොව, ජීවිතයේ කරන සෑම දෙයකටම අදාල විය යුතු ආකල්පයකි. විශ්වාසය යන්න හැකියාව තරමටම වැදගත් වන්නේ හැකියාවේ භාවිතය විශ්වාසය මත රඳා පවතින්නක් වන බැවිනි.

සෑම විටම නව අත්දැකීම් හා අධ්‍යාපනය ලබා ගන්න

අත්දැකීම් හා ඉගෙනීම යනු මිනිසෙකුගේ සීමාවන් පුළුල් කරන ප‍්‍රධාන මෙවලම් දෙක වෙයි. සැන් ෆ‍්‍රැන්සිස්කෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයය මඟින් කරන ලද සමීක්ෂණයකට අනුව පෙන්වා ඇත්තේ භෞතික සම්පත්වලට වඩා අත්දැකීම් සඳහා තම මුදල් වැය කරන පුද්ගලයින් සතුටින් සිටින බව යි. උදාහරණයක් ලෙස, ඔබට ලොව පුරා සංචාරය කොට විවිධ අත්දැකීම් ලබා ගත හැකිය. මෙම අත්දැකීම් ඔබගේ ජීවතයේ සතුට නිර්මාණය කරනවා මෙන්ම ඔබේ සාර්ථකත්වය ද ළඟා කරන්නට දායක වනු ඇත. ජීවිත අත්දැකීම් හැකිතාක් ඒකරාශි කිරීම පෞද්ගලික සංවර්ධනය කෙරෙහි ධනාත්මකව බලපාන කරුණකි. 

එසේම ඉගෙනීම ද ජීවිතයේ නොනවත්වා පවතින්නක් විය යුතු ය. සාර්ථකත්වය කරා යන ගමනේ ඔබට නොසලකා හැරිය නොහැකිම දෙයක් වන්නේ ඉගෙනීම යි.

දෛනික ජීවිතය කළමණාකාරණය කරගන්න

ඔබ දෛනික ජීවිතයේ සිදු කළ යුතු කාර්යයන් මනාව කළමණාකරණය සාර්ථකත්වය සඳහා අත්‍යාවශ්‍ය අංගයකි. දෛනිකව සිදු කළ යුතු සියලුම කාරණා, ක්‍රියාවන්, වගකීම් ඉටු කිරීම ආදිය නිසි ලෙස කලමාණාකරනය කරගත යුතු අතර, සෑම කාරණයකටම ලබා දිය යුතු කාල සීමාවන් හා දායකත්වය ඔබම තීරණය කළ යුතු ය. ඔබ කෙතරම් කාර්යයබහුල වුව ද ප‍්‍රමාණවත් නින්දක්, විවේකී සුවයෙන් ගත කරන්නට වේලාවක්, ඔබගේ ආදරණීයන් සමග සැහැල්ලුවෙන් ගත කරන්නට, කතාබහ කරන්නට අවස්ථාවක් ඔබගේ කාල සටහනේ වෙන් කරගන්න.

ඔබ කෙතරම් කාර්යයබහුල වුව ද තමන් සඳහා වේලාවක් වෙන් කරගන්න/Innovation Origins

අවදානමක් ගැනීමට බිය නොවන්න

ජීවිතයේ සාර්ථකත්වය කරා යන ගමන් මාර්ගයේ දී නොයෙකුත් කම්කටොලු ඇති වන විට ඒවාට නොබියව මුහුණ දීමට ශක්තිය ඔබ තුළ තිබිය යුතු ය. ඇතැම් විට ඔබගේ සාර්ථකත්වය ලබා ගන්නට නම් ඔබට අවදානම් සහගත තත්වයන්ට මුහුණ දීමට ද සිදුවනු ඇත. සාර්ථක මිනිසෙකු වන්නට නම් සාමාන්‍යයෙන් පුද්ගලයෙකු තෝරාගන්නා මාර්ගයෙන් ඔබ්බට ගමන් කරන්නට ඔබට සිදුවෙයි. බොහෝ දෙනෙකු ජීවිතයේ සුව පහසු මාර්ගයන් පමණක් සොයන විට, තමන් සොයන්නේ තවකාලික සුව පහසු මාර්ගයක් නොව සුවපහසු වූ අන්තයක් බව ඔබ සිතෙහි තබාගත යුතු ය. ඒ නිසා ඔබ අනෙක් අයට තෝරා නොගන්නා අවදානම් නොබියව ගනිමින් ඒවාට අවශ්‍ය සාර්ථක විසඳුම් ගොඩනගන්නට උත්සහ කරන්න.

නිහතමානී වන්න

සාර්ථකත්වය ලැබීම යනු එම මාර්ගයේ අන්තය නොවේ. ලබාගත් සාර්ථකත්වය රඳවා තබා ගැනීම ද අපහසු ය. ඔබ සෑම විටම පොළොවේ පය ගසා සිටින පුද්ගලයෙකු වීම ඔබගේ සාර්ථකත්වයට ළඟා වීමේ මඟ කෙටි කරන අතර, ලබාගත් සාර්ථකත්වය පවත්වා ගැනීමට ද වැදගත් වනු ඇත. 

ඔබ ඔබට අවංක විය යුතු ය. ඔබ අන් අයට ද අවංක විය යුතු ය. සියල්ලෝම හිතමිතුරන් කරගත යුතු ය. හතුරන් අඩු කරගත යුතු ය. එවිට ඔබගේ සාර්ථකත්වයේ ගමනට බාධාවන් අඩු වනු ඇත.

ඔබ සාර්ථකත්වය බලාපොරොත්තුවෙන් සිටින්නෙකු නම් මෙම කාරණාවන් ඔබේ ජීවිතයේ පවතී ද යන්න මෙහොතක් සිතන්න. ඔබට මෙකී පුරුදු නොපවතී නම් ඒවා ජීවිතයට එක් කරගැනීම පිළිබඳ සිතා බලන්න. ඔබේ ඉලක්කය වෙනුවෙන් වැඩ කරන්න. එහිදි පෙර කී කාරණා ගැන ද සැලකිලිමත්වන්න. සෑම විටම ඔබගේ මානසික තත්ත්වය ධනාත්මකව තබා ගන්නට උත්සාහ කරන්න. ඔබේ සාර්ථකත්වයට අවශ්‍ය ශක්‍යතාව නිර්මාණය කර ගත යුත්තේ ඔබම බව සිහියේ තබා ගත යුතු අතර ඔබ ඔබටම අවේණික යහපත් ජීවන රටාවක් ගොඩනගා ගැනීම ද වැදගත් ය. එහිදී ඉහත සාර්ථක පුද්ගලයන්ගේ පුරුදු කෙරෙහි අවධානය යොමු කිරීම තුළින් ඔබට සාර්ථක පුද්ගලයෙකු බවට පත්වීමට අවශ්‍ය ඉඟි කීපයක් ලබා ගත හැකිය.

References: investopedia.com

blog.mindvalley.com

keepinspiring.me

forbes.com

Cover image: komana.amcworks.co

Related Articles