
අතීතයේ සිට මිනිසාගේ අවශ්‍යතා සඳහා යොදා ගන්නා ඖෂධ බොහොමයක් නිපදවා ගන්නා ලද්දේ ශාක වලිනි. ලෝකයේ බොහෝ රටවල භාවිතා කරන සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම බොහොමයක් ශාක ඖෂධ මත පදනම් වූ වෛද්‍ය ක්‍රම ලෙස හඳුනාගෙන ඇත. ලොවපුරා ඖෂධ නිෂ්පාදනයට ශාක වර්ග 20000ක් පමණ භාවිතා කරන බවත් ලංකාවේ ඇති ශාක විශේෂ 3350ක් අතරින් ශාක විශේෂ 1442ක්ම ඖෂධ ශාක ලෙස සැලකෙන බවත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පවසයි. එසේ ඖෂධ ලෙස යොදාගන්නා ශාක කිපියක් පිළිබඳ තොරතුරු අප දැන් විමසා බලමු.
කෝමාරිකා

davidwolfe.com
උද්භිද විද්‍යාත්මක නාමය – Aloe Barbadensis Mill
කෝමාරිකා රුපලාවණ්‍යය සඳහා යොදාගන්නා ඖෂධයක් වශයෙන් බෙහෙවින් ප්‍රසිද්ධියට පත්වී ඇත. කෙටි ඝනකමකින් හා පැතලි කඳකින් යුක්ත වසර ගණනාවක් පවතින පැළෑටියක් ලෙස මෙය හඳුනාගෙන ඇත. මෙහි පත්‍ර වල නාරටියක් නොමැත. පත්‍ර නිල හරිත පැහැයක් ගන්නා අතර සුදු පැහැ ලප සහිත වේ. පත්‍ර දාරයේ දෙපස දිගටම කටු ඇත. වියළි කාලයේදී මේවායේ මල් හට ගනී. මේවා විශේෂයෙන් වියළි කලාපයේ දක්නට හැකි වුවත් ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වගාකළ හැක.
ඖෂධයක් ලෙස භාවිතා කරන අවස්ථා
- පිළිස්සුම් තුවාල සඳහා කෝමාරිකා මදය භාවිත කරයි.
- ඇස් වලින් කබ හා කදුළු ගලන විට කෝමාරිකා මද අරළු කුඩු හා ම්ශ්‍ර කර භාවිතයට ගනී.
- ඇස් යට වේදනාව සඳහා කෝමාරිකා මද භාවිත කරයි
- හිසකෙස් සේදීමට යොදාගන්නා ෂැම්පු සෑදීමට යොදාගනී
කටුවැල්බටු

eflorakkl.in
උද්භිද විද්‍යාත්මක නාමය – Solanuma Virginianum
දීර්ඝ කාලයක් තිස්සේ ඖෂධයක් ලෙස භාවිතා කරන මෙය විශාල වශයෙන් ආනයනය කරන ඖෂධයකි. පැළෑටියේ පත්‍ර වල සහ සෑම කොටසකම වාගේ තියුණු කටු ඇත. මෙම පැළෑටියේ මල්හට ගැනීම වසර පුරාම සිදුවේ. ලංකාවේ පහතරට වියළි කලාපයේ ඉතා හොඳින් වැවේ. මෙහි සම්පුර්ණ පැළෑටියම ඖෂධයකි.
ඖෂධයක් ලෙස භාවිතා කරන අවස්ථා
- කැස්සට කටුවැල්බටු ආඩතෝඩ කොළ සමග තම්බා බීමට ලබා දේ.
- මුත්‍ර යාම අඩු නම් මේවා තම්බා බීමට ලබාදේ.
නෙල්ලි

keywordsuggests.com
උද්භිද විද්‍යාත්මක නාමය – Phyllanthus Embilikal
විටමින් C අඩංගු ගුණදායක පලතුරක් ලෙස සැලකේ. මෙය මීටර 10ක් පමණ උසට වැඩෙන මධ්‍යම ප්‍රමාණයේ ගසකි. අක්‍රමවත් ලෙස අතු බෙදේ. ශ්‍රී ලංකාවේ තෙත් පහත් බිම්වල සුලබව දක්නට ලැබේ. නමුත් මෙය ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වගාකළ හැක. අමු හා වියළි ගෙඩි, කොළ, පොතු, මල් සහ ඇටද ඖෂධ වශයෙන් ගැනේ.
ඖෂධයක් ලෙස භාවිතා කරන අවස්ථා
- කටේ තුවාල සඳහා නෙල්ලි තැම්බූ වතුරෙන් කට සේදීම සිදු කරයි.
- හිස්හොරි සඳහා නෙල්ලි තවත් ඖෂධ සමඟ මිශ්‍ර කර හිස සේදීමට යොදාගනී.
- අර්ශස් අමාරුව සඳහා නෙල්ලි තවත් ඖෂධ සමඟ එකට අඹරා බීමට ලබාදේ.
කොහොඹ

keyserver.lucidcentral.org
උද්භිද විද්‍යාත්මක නාමය – Azadrachta Indica
කොහොඹ ගසේ මුල්, කොළ, පොතු, මල් සහ ඇට විවිධ රෝග ප්‍රතිකාර සදහා යොදාගැනේ. මෙය ලේ පිරිසිදු කරන, පණුවන් නසන විෂබීජ නාශකයකි. ශ්‍රී ලංකාව, ඉන්දියාව, මලයාසියාව ආදී ඝර්ම කලාපිය රටවල සුලබව කොහොඹ දක්නට ලැබේ. මෙම ශාකය වර්තමානයේ දැව භාණ්ඩ නිපදවීම සදහාද බහුලව යොදා ගැනේ.
ඖෂධයක් ලෙස භාවිතා කරන අවස්ථා
- ලේ පිරිසිදු කිරීමට කොහොඹ කොළ යුෂ පානය කරයි.
ගොටුකොළ

en.wikipedia.org
උද්භිද විද්‍යාත්මක නාමය – Centella Asiatica
හීන් ගොටුකොළ හා මහ ගොටුකොළ නමින් වර්ග දෙකක් ඇත. හීන් ගොටුකොල ගුණදායක බවින් වැඩිය. මෙය ශ්‍රී ලංකාවේත් ඉන්දියාවේත් අඩි 7000ක් දක්වා උස ප්‍රදේශයන්හි වැවේ. කුඹුරු වැනි තෙතමනය ඇති ජලාශ්‍රිත ප්‍රදේශ වල හොදින් වැඩේ. සම්පුර්ණ පැලෑටියම ඖෂධ සදහා ගැනේ.
ඖෂධයක් ලෙස භාවිතා කරන අවස්ථා
- කෑම රුචිය වර්ධනය සදහා ගොටුකොල යුෂ පානයට ලබාදේ.
- දිවිමකුළු විෂ නැසීමට යොදාගනී.
කහ

pinterest.com
උද්භිද විද්‍යාත්මක නාමය – Curcuma Longa
අතීතයේ සිට ආසියාතික රටවල ජනතාව විෂබීජ නාශකයක් වශයෙන් කහ යොදාගෙන ඇත. ආහාර වර්ණවත් කිරීමට, කල්තබා ගැනීමට හා ඒවාට ඖෂධීය ගුණයක් එක් කිරීමට කහ යොදාගත හැක. මෙය සෙන්ටිමිටර් 60 පමණ උසට වැඩෙන වාර්ෂික ශාකයකි. මෙහි සැබෑ කඳ පවතින්නේ භූගතවයි. ශ්‍රී ලංකාවේ අතරමැදි කලාපීය හා පහතරට තෙත් කලාපීය ගෙවතු වල කහ සාරවත්ව වැවේ. අමුකහ සහ වියළි කහ මෙන්ම කහ මල්ද ඖෂධ ලෙස ගැනේ.
ඖෂධයක් ලෙස භාවිතා කරන අවස්ථා
- සමේ ඇතිවන බිබිළි වලට භාවිත කරයි.
- අලුත් තුවාල හා සීරීම් සදහා
- කුෂ්ට රෝග, පණු රෝග හා පීනස් රෝග සුවකිරීම සදහා යොදාගනී
හාතාවාරිය

wordpress.com
උද්භිද විද්‍යාත්මක නාමය – Asparagus Racemosuswilld
හාතාවාරිය ශාකයේ උපත, නැගෙනහිර මධ්‍යධරණී රටවල සිදුවූ බවත්, ක්‍රි.පු 200දි පමණ රෝම වරුන් විසින් වගා කරනු ලැබූ බවත් සදහන් වේ. වැලක් වශයෙන් දිගට වැවෙන හාතාවාරිය අතු බෙදී වැවෙන ශාකයකි. වැල දිගට කටු දැකිය හැක. මුල් වැඩෙන්නේ නාලාකාර අල ලෙසිනි. නිවර්තන හා උප නිවර්තන ප්‍රදේශ වන ඉන්දියාව, ශ්‍රී ලංකාව, නිවර්තන අප්‍රිකාව වැනි රටවල හාතාවාරිය දැකිය හැකිය. රුධිරයේ අම්ලිකතාව නැතිකොට රුධිරය පිරිසිදු කරන ශරීර ශක්තිය වැඩි කරන ඖෂධයක් ලෙස හාතාවාරිය ප්‍රසිද්ධියක් උසුලයි.
ඖෂධයක් ලෙස භාවිතා කරන අවස්ථා
- හෘද රෝග, සන්ධි ඉදිමුම සඳහා හාතාවාරිය කැඳ පානය සුදුසු වේ.
- ඇදුම රෝගයට පිළියම් සඳහා යෝග්‍ය ඖෂධ නිපදවීමට යොදාගනී.
සුදු හඳුන්

tropical.theferns.info
උද්භිද විද්‍යාත්මක නාමය – Santalum Album
සිංහල වෙදකමේ රුධිරය පවිත්‍ර කිරීම සඳහා බෙහෙවින් උපයෝගී කරගන්නා ඖෂධයක් ලෙස මෙය සැලකේ. මධ්‍යම ප්‍රමාණයේ ගසක් ලෙස සැලකෙන සදුන් ගස ශ්‍රී ලංකාවේ බෙහෙවින් වදවී යන තර්ජනයකට ලක්වී ඇත. මෙහි කඳේ පිට පොත්ත රළු ගතියෙන් යුක්ත වන අතර අරටුව කහ පැහැයට හුරුය. දිවයිනේ නොයෙකුත් ප්‍රදේශ වල කලාතුරකින් දක්නට ලැබෙන මෙම ශාකයේ පිට පොත්ත, අරටුව හා සුදු හඳුන් දළු ඖෂධ සඳහා භාවිත කෙරේ.
ඖෂධයක් ලෙස භාවිතා කරන අවස්ථා
- කුරුලෑ වැනි බිබිළි සුවකිරීමට යොදාගනී.
පොල්පලා

wordpress.com
උද්භිද විද්‍යාත්මක නාමය – Aerva Lanita Juss
ශ්‍රී ලංකාවේ මධ්‍යම ප්‍රදේශයේත්, පහතරට ප්‍රදේශ වලත්, වියළි කලාපයේත් සරුවට වැවෙන මෙම පැළෑටිය ලංකාවේ කවර ප්‍රදේශයක වුවද වැවිය හැක.මෙම පැලෑටිය වියළා මෙන්ම අමුවෙන්ද භාවිතයට ගත හැක. සෙන්ටිමීටර 60-75ක් පමණ උසට වැවෙන වාර්ෂික පැළෑටියක් වන මෙහි පත්‍ර ඉතා කුඩා හැඩයක් ගනී. මෙහි මල් සුදු පැහැති වේ. මුළු පොල්පලා පැළෑටියම ඖෂධ සදහා යොදාගනී.
ඖෂධයක් ලෙස භාවිතා කරන අවස්ථා
- මුත්‍ර මාර්ගයේ ඇතිවන විවිධ අාබාධ සඳහා පොල්පලා තම්බා බීමට ලබාදේ.
කරපිංචා

plantthis.com.au
උද්භිද විද්‍යාත්මක නාමය – Murraya Koenigil
මෙම ශාකය ලංකාවේ බොහෝ ගෙවතු වල දැකිය හැක. කුඩා ගසක් ලෙස වැවෙන මෙම ශාකයේ ප්‍රධාන කඳින් අතු බෙදේ. එම අතුවල හටගන්නා නාරටි දෙපැත්තේම පත්‍ර හට ගනී. මෙම ශාකයේ පොතු, කොළ, මුල් සියල්ල ඖෂධ සෑදීමට යොදාගනී.
ඖෂධයක් ලෙස භාවිතා කරන අවස්ථා
- අාමාශයේ අජීර්ණ තත්වයන්ට හා වමනයට කරපිංචා කොළ යුෂ බීමට ලබා දේ.
- අධික රුධිර පීඩනයට කරපිංචා යුෂ තවත් ඖෂධ සමග මිශ්‍ර කර බීමට ලබා දේ.
කවරයේ පින්තුරය – therenegadepharmacist.com
මුලාශ්‍ර
- ටී.බි අරංගල්ල, රුක්මණී අරංගල්ල – ශ්‍රී ලංකාවේ ඔසු පැළෑටි සහ වල් පැළෑටි
- instituteofayurveda.org
- herbalplantslanka.blogspot.com
- medicinalplantsofsrilanka.blogspot.com